Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 200

61

فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ

(නබියේ!) ඔබට සත්‍යය වූ පුවත ලැබුණු පසුවද, මේ ගැන ඔබ වෙත කවුරුන් හෝ තර්ක කළහොත්, (ඔවුන්ට) ඔබ මෙස් කියනු: “එනු, අපි අපගේ දරුවන්වද, ඔබගේ දරුවන්වද, අපගේ භාර්යයාවන්ද, ඔබගේ භාර්යයාවන්ද, අපවද, ඔබවද කැඳවා (ඒකරාශී කර) තබාගෙන, සෑමදෙනාම (තම තමන්ගේ කියමන් සත්‍යය යයි) දිව්රා, ‘(මෙයට වෙනස් ආකාරයකට පවසන) බොරුකාරයන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!’ යයි ප්‍රාර්ථනා කරමු” (යයි පවසන මෙන් නියෝග කළේය. මෙසේ නබි තුමාණන් ඔවුන්ව ආරාධනා කළ අවස්ථාවේදී කිසිවෙකුත් මෙසේ දිව්රීමට ඉදිරිපත් වූවේ නැත).

අහෝ! දූතය, ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ නිවැරැදි තොරතුරු නුඹ වෙත පැමිණීමෙන් පසුව ද සැබැවින් ඔහු අල්ලාහ්ගේ ගැත්තකු නොවන බවට සිතා නජ්රාන් වාසී කිතුනුවන් අතුරින් කවරෙකු නුඹ සමග වාද කරන්නේද ඔවුනට නුඹ මෙසේ පවසනු: “එන්න, අප ඉදිරියට අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ බිරියන් හා නුඹලාගේ බිරියන් ද කැඳවා අප හා නුඹලා සියලු දෙනා ද එකට එක් වී අප අතර හා නුඹලා අතර කවරෙකු බොරුකියන්නේ ද ඔවුන්හට ශාපය පහළ වේවා යැයි ප්රාර්ථනා කර ගනිමු.”

Aal-i-Imraan 3:61Listen in Qur'an →
62

إِنَّ هَٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

නියත වශයෙන්ම මෙයයි සත්‍යය වූ ඉතිහාසය. අල්ලාහ් හැර, වෙන කිසිම දෙවියෙක් නැත. නියත වශයෙන්ම අල්ලාහ්; ඔහු (සියල්ලන්ට වඩා) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

ඊසා (අලය්හිස් සලාම්) පිළිබඳ අප නුඹට මෙනෙහි කළ මෙය කිසිදු ව්යාජත්වයක් හෝ බොරුවක් නැති සත්ය පුවතකි. අල්ලාහ් පමණක් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නොමැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රාජ්ය තුළ සර්ව බලධාරීය. ඔහුගේ සැලසුම විධානය හා මැවීම යනාදියෙහි ඔහු සියුම් ඥානය ඇත්තාය.

Aal-i-Imraan 3:62Listen in Qur'an →
63

فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ

(නබියේ! මින් පසුවද ඔබව විශ්වාස නොකර) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) නපුරන්ව හොඳින් දැන සිටින්නෙකු වශයෙන්ම සිටින්නේය.

නුඹ කවර දෙයක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුදකිමින් නුඹ ව අනුගමනය නොකළේ නම් එය ඔවුන්ගේ කලහකාරිත්වයේ විපාකයයි. මහපොළොවේ කලහකාරී ව හැසිරෙන අර්බුදකාරීන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:63Listen in Qur'an →
64

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍۢ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًۭٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ

(නබියේ! නැවතත් ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: ධර්මය හිමි අයවළුනි! අපටත් ඔබටත් (සමාදාන වූ) එක් මධ්‍යස්ථ කාරණාවක් දෙසට එනු මැනව! (එනම්) ‘අපි අල්ලාහ් මිස, වෙන කිසිවක් නමදින්නේ නැත. අපි ඔහුට කිසිම දැයක් සමාන වශයෙන් තබන්නේද නැත. අපගෙන් කිසිවෙකුත් අල්ලාහ් මිස, කිසිවෙකුත් දෙවියන් වශයෙන් ඇර ගන්නේද නැත’ (යයි පවසනු මැනව! විශ්වාසවන්තයිනි! මෙයත්) ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (ඔහු කෙනෙකුටම සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් යයි ඔබ සාක්ෂි දරනු මැනව!” යයි ඔබ පවසා හරිනු.

අහෝ! දූතය,: ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, අප සියලු දෙනාට පොදු වූ සාධාරණ ප්රකාශයක් වෙත අපි එකතු වෙමු. එනම් නැමුදුම් සියල්ල අල්ලාහ්ට පමණක් සිදු කිරීමය. ඔහු එම නිලයේ සිටිය දී ඔහුගේ ස්ථානය උත්තරීතර ව තිබිය දී ඔහු හැර වෙනත් කිසිවකු අපි නොනමදිමු. අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු විසින් වන්දනාවට ලක් කරමින් ඔවුනට යටහත් වෙමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට දේවත්වය පුද නොකරමු” යැයි පවසනු. ‘අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා කවර සත්යයක් හා සාධාරණයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටින්නෙහුද එයින් ඔවුන් හැරී යන්නේ නම් “සැබැවින්ම අපි අල්ලාහ්ට යටහත් වූවන් බවටත් ඔහුට අවනතභාවයෙන් යුතු ව කීකරු වූවන් බවටත් නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් සිටිනු” යැයි පවසනු.

Aal-i-Imraan 3:64Listen in Qur'an →
65

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ

ධර්මය හිමි අයවළුනි! ඉබ්රාහීම් ගැන (ඔහු යුදෙව්වෙකු වශයෙන් හෝ නැතහොත් ක්‍රිස්තියානුවෙකු වශයෙන් හෝ සිටියෙහිය යයි) කුමක් නිසා නිකරුණේ තර්ක කරමින් සිටින්නේද? (යුදෙව්වන්ගේ ධර්මය වන) තව්රාතයද, (ක්‍රිස්තියානුවන්ගේ ධර්මය වන) ඉන්ජීල්ද ඔහුගෙන් ඉතාමත් දීර්ඝ කාලයකට) පසුවම පහළ විය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?

අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිබඳ තර්ක කරනුයේ මන්ද? සැබැවින්ම ඉබ්රාහීම් තමන්ගේ කෙනෙකු බව යුදෙව්වන් සිතති. එමෙන්ම එතුමා තමන්ගේ කෙනෙකු බව කිතුනුවන් සිතති. එතුමාගේ මරණයෙන් පසු ව දීර්ඝ කාලයක් ගතවූවායින් පසු ව මිස යුදෙව්වන් හා කිතුනුවන් බිහි නොවූ බව නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා පවසන ව්යාජ ප්රකාශ හා නුඹලා සිතන වැරදි අදහස් පිළිබඳ නුඹලා බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?

Aal-i-Imraan 3:65Listen in Qur'an →
66

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ حَٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌۭ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

කිමෙක්ද! ඔබ (යම් කිසිවක්) දන්නා කාරණාවෙහි නිකරුණේ තර්ක කරමින් සිටියෙහුය. ඔබ පොඩියක් හෝ නොදන්නා කාරණාවන්හිද ඔබ කුමක් නිසා තර්ක කිරීමට ඉදිරිපත් වූවේද! අල්ලාහ්ම (මේ සියල්ල) හොඳින් දන්නේය. ඔබ නොදන්නෙහුය.

අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ හි සඳහන් හා නුඹලාගේ දහම තුළ දැනුවත් කර ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ ව නුඹලා තර්ක කරන්නෙහුය. එසේ තිබියදී ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් පිළිබඳ ව හා ඔහුගේ පිළිවෙත පිළිබඳ ව නුඹලාට කිසිදු දැනුමක් නැති දෑ පිළිබඳ නුඹලා තර්ක කරනුයේ මන්ද? එය නුඹලාගේ පුස්තක වල නැත. එමෙන්ම නුඹලාගේ දූතවරුන් ගෙන ආවේ ද නැත. අල්ලාහ් සියලු කරුණු වල යථාර්ථය හා ඇතුළාන්තය දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.

Aal-i-Imraan 3:66Listen in Qur'an →
67

مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّۭا وَلَا نَصْرَانِيًّۭا وَلَٰكِن كَانَ حَنِيفًۭا مُّسْلِمًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

ඉබ්රාහීම් යුදෙව්වෙකු වශයෙන් සිටියේද නැත. ක්‍රිස්තියානුවෙකු වශයෙන් සිටියේද නැත. එහෙත් දෙවියන්ට සම්පූර්ණයෙන්ම අවනත වූ ඍජු මුස්ලිමෙකු වශයෙන්ම සිටියේය. තවද ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන්ද (කිසි දිනෙක) සිටියේ නැත.

ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා යුදෙව් හෝ කිතුනු පිළිවෙත් මත සිටියේ නැත. නමුත් ඔහු ව්යාජ දහම් වලින් ඉවත් ව අල්ලාහ්ට පමණක් අවනත ව සිටියේය. සැබැවින්ම එතුමා තමන්ගේ පිළිවෙත මත සිටින බවට දෙවියන්ට ආදේශ තැබූ අරාබිවරුන් සිතනවාක් මෙන් ඔහු ආදේශ තැබූ අය අතුරින් කෙනෙකු ද නොවීය.

Aal-i-Imraan 3:67Listen in Qur'an →
68

إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ

නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට ඉතාමත් සමීප කෙනා (කවුරුන්දයත්) ඔහුව අනුගමනය කරන්නන් හා මෙම නබිද, (මොහුව) විශ්වාස කළ අයද වන්නාහ. අල්ලාහ් මෙම විශ්වාසවන්තයින්ව (ප්‍රිය කර) බේරා ගන්නෙකු වශයෙන් සිටින්නේය.

ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග සම්බන්ධකම් පවසන්නට වඩාත් සුදුස්සන් වනුයේ එතුමාගේ කාලයේ එතුමා ගෙන ආ දෑ පිළිපැද්දා වූ ජනයා වෙති. එසේම මෙම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා හා මෙම සමූහයා අතර එතුමාණන් විශ්වාස කළ ජනයා ද වෙති. තමන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් උදව් කරන්නාය. ඔහු ඔවුන් ආරක්ෂාකරන්නාය.

Aal-i-Imraan 3:68Listen in Qur'an →
69

وَدَّت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

ධර්මය හිමි අයගෙන් එක් සමූහයක් ඔබව මාර්ගය වැරද යාමට සැලැස්වීමට කැමති කරන්නාහ. ඔවුන් තමන්වම මිස, (ඔබව) මාර්ගය වැරද යාමට සැලැස්වීමට නොහැක. (මෙය) ඔවුන් වටහා ගන්නේ නැත.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ් නුඹලාට මග පෙන්වූ සත්යය දහමින් නුඹලා මුළා කරන්නට ආගම් ලත් යුදෙව් හා කිතුනු ආගමික නායකයන් ආශා කරති. ඔවුන් ඔවුන්වම මිස මුළා කර ගත්තේ නැත. ඊට හේතුව දෙවියන් විශ්වාස කරන්නන් මුළාවට පත් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ඔවුන්ගේ මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි අවසානය පිළිබඳ ඔවුන් නොදනිති.

Aal-i-Imraan 3:69Listen in Qur'an →
70

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ

ධර්මය හිමි අයවළුනි! ඔබ (සාධකයන් බොහොමයක්) දුටුවායින් පසුවද අල්ලාහ්ගේ ආයාවන් ඔබ කුමක් නිසා ප්‍රතික්ෂේප කරන්නෙහුද?

අහෝ! ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් හා එහි සඳහන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය තහවුරු කරන සාධක නුඹලාගේ පුස්තක වල තිබියදී එය සැබෑවක් බව නුඹලා සාක්ෂි දරමින්ම නුඹලා එය ප්රතික්ෂේප කරනුයේ මන්ද?

Aal-i-Imraan 3:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.