Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 200

81

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ

නබිවරුන් (මගින් ඔබගේ මුතුන් මිත්තන්) වෙත අල්ලාහ් පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී (ඔවුන්ට) “ධර්මයද, ඥානයද මා ඔබට ලබා දී ඇත්තෙමි. (මින්) පසුවද ඔබ අත ඇති දැය සත්‍යය කරන එක් නබිවරයෙකු පැමිණෙන්නේ නම් ඔහුව ඔබ ඇත්තෙන්ම විශ්වාස කර, නියත වශයෙන්ම ඔහුට උදව් කළ යුතුය” (යයි පැවසීමෙන් අනතුරුව “මෙය) ඔබත් ස්ථීර කරන්නෙහුද? මගේ මෙම නියෝගය පිළි ගත්තෙහුද?”යි විමසුමට, ඔවුන් “අපි (එය) බාර ගත්තෙමු” යයිම පැවසූහ. එයට (දෙවියන් “මෙයට) ඔබ සාක්ෂි දරනු. මමත් ඔබ සමග සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බවට සිටින්නෙමි” යයි පැවසුවේය.

අල්ලාහ් නබිවරුන්ගෙන් ස්ථීර ප්රතිඥාවක් ගත් අවස්ථාව අහෝ! දූතය, සිහිපත් කර බලනු. එනම් ‘මේ සමග මම නුඹලාට පුස්තකයක් පිරිනමමි. නුඹලාට ප්රඥාවද උගන්වමින් නුඹලා උසස් තරාතිරම හා නිලයක් ලබනු ඇත. පසු ව මා වෙතින් දූතයකු නුඹලා වෙත පැමිණෙනු ඇත. (ඔහු මුහම්මද්ය) නුඹලා සමග වන පුස්තකය හා ප්රඥාව ඔහු තහවුරු කරයි. ඔහු ගෙන එන දෑ නුඹලා විශ්වාස කරනු. ඔහුව පිළිපදිමින් ඔහුට උදව් කරනු. "අහෝ! නබිවරුනි, නුඹලා මෙම ප්රතිඥාව පිළිගන්නෙහුද? නුඹලා මාගේ ඒ දැඩි ප්රතිඥාව ගෙන ඇත්තෙහුය." එවිට ඔවුහු: ‘එය අපි පිළිගන්නෙමු’ යැයි පැවසූහ. අල්ලාහ්: ‘නුඹලා මත හා නුඹලාගේ සමූහයන් මත නුඹලා සාක්ෂි දරනු. නුඹලාටත් ඔවුන්ටත් සාක්ෂිකරුවන් අතර නුඹලා සමග මම ද සිටිමි.’ යැයි පැවසීය.

Aal-i-Imraan 3:81Listen in Qur'an →
82

فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ

මින් පසුවද කවුරුන් හෝ ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම ඔවුන් පාපතරයන්ම වන්නාහ.

සාක්ෂිය මගින් තහවුරු කරන ලද ප්රතිඥාව අල්ලාහ් හා ඔහුගේ දූතයා විසින් ගත් පසු ව කවරෙකු එයට පිටුපාන්නේද ඔවුහුය අල්ලාහ්ගේ දහමින් හා ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් වන්නේ.

Aal-i-Imraan 3:82Listen in Qur'an →
83

أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَإِلَيْهِ يُرْجَعُونَ

අල්ලාහ්ගේ ධර්මය හැර (වෙනත් ධර්මයක්ද) මොවුන් කැමති වන්නේ? අහස්හිද භූමියෙහිද ඇති සියල්ලම (ඒවා) කැමති වුවද අකමැති වුවද ඔහුට යටහත් පහත් වෙමින්ම කටයුතු කරන්නාහ. තවද (ඒවා සියල්ලම) ඔහු වෙතම ගෙන එනු ලබන්නේය.

අල්ලාහ්ගේ දහම (ඉස්ලාමය) හැර ඔහුගේ ගැත්තන්හට ඔහු තෝරා දුන් වෙනත් දහමක් තිබේද? ඔහුගේ දහමින් හා ඔහුගේ අවනතභාවයෙන් බැහැරවූවන් එය හැර වෙනත් දහමක් සොයන්නෝද? අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම් යටහත් වන්නේත් අවනත වන්නේත් සුවිශුද්ධ වූ ඔහුට පමණය. එය මුඃමින් නොහොත් දෙවියන් විශ්වාස කරන්නන් මෙන් කැමැත්තෙන් පිළිගන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මෙන් අකමැත්තෙන් හෝ පිළිගන්නන්ද වෙති. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා සියලු මැවීම් උත්තරීතර ඔහු වෙතම යොමු කරනු ඇත.

Aal-i-Imraan 3:83Listen in Qur'an →
84

قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: අල්ලාහ්වද, තමන් කෙරෙහි පහළ කරනු ලැබූ දැයද; ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන් කෙරෙහිද ඔවුන්ගේ දරුවන් කෙරෙහිද, පහළ කරනු ලැබූ දැයද; මූසා, ඊසා ආදී අනිත් නබිවරුන්ට ඔවුන්ගේ දෙවියන් විසින් පහළ කරනු ලැබූ දැයද, අපි විශ්වාස කරන්නෙමු. මොවුන්ගෙන් කිසිවෙකුත් (‘නබිවරයෙකු නොවේ’ යයි) අපි වෙන්කර නොහරිමු. ඔහුටම (අල්ලාහ් එක් කෙනෙකුටම) අපි සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු.

අහෝ! දූතය, නුඹ මෙසේ පවසනු: ‘අල්ලාහ් අපගේ එකම දෙවියන් බවට විශ්වාස කළෙමු. ඔහු අණ කළ දෑට අපි අවනත වූයෙමු. අප වෙත ඔහු පහළ කළ පණිවිඩ විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් සහ යඃකූබ් යන නබිවරුන් හට පහළ කළ දෑ ද යඃකූබ්ගේ පරපුරින් බිහි වූ නබිවරුන්හට පහළ කළ දෑ ද ඊසා හා මූසා මෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් පුස්තක හා සාක්ෂි සාධක ලැබූ සියලු නබිවරුන්හට පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන් අතර අපි වෙනසක් දැක, කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. අපි අල්ලාහ්ට පමණක් අවනත වන්නෙමු. උත්තරතර ඔහුට පමණක් යටහත් වන්නෙමු.

Aal-i-Imraan 3:84Listen in Qur'an →
85

وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَٰمِ دِينًۭا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ

“ඉස්ලාමය හැර (වෙන කිසියම්) ධර්මයක් කවුරුන් හෝ කැමති වුවහොත් නියත වශයෙන්ම ඔහුගෙන් (එය) බාර ගනු ලබන්නේ නැත. පරලොවදී ඔහු පරාජිතයින්ගෙන් කෙනෙකු වශයෙන් සිටිනු ඇත”.

කවරෙකු අල්ලාහ් තෝරා දුන් ඉස්ලාම් දහම හැර වෙනත් දහමක් සොයන්නේ ද එය ඔහුගෙන් අල්ලාහ් පිළිගන්නේ නැත. එවැන්නන් මතු ලොවෙහි නිරා ගින්නට පිවිසීමෙන් අසරණ වූ අලාභවන්තයින් අතරට පත් වනු ඇත.

Aal-i-Imraan 3:85Listen in Qur'an →
86

كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًۭا كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّۭ وَجَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

අල්ලාහ් කෙසේ එක් සමුහයක් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද? ඔවුන් නම් තමන් වෙත පැමිණි බොහොමයක් සාධකයන් මගින් නියත වශයෙන්ම (අල්ලාහ්ගේ) රසූල්වරයාණන් සත්‍යවන්තයෙකු යයි සාක්ෂි දරා, විශ්වාසය තැබූවායින් පසුවද (ඔබව) ප්‍රතික්ෂේප කරන්නාහ. අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

අල්ලාහ් ව විශ්වාස කළ පසු ව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ සත්යය බවටත් එහි සත්යතාව තහවුරු කරමින් පැහැදිලි සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණ ඇති බවටත් සාක්ෂි දැරීමෙන් පසු එය ප්රතික්ෂේප කළ පිරිසකට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා ඔහු ආශිර්වාද කරනුයේ කෙසේද? යහමග වෙනුවට නොමග තෝරා ගත් අපරාධකාරී ජනයාට තමන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය.

Aal-i-Imraan 3:86Listen in Qur'an →
87

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

මෙවැන්නන්ට (ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක නම්, මොවුන් කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලන්ගේම ශාපයයි!

ව්යාජත්වය තෝරා ගත් මෙම අපරාධකරුවන්ගේ ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම අල්ලාහ්ගේ හා මලක්වරුන් ඇතුළු ව සියලුම මිනිසුන්ගේ ශාපය ඔවුන් වෙත හිමි වනු ඇත. ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබුවෝය. බැහැර කරනු ලැබුවෝය.

Aal-i-Imraan 3:87Listen in Qur'an →
88

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

මෙයින්ම (මෙම ශාපයෙන්ම) ඔවුන් සැමදා රැඳී සිටින්නාහ. දඬුවම ඔවුන්ට ලෙහෙසි කරනු ලබන්නේද නැත. ඔවුන්ට විවේකයක් දෙනු ලබන්නේද නැත.

නිරා ගින්නේ ඔවුන් සදාතනිකයින් වෙති. ඉන් බැහැර නොවෙති. එහි දඬුවම ඔවුනට ලිහිල් නොකරනු ඇත. පසුතැවිලි වී පාප සමාව අයැද සිටින තෙක් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කරන තෙක් ඔවුන් ප්රමාද කරනු නොලැබේ.

Aal-i-Imraan 3:88Listen in Qur'an →
89

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ

එහෙත් මින් පසුවද, කවුරුන් හෝ පශ්චාතාප වී (පාපයන්ගෙන් ඈත් වී) හැඩ ගැසුණහොත් (අල්ලාහ් ඔවුන්ට සමාව දෙනු ඇත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.

නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් සිදු කළ අපරාධ වලින් පසු ව අල්ලාහ් වෙත යොමු වී තම ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර සැබැවින්ම අල්ලාහ්ගේ ගැත්තන් අතරින් පාප සමාව අයැද ඔහු වෙත යොමුවන්නන්හට ඔහු මහා කාරුණිකය.

Aal-i-Imraan 3:89Listen in Qur'an →
90

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ

එහෙත් කවුරුන් විශ්වාසය තැබීමෙන් පසු ප්‍රතික්ෂේප කර, එම ප්‍රතික්ෂේපයේම අධික වන්නෝද, ඔවුන්ගේ සමාව ඉල්ලීම නියත වශයෙන්ම බාර ගනු නොලැබේ. ඔවුන්ම (සම්පූර්ණයෙන්) මාර්ගය වැරද ගියවුන් වන්නාහ.

නමුත් ඔවුන් අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව නැවතත් ප්රතික්ෂේප කොට මරණය තෙක්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියවුන්ගෙන් ඔවුන් මරණයට පත්වන අවස්ථාවේ පාප සමාවේ නියමිත කාලය ඉකුත් වී ඇති බැවින් ඔවුන්ගේ පාප සමාව පිළි ගන්නේ නැත. අල්ලාහ් වෙත යා යුතු ඍජුමගින් නොමග ගියවුන් වන්නේ ඔවුන්මය.

Aal-i-Imraan 3:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.