قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ව ප්රිය කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, ඔබ මාව අනුගමනය කරනු. ඔබව අල්ලාහ් ප්රිය කරනු ඇත. ඔබගේ පාපයන්ද ඔබ වෙනුවෙන් ඔහු ක්ෂමා කර හරිනු ඇත. අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා ඉතාමත් ආදරය කරන්නෙකු වශයෙන්ද සිටින්නේය”.
“නුඹලා සැබෑ ලෙසින් අල්ලාහ්ට ආදරය කරන්නේ නම් මා රැගෙන ආ දෑ එළිපිට මෙන්ම ඇතුළාන්තයෙන්ද පිළිපඳිනු. එවිට නුඹලා අල්ලාහ්ගේ ආදරය ලබා ගනු ඇත. නුඹලාගේ පාප වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරින් සමාව අයැද සිටින්නන්හට ක්ෂමාශීලීය. මහා කරුණාභරිතය.” යැයි නබිවරය, නුඹ ඔවුනට පවසනු.