Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 75

41

۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

(විශ්වාසවන්තයිනි!) ඔ බ ස්ථීර වශයෙන් දැන ගනු: ඔබට යුද්ධයේදී ලැබුණු සෑම වස්තුවකින්ම පහෙන් එක් පංගුවක් අල්ලාහ්ටද (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැගියන්ටද අයත් වන්නේය. (ඇත්තෙන්ම) ඔබ අල්ලාහ්වද, (විශ්වාස කරන අතර) සේනාවන් දෙක එකිනෙකට මුණ ගැසී (අවසන් වූ) තීන්දුවක් දුන් (බද්රු යුද්ධ) දිනදී අපි අපගේ වහලා කෙරෙහි පහළ කර තැබූ (උදව්ව, ඔහුම පහළ කළේය යන්න)ද ඔබ විශ්වාස කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ස්ථීර වශයෙන් දැන ගනු): නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් පිළිබඳ හා සත්යය හා අසත්යය අතර අල්ලාහ් වෙන් කළ බද්ර් දිනයේ අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔහු පහළ කළ දෑ පිිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැන ගනු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවේ දේව ප්රතික්ෂේපකයින් මැඩලා ඔවුන්ගෙන් යමක් ලබා ඇත්නම්, සැබැවින්ම එය කොටස් පහකට බෙදිය යුතු වේ. ඉන් පහෙන් හතරක් සටන් කරන මුජාහිද්වරුන් අතර ද ඉතිරි පහෙන් කොටස තවත් කොටස් පහකට බෙදී යා යුතුය. මුස්ලිම්වරුන් අතර පවතින පොදු වියහියදම් සඳහා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට කොටසක්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ඥාතීන් වන බනූ හාෂිම් හා බනූ මුත්තලිබ් ගෝත්ර වලට කොටසක්, අනාථයින්ට කොටසක්, දිළිඳු හා දුප්පතුන්ට කොටසක්, අතරමං වූ මගීන්ට කොටසක් වශයෙන් බෙදී යනු ඇත. බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. නුඹලාට උපකාර කළ අල්ලාහ්, සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

Al-Anfaal 8:41Listen in Qur'an →
42

إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَٰدِ ۙ وَلَٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍۢ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍۢ ۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

ඔබ (බද්රු යුද පිටියේ සිට මදීනාවට) සමීපව ඇති මිටියාවතේද, ඔවුන් (ඔබට ඉදිරිපසින් ඇති) ඈතින් පිහිටි මිටියාවතේද, (ව්‍යාපාරිකයින් වන) තවලම්කරුවන් ඔබට පහතින් සිටීම ගැනද ඔබ සිතා බලනු. ඔබ කෙනෙකුට කෙනෙකු (හමු වන කාලයද, ස්ථානයද සඳහන් කර) පොරොන්දු ඇති කරගෙන සිටියද, (ඔබ සඳහන් කළ කාලයේදී එහි පැමිණ සේන්දු වී) එම පොරොන්දුව ඉටු කර තැබීමෙහි ඔබ (යම්කිසි) වැරැද්දක් කරම ඇත්තෙහිය. එහෙත් අල්ලාහ් මනක්කල්පිත කළ කාරණාව ඉෂ්ඨ වීම සඳහා (ඔබ සියල්ලන්වම එකම වේලාවකදී ඔහු ඒකරාශී කළේය). විනාශ වී ගිය අය, පැහැදිලි කාරණාවකට විනාශ වීම සඳහාද, (බේරී) ජීවත් වූවන් පැහැදිලි කාරණාවක් මගින්ම (බේරී) ජීවත් වීම සඳහාද (අල්ලාහ් මේ අන්දමට සැලසුම් කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

මදීනාවට පරව, අසල පිහිටි පහත් මිටියාවතෙහි නුඹලා ද, මක්කාහ්වට පරව දුරින් පිටිහි මිටියාවතෙහි මුෂ්රික්වරන් ද, රතු මුහුදු වෙරළට පරව නුඹලාට පහළින් පිහිටි ස්ථානයේ වෙළඳ කණ්ඩායමද සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා සහ දේව ආදේශකයින් බද්ර් යුද්ධයේ හමුවීමට ප්රිය කළේ නම් නුඹලා එකිනෙකා අතර භේද වන්නට තිබුණි. නමුත් බද්ර් දිනයේ නුඹලා අතර කිසිදු තර්කයකින් තොරව ඒකරාශී කළේ අල්ලාහ්ය. එය සිදුවන්නට නියමිත කරුණ සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබනු පිණිසය. එනම් දේව විශ්වාසී ජනයාට ජය ද, දේව ප්රතික්ෂේපිත ජනයාට පරාජය ද, තම දහම පිළිබඳ අවවාද කිරීම හා දෙවියන්ට ආදේශ කිරීම පහත් ක්රියාවක් බවට පත් කිරීමය. එමෙන්ම ඔවුනට එරෙහි ව දේව විශ්වාසී ජනයා සංඛ්යාවෙන් අඩු වුවද ජය නියත බව සාධක ඉදිරිපත් කිරීමෙන් පසු හා ඔවුනට ප්රතිඥා දීමෙන් පසු ඔවුන් අතර මියැදෙන්නට නියමිත අය මිය යාමටත්, අල්ලාහ් හෙළි කළ සාධක හා සාක්ෂි මත ජීවත් වන්නන් ජීවත් කරවීමටත්ය. එවිට අල්ලාහ්ට එරෙහි ව තර්ක කරන්නන් කිසිවකු ඉතිරි නොවනු ඇත. අල්ලාහ් සියලු දෙනාගේ ප්රකාශයන් සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Anfaal 8:42Listen in Qur'an →
43

إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًۭا ۖ وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًۭا لَّفَشِلْتُمْ وَلَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَ ۗ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

(නබියේ!) ඔබගේ සිහිනෙන් අල්ලාහ් (ගණනයෙන්) ඔවුන්ව අඩු කර පෙන්වීමද, ඔබ සිතා බලනු. ඔවුන්ව (ගණනයෙන්) අධික කර, ඔබට පෙන්වා තිබුණේ නම් ඔබ ධෛර්යය බිඳී, යුද්ධ කිරීම ගැන ඔබ තුළ තර්ක කරමින් සිටින්නෙහුය. එහෙත් අල්ලාහ් (ඔබව) ආරක්ෂා කර ගත්තේය. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකි.

අහෝ නබිවරය! දෙවියන්ට ආදේශ කළ සතුරන් ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස ඔබේ හීනය තුළ අල්ලාහ් ඔබට පෙන් වූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔබ ඒ ගැන දෙවියන් විශ්වාස කරන්නන් හට අවධානය යොමු කරවීය. ඔවුන් එහි යහපත ගැන සතුටු වූහ. සතුරන්ට එරෙහි ව මුහුණ දීම සඳහා ඔවුන්ගේ විශ්වාසය ඔබ එතුළින් බලවත් කළෙහිය. ඔබේ සිහිනයෙහි දේව ප්රතික්ෂේපකයින්ගේ සංඛ්යාව අධික බව අල්ලාහ් පෙන්වූයේ නම් ඔබේ සගයින්ගේ විශ්වාසය දුර්වල වී ගොස් යුද්ධයට මුහුණ දීමට ඔවුන් බිය වන්නට තිබුණි. නමුත් අල්ලාහ් එමගින් සැනසුම ලබා දුන්නේය. අසාර්ථක වීමෙන් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ දෑසට ඔවුන් ස්වල්ප සංඛයාවක් ලෙස පෙන්වීය. සැබැවින්ම හදවත් නැඹුරු වන දිශාවත්, සිත් සඟවා ගෙන සිටින දැයත් ඔහු මැනවින් දන්නාය.

Al-Anfaal 8:43Listen in Qur'an →
44

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًۭا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

ඔවුන්ද, ඔබද හමු වූ අවස්ථාවේදී ඔවුන්ගේ ගණනය ඔබගේ ඇස්වලට අඩු කරද, ඔබගේ ගණනය ඔවුන්ගේ ඇස්වලට අඩු කරද, පෙන්වූයේ අල්ලාහ් මනක්කල්පිත කළ කාරණාව ඉෂ්ඨ වී, අනිවාර්යයෙන්ම (ඔවුන්ව විනාශ කර) දැමීමට (යන්න ඔබ දැන ගනු). අල්ලාහ්ගේ සන්නිධානයෙහිම සියලූ කාරණාවන් ගොස් අවසන් වන්නේය.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා යුද පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ ඔවුන්ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස අල්ලාහ් නුඹලාට පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන් සමග සටන් කිරීම සඳහා අභීත ලෙස ඉදිරිපත් වීමට නුඹලා ව ඔහු සූදානම් කළේය. ඔවුන්ගේ දෑසට නුඹලා ව ස්වල්ප දෙනෙකු ලෙස පෙන්වීය. එවිට නුඹලා සමග සටන් කිරීමට ඔවුහු ඉදිරියට ආවෝය. ඔවුන් නැවත හැරී යාමට සිතුවේ නැත. එසේ සිදු කරනුයේ විය යුතු කරුණ අල්ලාහ් තීන්දු කිරීම පිණිසය. එනම් දෙවියන්ට ආදේශ තැබූවන් යුද්ධයේ මිය යෑමෙන් හා සිරගත වීමෙන් ඔහු දඬුවම් කිරීම හා දෙවියන් විශ්වාස කළවුන්ට සාර්ථකත්වය හා ජය පිරිනැමීමය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු නපුරාට ඔහුගේ නපුරුකම් අනුව ප්රතිවිපාක පිරිනමන අතර දැහැමියාට ඔහුගේ දැහැමිකම් අනුව ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Anfaal 8:44Listen in Qur'an →
45

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةًۭ فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාසවන්තයිනි! ඔබ (යුද්ධයේදී සතුරන්ගේ) සමූහය හමු වුවහොත් (බිය නොවී) ස්ථීර වශයෙන් (විරුද්ධව) සිටිමින් “(අල්ලාහු අක්බර්’ යයි) අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය ඔබ අධික වශයෙන් (ශබ්ද නගා) පවසනු. (එයින්) ඔබ ජයග්‍රහණය අත් කර ගනු ඇත.

අහෝ අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි! දෙවියන් ප්රතික්ෂේප කරන සතුරු කණ්ඩායමකට නුඹලා මුහුණ දෙන්නෙහු නම් ඔවුන් හමු වන අවස්ථාවේ නුඹලා ස්ථාවර ව සිටිනු. නුඹලා බියගුලු නොවනු. අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කොට ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹලා පතන දෑ නුඹලාට හිමි කර දීමේ හා නුඹලා ප්රවේශමෙන් සිටින දැයින් නුඹලා ව ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඔහු ඔවුනට එරෙහි ව, නුඹලාට උදව් කිරීමට ශක්තිය ඇත්තාය.

Al-Anfaal 8:45Listen in Qur'an →
46

وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَٱصْبِرُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ

තවද අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී (ඔබ තුළ එකමුතුව) සිටිනු. ඔබ තුළ තර්ක නොකර ගනු. එසේ වුවහොත් ඔබ ධෛර්යය බිඳී ඔබගේ ශක්තිය දුබළ වනු ඇත. එබැවින් ඔබ (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය.

නුඹලාගේ කතාවෙහි, නුඹලාගේ ක්රියාවෙහි මෙන්ම සියලුම තත්ත්වයන්හි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම තදින් පිළිපදින්න. අදහස් වලට වහල් වී නුඹලා භේද නොවන්න. සැබැවින්ම එසේ භේද වීම නුඹලා දුර්වල වීමටත්, බියසුලු වීමටත්, නුඹලාගේ ශක්තිය හීන වීමටත් හේතු වන්නේය. නුඹලාගේ සතුරන් මුණ ගැසෙන විට ඉවසීමෙන් මුහුණ දෙන්න. උපකාරය, ස්ථාවරත්වය හා ජය සමග සැබැවින්ම අල්ලාහ් ඉවසිලි වන්තයින් සමග සිටියි. අල්ලාහ් කවුරුන් සමග සිටින්නේ ද, කිසිදු සැකයකින් තොරව ඔහු උදව් හා ජය ලබනු ඇත.

Al-Anfaal 8:46Listen in Qur'an →
47

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِم بَطَرًۭا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۚ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ

ආඩම්බරය සඳහාද, මිනිසුන්ට පෙන්වීම සඳහාද, තමන්ගේ නිවෙස්වලින්ද, (මුස්ලිම්වරුන්ට එරෙහිව බද්රු යුද්ධයට) පිටත් වීද, අල්ලාහ්ගේ මාර්ගයෙහි (ජනතාව) යාම වළක්වමින්ද සිටිය අය මෙන් ඔබත් පත් නොවිය යුතුය. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් වට කරගෙන සිටින්නේය.

මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් හා උඩඟුකමින් මක්කාවෙන් බැහැර වී ගිය ජනයාට අල්ලාහ්ගේ දහම සම්බන්ධයෙන් බාධා පමුණුවා එහි පිවිසීමෙන් ඔවුන් වළක්වන දේව ආදේශකයින් මෙන් නුඹලා නොවන්න. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ප්රකාරයෙන් ම දන්නේය. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Anfaal 8:47Listen in Qur'an →
48

وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌۭ لَّكُمْ ۖ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ ۚ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා, “කිසිම මිනිසෙකු විසින් අද ඔබව ජයග්‍රහණය කළ නොහැකිය. නියත වශයෙන්ම මමත් ඔබට උදව්වට සිටින්නෙමි” යයි පවසමින් සිටීම ගැනද (නබියේ!) ඔබ සිතා බලනු. (මෙසේ පවසමින් සිටි) ඔහු සේනාවන් දෙක එකට එක මුණ ගැසුණු වහාම පිටුපස හරවා දිව ගොස් “නියත වශයෙන්ම මා ඔබගෙන් ඈත් වූවෙමි. ඔබට දැකිය නොහැකි දැයක් මා බලන්නෙමි. නියත වශයෙන්ම මා අල්ලාහ්ට බිය වන්නෙමි. දඬුවම් කිරීමෙහි අල්ලාහ් ඉතාමත් දරුණු කෙනෙකි” යයි පැවසුවේය.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලාට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කර බලනු. දේව ආදේශකයින්ට ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් අලංකාරවත් කර මුස්ලිම්වරුන් හමුවීමටත් ඔවුන් සමග යුද වැදීමටත් ඔවුන් දිරි ගන්වා "අද දින නුඹලා අභිබවා යන්නට කිසිවකු නැත. සැබැවින්ම මම නුඹලාට උදව් කරන්නෙක්මි. නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා ව මුදවා ගන්නෙක්මි." යැයි පැවසීය. දෙපිරිස එකිනෙක මුණගැසුණු කල්හි මුඃමින් පිරිස සමග මලක්වරුන් ඉඳ ඔවුනට උදව් කළෝය. දෙවියන් ආදේශ කරන්නන් සමග ෂෙයිතාන් විය. ඔහු ඔවුන් පරාජයට පත් කළේය. ෂෙයිතාන් පසුපස හැරී පලා ගියේය. දෙවියන් අදේශ කරන්නන් දෙස බලා, "සැබැවින්ම මම නුඹලාගෙන් නිදොස් වෙමි. මුඃමින්වරුන්ට ජය අත්පත් කර දෙන්නට පැමිණි මලක්වරුන් සැබැවින්ම මම දුටුවෙමි. අල්ලාහ් මා විනාශ කර දමනු ඇතැයි මම බිය වූයෙමි. අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. එහෙයින් ඔහුගේ දඬුවම කිසිවකු විසින් උසුලන්නට ශක්තිය නොදරනු ඇත."යැයි පැවසීය.

Al-Anfaal 8:48Listen in Qur'an →
49

إِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَٰٓؤُلَآءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ

(ඇතුළත එකක් තබාගෙන පිටත එකක් කතා කරන) වංචනිකයින්ද, හෘදයන්හි (ප්‍රතික්ෂේපය නමැති) රෝගයෙන් පෙළෙන්නන්ද, (විශ්වාසවන්තයින්ව ගෙනහැර දක්වා) “මොවුන්ව මොවුන්ගේ ධර්මය රවටා දැමුවේය” යයි පවසමින් සිටීම ගැනද (නබියේ!) ඔබ සිතා බලනු. කවුරුන් අල්ලාහ්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේද, (ඔහුම ජයග්‍රහණය අත් කර ගත් අයයි). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

කුහකයෝ හා දේව විශ්වාසය පිළිබඳ දුර්වල අය, ‘සැබැවින්ම මුස්ලිම්වරුන්ගේ සංඛ්යාව අඩුවෙන් හා දුර්වල ව තිබිය දී, ඔවුන්ගේ සතුරන්ගේ සංඛ්යාව අධික ව හා බලවත් ව තිබිය දී, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ජය ලබා දෙන මෙන් ඔවුන්ගේ දහම ඔවුනට ප්රතිඥා දෙමින් ඔවුන් රවටා දමා ඇත’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. කවරෙකු අල්ලාහ් මත පමණක් ස්ථීර ව රැඳී සිට, ඔහු ප්රතිඥා දුන් උපකාරය දැඩි සේ විශ්වාස කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කරන බව ඔවුහු (කුහකයෝ) නොදනිති. ඔහු කොතරම් දුර්වල ව සිටියද, කිසිවිටෙක අල්ලාහ් ඔහුට වංචා නොකරන්නේමය. අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයේ හා ආගාමික න්යායයන්හි ඔහු මහා ප්රඥාවන්තය.

Al-Anfaal 8:49Listen in Qur'an →
50

وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ۙ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

මලායිකාවරුන් ප්‍රතික්ෂේප කරන්නන්ව (ඔවුන්ගේ පණ) අත්පත් කර ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ මුහුණුවලටද, පිට කොඳු වලටද, පහර දී (නිරයට දක්කාගෙන ගොස්) “දවාලන (නිරා) දඬුවම (පොඩියක්) විඳ බලනු” යයි පැවසීම ඔබ බැලිය යුතු නොවේද?

අහෝ දූතය! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ගේ ප්රාණ මලක්වරුන් ග්රහණය කොට එය ඉවත් කරන අවස්ථාවේ ඔවුන් ඉදිරියට එන විට ඔවුන්ගේ මුහුණු වලට පහර දෙමින් හා ඔවුන් පසුපස හැරී පලා යන විට ඔවුන්ගේ පසුපසට පහරදෙමින්, ‘අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසති. නුඹ එය දුටුවේ නම් බිහිසුණු කරුණක් ලෙස නුඹ දකිනු ඇත.

Al-Anfaal 8:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.