وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ
(විශ්වාසවන්තයිනි! සිත ඇතිවම) සවන් නොදී “අපි සවන් දුන්නෙමු” යයි (කටින් පමණක්) පවසන්නන් මෙන් ඔබත් පත් නොවනු.
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල් කුර්ආනය කියවා පෙන්වනු ලබන විට එය උපදෙසක් වන පරිදි හෝ ඒ ගැන පරිශීලනය කරන පරිදි සවන් නොදී, "අප වෙත කියවා පෙන්වන ලද දෑ අපගේ කන් වලින් අපි ඇසුවෙමු" යැයි පවසා තමන් සවන් දුන් දැයින් ප්රයෝජන නොලැබූ කුහකයින් හා දේව ආදේශකයින් මෙන් නුඹලා නොවනු.