۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ
(විශ්වාසවන්තයිනි!) ඔ බ ස්ථීර වශයෙන් දැන ගනු: ඔබට යුද්ධයේදී ලැබුණු සෑම වස්තුවකින්ම පහෙන් එක් පංගුවක් අල්ලාහ්ටද (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැගියන්ටද අයත් වන්නේය. (ඇත්තෙන්ම) ඔබ අල්ලාහ්වද, (විශ්වාස කරන අතර) සේනාවන් දෙක එකිනෙකට මුණ ගැසී (අවසන් වූ) තීන්දුවක් දුන් (බද්රු යුද්ධ) දිනදී අපි අපගේ වහලා කෙරෙහි පහළ කර තැබූ (උදව්ව, ඔහුම පහළ කළේය යන්න)ද ඔබ විශ්වාස කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ස්ථීර වශයෙන් දැන ගනු): නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් පිළිබඳ හා සත්යය හා අසත්යය අතර අල්ලාහ් වෙන් කළ බද්ර් දිනයේ අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔහු පහළ කළ දෑ පිිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැන ගනු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවේ දේව ප්රතික්ෂේපකයින් මැඩලා ඔවුන්ගෙන් යමක් ලබා ඇත්නම්, සැබැවින්ම එය කොටස් පහකට බෙදිය යුතු වේ. ඉන් පහෙන් හතරක් සටන් කරන මුජාහිද්වරුන් අතර ද ඉතිරි පහෙන් කොටස තවත් කොටස් පහකට බෙදී යා යුතුය. මුස්ලිම්වරුන් අතර පවතින පොදු වියහියදම් සඳහා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට කොටසක්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ඥාතීන් වන බනූ හාෂිම් හා බනූ මුත්තලිබ් ගෝත්ර වලට කොටසක්, අනාථයින්ට කොටසක්, දිළිඳු හා දුප්පතුන්ට කොටසක්, අතරමං වූ මගීන්ට කොටසක් වශයෙන් බෙදී යනු ඇත. බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. නුඹලාට උපකාර කළ අල්ලාහ්, සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.