Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 129

1

بَرَآءَةٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ

(විශ්වාසවන්තයිනි!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් වෙත ඔබ ගිවිසුම් කරගෙන සිටියෙහුද, ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඈත් වූහ!

මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගේ බන්ධනයෙන් නිදහස් වීමයි. අහෝ මුස්ලිම්වරුනි! අරාබි ද්වීපයේ වෙසෙන දේව ආදේශකයින් සමග නුඹලා ගිවිසගත් ගිවිසුම අවසන් බවට දැනුම් දීමයි.

2

فَسِيحُوا۟ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍۢ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَٰفِرِينَ

එබැවින් (සමානයන් තබා නමදින්නන්ට) “ඔබ (අද පටන්) මාස හතරක් දක්වා භූමියෙහි (මක්කාවෙහි ඕන තැනක) ඒ මේ අත ඇවිදින්නට හැකිය. නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ව පැරදවිය නොහැකිය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව අවමන් කරනු ඇත යන්නද, ඔබ ස්ථීර වශයෙන් දැන ගනු” (යයි නබියේ! ඔබ පවසනු මැනව!).

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා මහපොළොවේ මාස හතරක් සුරක්ෂිතව සැරිසරනු. ඉන් පසු නුඹලාට කිසිදු ගිවිසුමක් හෝ කිසිදු ආරක්ෂාවක් හෝ නොමැත. නුඹලා කවර කරුණක් ප්රතික්ෂේප කළේ ද, එවන් දෑ හි අඛණ්ඩ ව සිටින්නේ නම් අල්ලාහ්ගේ විපාකයෙන් හා ඔහුගේ දඬුවමින් සැබැවින්ම නුඹලා මිදෙන්නේ නැති බව තරයේ විශ්වාස කරනු. එමෙන්ම දෙවියන්ට ආදේශ තබන්නන්, මෙලොවෙහි ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත කරනු ලැබීමෙන් අවමානයට පත් වන බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිසීමෙන් අවමානයට පත් වන බවත් නුඹලා තරයේ විශ්වාස කරනු. තම ගිවිසුම් කඩ කරන්නන් හා නිශ්චිත ගිවිසුමකින් තොර පොදු ගිවිසුමක පසුවන්නන් ද මෙහි ඇතුළත් වන්නේය. සැබැවින්ම නිෂ්චිත ගිවිසුමක් ඇති අය වනාහි, මාස හතරකට වඩා අධික වූයේ නම් එවිට ඔහුගේ ගිවිසුම එහි නියමිත කාලය දක්වාම පූර්ණ කරනු ලැබිය යුතු වේ.

3

وَأَذَٰنٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ

අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, සමානයන් තබා නමදින්නන් සමග (කර තිබුණු ගිවිසුමෙන්) නියත වශයෙන්ම ඈත් වූහ යන කාරණාව මෙම ඉමහත් වූ හජ් දිනදී අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ජනතාවට ප්‍රසිද්ධියේ දැනුම් දෙන්නාහ. එබැවින් සමානයන් තබා නමදින්ණෙනි! සමානයන් තැබීමෙන්ද, ප්‍රතික්ෂේප කිරීමෙන්ද) ඔබ ඈත් වුවහොත් එය ඔබටම ඉතාමත් හොඳය. (එසේ නොමැතිව) ඔබ ප්‍රතික්ෂේප කළහොත් නම්, නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ව පරාජය කර දැමීමට නොහැකිය යන්න ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබ ශුභාරංචි දෙනු මැනව!.

‘යව්මුන් නහ්ර්’ හෙවත් හජ් අවුරුදු දිනක සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තබන්නන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් එලෙසම ඔහුගේ දූතයාණන් ද ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ගෙන් වූ දැනුම් දීමකි. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා තබන ආදේශයෙන් මිදී පාප ක්ෂමා ව අයැද සිටියේ නම් නුඹලාගේ පාප ක්ෂමා ව නුඹලාට යහපතක් වනු ඇත. පාප ක්ෂමා ව අයැදීමට නුඹලා පිටුපාන්නෙහු නම් ස්ථීර ව දැන ගනු! නුඹලා අල්ලාහ්ගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. අහෝ දූතය! ප්රතික්ෂේප කළ ඔවුනට අත්වන අභාග්යය පිළිබඳ තොරතුරු ඔවුනට දන්වා සිටිනු. එය ඔවුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින වේදනා සහගත දඬුවමකි.

4

إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًۭٔا وَلَمْ يُظَٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًۭا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

එහෙත් ඔබ ගිවිසුම් කර ගත් මෙම සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් (තමන්ගේ ගිවිසුමෙහි) කිසිවක් ඔබට අඩුපාඩුවක් නොකරද, ඔබට විරුද්ධව කිසිවෙකුටත් උදව් නොකරද සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ගිවිසුමෙහි එහි නියමිත වාරය දක්වා (කිසිම අඩුපාඩුවක් නොකර) පූරණය කර තබනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.

නමුත්, දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් නුඹලා ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලාගේ ගිවිසුම ඉටු කළෝය. ඒ කිසිවක් ඔවුන් උල්ලංඝනය නොකළෝය. පෙර සඳහන් නීතියෙන් ඔවුන් වෙන් වන්නෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ගිවිසුම් එහි නියමිත කාලය අවසන් වන තෙක් ඔවුන් වෙනුවෙන් ඉටු කරනු. අල්ලාහ් ඔහුගේ නියෝග පිළිපදින බැතිමතුන්ට ප්රිය කරන්නේය. ගිවිසුම ඉටු කිරීමත් ඉන් එකකි. එමෙන්ම ඔහු තහනම් කළ දැයින් හා ගිවිසුම කඩ කිරීමෙන් වැළකී සිටින බැතිමතුන්ට ද ප්රිය කරන්නේය.

5

فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍۢ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

(සෑම අවුරුද්දකම දුල්කඅදා, දුල්හජ්ජි, මුහර්රම්, රජබ් ආදී ශුද්ධ වූ මෙම මාස හතර තුළ යුද්ධ කිරීම තහනම්ය). ශුද්ධ වූ (මෙම) මාස (හතර) ගෙවී ගියහොත් සමානයන් තබන්නන්ව දුටු තැන කපා දමනු. ඔවුන්ව සිර ගත කරනු. ඔවුන්ව මුද්‍රා තබනු. සෑම සැඟවෙන ස්ථානයකම (ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්) ඔවුන් වෙනුවෙන් ඔබ සැඟවී සිටිනු. ඔවුන් (තමන්ගේ නපුරෙන්ද, ප්‍රතික්ෂේපයෙන්ද) පසුතැවිලි වී ඈත් වී (විශ්වාසය තබා) සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් ඔවුන්ව ඔබ අතරමගදී අත්හැර දමනු. (ඔවුන්ගේ කාරණාවෙහි හරස් නොවනු).නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

නුඹලාගේ සතුරන්ට රැකවරණය දුන් ගෞරවනීය මාස අවසන් වූ විට, නුඹලා ඔවුන් හමු වන තැන මරා දමනු. ඔවුන්ගේ බලකොටු ආක්රමණය කරනු. ඔවුන් යන එන මාර්ග වල ඔවුනට පහර දෙනු. දෙවියන්ට ආදේශ කිරීමෙන් මිදී, අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, සලාතය ද විධිමත් ව ඉටු කර ඔවුන්ගේ වස්තුවෙන් ඔවුන් සකාත් දුන්නේ නම් සැබැවින්ම ඉස්ලාමය තුළ නුඹලාගේ සහෝදරයන් අතරට ඔවුන් ද පත් වනු ඇත. එවිට නුඹලා ඔවුන් සමග අරගල කිරීම අතහැර දමනු. අල්ලාහ් තම ගැත්තන් අතරින් පාප සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය.

6

وَإِنْ أَحَدٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْلَمُونَ

(නබියෙ!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් හෝ ඔබ වෙත ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව සපයනු. (ඔහු එය සවන් දී විශ්වාසය නොතැබුවහොත්) ඔහුව, ඔහුට ආරක්ෂාව සපයන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් නියත වශයෙන්ම ඔවුන් දැනුම නැති ජනතාවක් වශයෙන් සිටින්නේය.

දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් කෙනෙකු ජීවිතය හා වස්තුව පරදුවට තබමින් නුඹගෙන් අසල්වැසිභාවය ඉල්ලා සිටින්නේ නම් අහෝ දූතය! ඔවුන් අල් කුර්ආනයට සවන් දෙන තෙක් ඔවුන්ගේ ඉල්ලීමට ප්රතිචාර දක්වනු. පසුව ඔවුන් සුරක්ෂිත ස්ථානයකට සේන්දු කරවනු. ඊට හේතුව සැබැවින්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මෙම දහමේ යථාර්ථය පිළිබඳ නොදන්නා පිරිසක් වන බැවිණි. ඔවුන් මෙම කුර්ආන් පාරායනයට සවන් දී ඒ ගැන වටහා ගත්තේ නම් ඇතැම් විට ඔවුන් යහමග ලබන්නට පුළුවන.

7

كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ فَمَا ٱسْتَقَٰمُوا۟ لَكُمْ فَٱسْتَقِيمُوا۟ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

අල්ලාහ් වෙතද ඔහුගේ දූතයා වෙතද සමානයන් තබා නමදින්නන්ගෙන් ගිවිසුමට කෙසේ නම් වැදගත්කමක් තිබිය හැකිද? එහෙත් ශුද්ධ වූ මස්ජිදය ඉදිරියේ ඔබ සමග ගිවිසුම් ඇති කර ගත් අය, (තමන්ගේ ගිවිසුමට අනුව) ඔබ සමග ස්ථීරව සිටින තුරු ඔබත් ඔවුන් සමග ස්ථීරවම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.

දෙවියන්ට ආදේශ තැබූවන්හට අල්ලාහ් සමග ගිවිසුමක් හෝ අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් රැකවරණයක් හෝ තිබීම නිවැරදි කරුණක් නොවන්නේය. නමුත් අහෝ මුස්ලිම්වරුනි! හුදෙයිබියා ගිවිසුමෙහි මස්ජිද් හරාම් අබියස නුඹලා දේව ආදේශකයින් සමග ගිවිස ගත් ඔවුන්ගේ ගිවිසුම හැර. නුඹලා අතර හා ඔවුන් අතර පවතින ගිවිසුමක් මත ඔවුන් පිහිටා එය කඩ නොකර, නුඹලාට එය ඉටු කරන්නේ නම් නුඹලා එය කඩ නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කරන බැතිමතුන් කෙරෙහි අල්ලාහ් ප්රිය කරයි.

8

كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَٰسِقُونَ

(එහෙත් ඔවුන් සමග) කෙසේ නම් (ගිවිසුම්) තිබිය හැකිද? ඔවුන්ව ඔබ ජයග්‍රහණය කළහොත් නම්, ඔබ (ඔවුන්ට) ඥාතීන් යන්නද, (ඔබටද,ඔවුන්ටද අතරේ ඇති) ගිවිසුමද ගණන් ගන්නේම නැත. තමන්ගේ කට (උත්තරය) මගින් (පමණක්) ඔබව තෘප්තියට පත් කරන්නාහ. නමුත් ඔවුන්ගේ හෘදයන් නම්, (ඔබගෙන්) ඈත් වන්නාහ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

ඔවුන් නුඹලාගේ සතුරන් ව සිටිය දී ගිවිසුමක් හා ආරක්ෂාවක් ඔවුනට ඇතිවිය හැකි ද? ඔවුන් නුඹලා ව ජය ගත්තේ නම් අල්ලාහ් නුඹලා සමග සිටින බව හෝ සමීප බව හෝ සැලකිලිමත් නොවෙති. එමෙන්ම ගිවිසුම පිළිබඳ ව ද ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ වෙනුවට ඔවුහු නුඹලාට දරුණු ලෙස දඬුවම් කරනු ඇත. ඔවුන්ගේ දිවවල් කවර යහපත් ප්රකාශයක් පවසන්නේ ද එමගින් ඔවුන් නුඹලා ව තෘප්තියට පත් කළ ද ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ කට වචනයට අවනත නොවනු ඇත. එහෙයින් ඔවුන් පවසන දෑ ඉටු කරන්නේ නැත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ගිවිසුම කඩ කළ හේතුවෙන් අල්ලාහ්ට අවනතවීමෙන් ඉවත් වූවෝ වෙති.

9

ٱشْتَرَوْا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًۭا فَصَدُّوا۟ عَن سَبِيلِهِۦٓ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ

ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් සුළු මුදලකට විකුණා දමා, (ජනතාව) ඔහුගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. නියත වශයෙන්ම ඔවුන් කරන කාරණාවන් ඉතාමත් නපුරුය.

ඔවුහු විරෝධය පෑහ. ගිවිසුම ඉටු කරන මෙන් සඳහන් අල්ලාහ්ගේ වදන් අනුගමනය කිරීමෙන් වැළකී, ඒ වෙනුවට තම ආශාවන් හා තම කැමත්ත වෙත සේන්දු කරවන මෙලොව සුන්බුන් වලින් සුළු මිලක් ගත්තෝය. සත්ය අනුගමනය කිරීමෙන් ඔවුහු තමන් ව වළක්වා ගත්තෝය. එය හෙළා දුටුවෝය. සෙසු අය ද සත්යයෙන් වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් සිදුකරමින් සිටි ඔවුන්ගේ ක්රියාව නපුරු විය.

10

لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ

ඔවුන් කිසිම විශ්වාසවන්තයෙකු ගැනද (ඔහු තම) ඥාතීන් යන්නද, (ඔවුන් සමග කරගෙන ඇති) ගිවිසුමද, ගණන් ගන්නේම නැත. නියත වශයෙන්ම මෙවැන්නන්ම සීමාව ඉක්මවූවන්ය.

දේව විශ්වාසියෙකු විෂයෙහි අල්ලාහ් පිළිබඳ ව හෝ සමීප ඥාතීන් පිළිබඳ ව හෝ ගිවිසුම පිළිබඳ ව හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. එය ඔහු කෙරෙහි ඔවුන් තුළ පවතින සතුරුකම හේතුවෙනි. එහෙයින් ඔවුන් ගැන කවර අපරාධයක් හා සතුරුකමක් විස්තර කරනු ලැබුවේ ද එලෙස ඔවුහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවූවෝ වෙති.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.