يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ
(නබියේ!) අන්ෆාල් (නමැති යුද පිටියේදී ලැබුණු වස්තූන්) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: අන්ෆාල් අල්ලාහ්ටද, (අල්ලාහ්ගේ) දූතයාටද අයිති දැයයි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී (එහි කිසි දැයක් නොස`ගවා) ඔබ අතරේ නියම ආකාරයට කටයුතු කරනු. ඇත්තෙන්ම ඔබ සත්ය විශ්වාසවන්තයින් නම්, අල්ලාහ්ටද, අල්ලාහ්ගේ දූතයාටද අවනත වී කටයුතු කරනු.
අහෝ දූතය! ඔබේ සගයින් යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව පිළිබඳවත්, එය ඔබ බෙදන ආකාරය පිළිබඳවත්, එම කොටස් හිමි විය යුතු අය පිළිබඳවත්, විමසති. අහෝ දූතය! ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරු වශයෙන්, 'යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හා එය බෙදා දීමේදී, ඒ ගැන තින්දු තීරණ ගැනීමේ අයිතිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. නුඹලාගේ යුතුකම වනුයේ එයට යටත් වී ඒ අනුව කටයුතු කිරීමය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එහෙයින් නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. නුඹලා අතර පවතින බෙදීම් හා කුමන්ත්රණ පසෙක ලා සෙනෙහසින්, බැඳියාවෙන්, යහපත් ගතිගුණ හා සමාව දීමෙන් ඒවා විධිමත් කර ගනු. නුඹලා සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නෙහු නම් අල්ලාහ්ට අවනත වීමත්, ඔහුගේ දූතයාණන්ට අවනත වීමත් තදින්ම පිළිපදිනු. සැබැවින්ම දේව විශ්වාසය,අවනතවීම හා පාපයෙන් දුරස්වීම අවදි කරන්නේය. මෙම ප්රශ්නය විමසනු ලැබුවේ බද්ර් සටනින් පසුවය.