Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 200

71

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

ධර්මය හිමි අයවළුනි! ඇත්ත බොරුවත් සමග කුමක් නිසා පටළවන්නෙහුද? ඔබ (හොඳින්) දැන සිටියදී කුමක් නිසා සත්‍යය වසං කරන්නෙහුද?

අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලාගේ පුස්තක වල පහළ කරනු ලැබූ සත්යය සමග නුඹලා සතු ව ඇති ව්යාජ කරුණු මුසු කරනුයේ මන්ද? එහි ඇති සත්යය හා මග පෙන්වීම් නුඹලා වසන් කරන්නෙහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වයේ සහතිකය ද ඉන් එකකි. නුඹලා ව්යාජත්වය හා සත්යය කුමක් ද යන්නත් මුළාව හා යහමග කුමක් ද යන්නත් මැනවින් දන්නෙහුය.

Aal-i-Imraan 3:71Listen in Qur'an →
72

وَقَالَت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ

ධර්මය හිමි අයගෙන් එක් සමූහයක් (තම වාර්ගිකයින්ට) මෙසේ පවසන්නාහ: “ඔබ විශ්වාසය තැබූවන්ට පහළ කරන ලද (මෙම ධර්මය) උදේ කාලයේ විශ්වාස කර, සවස් කාලයේ (එය) ප්‍රතික්ෂේප කර හරිනු. (මෙමගින් විශ්වාසය තැබූ) ඔවුන්ද, (අවුල් වී තම විශ්වාසයෙන්) හැරී යනු ඇත”.

යුදෙව් විද්වතුන් පිරිසක් තම අනුගාමිකයින් දෙස බලා "දහවල් කාලය වන විට දෙවියන් විශ්වාස කරන මුුුුඃමින්වරුන්හට පහළ කරන ලද අල් කුර්ආනය මතුපිටින් විශ්වාස කරනු. සවස් කාලය වන විට එය ප්රතික්ෂේප කරනු. නුඹලා එය විශ්වාස කොට පසු ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ දහම තුළ ඔවුනට සැක මතු වී 'අපට වඩා අල්ලාහ්ගේ පුස්තකය පිළිබඳ ඔවුන් මැනවින් දැන දැනත් එයින් හැරී ගොස් ඇත යැයි පවසමින් ඔවුන් ද එයින් හැරෙන්නට ඉඩ ඇත" යැයි පවසා සිටියහ.

Aal-i-Imraan 3:72Listen in Qur'an →
73

وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌۭ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ

“ඔබගේ ධර්මය අනුගමනය කළ අය හැර, (වෙන කිසිවෙකුත්) ඔබ විශ්වාස නොකරනු” (යයිද පවසන්නාහ. මෙයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයම ඍජු මාර්ගයයි”. (තවද ඔවුන් තම වාර්ගිකයින්ට) “ඔබට දෙනු ලැබූවක් මෙන් දැයක් (ධර්මයක්) වෙනත් කිසිවෙකුටත් දෙනු ලබනු ඇතැයි යනුවෙන් හෝ නැතහොත් ඔවුන් ඔබගේ දෙවියන් ඉදිරියේ තර්ක කරනු ඇත (යනුවෙන් හෝ නැතහොත් ඔබව ජයග්‍රහණය කරන්නාහ) යනුවෙන් හෝ (විශ්වාස නොකරනු!” යයිද පවසන්නාහ. එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: (ධර්මය නමැති) ඉමහත් භාග්‍යය නියත වශයෙන්ම අල්ලාහ්ගේ අතෙහිම ඇත්තේය. එය ඔහු කැමැත්තන්ටම දෙන්නේය. අල්ලාහ් ඉතාමත් විශාලවන්තයෙකු වශයෙන්ද, (මිනිසුන්ගේ හැකියාවන්) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

තවදුරටත් ඔවුහු: ‘නුඹලාගේ දහම පිළිපදින්නන් මිස වෙනත් කිසිවකු නුඹලා විශ්වාස කොට පිළි නොපදිනු’ යැයි පැවසුවෝය. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගය වනුයේ සත්යය වෙත වූ මාර්ගයයි. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා පිළිගත්තේ නම් නුඹලාගේ පරමාධිපති අභියස නුඹලාට එරෙහි ව කිසිවකු තර්ක කරනු ඇතැයි යන බියෙන් හා නුඹලාට පිරිනමනු ලැබුවාක් මෙන් ඔවුනට ද භාග්යය පිරිනමනු ලබනු ඇතැයි යන බියෙන් මිස නුඹලා ඒ ගැන බොරුකරමින් හා හිතුවක්කාරකමින් කටයුතු කළේ නැත. අහෝ! දූතය, නුඹ ඔවුනට තවදුරටත්: සැබැවින්ම භාග්යය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු තම ගැත්තන් අතරින් තමන් ප්රිය කරන්නන්හට එය පිරිනමනු ඇත. ඔහුගේ භාග්යය එක් සමූහයක් අතහැර දමා තවත් සමූහයකට පමණක් සීමා වූවක් නොවේ. අල්ලාහ් අතිමහත් භාග්යය ඇත්තාය. ඒ සඳහා සුදුස්සන් කවුරුන් ද යන්න ඔහු මැනවින් දන්නාය.

Aal-i-Imraan 3:73Listen in Qur'an →
74

يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

ඔහු තමන් කැමැත්තන්ව තම දයාවට නතු කර ගන්නේය. අල්ලාහ් ඉමහත් දානපතියෙකු වශයෙන්ද සිටින්නේය.

ඔහුගේ මැවීම් අතුරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යය නියම කරනු ඇත. යහමග දූත මෙහෙවර විවිධ ත්යාග වැනි දැයින් ඔහු ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සීමාවක් නැති අති මහත් භාග්යය හිමිය.

Aal-i-Imraan 3:74Listen in Qur'an →
75

۞ وَمِنْ أَهْلِ ٱلْكِتَٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍۢ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍۢ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًۭا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّۦنَ سَبِيلٌۭ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

(නබියේ!) ධර්මය හිමි අයගෙන් සමහරෙකු සිටින්නාහ; ඔවුන් වෙත ඔබ (රණ්) පොදියක් විශ්වාස කර දුන්නා වුවද, (කිසිම අඩුවක් නැතිව) එය ඔබ වෙත ආපසු දෙනු ලබන්නාහ. ඔවුන්ගෙන් තවත් සමහරෙකුද සිටින්නාහ; ඔවුන් වෙත ඔබ (සුළු ප්‍රමාණයක) මුදලක් විශ්වාස කර බාර දුන්නා වුවද, ඒ වෙනුවෙන් ඔබ (සණ්ඩු සරුවල් කර) ඔවුන් (හිස) මත සිටින තුරු එය ආපසු ලබා දෙන්නේ නැත. මෙයට හේතුව “නූගතුන්ගේ කාරණාවෙහි (අපි කුමන නපුරක් කළා වුවද, ඒ වෙනුවෙන්) අපව (වරදට හසු කර ගැනීමට ක්‍රමයක් නැත” යයි ඔවුන් (සමච්චලෙන් මෙන්) පැවසීමය. නමුත් ඔවුන් දැන දැනම (තමන්ව වරදට හසු කර ගන්නේ නැත යයි) අල්ලාහ් කෙරෙහි බොරු ගොතා කියන්නාහ.

ආගම් ලත් ජනයා අතුරින් කිසිවෙකුට නුඹ විශාල ධනස්කන්දයක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එම විශ්වාසය මත නුඹට එය ඉටු කරන්නට කැමැත්තෙන් සිටින උදවිය වෙති. එමෙන්ම සුළු මුදලක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එය නුඹ ඉල්ලීමෙන් හා තීන්දු කිරීමෙන් මිස විශ්වාසය මත නැවත ලබා නොදෙන උදවිය ද වෙති. එය ඔවුන්ගේ නරක ප්රකාශ හා නරක චේතානවන් හේතුවෙනි. ‘අරාබිවරුන් අතර ඔවුන්ගේ ධනය අනුභව කිරීම අප හට පාපයක් නොවන්නේය. අල්ලාහ් අප හට එය අනුමත කොට ඇත’යි පවසමින් එය අල්ලාහ් කෙරෙහි ගෙතූ බොරුවක් බව ඔවුන් දැන දැනම එසේ බොරු පවසා සිටිති.

Aal-i-Imraan 3:75Listen in Qur'an →
76

بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

(ඇත්ත) එසේ නොව. කවුරුන් තමන්ගේ පොරොන්දුව ඉටු කර, (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, (ඔවුන්ව වරදට හසු කර ගන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.

ඔවුන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුනට එය පාපයකි. කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට අල්ලාහ් සමග ඇතිකර ගත් ගිවිසුම ඉටු කොට මිනිසුන් සමග ඇතිකර ගත් ගිවිසුම් ද ඉටු කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ බැතිමත් ව කටයුතු කරන්නේද සැබැවින්ම අල්ලාහ් එවැනි බැතිමතුන් ප්රිය කරනු ඇත. ඒ සඳහා ඔවුනට අති ගෞරවනීය ප්රතිඵල පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:76Listen in Qur'an →
77

إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَٰنِهِمْ ثَمَنًۭا قَلِيلًا أُو۟لَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

කවුරුන් අල්ලාහ් වෙත කළ පොරොන්දුවද, තමන්ගේ දිව්රුම්ද සුළු මුදලකට විකුණා දමන්නෝද, ඔවුන්ට පරලොවදී නියත වශයෙන්ම කිසිම (හොඳ) භාග්‍යයක් නැත. තවද අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් සමග (ආශාවෙන්) කතා කරන්නේද නැත. ඔවුන්ව විනිශ්චය දිනදී (ආදරයෙන් හැරී) බලන්නේද නැත. ඔවුන්ව පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත.

අල්ලාහ් තම පුස්තකයේ පහළ කරනු ලැබූ දෑ හා ඔහු විසින් එවනු ලැබූ දූතවරුන් පිළිපැදීම සම්බන්ධයෙන් ද ඔවුන් කඩ කළා වූ ඔවුන්ගේ දිව්රීම් සම්බන්ධයෙන් ද ඔහු ඔවුන් සමග ඇතිකර ගත් ගිවිසුම මෙලොව සතුට සඳහා කවරෙකු සුළු මුදලක් වෙනුවෙන් වෙනස් කරන්නේ ද මතු ලොවෙහි ඔවුනට කිසිදු කොටසක් හිමි නොවන්නේය. ඔවුන් සතුටු වන දැයින් ඔවුන් සමග අල්ලාහ් කතා නොකරන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ කරුණා බැල්මෙන් ඔවුන් දෙස නොබලන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත.

Aal-i-Imraan 3:77Listen in Qur'an →
78

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًۭا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

නියත වශයෙන්ම ඔවුන්ගෙන් එක් සමූහයක් ඇත්තාහ; ඔවුන් ධර්මය (ශුද්ධ වූ කුර්ආනය) කියවන විට, (ඒ සමග බොහොමයක් වෙනත් වගන්තීන්ද කළවම් කර), ඒවාද ධර්මයෙහි ඇත්තේය යයි ඔබ අදහස් කර ගැනීම පිණිස තමන්ගේ දිව (කට) ඇද කරමින් කියවන්නාහ. එහෙත් ඒවා ධර්මයෙහි ඇති දැය නොව. තවද ඔවුන් “එය අල්ලාහ් වෙතින් පැමිණ ඇත” යයිද පවසන්නාහ. එය අල්ලාහ් වෙතින් පැමිණි දැයද නොව. ඔවුන් හොඳින් දැන දැනම අල්ලාහ් මත (මෙසේ) බොරු ගොතා කියන්නාහ.

යුදෙව්වන් අතර අල්ලාහ් වෙතින් පහළ වූ තව්රාතය නොහොත් තෝරාවේ නැති දෑ මෙනෙහි කරමින් තම දිවවල් හරවා පවසන පිරිසක් සිටිති. නියතවශයෙන්ම ඔවුන් කියවනුයේ තව්රාතය යැයි නුඹලා සිතනු ඇත. නමුත් එය තව්රාතය නොවන්නේය. ඒවා ඔවුන් අල්ලාහ් වෙත බොරු ගොත පවසන ඔවුන්ගේ ප්රකාශ පමණක් වෙයි. ඔවුහු: ‘අපි කියවා පෙන්වන දෑ අල්ලාහ් වෙතින් පහළ වූවක්’ යැයි පවසති. නමුත් එය අල්ලාහ් වෙතින් පහළ නොවූවකි. ඔවුන් අල්ලාහ් කෙරෙහි බොරු පවසති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි පවසන ඔවුන්ගේ බොරුව ගැන මැනවින් දනිති.

Aal-i-Imraan 3:78Listen in Qur'an →
79

مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًۭا لِّى مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُوا۟ رَبَّٰنِيِّۦنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ

මිනිසෙකුට ධර්මයද ඥානයද නබිත්වයද අල්ලාහ් ලබා දුන් පසු ඔහු මිනිසුන්ට “අල්ලාහ් හැර මාවම නමදිනු” යයි පැවසීමට (මගක්) නැත. එහෙත් (මිනිසුන්ට) “ඔබ ධර්මය (අන් අයට) උගන්වා දෙමින්ද, සමුදීරණය කරමින්ද, සිටීමේ හේතුවෙන් (එහි ඇති සේ) දෙවියන් (එක් කෙනෙකුවම නමදින) වහලූන් බවට පත් වනු” (යයිම පවසනු ඇත).

අල්ලාහ් වෙතින් පහළ කරන ලද ලේඛනයක් මිනිසෙකුට පිරිනමා දැනුම හා අවබෝධය ද ඔහුට පිරිනමා, ඔහුව නබිවරයකු ලෙස තෝරා පත් කළ පසුව: “අල්ලාහ් හැර නුඹලා මට ගැතිකම් කරනු” යැයි පැවසීම එම මිනිසාට සුදුසු නොවන්නේය. නමුත් ඔහු ඔවුනට: “මිනිසුනට පහළ කරන ලද පුස්තකය නුඹලා ඉගැන්වීම හේතුවෙන් සහ එයින් නුඹලා වටහාගත් දෑ හා ආරක්ෂා කළ දෑ උගන්වන්නන් ලෙස සිටිමින් නුඹලා නැමදුම් ඉටු කරන මිනිසුන් හැඩගස්වන ඔවුන්ගේ කටයුතු විධිමත් කරන විද්වතුන් ලෙස සිටිනු යැයි පැවසිය හැක.

Aal-i-Imraan 3:79Listen in Qur'an →
80

وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّۦنَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ

තවද “මලායිකාවරුන්වද, නබිවරුන්වද දෙවිවරුන් වශයෙන් ඇර ගනු” යයිද ඔහු ඔබට අණ කරන්නේ නැත. කිමෙක්ද! (දෙවියන් කෙනෙකුටම) ඔබ සම්පූර්ණයෙන්ම අවනත වූවායින් පසු, (එය) ප්‍රතික්ෂේප කරන මෙන් ඔහු ඔබට නියෝග කරනු ඇත්ද?

එලෙසම නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවවරුන් ලෙස ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් ඉටු කරනු යැයි පවසා සිටීම ද සුදුසු නොවන්නේය. නුඹලා අල්ලාහ්ට යටහත් වී ඔහුට අවනත වූවායින් පසු අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමට ඔහු නුඹලාට නියෝග කර සිටීම සුදුසු කටයුත්තක් වන්නේද?

Aal-i-Imraan 3:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.