Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 286

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓمٓ

අලිෆ්. ලාම්. මීම්.

الٓمٓ අලිෆ්, ලාම්, මීම් මෙවන් අක්ෂර මාලාවන් සහිතව අල් කුර්ආනයේ ඇතැම් සූරාවන් ආරම්භ වේ. මේවා අරාබි හෝඩියේ අක්ෂරයි. ඒ එක් එක් අක්ෂරයට වෙන වෙනම අර්ථයක් දැක ගත නොහැක. නමුත් අල් කුර්ආනයේ ඒ ගැන සඳහන් නොවන කිසියම් යථාර්ථයක් හෝ බිහිරිබවක් මෙහි තිබිය හැක. ඒ අතුරින් අරාබි වරුන් දන්නා ඔවුන් කතා කරන අක්ෂරවලින්ම සැදුම් ලත් අරාබියෙන් කතා කරන කුර්ආනයක් බව එහි එක් යථාර්ථයක් ලෙස පෙන්වා දිය හැක. පොදුවේ මෙවන් අක්ෂර මාළාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අල් කුර්ආනය පිළිබඳ සඳහන් වනුයේ එබැවිනි. එය මෙහිදී ද දැක ගත හැක.

2

ذَٰلِكَ ٱلْكِتَٰبُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًۭى لِّلْمُتَّقِينَ

(අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ජිබ්රීල් අෙලෙහිස්සලාම් තුමාගේ මාර්ගයෙන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් හට පහළ කරන ලද පරිශුද්ධ වූ කුර්ආනය වන) මෙය ධර්ම පුස්තකයයි; මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය.

එය මහඟු අල් කුර්ආනයයි. එහි කිසිදු සැකයක් නැත. එය පහළ වූ ක්රමයෙහි ද කිසිදු සැකයක් නැත. එහි වචන හා අර්ථවලද කිසිදු සැකයක් නැත. එය අල්ලාහ්ගේ ප්රකාශයි. දෙවියන් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන් හට ඔහු වෙත පියනගන මග එය පෙන්වා දෙයි.

3

ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْغَيْبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ

(භය භක්තියෙන් පිරි) ඔවුන්, ගුප්ත දැය (ඇත්තේය යයි) විශ්වාස කරන්නාහ. සලාතයද (නැමදුමද) නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් (මුදල්, වස්තුව ආදී) දැයෙන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ.

ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.

4

وَٱلَّذِينَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ وَبِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ

තවද (නබියේ!) ඔවුන් ඔබට පහළ කරන ලද (මෙම ධර්මය)ද, ඔබට පෙර (විසූ නබිවරුන්ට) පහළ කරන ලද දැයද විශ්වාස කරන්නාහ. (විනිශ්චය දිනය වන) පරලොවද (සත්‍යය යයි) ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ.

ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.

5

أُو۟لَٰٓئِكَ عَلَىٰ هُدًۭى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

මෙවැන්නන්ම තම දෙවියන්ගේ ඍජු මාර්ගයෙහි සිටින්නාහ. මොවුන්ම නියත වශයෙන්ම ජයග්‍රාහකයන්ය.

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු මාර්ගයේ සිටින්නෝ වෙති. ඔවුන් අපේක්ෂිත ඉලක්කය වෙත නැඹුරු වෙමින් ඔවුන් බියෙන් පසු වූ දැයින් ජය ලබා මෙලොව හා මතු ලොව ජයග්රාහකයින් ලෙස සිටිති. තම බාහිරය හා අභ්යන්තරය නිවැරැදි කර ගෙන, දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන දේව විශ්වාසවන්තයින්ගේ ගුණාංග අල්ලාහ් පැහැදිලි කරන අවස්ථාවේම තම බාහිරය හා අභ්යන්තරය නරක් කරගත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග පිළිබඳව ද මෙනෙහි කරයි.

6

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

(නබියේ!) ඇත්තෙන්ම කවුරුන් (මෙම ධර්මය සිතට විරුද්ධව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු ඇඟවීමද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු අඟවා නොසිටීමද, ඔවුන්ට එක සමානය. ඔවුන් විශ්වාස කරන්නේම නැත.

දේව විශ්වාසයෙන් පසු ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ මුරණ්ඩුකමෙහි දේව ප්රතික්ෂේපකයින් දිගටම රැඳී සිටිි බැවින් ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ දඩුවමේ ප්රකාශය නියම විය. එහෙයින් ඔබ ඔවුනට අවවාද කළ ද එසේ නොකළද එය ඔවුනට එක සමානය.

7

خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰٓ أَبْصَٰرِهِمْ غِشَٰوَةٌۭ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ

(ඔවුන් සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ගේ හෘදයන් මතද, සවන ඉන්ද්‍රියන් මතද, අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. ඔවුන්ගේ පෙනීම මතද තිරයක් දමනු ලැබීය. තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.

ඊට හේතුව අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තබා එහි පවතින අසත්යය සමගම එය වසා දැමුවේය. ඔවුන්ගේ ශ්රවණ මත ද මුද්රා තැබුවේය. එහෙයින් එය පිළිගෙන පිළිපදින තරමට සත්යයට සවන් දිය නොහැක. එමෙන්ම ඔවුන්ගේ දෘෂ්ටි මත ද ආවරණයක් දැමුවේය. එහෙයින් සත්යය පැහැදිලි ව දැක ගත නොහැක. ඔවුනට මතුලොවෙහි ද දැඩි දඬුවම් ඇත.

8

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ

(නබියේ!) ‘අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු’ යයි පවසන්නන්ද මිනිසුන්ගෙන් සමහරෙක් ඇත. නමුත් (ඇත්තෙන්ම) ඔවුන් විශ්වාසය තැබූවන් නොව.

සැබැවින්ම තමන් දේව විශ්වාසවන්තයින් යැයි පවසන පිරිසක් ජනයා අතුරින් වෙති. ඔවුන් එසේ තම මුඛවලින් පවසා සිටිනුයේ තම ජීවිත හා ධනය ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඔවුන්ගේ අභ්යන්තරය තුළ ඇත්තේ දේව ප්රතික්ෂේපයයි.

9

يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

ඔවුන් (මෙසේ පවසා), අල්ලාහ්වද විශ්වාසය තැබූවන්වද රවටන්නට (අදහස්) කරන්නාහ. නමුත් (මෙමගින්) ඔවුන් තමන්වම රවටා ගන්නාහ. (මෙය) ඔවුන් වටහා නොගන්නාහ.

ඔවුන් විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය සිත තුළ සඟවා අල්ලාහ් හා සැබෑ දේව විශ්වාසවන්තයින් රවටන්නට බලති. නමුත් යාථාර්ථය නම් ඔවුහු ඔවුන්වම රවටා ගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන හැඟීමෙන් යුතුව නොබලති. අල්ලාහ් රහසිගත දෑ හා සැඟව ඇති සියල්ල පිළිබඳ මැනවින් දනියි. ඔවුන්ගේ ගුණාංග හා ඔවුන්ගේ තත්ත්වයන් දේව විශ්වාසවන්තයින්හට හෙළි කළේය.

10

فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَهُمُ ٱللَّهُ مَرَضًۭا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْذِبُونَ

(මන්දයත්) ඔවුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) අසනීපයක් ඇත. ඔවුන්ට (එම) අසනීපය අල්ලාහ් වැඩි කර හැරියේය. (මෙසේ) ඔවුන් බොරු කීමෙන් ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත.

ඊට හේතුව ඔවුන්ගේ සිත් තුළ තිබූ සැකයයි. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ සැකය සමඟ තව තවත් සැකය වර්ධනය කළේය. එය, එම ක්රියාවට සරිලන ප්රතිවිපාකයක් වශයෙනි. ඔවුන් අල්ලාහ් හා ජනයා රවටමින් සිටි බැවින්ද දේව දූත මුහම්මද් තුමාණන්ට දෙනු ලැබූ පණිවිඩය බොරු කරමින් සිටි බැවින් ද නිරා ගින්නේ අඩියේ වේදනීය දඬුවම ඔවුනට හිමි වනු ඇත.

Al-Baqara 2:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.