وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
(නබියේ!) ඔවුන් ඔබට කුමන්ත්රණ කරන්නට අදහස් කළහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු). මෙයට පෙර ඔවුන් අල්ලාහ්ට කුමන්ත්රණ කිරීමට අදහස් කළහ. එබැවින්ම ඔවුන්ව සිර ගත කිරීමට (ඔබට) පහසුකම් සැලැස්සුවේය. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
අහෝ මුහම්මද්! නුඹට හෙළිපිට කරන ලද ප්රකාශයක් තුළින් නුඹට යම් ද්රෝහිකමක් කරන්නට ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම මීට පෙර ද ඔවුන් අල්ලාහ්ට ද්රෝහි වී ඇති බව දැන ගත යුතුය. ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට ජය ලබා දී ඇත. ඔවුන් අතරින් ඝාතනය විය යුත්තන් ඝාතනය කරනු ලැබීය. සිරගත කරනු ලැබිය යුත්තන් සිරගත කරනු ලැබීය. ඔවුන් නැවත පැමිණියේ නම් මෙයම ඔවුන් බලාපොරොත්තු විය යුතු වේ. අල්ලාහ් තම මැවීම් හා ඔවුනට යහපත් වන දෑ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.