Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 75

61

۞ وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

ඔවුන් සමාදානය දෙසට ඇල වුවහොත් ඔබත් ඒ දෙසට ඇල වනු. අල්ලාහ්වද විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරු වන්නේ නම්, අහෝ දූතය! ඔබ ද ඒ වෙත නැඹුරු වනු. ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගනු. අල්ලාහ් මත ස්ථාවර ව සිටිනු. ඔහු ව තරයේ විශ්වාස කරනු. එවිට කිසිවිටෙක ඔහු ඔබ ව පහත් කරන්නේ නැත. සැබැවින්ම ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනාවන් හා ඔවන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.

Al-Anfaal 8:61Listen in Qur'an →
62

وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ ۚ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ

(නබියේ!) ඔවුන් ඔබට කුමන්ත්‍රණ කිරීමට අදහස් කළහොත් (ඔබව ආරක්ෂා කර ගැනීමට) නියත වශයෙන්ම අල්ලාහ් ඔබට ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. ඔහුම ඔබව තම උදව්ව මගින්ද විශ්වාසවන්තයින් මගින්ද ශක්තිමත් කරන්නේය.

නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරුවීම තුළින් නුඹ සමග වංචනික ලෙස සටන් වැදීමට සූදානම් වීම ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ වංචාව ඉදිරියේ අල්ලාහ් ඔබට ප්රමාණවත්ය. තම උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ඔහුය. එමෙන්ම මුහාජිර් හා අන්සාර්වරු අතර සිටින දේව විශ්වාසීන්ගේ උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ද ඔහුය.

Al-Anfaal 8:62Listen in Qur'an →
63

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌۭ

ඔවුන්ගේ හෘදයන්හි (ඉස්ලාමය මගින්) ආදර කරුණාව ඇතුළු කර (සීසීකඩව සිටි ඔවුන්ව) ඒකරාශී කළේය. භූමියෙහි ඇති සියල්ල ඔබ වියදම් කළද, ඔවුන්ගේ හෘදයන්හි ආදර කරුණාව ඇතුළු කිරීමට ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව ආදරය මගින් ඒකරාශී කළේය. නියත වශයෙන්ම ඔහු (සියල්ලට) බලසම්පන්යෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

ඔවුන් හරහා ඔහු ඔබට උදව් කළ, දේව විශ්වාසීන්ගේ හදවත් බෙදී වෙන් ව තිබීමෙන් පසු ව අල්ලාහ් ඔවුන්ගේ හදවත් අතර සමගි කළේය. එසේ බෙදී වෙන් වුණු ඔවුන්ගේ හදවත් අතර සමගි කිරීමට නුඹ මහ පොළොවේ ඇති ධනය විදයම් කළ ද ඒවා අතර ඔබට සමගි කළ නොහැක්කේමය. නමුත් ඒවා අතර සමගි කළේ අල්ලාහ් පමණය. ඔහුගේ ආධිපත්යයේ ඔහු සර්ව බලධාරීය. කිසිවකු ඔහු අබිබවා යා නොහැකි. ඔහු නිර්ණය කිරීමේදී ද සැලසුම් කිරීමේදී ද ආගමානුගත කිරීමේ දී ද මහා ප්රඥාවන්තය.

Al-Anfaal 8:63Listen in Qur'an →
64

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ

නබියේ! අල්ලාහ්ද, විශ්වාසවන්තයින්ගෙන් ඔබව අනුගමනය කරන්නන්ම ඔබට ප්‍රමාණවත් අයයි.

අහෝ නබිවරය! නුඹලාගේ සතුරන්ගේ හානිය ඉදිරියේ සැබැවින්ම අල්ලාහ් නුඹට ප්රමාණවත්ය. එමෙන්ම ඔබ සමග සිටින මුඃමින්වරුන්ට ද ප්රමාණවත්ය. එබැවින් අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය තබනු. ඔහු මත ම ස්ථාවර ව සිටිනු.

Al-Anfaal 8:64Listen in Qur'an →
65

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ يَغْلِبُوٓا۟ أَلْفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ

(තවද) නබියේ! ඔබ විශ්වාසවන්තයින්ව යුද්ධයට (සූදානම් කරන මෙන්) පොළඹවනු මැනව! ඔබගෙන් (ඉවසීමද) විඳ දරා ගන්නා හැකියාවක් ඇති විසි දෙනෙකු සිටියහොත් දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. ඔබගෙන් (එවැනි) සිය දෙනෙකු සිටියහොත් ප්‍රතික්ෂේප කරන්නන් දාහක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. නියත වශයෙන්ම මොවුන් දැනුමක් නැති ජනතාවක් වශයෙන් සිටීමම මෙයට හේතුව වේ.

අහෝ නබිවරය, යුද්ධය සඳහා මුඃමින්වරුන් දිරි ගන්වනු. ඔවුන්ගේ විශ්වාසය බලවත් කරන හා ඔවුන්ගේ අපේක්ෂාවන් ශක්තිමත් කරන කරුණු තුළින් ඔවුන් දිරිගන්වනු. අහෝ විශ්වාස කළවුනි! දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කරන විසි දෙනෙකු නුඹලා අතර සිටින්නේ නම් ඔවුන් දේව ප්රතික්ෂේපකයින් අතරින් දෙසීය දෙනෙකු අභිබවා යනු ඇත. නුඹලා අතර එවැනි ඉවසිලිවන්ත සිය දෙනෙකු සිටින්නේ නම්, දේව ප්රතික්ෂේපකයින් දහසක් දෙනා අභිබවා යනු ඇත. ඊට හේතුව සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් තම සෙනෙහෙවන්තයින්ට උදව් කිරීමේ හා ඔහුගේ සතුරන් පෙරළා දැමීමේ අල්ලාහ්ගේ න්යායය වටහා නොගත් පිරිසක් වන බැවිණි. යුද්ධ කිරීමේ දී ඔවුනට අපේක්ෂාවක් නැත. ඔවුන් එසේ යුද්ධ කරනුයේ මෙලොවෙහි උසස්කම් හේතු කොට ගෙනය.

Al-Anfaal 8:65Listen in Qur'an →
66

ٱلْـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًۭا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ صَابِرَةٌۭ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌۭ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ

එහෙත් නියත වශයෙන්ම ඔබ වෙත දුබළතාවය ඇති බව අල්ලාහ් හොඳින් දැනගෙන, දැනට (එය) ඔබට පහසු කර හැරියේය. එබැවින් ඔබගෙන් (ඉවසීමද), විඳ දරාගත හැකි සිය දෙනෙකු සිටියහොත් (අනිත් අය) දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රණය අත් කර ගනු ඇත. (මෙවැනි) දහසක් දෙනෙකු ඔබගෙන් සිටියහොත් අල්ලාහ්ගේ පිහිටෙන් (අනිත් අය) දෙහසක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය.

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ දුර්වලකම අල්ලාහ් දන්නා බැවින් දැන් ඔහු නුඹලාගෙන් එම ප්රමාණය අඩු කර ඇත. එය නුඹලාට අඩු කළේ නුඹලාට ඔහුගෙන් වූ දයානුකම්පාවක් ලෙසිනි. නුඹලා අතර සිටින එක් අයෙකු ඔවුන්ගෙන් දස දෙනක් යන ස්ථාවරත්වය වෙනුවට ඔවුන්ගෙන් දෙදෙනෙක් යන ස්ථාවරත්වය ඔහු අනිවාර්යය කළේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීමේදී නුඹලා අතර ඉවසිලිවන්ත සිය දෙනෙකු වී නම් ඔවුන්ගෙන් දෙසිය දෙනෙකු අබිබවා යනු ඇත. නුඹලා අතර ඉවසිලිවන්ත දහසක් දෙනෙකු වී නම් අල්ලාහ්ගේ අනුහසින් දේව ප්රතික්ෂේපකයින් දෙදහසක් දෙනා අභිබවා යනු ඇත. ශක්තිමත් කිරීමෙන් හා උපකාර කිරීමෙන් අල්ලාහ් ඉවසිලිවන්ත දේව විශ්වාසීන් සමග සිටියි.

Al-Anfaal 8:66Listen in Qur'an →
67

مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْءَاخِرَةَ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ

(සතුරන්ගේ නපුර පාලනය කරන අන්දමින් ඔවුන්ගේ) ලේ මියෙහි ඇලෙන තුරු (ඔවුන්ව පණ පිටින්) සිර ගත කිරීම කිසිම නබිවරයෙකුට සුදුසු නැත. ඔබ මෙලොව වස්තූන්ට ආශා කරන්නෙහුය. අල්ලාහ් නම්, (ඔබගේ) පරලොව (ජීවිතය) කැමති වන්නේය. අල්ලාහ් බලසම්පන්නයෙකු වන අතර ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

තමන් සමග සටන් වදින දේව ප්රතික්ෂේපක සිරකරුවන් නැවත තමන් සමග යළි සටන් නොකරන තරමට ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරනු පිණිස ඔවුන් අධික ලෙස ඝාතනය කරනු ලබන තෙක් ඔවුන් රඳවා තබා ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! බද්ර් සිරකරුවන්ගෙන් වන්දි ලබා ගැනීම නුඹලා අපේක්ෂා කරන්නෙහුය. නමුත් අල්ලාහ් දහමේ ජය හා එහි ගෞරවය තුළින් ලබන මතු ලොව අපේක්ෂා කරයි. අල්ලාහ් තම පැවැත්ම, තම ගුණාංග හා තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයන් හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Al-Anfaal 8:67Listen in Qur'an →
68

لَّوْلَا كِتَٰبٌۭ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌۭ

අල්ලාහ්ගේ සන්නිධානයෙහි (ඔබගේ සමාව) දැනටමත් සැලසුම් කර නොතිබුණා නම්, ඔබ (සිරකරුවන්ගේ වන්දි මුදල් බද්රු යුද්ධයේදී) ඇර ගත් හේතුව නිසා ඉමහත් වූ දඬුවමක් ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි. (එහෙත් දෙවියන් ඔබට සමාව දුන්නේය).

සැබැවින්ම යුද පිටියේ සතුරන් විසින් දමා පලා ගිය වස්තුව නුඹලාට අනුමතය. එමෙන්ම සිරකරුවන්ගේ වන්දිය නුඹලාට අනුමතය යන අල්ලාහ්ගේ නියමය හා තීන්දුව පෙර ලියැ වී නොතිබුණා නම්, එසේ අනුමත කරමින් අල්ලාහ්ගේ පණිවිඩය පහළ වීමට පෙර සිරකරුවන්ගේ වන්දිය හෝ වස්තුව නුඹලා ගැනීම හේතුවෙන් නුඹලාට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් අත්වන්නට තිබිණ.

Al-Anfaal 8:68Listen in Qur'an →
69

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

එබැවින් (සතුරන්ගෙන්) ඔබට යුද්ධයේදී ලැබුණු දැය හොඳ අනුමැතිය ඇති වස්තූන් වශයෙන්ම (සිතා) අනුභව කරනු. (මින් පසු මෙවැනි කාරණාවන්හි) අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ දෙවියන් විශ්වාස කළවුනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් දමා පලා ගිය වස්තුවෙන් නුඹලා අනුභව කරනු. එය නුඹලාට අනුමතය. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් තමන් විශ්වාස කරන ගැත්තන්හට අතික්ෂමාශීලය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.

Al-Anfaal 8:69Listen in Qur'an →
70

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًۭا يُؤْتِكُمْ خَيْرًۭا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

නබියේ! ඔබ වෙත සිර ගත වී සිටින්නන්ට මෙසේ පවසනු: “ඔබගේ හෘදයන්හි හොඳ සිතුවිල්ලක් ඇති බව අල්ලාහ් දැන ගතහොත් ඔබගෙන් ඇර ගත් දැයට වඩා ඉතාමත් උසස් දැය ඔබට ලබා දී ඔබගේ වැරදිවලටද ඔහු සමාව දෙනු ඇත. මන්දයත් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

අහෝ නබිවරය! බද්ර් දිනයේ නුඹලා සිරකරුවන් ලෙස ගත්,දෙවියන්ට ආදේශ තැබූ සිරකරුවන් අතරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ මෙසේ පවසනු. "නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපත් අරමුණක් හා දැහැමි චේතනාවක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ වන්දියට වඩා යහපත් දෑ ඔහු නුඹලාට පිරිනමනු ඇත. එහෙයින් නුඹලාගෙන් කවර කරුණක් ගනු ලැබුවේ ද ඒ ගැන දුක් නොවනු. ඔහු නුඹලාට සමාව දෙනු ඇත. තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය." අල්ලාහ්ගේ ප්රතිඥාව නබි (සලලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ මහප්පෙකු වූ අබ්බාස් තුමාට හා ඉස්ලාමය වෙත පිය නැගූ වෙනත් අයහට ද තහවුරු විය.

Al-Anfaal 8:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.