Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 75

51

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ

(තවද මලායිකාවරුන් ඔවුන්ට) “පෙර ඔබගේ අත් (හම්බ කර) යැවූ දැයෙහි හේතුවෙන්ම මෙය (මෙම දඬුවම ඔබට) ඇති විය. නියත වශයෙන්ම අල්ලාහ් (තම) වහලූන්ගෙන් කිසිවෙකුටත් පොඩියක් හෝ අපරාධයක් කරන්නේම නැත” (යයිද පවසනු ඇත).

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාගේ ප්රාණ අත්පත් කර ගන්නා අවස්ථාවේ නුඹලාට අත් වන වේදනීය දඬුවමත්, නුඹලාගේ මිණී වළ වල් තුළ දී හා මතු ලොවෙහි නුඹලාට අත් වන දැවෙන දඬුවමත්, මෙලොවෙහි නුඹලාගේ අත් උපයා ගත් දෑ හේතුවෙනි. ඊට හේතුව අල්ලාහ් මිනිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. ඔහු ඔවුන් අතර තීන්දු ලබා දෙනුයේ යුක්තිසහගත ලෙසය. ඔහු යුක්තිගරුක තීරකයාය.

Al-Anfaal 8:51Listen in Qur'an →
52

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ ٱللَّهَ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ

“ෆිර්අවුන්ගේ ජනතාවගේ තත්වයද, ඔවුන්ට පෙර විසූවන්ගේ තත්වය මෙන්ම (මොවුන්ගේ තත්වයද) ඇත්තේය. ඔවුන්ද අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ. එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව අල්ලා ගත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්නයෙකු හා දඬුවම් දීමෙහි ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන් සිටින්නේය.

මෙම දේව ප්රතික්ෂේපකයින්හට පමණක් විශේෂයෙන් පහළ වූ දඬුවමක් නොව, සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත ද නියම වූ අල්ලාහ්ගේ න්යායය වන්නේය. ෆිර්අවුන් හා ඔවුනට පෙර සිටි සමූහයන් සුවිශුද්ධ අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ අවස්ථාවේ ද මෙම දඬුවමට ලක් විය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඉතා බිහිසුණු අයුරින් අල්ලාහ් ඔවුන් ග්රහණය කළේය. එවිට ඔහු ඔහුගේ දඬුවම ඔවුනට පහළ කළේය. සැබැවින්ම අල්ලාහ් කිසිවකු විසින් අබිබවා නොයන, තමන් වෙත කිසිවකු ආධිපත්යය නොදරන සර්ව බලධාරීය. එමෙන්ම ඔහුට පිටුපාන්නන් හට දැඩි ලෙස දඬුවම් කරන්නාය.

Al-Anfaal 8:52Listen in Qur'an →
53

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًۭا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

කුමන ජනතාවක් හෝ තමන්ගේ තත්වය වෙනස් නොකර ගන්නා තුරු නියත වශයෙන්ම අල්ලාහ්ද ඔවුන්ට ලබා දුන් වරප්‍රසාදයන් වෙනස් කර හරින්නේ නැත (යයි තිබුණද, ඔවුන් තමන්ගේ තත්වය වෙනස් කර ගත් බැවින් මෙම දඬුවම ඇති විය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

එම බිහිසුණු දඬුවමට හේතුව සැබැවින්ම අල්ලාහ් යම් සමූහයකට ඔහු අබියසින් යම් ආශිර්වාදයක් පිරිනැමූ විට දේව විශ්වාසය, ස්ථාවරභාවය, ආශිර්වාදයට කෘතඥ වීම යනාදි වශයෙන් එහි දැහැමි තත්ත්වයේ සිට අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, ඔහුට පිටුපෑම, ඔහුගේ ආශිර්වාද හෙළා දැකීම යනාදි වශයෙන් එහි නපුරු තත්ත්වයට ඔවුන් විසින්ම වෙනස් කර ගන්නා තෙක්, ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්නේ නැත. තවද සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Al-Anfaal 8:53Listen in Qur'an →
54

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ ۚ وَكُلٌّۭ كَانُوا۟ ظَٰلِمِينَ

“ෆිර්අවුන්ගේ ජනතාවගේ තත්වයද, ඔවුන්ට පෙර විසූවන්ගේ තත්වය මෙන්ම (මොවුන්ගේ) තත්වයද ඇත්තේය. ඔවුන්ද (මොවුන් මෙන්ම) තමන්ගේ දෙවියන්ගේ සාධකයන් බොරු කරමින් සිටියහ. එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් අපි (විවිධ වර්ගයේ දඬුවම් මගින් ෆිර්අවුන්ට පෙර විසූ) ඔවුන්ව විනාශ කර දැමූ අතර, ෆිර්අවුන්ගේ ජනතාවද ගිල්වා දැමුවෙමු. මොවුන් සියල්ල අපරාධකරුවන් වශයෙන්ම සිටියහ.

මෙම දේව ප්රතික්ෂේපකයින්ගේ කරුණ, ඔවුනට පෙර වූ ෆිර්අවුන් හා බොරුකාර සමූහයන් මෙන්, අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් අතර සිටි අයගේ කරුණ හා සමානය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝය. ඔවුන් ඔහුට කළ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. ෆිර්අවුන්ගේ සේනාව මුහුදේ ගිල්වා විනාශ කළේය. ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර විසූ සමූහයා අතුරින් සියලු දෙනාම පාහේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුට ගුණමකු වීම හේතුවෙන් අපරාධකරුවන් වූහ. ඔවුහු අල්ලාහ්ගේ එම දඬුවම පිළිතුරු වශයෙන් ඉල්ලා සිටියෝය. ඒවිට ඔහු එය ඔවුන් මත පතිත කළේය.

Al-Anfaal 8:54Listen in Qur'an →
55

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ

නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි සතුන් සියල්ලගෙන් ඉතාමත් නපුරු (දැය කුමක්දයත්) ප්‍රතික්ෂේප කරන්නන්ය. එබැවින් ඔවුන් විශ්වාසම නොකරන්නාහ.

මිිකත සැරිසරන වඩාත් නපුරුතම ජීවයා වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ය. ඔවුන් වෙත සියලුම සාධක පැමිණිය ද ඔවුන් ප්රතික්ෂේපයේ දැඩි ව සිටි බැවින් ඔවුහු විශ්වාස නොකරති. මග පෙන්වනු ලබන බුද්ධිය, ශ්රවණය හා බැල්ම යනාදී මාධ්යයන් බිද වැටී ඇත.

Al-Anfaal 8:55Listen in Qur'an →
56

ٱلَّذِينَ عَٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍۢ وَهُمْ لَا يَتَّقُونَ

මොවුන්ගෙන් කවුරුන් සමග ඔබ ගිවිසුම් ඇති කර ගත්තද, එම ගිවිසුම් සෑම අන්දමටම කඩ කරමින්ම සිටින්නාහ. ඔවුන් (අල්ලාහ්ට) බිය වන්නේම නැත.

බනූ කුරෙය්ළා ගෝත්රිකයින් මෙන් ඔවුන් සමග ගිවිසුම් හා ප්රතිඥාවන් ගත් පසු, ඒ සෑම ප්රතිඥාවක්ම ගත් සෑම වාරයකම ඔවුහු ඒවා බිඳ දමති. ඔවුහු අල්ලාහ්ට බිය නොවුහ. ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකළහ. ඔවුන් මත ගනු ලැබූ ප්රතිඥාවන් අනුගමනය නොකළහ.

Al-Anfaal 8:56Listen in Qur'an →
57

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

යුද්ධයේදී ඔබ ඔවුන්ව හමු වුවහොත් ඔවුන්ට පිටුපසින් සිටින්නන්වද, (තිගැස්සී) බිය වී දිව යන ලෙසට ඔවුන්ව සීසීකඩ කර හරිනු. (මෙමගින්) ඔවුන්ට පාඩමක් උගත හැකිය.

අහෝ දූතය! තම ප්රතිඥාවන් කඩ කරන්නන් ඔබ යුද්ධයේ දී මුණ ගැසුණේ නම්, ඔවුන්ගේ තත්තවයට පාඩමක් වනු පිණිස ඒ ගැන සෙසු අයට ඇසෙන තරමට දැඩි ලෙස ඔවුනට තරවටු කරනු. එවිට ඔවුහු ඔබ ඝාතනය කිරීමටත්, ඔබට එරෙහි ව ඔබේ සතුරන් පෙළ ගැස්වීමටත් බිය වනු ඇත.

Al-Anfaal 8:57Listen in Qur'an →
58

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةًۭ فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ

(ඔබ සමග ගිවිසුම් ඇති කරගෙන සිටින) කුමන සමූහයක් හෝ කුමන්ත්‍රණ කරාවි යයි ඔබ බිය වුවහොත් (එයට) සමාන වන පරිදි (එම ගිවිසුම) ඔවුන් වෙත වීසි කර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් කුමන්ත්‍රණකරුවන්ව ප්‍රිය කරන්නේ නැත.

අහෝ දූතය! නුඹ ගිවිසුම් කළ පිරිසකගෙන් යම් වංචාවක් හෝ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මූලික වශයෙන් නුඹට මතු වනු ඇතැයි නුඹ බිය වන්නෙහි නම්, ඒ ගැන දැනුමෙහි නුඹ සමග ඔවුන් ද සමාන වන තෙක් ඔවුන්ගේ ගිවිසුම හෙළා දකින බව ඔවුනට දන්වා සිටින්න. ඔවුනට දන්වා සිටීමට පෙර ඔබ ඔවුන් ඉක්මවා නොයන්න. ඔවුනට දන්වා සිටීමට පෙර ඉක්මවා කටයුතු කිරීම වංචාවකි. අල්ලාහ් වංචා කරන්නන් ප්රිය කරන්නේ නැත. ඔහු ඔවුන් ගැන කෝප වන්නේය. එහෙයින් ඔබද වංචාකිරීමෙන් ප්රවේශම් වන්න.

Al-Anfaal 8:58Listen in Qur'an →
59

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ

ප්‍රතික්ෂේප කරන්නන් තමන් බේරුනාය යයි ඔවුන් නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (අපව) පරාජය කළ නොහැක.

ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දඬුවමින් ගැල වී ඇති බව හෝ එයින් මිදුණු බව හෝ නොසිතිය යුතුයි. සැබැවින්ම ඔවුහු ඔහුගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. එය ඔවුනට අත් වන්නේමය. ඔවුන් සමගම සේන්දු වන්නේය.

Al-Anfaal 8:59Listen in Qur'an →
60

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍۢ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

ඔවුන්ට එරෙහි වන බවට (ආයුධ) බලයද, (හුරු පුරුදු) යුද අශ්වයින්ද, ඔබට ප්‍රමාණවත් අන්දමට ඔබ (සෑමවිටම) සූදානම් කර තබනු. මෙමගින් අල්ලාහ්ගේ සතුරාවද, ඔබගේ සතුරාවද ඔබට බිය ගැන්විය හැකිය. මොවුන් හැර (සතුරන්ගේ) වෙනත් සමහරෙක් සිටින්නාහ; ඔවුන්ව ඔබ හඳුනන්නේ නැත. අල්ලාහ්ම ඔවුන්ව හඳුනන්නේය. (මෙමගින් ඔවුන්වද ඔබට තිග්ගැස්සීමට පත් කළ හැකිය. මේ සඳහා) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කුමක් වියදම් කළද, (එහි ඵලවිපාක) ඔබට පූරණ වශයෙන්ම ලබා දෙනු ඇත. (එහි) පොඩියක් හෝ ඔබට අසාධාරණයක් කරනු නොලැබේ.

අහෝ විශ්වාස කළවුනි! දුනු ඊතල් වැනි යුද ආම්පන්න සහ භට පිරිස්, නුඹලාට සූදානම් කළ හැකි උපරිමයෙන් සූදානම් කර ගනු. එමෙන්ම තම වාරය එන තෙක් අපේක්ෂාවෙන් සිටින දේව ප්රතික්ෂේපකයින් අතරින් අල්ලාහ්ගේ සතුරන් හා නුඹලාගේ සතුරන් බිය වද්දන, එමෙන්ම නුඹලා නොහඳුනන නුඹලාට රහසිගත ව සතුරුකම් පාන වෙනත් පිරිසක් එමගින් නුඹලා බියවද්දන අශ්වයින් ද අල්ලාහ්ගේ මාර්ගයේ රඳවා ගනිමින් සූදානම් වනු. ඔවුන් ගැන දන්නා, අල්ලාහ් වන ඔහු පමණය. ඔවුන්ගේ සිත් තුළ සඟවා සිටින දෑ ද ඔහු දනී. නුඹ සුළුවෙන් හෝ අධික ව හෝ යම් වියදමක් කර ඇත්නම් අල්ලාහ් නුඹලාට එය මෙලොවෙහි නැවත ලබා දෙනු ඇත. මතු ලොවෙහි ද කිසිදු අඩුවකින් තොරව නුඹලාට පූර්ණ ලෙස කුසල් පිරිනමනු ඇත. එහෙයින් ඔහුගේ මාර්ගයේ වියදම් කිරීමට යුහුසුලු වනු.

Al-Anfaal 8:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.