Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 75

31

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ ۙ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලබන්නේ නම්, එයට ඔවුන් “නියත වශයෙන්ම අපි (මෙය කළින්ම) සවන් දී ඇත්තෙමු. අපි කැමති නම්, මෙවැනි වදන් අපිත් පවසන්නෙමු. මේවා පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූහ.

අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින් හා උඩඟුකම් වෙමින්, ‘මීට පෙරත් අපි මොවැනිම දෑ ට සවන් දී ඇත්තෙමු. මෙම කුර්ආනය හා සමාන ප්රකාශයක් අපි අභිමත කළේ නම් එය අපි පවසන්නෙමු. අපි සවන් දුන් මෙම කුර්ආනය පැරැන්නන්ගේ ප්රබන්ධයන් මිස නැත එහෙයින් අපි එය කිසිසේත් විශ්වාස නොකරන්නෙමු.

Al-Anfaal 8:31Listen in Qur'an →
32

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةًۭ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍۢ

තවද (එම ප්‍රතික්ෂේප කරන්නන්) “ඕ අල්ලාහ්! ඔබ වෙතින් පැමිණි මෙය ඇත්ත නම්, අප වෙත අහසින් ගල් වරුසාවක් වසින්නට සලස්වනු. නැතහොත් වේදනා ගෙන දෙන (එක්) දඬුවමක් අපට ගෙන එනු!” යයි ඔවුන් පැවසීමද (නබියේ!) ඔබ සිතා බලනු.

‘අහෝ දෙවියනි! මුහම්මද් ගෙන ආ දෑ සැබෑවක් නම් අප විනාශ කර දමන ගල් වර්ෂාවක් අහසින් අප මත හෙළනු. එසේ නැතහොත් අප වෙත දැඩි දඬුවම් පමුණුවනු’ යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසා සිටි අවස්ථාව අහෝ දූතය! ඔබ මෙනෙහි කර බලනු. ඔවුන් එසේ පවසා සිටියේ ප්රතික්ෂේපයේ හා පිටුපෑමෙහි සීමාව ඉක්මවා යමිනි.

Al-Anfaal 8:32Listen in Qur'an →
33

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

නමුත් ඔබ ඔවුන් අතරේ සිටින තුරු අල්ලාහ් ඔවුන්ව දඬුවම් නොකරනු ඇත. තවද ඔවුන් සමාව ඉල්ලා සිටිමින් සිටින තුරුද අල්ලාහ් ඔවුන්ට දඬුවම් නොකරනු ඇත.

අහෝ මුහම්මද්! ඔබේ සමූහයා (ඔවුන් ප්රතිචාර දක්වන සමූහයක් වුව ද ඇරයුම් කරන සමූහයක් වුවද එක සමානය) අතර ඔබ ජීවත් ව සිට ඔබ ව ඔවුන් දඬුවමින් ආරක්ෂාවක් ලෙස සලකන තත්ත්වයේ ඔවුනට ඇති වන දඬුවමකින් දඬුවම් කිරීමට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ පාපකම් වලට ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයදිමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය.

Al-Anfaal 8:33Listen in Qur'an →
34

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

(මෙම කාරණාවන් දෙක නොතිබුණේ නම්), අල්ලාහ් ඔවුන්ව දඬුවම් නොකර සිටීමට කුමන (බාධාවක්ද?) මන්දයත් ඔවුන් නම්, එහි ආරක්ෂකයින් වශයෙන් නොසිටියදී (ජනතාව) ශුද්ධ වූ මස්ජිදයට ඇතුළු වීම වළකවන්නාහ. පරිශුද්ධවන්තයින් මිස, වෙන කිසිවෙකුත් එහි ආරක්ෂකයින් වශයෙන් සිටීමට නොහැකිය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.

මස්ජිදුල් හරාම් දේවස්ථානයේ ජනයා සලාතය ඉටු කිරීමෙන් හා එහි තවාෆ් කිරීමෙන් වැළැක්වීම හේතුවෙන් ඔවුන් දඬුවම අනිවාර්යය කරන තරමින් පාපයන් කරමින් සිටියදී ඔවුනට අත්වන දඬුවමින් වළක්වනුයේ කුමක් ද? දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ගේ සමීපතයින් නොවීය. අල්ලාහ්ගේ නියෝග ඉටු කරමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කළ දැහැමියන් මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ සමීපතයින් වන්නේ නැත. නමුත් දේව ආදේශකයින් තමන් අල්ලාහ්ගේ සමීපතයින් බවට වාද කළ අවස්ථාවේ ඔවුන් බහුතරයක් දෙනා ඔහුගේ සමීපතයින් නොවන බව ඔවුහු නොදනිති.

Al-Anfaal 8:34Listen in Qur'an →
35

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءًۭ وَتَصْدِيَةًۭ ۚ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

එම නැමදුම්පළෙහි ඔවුන් කරන නැමදුම් සියල්ල නම්, හුරුළුවම් බෑම, අත් පොළසන් නාද කිරීම මිස, වෙන කිසිවක් නැත! (එබැවින් පරලොවදී ඔවුන්ට) “ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් (අද දින) දඬුවම (පොඩියක්) විඳ බලනු” (යයි කියනු ලැබේ).

මස්ජිදුල් හරාම් අබියස දේව ආදේශකයින්ගේ නැමදුම අත්පුඩි ගැසීම හා විසිල් ගැසීම මිස වෙනෙකක් නොවීය. අහෝ ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කරමින් සිටි හේතුවෙන් බද්ර් දින ඝාතනයට හා සිරභාරයකට ලක්වෙමින් දඬුවම විඳිනු.

Al-Anfaal 8:35Listen in Qur'an →
36

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةًۭ ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කවුරුන් තමන්ගේ වස්තූන් අල්ලාහ්ගේ මාර්ගයෙහි (ජනතාවගේ) යාම වළක්වා දැමීමට වියදම් කරන්නෝද, ඔවුන් (නැවත) නැවතත් මේ අන්දමටම වියදම් කරන මෙන් සිදු වී අවසානයේදී එය ඔවුන්ටම දුකක් බවට පත් වී යනු ඇත! පසුව ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කරනු ලබයි. (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන් (පරලොවදී) නිරය දෙසටම පදවාගෙන යනු ලබන්නාහ.

සැබැවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් තම ධනය අල්ලාහ්ගේ දහමින් ජනයා වළක්වනු පිණිස වියදම් කරති. ඔවුන් එසේ විදයම් කර සිටිය ද ඔවුන් සිතූ දෑ ඔවුනට තහවුරු වන්නේ නැත. පසු ව ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කිරීම හේතුවෙන් ඔවුනට අත්වන දඬුවම ඔවුන් පසුතැවිලි වීමයි. එය ඔවුන් වියදම් කළ ධනය හා අරමුණ අහිමි වී යාමෙනි. පසු ව ඔවුනට එරෙහි ව දෙවියන් විශ්වාස කරන්නන් ජය ලබා ඔවුන් අබිබවා යනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය වෙත ඇදගෙන යනු ලබති. පසු ව ඔවුන් එහි පිවිස සදා රැඳී සිටිති.

Al-Anfaal 8:36Listen in Qur'an →
37

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍۢ فَيَرْكُمَهُۥ جَمِيعًۭا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

අල්ලාහ් හොඳ අයගෙන් නරක අයව වෙන්කර ගැනීම සඳහාද, නපුරු අය කෙනෙකු මත කෙනෙකු වශයෙන් අසුරනු ලැබ, එක් ගොඩකට දැමීමෙන් පසු නිරයට උස්සා වීසි කර දැමීම සඳහාද (මේ අන්දමට කරන්නේය). මෙවැන්නන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය.

අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම සඳහා තම ධනය වියදම් කළ දේව ප්රතික්ෂේපකයින් වනාහි, ඔවුන් නිරය වෙත ඇඳ ගෙන යනු ලබති. දේව විශ්වාසී දැහැමියන්ගෙන් දේව ප්රතික්ෂේපිත නපුරෙන් අල්ලාහ් වෙන් කරනු ඇත. නපුරු පුද්ගලයින් හා නපුරු ක්රියාවන් එකිනෙක මත පිහිටන සේ තබනු ඇත. පසු ව ඔහු ව නිරා ගින්නට පත් කරයි. පරාජය ලැබූවෝ ඔවුහුමය. එය සැබැවින්ම ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අලාභවන්තයින් බවට පත්වන බැවිණි.

Al-Anfaal 8:37Listen in Qur'an →
38

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ

(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ට ඔබ මෙසේ පවසනු. මින් පසුව හෝ ඔවුන් (නපුර නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගේ) පෙර තිබූ වැරදිවලට ඔවුන්ට සමාව දෙනු ලැබේ. (එසේ නොමැතිව නපුර කිරීමටම) ඉදිරිපත් වන්නෙහු නම්, පෙර ඉකුත් වූවන්ගේ (මෙවැන්නන්ගේ) මාර්ගයම ඇති වනු ඇත. (ඔවුන්ට සිදු වූ දැයම මොවුන්ටත් සිදු වනු ඇත).

අහෝ දූතයිනි! ඔබේ සමූහයා අතරින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීමෙන් වැළකී, අල්ලාහ් ව විශ්වාස කළවුන් ඔහුගේ මාර්ගයෙන් වැළැක්වීමෙන් ඈත් වී සිටියේ නම් ඔවුන් පෙර කළ පාපකම් සඳහා ඔවුනට අල්ලාහ් සමාව දෙන්නේය. ඉස්ලාමය වෙත පියනැගීම ඔහු පෙර කළ දෑ බිඳ දමනු ඇත. නමුත් නැවතත් ඔවුන්ගේ ප්රතික්ෂේපය වෙත ඔවුන් හැරී යන්නේ නම් සැබැවින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් බොරු කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත දිගටම රැඳී සිටි විට අල්ලාහ්ගේ පිළිවත වූයේ ඔවුනට දඬුවම ඉක්මන් කිරීම යන වග ඔවුන් දැන ගත යුතුය.

Al-Anfaal 8:38Listen in Qur'an →
39

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ ۚ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌۭ

(විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ) නපුරුකම් සම්පූර්ණයෙන්ම පහ වී අල්ලාහ්ගේ ධර්මය සම්පූර්ණයෙන්ම ස්ථාවර වන තුරු (මක්කාවාසීන් වන ප්‍රතික්ෂේප කරන) ඔවුන් සමග යුද්ධ කරනු. (නපුරුකම් කිරීමෙන්) ඔවුන් ඈත් වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ආදේශ කිරීමක් නොපවතින තෙක්, අල්ලාහ්ගේ දහමින් මුස්ලිම්වරුන් වළක්වනු නොලබන තෙක් හා දහම හා අවනතභාවයේ කිසිදු හවුල්කරුවෙක් සම්බන්ධ නොකර අල්ලාහ්ට පමණක් දහම හා අවනතභාවය පත් වන තෙක්, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතර සිටින නුඹලාගේ සතුරන් සමග නුඹලා සටන් කරනු. ඔවුන් සිදුකරමින් සිටි ආදේශයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීමෙන් ඔවුන් වැළකුණේ නම් නුඹලා ඔවුන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණයෙන් සිටියි. කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟ වී යන්නේ නැත.

Al-Anfaal 8:39Listen in Qur'an →
40

وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ

ඔවුන් වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ ආරක්ෂකයා යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු. (ඔහු) ආරක්ෂා කිරීමෙහිද ඉතාමත් ශ්‍රේෂ්ඨය. උදව් කිරීමෙහිද ඉතාමත් ශ්‍රේෂ්ඨය.

දේව ප්රතික්ෂේපයෙන් වළකින මෙන් ද, අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයාට බාධා නොකරන මෙන් ද, ඔවුනට අණ කරනු ලැබූ දැයින් ඔවුන් නොහැරුණේ නම්, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අල්ලාහ් ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරන බවද, තම කටයුතු භාර කරන්නන්හට ඔහුගේ භාරකාරත්වය යහපත් වන බවද, උදව් පතන්නන්හට ඔහුගේ උදව්ව යහපත් වන බවද, අල්ලාහ් කවරෙකු භාර ගත්තේද ඔහු ජය ලබන බව ද, ඔහු කාහට උදව් කළේ ද ඔහු සාර්ථක වන බව ද නුඹලා තරයේ විශ්වාසය තබා ගනු.

Al-Anfaal 8:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.