Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 75

11

إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ

(විශ්වාසවන්තයිනි! ඔබගේ සිත) ශාන්තියට පත් වීම සඳහා දෑසට නින්ද ඔබව වෙළා ගන්නට සැලැස්වීම, (දෙවියන්) තම සන්නිධානයෙන් ඇති කිරීම ගැන සිතා බලනු මැනව! තවද (ඒ අතර) ඔබව පරිශුද්ධ කර ගැනීමටද, ඔබගෙන් ෂෙයිතාන්ගේ පැල්ලම පහ කිරීම සඳහාද, ඔබගේ හෘදයන් ශක්තිමත් කර, ඔබගේ පාදයන් ස්ථීර කර තැබීමටද (ඔහුම) අහසින් ඔබ කෙරෙහි වර්ෂාවද වැසීමට සැලැස්සුවේය.

දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා ව කිලිටෙන් පිරිසිදු කරනු පිණිසත්, ෂෙය්තාන්ගේ නපුරු සිතුවිලි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත්, නුඹලා සතුරන් හමුවන අවස්ථාවේ නුඹලාගේ සිත් ප්රබෝධමත් කොට නුඹලාගේ ශරීරයට නැවුම් බව ඇති කරනු පිණිසත්, වැලි පොළොව මත නුඹලාගේ පාද තබන විට එහි නොසැලී ස්ථාවර තැබීමට පාද ශක්තිමත් කරනු පිණිසත්, නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාට අත් වූ බියෙන් නුඹලා අභයදායී වනු පිණිසත් අල්ලාහ් නුඹලා වෙත මද නින්ද ඇති කොට නුඹලා වෙත අහසින් වාර්ෂාව පහළ කළ අවස්ථාව මෙනෙහි කරනු.

Al-Anfaal 8:11Listen in Qur'an →
12

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍۢ

(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “නියත වශයෙන්ම මා ඔබ සමග සිටින්නෙමි. එබැවින් ඔබ විශ්වාසවන්තයින්ව ස්ථීර කරනු” (යයි නියෝග කර) “ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අපි බිය ඇති කරන්නෙමු” (යයි පවසා, විශ්වාසවන්තයින්ට) “ඔබ ඔවුන්ගේ පිටි ඛෙල්ලට උඩින් කපා දමනු. ඔවුන්ව හන්ඳිවලින් කෑලි කෑලි වලට කපා දමනු” යයි දැනුම් දීම ගැන සිතා බලනු මැනව!

අහෝ නබිවරය! බද්ර් සටනෙහි දෙවියන් විශ්වාස කරන්නන් වෙත අල්ලාහ් සැපයූ මලක්වරුන් හට නුඹේ පරමාධිපති දිව්යමය පණිවිඩ එවූ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, අහෝ මලක්වරුනි! ජය හා ස්ථාවරත්වය පිරිනැමීමෙහි සැබැවින්ම මම නුඹලා සමග වෙමි. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සතුරන් සමග සටන් කිරීමේදී ඔවුන්ගේ දැඩි විශ්වාසය බලවත් කරනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් තුළ දැඩි බිය මම හෙළමි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මැරී වැටෙන්නට ඔවුන්ගේ බෙලි කපා දමනු. නුඹලා සමග ඔවුන් නැවත යුද නොවදින පරිදි ඔවුන්ගේ අස්ථි හා ඔවුන්ගේ ඉලපත් වලට පහර දෙනු.

Al-Anfaal 8:12Listen in Qur'an →
13

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

මෙයට හේතුව නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද වෙනස්කම් කිරීමය. කවුරුන් හෝ අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ව) දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කිරීම" ඔවුන්ගේ ශරීරයට පහර දීම යනාදී සිදුවීම් සිදු වූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ බැවිණි. ඔවුනට අණ කරනු ලැබූ පරිදි ඔවුන් පාලනය නොකළෝය. ඔවුන් වළක්වනු ලැබූ දැයින් වැළකී නොසිටියෝය. කවරෙකු එම විෂයයෙහි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු ඝාතනයට ලක් කරමින් හෝ සිරගත කරමින් මෙලොවෙහි දැඩි දඬුවමට ලක් කරන අතර මතු ලොවෙහි නිරා ගින්නෙන් දඬුවම් කරනු ඇත.

Al-Anfaal 8:13Listen in Qur'an →
14

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ

“(ප්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ අත් කර ගන්නට යන දඬුවම) මෙන්න! මෙය ඔබ පොඩියක් විඳ බලනු. තවද (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට (විනිශ්චය දිනදී) නියත වශයෙන්ම නිරා දඬුවම ඇත” (යයි කියනු ලැබේ).

අහෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට එරෙහි ව කටයුතු කරන්නනි! සඳහන් කරන ලද එම දඬුවම් නුඹලාට සතුය. එහෙයින් මෙලොව ජීවිතයේ කල් ඇති ව ලබා දෙන්නක් වශයෙන් නුඹලා එය විඳිනු. එමෙන්ම නුඹලා ප්රතික්ෂේපයේ හා මුරණ්ඩුකමේ සිටියදීම නුඹලා මිය ගියේ නම් නුඹලාට නිරා ගින්නේ දඬුවම මතු ලොවෙහි ඇත.

Al-Anfaal 8:14Listen in Qur'an →
15

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًۭا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ

විශ්වාසවන්තයිනි! යුද්ධ කිරීමට සේනාව එක්රැස් කරමින් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ මුණ ගැසුණහොත් ඔබ ඔවුන්ට පිටුපස හරවා නොදුවනු.

අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! යුද බිමේ දෙවියන් ආදේශ කරන්නන් ඉතා කිට්ටුවෙන් මුහුණට මුහුණ මුණ ගැසුණේ නම් නුඹලා ඔවුනට බියෙන් ඔවුන්ගෙන් හැරී පෙරළා නැවත නොඑනු. ඔවුන් ඉදිරියේ ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ හමු ව නුඹලා දරා ගනු. ජය හා ස්ථාවරත්ය සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලා සමග සිටියි.

Al-Anfaal 8:15Listen in Qur'an →
16

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍۢ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًۭا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍۢ فَقَدْ بَآءَ بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

(පසුපසට ගිය සතුරාව) කපා දැමීමට හෝ නැතහොත් (තම) සමුහය සමග එක්කාසු වීමට හෝ මිස, කවුරුන් හෝ ඒ අවස්ථාවේදී පිටුපස හැරී (දිව) ගියහොත් නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ කෝපයට ඇතුළු වනු ඇත. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි.

යුද උපක්රමයක් ලෙස තමන් පසුබසින බව ඔවුනට පෙන්වා නැවත ඔවුන් වෙත හැරී ඒමේ බලාපොරොත්තුවෙන් හෝ මුස්ලිම් සේනාවකට එකතු වී ඔවුනට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් තොරව කවරෙකු ඔවුන්ගෙන් පෙරළා පලා යන්නේද ඔවුන් එසේ හැරී එනුයේ අල්ලාහ්ගේ කෝපය සහිතවය. එය ඔවුනට හිමි වනු ඇත. මතු ලොවෙහි ඔහුගේ නවාතැන නිරයයි. ඔහු එසේ යන තැන ඉතා නපුරුය. එසේ ඔහු පෙරළා යන ස්ථානය ද නපුරුය.

Al-Anfaal 8:16Listen in Qur'an →
17

فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඒ අතර ඔබ ඔවුන්ව කපා දැමුවේ නැත. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව කපා දැමුවේය. (නබියේ! සතුරන් කෙරෙහි) ඔබ (කඩුව) වීසි කළ විට, (එය) ඔබ වීසි කළේ නැත. අල්ලාහ්ම (එය) වීසි කළේය. විශ්වාසවන්තයින්ව අලංකාරවත් අන්දමට පිරික්සීම සඳහාම (මෙසේ කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා බද්ර් දිනයේ දෙවියන්ට ආදේශ කරන්නන් සමග සටන් කළේ, නුඹලාගේ හැකියාවෙන් හෝ නුඹලාගේ ශක්තියෙන් නොවේ. ඒ සඳහා නුඹලාට උපකාර කළේ අල්ලාහ්ය. අහෝ නබි වරය! දෙවියන්ට ආදේශ කරන්නන්හට නුඹ විසි කළ ද එය ඔවුන් වෙත එල්ලවීමට සැලැස්සුවේ අල්ලාහ්ය. ඔබ පිරිසෙන් අඩු සංඛ්යාවක් සහිත ව සිටියදී සතුරන්ට නිරාවරණය කරවා ඔහු ඔවුනට ආශිර්වාද කිරීම තුළින් දෙවියන් විශ්වාස කරන්නන් පරීක්ෂාවට ලක් කළේ ඔවුහු, ඔහුට කෘතඥ වනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්රාර්ථනාවන් හා නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. අල්ලාහ් නුඹලාගේ ක්රියාවන් හා නුඹලාට එහි ඇති යහපත පිළිබඳ මැනවින් දන්නාය.

Al-Anfaal 8:17Listen in Qur'an →
18

ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَٰفِرِينَ

ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය අවමන් කර දැමීමටම නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ කළේය.

යුද පිටියේ දෙවියන්ට ආදේශ තබන සතුරු පිරිස මරා දැමීම, ඔවුන් පරාජයට පත් ව පලා යන තෙක් ඔවුනට පහර දීම, දෙවියන් විශ්වාස කරන්නන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් නිරාවරණය කොට ආශිර්වාද කිරීම යනාදී වශයෙන් සඳහන් කරන ලැබූ ඒ සියල්ල අල්ලාහ් වෙතින් හිමි වූ දෑ ය. ඉස්ලාමයට එරෙහි ව කුමන්ත්රණය කරන දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ අල්ලාහ් අඩපණ කරනු ඇත.

Al-Anfaal 8:18Listen in Qur'an →
19

إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًۭٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ

(මක්කාවේ වාසය කරන කාෆිර්වරුනි!) ඔබ සොයන ජයග්‍රහණය නම්, එම ජයග්‍රහණය ඔබ ඉදිරියට පැමිණ ඇත. (එහෙත් එය ඔබට නොව. විශ්වාසවන්තයින් වන අපටය! අපිම ඔබට එරෙහිව ජයග්‍රහණය අත් කර ගත්තෙමු. එබැවින් නපුර කිරීමෙන්) මින් පසුව හෝ ඔබ ඈත් වුවහොත් එය ඔබටම හොඳය. මින් පසුවත් ඔබ (නපුර කිරීමට) ඉදිරිපත් වුවහොත්, අපිත් ඉදිරිපත් වන්නෙමු. ඔබගේ සමූහය කොපමණ විශාල වුවද, (එය) ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින් සමග සිටින්නේය.

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සීමාව ඉක්මවා යන අපරාධකරුවන් හට අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ ව්යසනය අත් විය යුතු යැයි නුඹලා ඉල්ලා සිටින්නෙහු නම් නුඹලා පතන දෑ අල්ලාහ් නුඹලාට පහළ කරනු ඇත. එය නුඹලාට දඬුවමක් වන සේ හා දේව භක්තිකයින් හට පාඩමක් වන සේ පිහිටයි. එසේ පැතීමෙන් නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතක් වන්නේය. ඇතැම් විට නුඹලාට ප්රමාණවත් කාලයක් ලබා දී නුඹලාගෙන් පළි ගැනීම ඔහු ඉක්මන් නොකරනු ඇත. නමුත් නුඹලා එය ඉල්ලා සිටිමින් දේව විශ්වාස කරන්නන් සමග යුද වදින්නට සූදානම් වන්නෙහු නම්, නුඹලාට එරෙහි ව දඬුවම පහළ කොට දෙවියන් විශ්වාස කරන්නන්හට උපකාර කරන්නට අපි සූදානම් ව සිටින්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන්ගේ සංඛ්යාව අඩු වී, නුඹලාගේ සේනාවේ හෝ නුඹලාගේ සහයට පැමිණි උදව් කරුවන් සංඛ්යාවෙන් අධික වුව ද ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් නොවන්නේය. සැබැවින්ම අල්ලාහ් උදව් කිරීමෙහි හා ස්ථාවර කිරීමෙහි ඔහු ව විශ්වාස කළ අය සමග සිටියි. අල්ලාහ් කවරෙකු සමග සිටින්නේද ඔහු අබිබවා යන්නට කිසිවකු නැත.

Al-Anfaal 8:19Listen in Qur'an →
20

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වනු. ඔබ (ඔහුගේ දේශනාවන්ට) සවන් දී (පසුව) ඔහුගෙන් ඈත් නොවනු.

අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් අවනත වනු. නුඹලා වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට නුඹලා සවන් දෙමින් සිටිය දී ඔහු නියෝග කළ දෑ පිටු දකිමින් හා ඔහු තහනම් කළ දෑ ගෙන එමින් ඔහුට පිටු නොපානු.

Al-Anfaal 8:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.