فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ
(නබියේ!) ඔබට සත්යය වූ පුවත ලැබුණු පසුවද, මේ ගැන ඔබ වෙත කවුරුන් හෝ තර්ක කළහොත්, (ඔවුන්ට) ඔබ මෙස් කියනු: “එනු, අපි අපගේ දරුවන්වද, ඔබගේ දරුවන්වද, අපගේ භාර්යයාවන්ද, ඔබගේ භාර්යයාවන්ද, අපවද, ඔබවද කැඳවා (ඒකරාශී කර) තබාගෙන, සෑමදෙනාම (තම තමන්ගේ කියමන් සත්යය යයි) දිව්රා, ‘(මෙයට වෙනස් ආකාරයකට පවසන) බොරුකාරයන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!’ යයි ප්රාර්ථනා කරමු” (යයි පවසන මෙන් නියෝග කළේය. මෙසේ නබි තුමාණන් ඔවුන්ව ආරාධනා කළ අවස්ථාවේදී කිසිවෙකුත් මෙසේ දිව්රීමට ඉදිරිපත් වූවේ නැත).
අහෝ! දූතය, ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ නිවැරැදි තොරතුරු නුඹ වෙත පැමිණීමෙන් පසුව ද සැබැවින් ඔහු අල්ලාහ්ගේ ගැත්තකු නොවන බවට සිතා නජ්රාන් වාසී කිතුනුවන් අතුරින් කවරෙකු නුඹ සමග වාද කරන්නේද ඔවුනට නුඹ මෙසේ පවසනු: “එන්න, අප ඉදිරියට අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ බිරියන් හා නුඹලාගේ බිරියන් ද කැඳවා අප හා නුඹලා සියලු දෙනා ද එකට එක් වී අප අතර හා නුඹලා අතර කවරෙකු බොරුකියන්නේ ද ඔවුන්හට ශාපය පහළ වේවා යැයි ප්රාර්ථනා කර ගනිමු.”