Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 200

51

إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ

නියත වශයෙන්ම අල්ලාහ්ම මගේ දෙවියන්ද ඔබගේ දෙවියන්ද වන්නේය. එබැවින් ඔහුවම ඔබ නමදිනු. මෙයයි ඍජු මාර්ගය” (යයිද පැවසුවේය).

එය සැබැවින්ම අල්ලාහ් මාගේ හා නුඹලාගේ පරමාධිපති වන බැවිණි. යටහත්වන්නටත් බැතිමත් වන්නටත් සුදුස්සා ඔහු පමණය. එහෙයින් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු. අල්ලාහ් ව නැමදීම සම්බන්ධයෙන් හා ඔහුට බැතිමත්වීම සම්බන්ධයෙන් මම කවර කරුණක් නුඹලා වෙත නියෝග කර ඇත්තේද එයයි ඍජු මාර්ගය වන්නේ. එහි කිසිදු ඇදයක් නොමැත.

Aal-i-Imraan 3:51Listen in Qur'an →
52

۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු (තමන්ව) ප්‍රතික්ෂේප කරනු ඊසාට හැඟූනු විට, (ඔවුන්ට) “අල්ලාහ් වෙනුවෙන් මා හට උදව් කරන්නේ කවරෙක්ද?”යි විමසුවේය. (එයට ඔහුගේ) අනුගාමිකයින් “අපි අල්ලාහ් වෙනුවෙන් (ඔබට) උදව්කරුවන් වශයෙන් සිටින්නෙමු. ඇත්තෙන්ම අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු. එබැවින් නියත වශයෙන්ම අපි (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු මැනව!” යයි පැවසූහ.

ඔවුන් දේව ප්රතික්ෂේපය මත දැඩි ස්ථාවරයෙන් සිටින බව ඊසා (අලය්හිස් සලාම්) තුමා දැනගත් කල්හි ඉස්රාඊල් දරුවන් අමතා: “ජනයා අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සම්බන්ධයෙන් මට උදව් කරන්නේ කවුරුන්දැ”යි විමසා සිටීය. එවිට ඔහු ව අනුගමනය කළ ඔහුගේ අවංක අනුගාමිකයින්: “අල්ලාහ්ගේ දහමට උදව්කරන්නෝ අපමය. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද අපි ඔබ අනුගමනය කළෙමු. සැබැවින්ම අප අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහුට අවනත වෙමින් ඔහු වෙනුවෙන් කැප වී සිටින්නන් බවට නුඹ ම සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය.

Aal-i-Imraan 3:52Listen in Qur'an →
53

رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ

(තවද) “අපගේ දෙවියනේ! ඔබ (මොහුට) පහළ කරන ලද (ධර්මය) අපි විශ්වාස කරන්නෙමු. (ඔබගේ) මෙම රසූල්වද අපි අනුගමනය කර කටයුතු කරන්නෙමු. එබැවින් (ඔහුව) සත්‍යය කරන්නන් සමග අපවද ඔබ සටහන් කර ගනු මැනව!” (යයිද එම අනුගාමිකයින් ප්‍රාර්ථනා කළහ).

ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මිතුරු අනුගාමිකයින්ද එලෙසම පවසා සිටියහ. එනම්: ‘අහෝ! අපගේ පරමාධිපතියාණනි, ඉන්ජීලයේ (බයිබලයේ) ඔබ පහළ කර ඇති දෑ අපි විශ්වාස කළෙමු. ඊසා (අලය්හිස් සලාම්) තුමා ව අපි පිළිපදින්නෙමු. ඔබ ව විශ්වාස කළ ඔබේ දූතයාණන් ව විශ්වාස කළ සත්යය පිළිබඳ සාක්ෂිදරන්නන් අතරට අපවද පත් කරනු මැනව!

Aal-i-Imraan 3:53Listen in Qur'an →
54

وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ

(ඊසාව ප්‍රතික්ෂේප කළ) ඔවුන්, (ඔහුව ඝාතනය කිරීමට) කුමන්ත්‍රණය කළහ. (එහෙත් අල්ලාහ් ඔහුව බේරාගෙන තමන්ගෙන් කෙනෙකුවම ඔවුන් ඝාතනය කරන මෙන්) අල්ලාහ් (ඔවුන්ට) කුමන්ත්‍රණ කර හැරියේය. අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් බලසම්පන්නය.

ඉස්රාඊල්වරුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්ද උපක්රමශීලී ව ඔවුන් සමග කටයුතු කළේය. ඔවුන් නොමග යෑමට ඉඩ හැරියේය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වෙනුවට එතුමාණන්ට සමාන පුද්ගලයකු ඔවුනට ප්රදර්ශනය කර පෙන්වීය. කුමන්ත්රණකරුවන් අතුරින් අති විශිෂ්ට කුමන්ත්රණකරු අල්ලාහ්ය. ඊට හේතුව ඔහුගේ සතුරන් කෙරෙහි පිළියම් යොදන කුමන්ත්රණවලට වඩා දැඩි වෙනත් කුමන්ත්රණයක් නොමැති බැවිණි.

Aal-i-Imraan 3:54Listen in Qur'an →
55

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۖ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

(ඊසාට) අල්ලාහ් පැවසූ දැය (ඔවුන්ට) මතක් කර දෙනු: “ඕ ඊසා! නියත වශයෙන්ම මා ඔබව (ඔබගේ ආයුෂ) පූරණය කරන්නෙමි. ඔබව මාගේ සන්නිධානයට ඔසවා ගන්නෙමි. ප්‍රතික්ෂේප කරන්නන්ගේ (අපවාදයෙන්) ඔබව පරිශුද්ධ කර තබන්නෙමි. ඔබව අනුගමනය කරන්නන්ව, ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි විනිශ්චය දින දක්වා උසස් කරද තබන්නෙමි” (යයි පැවසීමෙන් අනතුරුව, ඕ ඊසා! එම ප්‍රතික්ෂේප කරන්නන්ට මා පැවසුවේ යයි ඔබ මෙසේ පවසනු (මැනව!): “(අල්ලාහ් වන) මා වෙතම ඔබ පසුවද පැමිණෙන්නෙහුය. ඔබ තර්ක කරමින් සිටින දැය ගැන (ඒ අවස්ථාවේදී) මා ඔබ අතරේ විනිශ්චය දෙන්නෙමි” (යයිද පැවසුවේය).

අල්ලාහ් ඔවුන් මුළාවට පත් කළේය. එය ඔහු ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාවේ දීය. එනම්: “අහෝ! ඊසා, මරණයකින් තොරව මම නුඹ ව අත්පත්කර ගනිමි. නුඹේ ශරීරය හා නුඹේ ප්රාණය මා වෙත ඉහළට ඔසවා ගනිමි. නුඹ ව ප්රතික්ෂේප කළවුන්ගේ කිලිටෙන් පිවිතුරු කරමි. ඔවුන්ගෙන් නුඹ ව දුරස් කරමි. සැබෑ දහම අනුව නුඹ ව පිළිපදින (මුහම්මද් තුමාණන් විශ්වාස කිරීමද ඉන් එකකි) පිරිසක් මම පත් කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ ව ප්රතික්ෂේප කළවුන්ට ඉහළින් සංකේතාත්මක ව හා ගෞරවයෙන් යුතු ව වැජඹෙන්නට හරිමි. අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත පැමිණෙනුයේ මා වෙතමය. නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මතභේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන යුක්ති සහගත ලෙසින් නුඹලා අතර තීන්දු කරමි.

Aal-i-Imraan 3:55Listen in Qur'an →
56

فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (ඔබව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ව මා මෙලොවෙහිද, පරලොවෙහිද දැඩි ලෙස දඬුවම් කරමි. ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නොසිටිනු ඇත.

නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මෙලොවෙහි මරණ දඬුවමට සිරගත වීමට අවමානයට හා වෙනත් කාරණාවන්ට ලක් කරමින් මම දඬුවම් කරන්නෙමි. මතු ලොවෙහි නිරා ගින්නේ දඬුවම ඔවුනට හිමිය. එම දඬුවමින් ඔවුන් මුදවා ගන්නට ඔවුනට උදව්කරුවන් නොමැත.

Aal-i-Imraan 3:56Listen in Qur'an →
57

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

කවුරුන් (ඔබව) විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ (හොඳ) ඵලවිපාක ඔවුන්ට පූරණ වශයෙන් ලබා දෙනු ඇත. අල්ලාහ් අපරාධකරුවන්ව ප්‍රිය කරන්නේ නැත.

නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ විශ්වාස කොට සලාතය සකාතය උපවාසය ඥාතී සම්බන්ධකම් රැකීම හා වෙනත් දැහැමි කටයුතු වල නිරතවූවන් වනාහි ඔවුන්ගේ කටයුතු වලට සරිලන පරිදි අල්ලාහ් ඔවුනට කුසල් පිරිනමනු ඇත. ඉන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. මෙම ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඔහු ගැන ශුභාරංචි දන්වා සිටි ඊසා (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළවුන් ගැන විය. අල්ලාහ් අපරාධකරුවන් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් වෙත ආදේශ කිරීම හා ඔහුගේ දූතවරු බොරු කිරීමට වඩා මහත් අපරාධකරුෙවෝ කවුරුන් විය හැකිද?

Aal-i-Imraan 3:57Listen in Qur'an →
58

ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْءَايَٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ

(නබියේ!) අපි ඔබ කෙරෙහි සමුදීරණය කළ මේවා (දෙවියන්ගේ) ආයාවන් වශයෙන්ද, ඥානයෙන් (පිරි) ඔවදන් වශයෙන්ද ඇත්තේය.

මෙය නුඹ වෙත කියවා පෙන්වන ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරුය. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑහි සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක හා සංඥා වේ. එය දෙවියන් කෙරෙහි බැතිමත්කම පෙන්වන අයට මෙනෙහි කිරීමක් මෙන්ම කිසිදු ව්යාජත්වයක් නොමැති තීරණාත්මක ප්රකාශයක් වන්නේය.

Aal-i-Imraan 3:58Listen in Qur'an →
59

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍۢ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ

නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඊසාගේ උපමාව, ආදම්ගේ උපමාව මෙන් වන්නේය! ඔහු, ඔහුව මැටියෙන් උත්පාදනය කර, “(මිනිසා බවට පත්) වනු” යයි පැවසුවේය. එවෙලේම (එසේ) සිදු විය.

ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමේ උපමා ව කිසිදු පියෙක් හා මවක් නොමැති ව මවනු ලැබූ ආදම් (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමට සමානය. අල්ලාහ් ඔහුට: ‘නුඹ මිනිසෙකු වනු’ යැයි පැවසූ වහාම අල්ලාහ් සිතූ පරිදිම එය විය. එසේනම්, සැබැවින්ම ආදම් පියෙකු හා මවක නොමැති ව මවනු ලැබ තිබියදී ඔහු සැබැවින්ම මිනිසෙකු යැයි පවසා සිටින ඔවුන් පියකු නොමැතිව ඊසා මවනු ලැබ තිබීම සාධකයක් ලෙස ගෙන ඔහු දෙවියකු යැයි සිතන්නේ කෙසේද?

Aal-i-Imraan 3:59Listen in Qur'an →
60

ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ

(නබියේ! ඊසා ගැන) ඔබගේ දෙවියන්ගෙන් ලැබුණු සත්‍යය වූ (පුවත) මෙයයි. එබැවින් (මේ ගැන) සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු බවට) පත් නොවනු.

ඊසා සම්බන්ධයෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ නුඹේ පරමාධිපති වෙතින් පහළ වූවක් බවට කිසිදු සැකයකට ඉඩක් නැත. එය සැබෑවක්ම වන්නේය. එහෙයින් නුඹ සැක කරන්නන් අතරින් නොවනු. නුඹ කවර කරුණක් මත සිටින්නේද ඒ මත ස්ථාවර ව සිටීම නුඹගේ වගකීමයි.

Aal-i-Imraan 3:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.