Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 200

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓمٓ

අලිෆ්. ලාම්. මීම්.

(අලිෆ්, ලාම්, මීම්) හුරූෆුල් මුකත්තආ නම් මෙම අක්ෂර මාලාවන් පිළිබඳ විමසුමක් සූරා බකරාවෙහි ඉදිරිපත් කෙරිණි. සූරාව ආරම්භ කරනු ලබන හෝ තම ප්රකාශයට සම්බන්ධ කර පවසන මෙවැනි අක්ෂර මාලාවක් සම්පාදනය කොට අල් කුර්ආනයේ ඇති මෙවැනි සූරාවක් ගෙන එන්නට අරාබිවරුන් හට හැකියාවක් නැතැයි යන්න මෙහි නිරූපණය වෙයි.

Aal-i-Imraan 3:1Listen in Qur'an →
2

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ

අල්ලාහ් (කෙබඳු අයෙක්ද නම්) ඔහුව හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු සදා අමරණීයයි. (සදා) ස්ථීරවන්තයි.

සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහු පූර්ණ ජීවයක් ඇති සදා ජීවමානය. එහි කිසිදු මරණයක් හෝ කිසිදු අඩුවක් හෝ නැත. තමන් විසින්ම ක්රියා කරන සදා පැවැත්මක් ඇත්තාය. ඔහුට කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. ඒ සියලු මැවීම් පිහිටනුයේ ඔහු තුළින් පමණි. සියලුම අවස්ථාවන්හි ඒ කිසිවකට ඔහුගේ අවශ්යතාවන්ගෙන් තොර ව සිටිය නොහැක.

Aal-i-Imraan 3:2Listen in Qur'an →
3

نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

(නබියේ! සම්පූර්ණයෙන්ම) සත්‍යයෙන් පිරි මෙම ධර්මය ඔබ කෙරෙහි ඔහුම පහළ කර තැබුවේය. (මෙය) මෙයට පෙර තිබූ (ධර්මයන්) සියල්ලම ස්ථීර කරන්නේය. තව්රාතයද, ඉන්ජීලයද ඔහුම පහළ කළේය.

අහෝ! නබිවරය, පෙර පහළ වූ සෙසු දේව ග්රන්ථ වලට අනුකූල ව සාධාරණ නීතිරීති සහ සැබෑ තොරතුරු සමග නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. එහෙයින් ඒ ගැන නුඹලා එකිනෙකා විරුද්ධ නොවනු. නුඹ වෙත අල්කුර්ආනය පහළ කිරීමට පෙර මූසා (අලය්හිස් සලාම්) තුමාට තව්රාතයත් -තෝරාව- ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඉන්ජීලයත් -බයිබලය- පහළ කළෙමු. මේ දේව පුස්තක සියල්ල මිනිසුනට ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ මෙලොව කටයුතු විධිමත් කර ගන්නට පෙන්වා දෙන මග පෙන්වීම් හා මාර්ගෝපදේශයන්ය. ඉන්පසු සත්යය අසත්යයෙන් හා යහමග නොමගින් වෙන්කර හඳුන්වා දෙන නිර්ණායකය නොහොත් අල් කුර්ආනය පහළ කරනු ලැබීය. නුඹ වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුනට දැඩි වේදනා සහගත දඬුවම ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යන්නේ නැත. ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට විරුද්ධ වන්නන්හට ඔහු ප්රතිචාර දක්වන්නාය.

Aal-i-Imraan 3:3Listen in Qur'an →
4

مِن قَبْلُ هُدًۭى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ

මීට පෙරද මිනිසුන්ට ඍජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුනු, (පව්, පින්) වෙන්කර දැනුම් දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. එබැවින් කවුරුන් අල්ලාහ්ගේ (එම) ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයෙකු හා (නපුරු අයගෙන්) පළි ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ! නබිවරය, පෙර පහළ වූ සෙසු දේව ග්රන්ථ වලට අනුකූල ව සාධාරණ නීතිරීති සහ සැබෑ තොරතුරු සමග නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. එහෙයින් ඒ ගැන නුඹලා එකිනෙකා විරුද්ධ නොවනු. නුඹ වෙත අල්කුර්ආනය පහළ කිරීමට පෙර මූසා (අලය්හිස් සලාම්) තුමාට තව්රාතයත් -තෝරාව- ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඉන්ජීලයත් -බයිබලය- පහළ කළෙමු. මේ දේව පුස්තක සියල්ල මිනිසුනට ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ මෙලොව කටයුතු විධිමත් කර ගන්නට පෙන්වා දෙන මග පෙන්වීම් හා මාර්ගෝපදේශයන්ය. ඉන්පසු සත්යය අසත්යයෙන් හා යහමග නොමගින් වෙන්කර හඳුන්වා දෙන නිර්ණායකය නොහොත් අල් කුර්ආනය පහළ කරනු ලැබීය. නුඹ වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුනට දැඩි වේදනා සහගත දඬුවම ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යන්නේ නැත. ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට විරුද්ධ වන්නන්හට ඔහු ප්රතිචාර දක්වන්නාය.

Aal-i-Imraan 3:4Listen in Qur'an →
5

إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌۭ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ

නියත වශයෙන්ම අහස්හි හෝ භූමියෙහි හෝ (ඇති) කිසිවක් අල්ලාහ්ට ගුප්ත දැය නොව.

අහස්හි හෝ මහපොළොවෙහි කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියල්ලෙහි මතුපිට මෙන්ම අභ්යන්තරය ඔහුගේ දැනුමෙන් ආවරණය වී ඇත.

Aal-i-Imraan 3:5Listen in Qur'an →
6

هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

ඔහුම ගර්භයන්හි තමන් කැමති අන්දමට (පිරිමි වශයෙන් හෝ ගැහැනු වශයෙන් හෝ) ඔබව උත්පාදනය කරන්නේය. ඔහු හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට වඩා) බලසම්පන්නයෙකි. ඥානවන්තයෙකි.

නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු අභිමත කරන පරිදි පිරිමියෙකු හෝ කාන්තවක ලෙසින් ද ලස්සන හෝ අවලස්සන ලෙසින්ද සුදු හෝ කළු ලෙසින්ද නුඹලා ව හැඩ ගස්වා මැව්වේ ඔහුය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු කිසිවකු විසින් අබිබවා යනු නොලබන සර්ව බලධාරියාය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නීති සම්පාදනය යනාදියේ ඔහු වඩාත් සියුම්ය.

Aal-i-Imraan 3:6Listen in Qur'an →
7

هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌۭ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌۭ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌۭ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّۭ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

(නබියේ!) ඔහුම මෙම ධර්මයද ඔබ කෙරෙහි පහළ කළේය. මෙහි (පැහැදිලිවද) විශේෂිතවද ඇති අර්ථයන්ගෙන් යුත් ආයාවන්ද තිඛෙන්නේය. මේවාම මෙම ධර්මයේ සංකල්පයන්ය. අන් ඒවා විවිධ අර්ථයන්ගෙන් යුත් උබයාර්ථවත් ඒවා වන්නේය. කවුරුන්ගේ හෘදයන්හි කුහකම ඇත්තේද, ඔවුන් එහි ආරවුල් ඇති කිරීමේ අදහසින් (මෙවැනි ආයාවන්හි වැරදි සහගත) විවිධ අර්ථයන්ම සොයා අනුගමනය කරන්නාහ. එහෙත් මේවායේ සත්‍ය අර්ථය අල්ලාහ්ම මිස වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. අධ්‍යාපන දැනුමෙන් අගතැන් පත් අය නම්, (එහි අර්ථයන් පූරණ වශයෙන් නොදැනුවත් වුවද) “මෙය අපි විශ්වාස කළෙමු. (මේ දෙවර්ගයේ ආයාවන්) සියල්ල අපගේ දෙවියන්ගෙන් පැමිණි දැයයි” යයි පවසන්නාහ. බුද්ධිමතුන් මිස වෙන කිසිවෙකුත් (මෙමගින්) හොඳ ඔවදන් නොලබන්නාහ.

අහෝ! නබිවරය, නුඹ වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එහි සාධක සහිත පැහැදිලි වදන් ඇත. ඒවායෙහි සැකයට ඉඩක් නැත. ඒවා දේව පුස්තකයේ මූලයයි. එහි ඇති බහුතරයක් වැකි එවැනි වැකිය. මතභේද ඇති වන අවස්ථාවන්හි ඒවා නිවැරදි දෑ වෙතටම යොමු කරනු ඇත. එමෙන්ම විවිධ බහු අර්ථ ඇති තවත් වැකිද ඇත. එහි අර්ථ පිළිබඳ බොහෝ ජනයා අතර විවිධ අදහස් පවතී. තම හදවත් වල සත්යයෙන් නැඹුරුවීමක් ඇති උදවිය වනාහි එම මුහ්කමාත් හෙවත් පැහැදිලි තීන්දු සහිත වදන් අතහැර දමා මුතෂාබිහාත් හෙවත් නිවැරදි අර්ථයක් දිය නොහැකි සමරූපතා ඇති වදන් ගනිති. එමගින් මිනිසා අතර සැකය ඇති කිරීමටත් ඔවුන් නොමග යැවීමටත් අපේක්ෂා කරති. කලහකාරීන්ගේ සංකල්ප වලට අනුකූල ව තමන්ගේ කැමැත්ත පරිදි ඒවා හරවා ගන්නට අපේක්ෂා කරති. එවන් වදන්හි සැබෑ අර්ථය හා ඒවා පෙන්වා දෙන අවසන් තීන්දු පිළිබඳ යථාර්ථය අල්ලාහ් හා ඔහු විසින් ප්රඥාව පිරිනැමූ ගැඹුරු ඥානය ඇති උදවිය හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුහු 'අල් කුර්ආනය අපගේ පරමාධිපති වෙතින් වූවක් බැවින් අපි එය මුළුමණින්ම විශ්වාස කළෙමු.' යැයි පවසති. ඔහු කවර කරුණක් ඔවුන් වෙත තීන්දු වශයෙන් පිරිනැමුවේද එවන් දෑ අනුව මුතෂාබිහ් වදන් විස්තර කරති. මනා බුද්ධිය ඇත්තවුන් මිස වෙනත් කිසිවකු එය මෙනෙහි කර උපදෙස් නොලබති.

Aal-i-Imraan 3:7Listen in Qur'an →
8

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ

(තවද ඔවුන්) "අපගේ දෙවියනේ! ඔබ අපට ඍජු මාර්ගය දැනුම් දුන් පසුද, අපගේ හෘදයන් (එයින්) වැරද යන ලෙස පත් නොකරනු (මැනව!). ඔබගේ දයාබර වරප්‍රසාදයන්ද ඔබගේ සන්නිධානයෙන් අපට ලබා දෙනු මැනව! නියත වශයෙන්ම ඔබමය ඉමහත් දානපතියා!”

එම ගැඹුරු ඥානය ඇත්තවුන්: ‘අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට යහමග පිරිනැමුවායින් පසුව එම සත්යයෙන් අපගේ හදවත් වෙනතකට යොමු නොකරනු මැනව! එසේ සත්යයෙන් නැඹුරු වී එය විකෘති කරන්නන් සිදුකරන දැයින් අප නිවැරදි කරනු මැනව! අපගේ හදවත් මග ලබන අයුරින් අපහට ඔබේ අතිමහත් ආශිර්වාදය පිරිනමනු මැනව! එයින් ඇතිවන මුළාවෙන් අප ආරක්ෂා කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ අධික ලෙස පිරිනමන දානපතියාය.

Aal-i-Imraan 3:8Listen in Qur'an →
9

رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ

අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ එක් දිනකදී මිනිසුන් සියල්ලන්ම ඒකරාශී කරන්නෙකු වශයෙන් සිටින්නෙහිය. එහි (එදින පැමිණීමෙහි) කිසිම සැකයක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තම) පොරොන්දුවෙහි වැරදි කරන්නෙකු නොව” (යයි ප්‍රාර්ථනා කරන්නාහ).

අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම සැකයට ඉඩක් නැති විනිශ්චය දිනයේ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම සඳහා ඔබ මිනිසුන් සියල්ල එක්රැස් කරන්නෙහිය. එම දිනය පැමිණේනේමය. ඒ ගැන කිසිදු සැකයක් නැත. අහෝ! පරමාධිපතියාණනි, නියත වශයෙන්ම ඔබ ප්රතිඥා කඩ නොකරන්නාය.

Aal-i-Imraan 3:9Listen in Qur'an →
10

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ

කවුරුන් (ඒ දිනය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (එදින) ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවන්ද අල්ලාහ්ගෙන් (ඔහුගේ දඬුවමෙන්) කිසිවක් වළක්වා දමන්නට නොහැක. ඔවුන්ම ඇත්තෙන්ම (නිරා) ගින්නේ දර වශයෙන් ඇත්තාහ.

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා නොකරනු ඇත. මෙවන් ගති ලක්ෂණ වලින් වර්ණනා කරනු ලැබූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවුලනු ලබන ගින්නේ ඉන්ධන වෙති.

Aal-i-Imraan 3:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.