۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ
අල්ලාහ්ගේ (දයාවෙන් තමන් අත් කර ගත්) භාග්යය ගැනද, ශ්රේෂ්ඨත්වය ගැනද, නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ (හොඳ) ඵලවිපාක (පොඩියක් හෝ) අපතේ හරින්නේ නැත යන්න ගැනද, සතුටට පත් වෙමින් සිටින්නාහ.
මේ සමගම ඔවුන් අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වූ මහඟු කුසල් පිළිබඳවත් එම කුසල් වලට අමතර ව දෙනු ලබන දැවැන්ත කුසල් පිළිබඳවත් සතුටු වෙති. තමන් විශ්වාස කළ ගැත්තන්ගේ කුසල් කිසිවක් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම දානය කරනු ඇත. ඊටත් වඩා වැඩිපුර කුසල් ප්රමාණයක් ද පිරිනමනු ඇත.