وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ
නබිවරුන් (මගින් ඔබගේ මුතුන් මිත්තන්) වෙත අල්ලාහ් පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී (ඔවුන්ට) “ධර්මයද, ඥානයද මා ඔබට ලබා දී ඇත්තෙමි. (මින්) පසුවද ඔබ අත ඇති දැය සත්යය කරන එක් නබිවරයෙකු පැමිණෙන්නේ නම් ඔහුව ඔබ ඇත්තෙන්ම විශ්වාස කර, නියත වශයෙන්ම ඔහුට උදව් කළ යුතුය” (යයි පැවසීමෙන් අනතුරුව “මෙය) ඔබත් ස්ථීර කරන්නෙහුද? මගේ මෙම නියෝගය පිළි ගත්තෙහුද?”යි විමසුමට, ඔවුන් “අපි (එය) බාර ගත්තෙමු” යයිම පැවසූහ. එයට (දෙවියන් “මෙයට) ඔබ සාක්ෂි දරනු. මමත් ඔබ සමග සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බවට සිටින්නෙමි” යයි පැවසුවේය.
අල්ලාහ් නබිවරුන්ගෙන් ස්ථීර ප්රතිඥාවක් ගත් අවස්ථාව අහෝ! දූතය, සිහිපත් කර බලනු. එනම් ‘මේ සමග මම නුඹලාට පුස්තකයක් පිරිනමමි. නුඹලාට ප්රඥාවද උගන්වමින් නුඹලා උසස් තරාතිරම හා නිලයක් ලබනු ඇත. පසු ව මා වෙතින් දූතයකු නුඹලා වෙත පැමිණෙනු ඇත. (ඔහු මුහම්මද්ය) නුඹලා සමග වන පුස්තකය හා ප්රඥාව ඔහු තහවුරු කරයි. ඔහු ගෙන එන දෑ නුඹලා විශ්වාස කරනු. ඔහුව පිළිපදිමින් ඔහුට උදව් කරනු. "අහෝ! නබිවරුනි, නුඹලා මෙම ප්රතිඥාව පිළිගන්නෙහුද? නුඹලා මාගේ ඒ දැඩි ප්රතිඥාව ගෙන ඇත්තෙහුය." එවිට ඔවුහු: ‘එය අපි පිළිගන්නෙමු’ යැයි පැවසූහ. අල්ලාහ්: ‘නුඹලා මත හා නුඹලාගේ සමූහයන් මත නුඹලා සාක්ෂි දරනු. නුඹලාටත් ඔවුන්ටත් සාක්ෂිකරුවන් අතර නුඹලා සමග මම ද සිටිමි.’ යැයි පැවසීය.