Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 200

41

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًۭا ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًۭا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ

(එයට) ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මා හට එක් සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු “ඔබට (ලබා දෙනු ලබන) සාධකය නම්: දින තුනක් දක්වා සංඥා මගින් මිස, ඔබ මිනිසුන් සමග කතා නොකරන්නෙහිය. (ඒ දිනයන්හි) ඔබ ඔබගේ දෙවියන්ව (ඔහුගේ නාමය) අධික වශයෙන් සුවිශුද්ධ (දික්ර්) කරමින්ද, උදේ සවස (ඔහුව) නමදිමින්ද සිටිනු මැනව!” යයි පැවසුවේය.

“මාගේ පරමාධිපතියාණනි, මා විසින් මාගේ බිරිය ගැබ් ගන්නා බවට වූ සලකුණක් මා හට පෙන් වන්නැ”යි සකරිය්යා පවසා සිටියේය. එයට අල්ලාහ්: “නුඹට කිසිදු අඩුවක් සිදු නොවී සංඥා අඟවමින් ජනයා සමඟ සන්නිවේද කළ හැකි නමුත් දහවල හා රාත්රිය ඇතුළු ව පූර්ණ දින තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය. නුඹ අධික ලෙස අල්ලාහ් ව සුවිශුද්ධ කරනු. දහවල් අවසානය හා එහි ආරම්භ කාලයේ එතුමා තස්බීහ් හෙවත් අල්ලාහ් ව සුවිශුද්ධත්වයට පත් කළේය.

Aal-i-Imraan 3:41Listen in Qur'an →
42

وَإِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَٰلَمِينَ

(නබියේ! මර්යම්ට) මලායිකාවරුන් පැවසූ අවස්ථාවේදී “ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් ඔබව තෝරාගෙන ඇත්තේය. ඔබව පරිශුද්ධ බවටද පත් කර ඇත්තේය. සකල ලෝකයෙහිම සිටින කාන්තාවන් සියල්ලන්ටම වඩා ඔබව උසස් බවට පත් කර ඇත්තේය.

අහෝ! දූතය, මලක්වරු මර්යම් දෙස බලා කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු: “ප්රශංසනීය ගතිපැවතුම් වලින් වර්ණනා කරනු ලබන දෑ සඳහා අල්ලාහ් නුඹ ව තෝරා ඇත. අඩුපාඩුකම් වලින් ඔහු නුඹ ව පිවිතුරු කර ඇත. නුඹගේ කාලයේ ලෝවැසි කාන්තාවන්ට ඉහළින් ඔහු නුඹ ව තෝරා ගෙන ඇත.” යැයි මර්ය තුමියට පැවසූහ.

Aal-i-Imraan 3:42Listen in Qur'an →
43

يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ

(එබැවින්) ඕ මර්යම්! ඔබ, ඔබගේ දෙවියන්ව නැවී නමදින්නන් (සුජූද් කරන්නන්) සමග ඔබත් නැවී සුජූද් කර (නමදිනු) මැනව!” (යයි පැවසූහ).

අහෝ! මර්යම්, දීර්ඝ ලෙස නැගිට සිට සලාත් නැමදුම ඉටු කරනු. නුඹේ පරමාධිපතිට හිස නමා සුජූද් (සිරස නමස්කාර) කරනු. ඔහුගේ දැහැමි ගැත්තන් අතරින් රුකූ කරන්නන් (දණහිස අතින් අල්ලා නැවී නමස්කාර කරන්නන්) සමග එක් වී රුකූඋ නමස්කාරය කරනු.

Aal-i-Imraan 3:43Listen in Qur'an →
44

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

(නබියේ!) මේ (සියල්ල ඔබ නොදන්නා) ගුප්ත පුවත් වන්නේය. මේවා අපි ඔබට වහී මගින් දැනුම් දෙන්නෙමු. තවද මර්යම්ව (හදාවඩා ගැනීමට) ඔවුන්ගෙන් කවුරුන් භාරකාරත්වය බාර ගන්නේද යන්න (නිවිත්තක් මගින් දැන ගැනීමට) ඔවුන් තමන්ගේ පෑන් (ගඟට) වීසි කළ අවස්ථාවේදීද ඔබ ඔවුන් සමග සිටියේ නැත. (මේ ගැන) ඔවුන් තර්ක කරමින් සිටින විටද, ඔබ ඔවුන් සමග සිටියේ නැත.

සකරිය්යා හා මර්යම් සම්බන්ධයෙන් හෙළි කළ මෙම තොරතුරු ගුප්ත තොරතුරු අතුරිනි. අහෝ! දූතය, අපි එය නුඹට දැනුම් දී ඇත්තෙමු. මර්ය තුමිය හදාවඩා ගන්නට වඩාත් සුදුස්සා කවුරුන්දැ?යි දැහැමි විද්වතුන් වාද කළ අවස්ථාවේ නුඹ එහි නොවීය. ඔවුන් ඒ සඳහා කුසපත් අදින්නට විය. ඔවුන්ගේ පන්හිද වල් බිමට දැමීය. සකරිය්යාගේ පන්හිද ජය ලැබීය.

Aal-i-Imraan 3:44Listen in Qur'an →
45

إِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍۢ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ

(තවද මර්යම්ට) මලායිකාවරුන් “ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ (වනු! යන) එක් වචනයක් මගින් ඔබට (පුතෙකු ලබා දීමට) සුභාරංචි පවසන්නේය. එයගේ නම ‘මර්යම්ගේ පුත් ඊසා මසීහ්’ යනුවෙනි. ඔහු මෙලොවද පරලොවද ඉතාමත් ගාම්භීර කෙනෙකු වශයෙන්ද, (දෙවියන්ට) ඉතාමත් සමීප අයගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත” යයි පැවසූහ.

අහෝ! දූතය, මලක්වරු මර්ය තුමියට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුහු: “අහෝ! මර්යම්, පියකු නොමැති අසාමාන්ය මැවීමකින් නුඹට දරුවකු ඉපදෙන්නට නියමිතය. එය අල්ලාහ්ගෙන් වූ වදනක් පමණය. ‘කුන්’ (වනු) යන ප්රකාශයකින් එය සිදු වනු ඇත. එවිට අල්ලාහ්ගේ අනුමැතියෙක් දරුවකු බිහි වේ. එම දරුවාගේ නම අල්-මසීහ් හෙවත් මර්යම්ගේ පුත් ඊසාය. මෙලොව හා මතු ලොවෙහි මෙන්ම අල්ලාහ් වෙත සමීපවන්නන් අතර ද අතිමහත් ගරුත්වයක් හා නිලයක් ඔහුට හිමිය.

Aal-i-Imraan 3:45Listen in Qur'an →
46

وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا وَمِنَ ٱلصَّٰلِحِينَ

තවද “ඔහු තොටිල්ලේ (ළදරුවෙකු වශයෙන්) සිටියදීද, (තමමවගේ පරිශුද්ධභාවය ගැනද, තම නබිත්වය ගැනද) තරුණ වියේදීද මිනිසුන් සමග කතා කරනු ඇත. තවද හොඳ ගති පැවතුම් ඇත්තන්ගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත” (යයිද පැවසූහ).

ඊසා (අලයිහිස් සලාම්) තුමා ළදරුවකු කතා කිරීමේ හැකියාව ලබන නියමිත කාලයට පෙර අසාමාන්ය ලෙස කුඩා අවදියේම මිනිසුන් සමග කතා කරයි. පූර්ණ පෞරුෂත්වයෙන් හා ජවයෙන් හෙබි වැඩහිටි අවදියේ ද ඔහු ඔවුන් සමග කතා කරනු ඇත. එහිදී ඔවුන්ගේ ආගමික කටයුතු හා ඔවුන්ගේ ලෞකික කටයුතු වල යහපත ඔවුන් සමග කතා කරයි. තම ප්රකාශ හා තම ක්රියා වල දැහැමි ලෙස කටයුතු කරන්නන් අතර ඔහු සිටියි.

Aal-i-Imraan 3:46Listen in Qur'an →
47

قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ ۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

(එයට මර්යම් තම දෙවියන්ට) “මගේ දෙවියනේ! කිසිම මිනිසෙකු මා හට ළං නොවී සිටියදී මට කෙසේ නම් දරුවෙකු ඇති විය හැකිද?”යි පැවසුවාය. (එයට) මෙසේම අල්ලාහ් තමන් අදහස් කළ දැය උත්පාදනය කරන්නේය. ඔහු වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් එය ‘වනු’ යයි පැවසීමම (ඇති ප්‍රමාදයයි!) එය එවෙලේම සිදු වන්නේය” යයි පැවසුවේය.

සැමියෙකු නොමැති ව දරුවකු පිළිසිද ගැනීම සිදු විය නොහැක්කක් බව අවධාරණය කරමින් ඇය: “නිත්යනුකූල හෝ නිත්යනුකූල නොවන කිසිදු මිනිසෙකු මා සමීපයට නොපැමිණ මට දැරුවකු ලැබෙනුයේ කෙසේදැ?යි විමසා සිටියාය. එවිට මලක්වරයා: පියකු නොමැතිව නුඹ වෙනුවෙන් අල්ලාහ් දරුවකු මැව්වාක් මෙන් ඔහු කැමති දෑ අසාමාන්ය ලෙස මවනු ඇත. එහිදී යම් කටයුත්තක් සිදු කරන්නට ඔහු සිතුවේ නම්, එයට ‘කුන්’ (වනු) යැයි පවසනවාත් සමගම එය සිදුවනු ඇත. නොහැකියාව යනු ඔහු සතු ගුණාංගයක් නොවන්නේය.

Aal-i-Imraan 3:47Listen in Qur'an →
48

وَيُعَلِّمُهُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

තවද “ඔහුට ධර්මයද, ඥානයද, තව්රාතයද, ඉන්ජීලයද උගන්වනු ඇත.

ලිවීම ක්රියා කිරීම කතාවෙහි හා ක්රියාවෙහි කටයුතු කළ යුතු ආකාරය අල්ලාහ් ඔහුට ඉගැන්වීය. එමෙන්ම මූසා (අලය්හිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයද ඔහුට පහළ වන්නට යන ඉන්ජීලයද අල්ලාහ් ඉගැන්වීය.

Aal-i-Imraan 3:48Listen in Qur'an →
49

وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ ۖ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ ۖ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

“ඉස්රායීල පරම්පරා දරුවන්ට (ඔහුව) එක් නබිවරයෙකු වශයෙන්ද පත් කරනු ඇත” (යයි දෙවියන් පැවසුවේය. පසුව ඊසා ඉපදී තම තරුණ වියට පත් වී ඉස්රායීල් පරම්පරා දරුවන් වෙත ගිය අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවේය): “නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන් වෙතින් (යවනු ලැබූ එක් නබිවරයෙකු යන්නට) එක් ප්‍රාතිහාර්යයක් සමග පැමිණ ඇත්තෙමි. ඔබ වෙනුවෙන් මැටි වලින් පක්ෂියෙකුගේ හැඩරුව මෙන් අඹා මා එයට පිඹින්නෙමි. අල්ලාහ්ගේ අනුමැතියට අනුව එය (පණ ඇති) පක්ෂියෙකු බවට පත් වනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියට අනුව උප්පත්තියෙන්ම අන්ධයින්වද, කුෂ්ට (ලාදුරු) රොගීන්වද මා සුව කරන්නෙමි. මරණයට පත් වූවන්ටද මා පණ දෙන්නෙමි. ඔබ අනුභව කළ දැයද, ඔබ නිවෙස්හි එක්කාසු කර ඇති දැයද, මා ඔබට දැනුම් දෙන්නෙමි. ඇත්තෙන්ම ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම් මෙයින් ඔබට (තෘප්තියක් ලැබිය හැකි) සාධකයක් ඇත්තේය”.

එමෙන්ම අල්ලාහ් ඔහු ව ඉස්රඊල් දරුවන් අතර දහම් දූතයකු බවට පත් කරනු ඇත. ඔහු ඔවුනට: “නියත වශයෙන්ම මම නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. මාගේ මෙම දූත කාර්යය සනාථ කරන සලකුණක් නුඹලා වෙත ගෙන ආවෙමි. එනම්: නුඹලා සඳහා කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් භාණ්ඩයක් මැටියෙන් අඹා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් ජීවමාන පක්ෂියෙකු බවට පත් වනු ඇත. උපතින්ම අන්ධවූවන්හට සුවය ලබා දෙමි. එවිට ඔවුන් පෙනුම ලබනු ඇත. ළාඳුරු වැනි කුෂ්ට රෝග වැලඳ ඇත්තන්ගේ චර්මය යථා තත්ත්වයට සුවපත් කරමි. මිය ගිය අයට ප්රාණය ලබා දෙමි. මේ සියල්ල මා සිදු කරනුයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පමණි. නුඹලා අනුභව කළ යුත්තේ කුමක් ද? නුඹලාගේ නිවෙස්වල ගබඩා කොට සඟවා තැබිය යුතු ආහාරය කුමක්ද? යනාදී තොරතුරු පිළිබඳ මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසය ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද සාධක තුළින් සත්යය තහවුරු කරගන්නට අපේක්ෂා කරන්නේ නම් මිනිසා විසින් සිදු කළ නොහැකි මෙවැනි අතිමහත් කරුණු මම නුඹලාට පවසා සිටීමෙන් සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු බවට වූ ප්රමාණවත් සලකුණු නුඹලාට ඇත.

Aal-i-Imraan 3:49Listen in Qur'an →
50

وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

“මා ඉදිරියේ ඇති තව්රාතය(ද මා) සත්‍යය කර තබා, (පෙර) ඔබට තහනම් කර තිබූ දැයෙන් සමහර දැය ඔබට අනුමත කර තැබීම සඳහාද ඔබගේ දෙවියන්ගෙන් (මෙවැනි) සාධකයක් සමග ඔබ වෙත මා පැමිණ ඇත්තෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මාව අනුගමනය කරනු.

එමෙන්ම මට පෙර පහළ වූ තව්රාතයේ (තෝරාවේ) ඇති කරුණු තහවුරු කරනු පිණිස මම පැමිණියෙමි. තවද නුඹලාට පහසුවක් හා සහනයක් වනු පිණිස මීට පෙර නුඹලාට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් අනුමත කිරීමට මම පැමිණියෙමි. මා නුඹලාට පවසා සිටි දෑහි සත්යතාව පිළිබඳ පැහැදිලි කරන සාධකයක් සමග පැමිණ ඇත්තෙමි. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බැතියෙන් කටයුතු කරනු. මා නුඹලා ව කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේද ඒ සම්බන්ධයෙන් මට අවනත වනු.

Aal-i-Imraan 3:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.