Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 200

21

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ حَقٍّۢ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටින අතර මිනිසුන්ගෙන් සාධාරණය මගින්ම පොළඹවන්නන්වද ඝාතනය කරමින් සිටින්නෝද, ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු මැනව!

අල්ලාහ් ඔවුන් වෙත පහළ කළ සාධක ප්රතික්ෂේප කොට කිසිදු යුක්තියකින් තොරව සතුරුකමින් හා අසාධාරණ ලෙසින් ඔහුගේ දූතවරුන් ඝාතනය කොට ජනයා අතර යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් යුක්තිය හා සාධාරණය පිහිටුවාලන්නට නියෝග කර සිටියවුන් ඝාතනය කළවුන් වනාහි එවන් සාහසික ඝාතකයින්හට වේදනීය දඬුවමක් ඇති බව නුඹ දන්වා සිටිනු.

Aal-i-Imraan 3:21Listen in Qur'an →
22

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

මොවුන් කරන (දැහැමි) ක්‍රියාවන් (සියල්ල) මෙලොවෙහිද පරලොවෙහිද (කිසිම ප්‍රයෝජනයක් නොමැතිව සම්පූර්ණයෙන්ම) විනාශ වී ගියේය. (පරලොවදී) මොවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත.

තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ මෙවන් ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් වෙති. අල්ලාහ් කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති බැවින් මෙලොවට හා මතු ලොවට ඒවා කිසිවක් ඔවුනට ඵල දෙන්නේ නැත. ඔවුනට අත්වන දඬුවමින් ඔවුන් වළක්වාලන්නට උදව්කරුවන්ද ඔවුනට නැත.

Aal-i-Imraan 3:22Listen in Qur'an →
23

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ

(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූ (යුදෙව්වන් වන) මොවුන්ව ඔබ අවධානය නොකළෙහිද? (ඔවුන් අතර ඇති වූ ආරවුල සමතයකට පත් කිරීමට ඔවුන් වෙත ඇති) අල්ලාහ්ගේ ධර්මය මගින්ම ඔවුන් අතරේ විනිශ්චය දීමට ඔවුන්ව කැඳවනු ලැබූ විට, ඔවුන්ගෙන් එක් කොටසක් (මෙය) ප්‍රතික්ෂේප කර ඈත් වූහ.

අහෝ! නබිවරය, තව්රාතය පිළිබඳ දැනුම හා නුඹගේ නබිත්වය පිළිබඳ සාධක අතුරින් සමහරක් අල්ලාහ් විසින් යුදෙව්වන්හට පිරිනමා තිබිණ. එම තත්ත්වය මත නුඹ ඔවුන් නොදුටුවෙහිද? ඔවුන් කවර දෙයක් පිළිබඳ මතභේද ඇති කර ගත්තේද එය ඔවුන් අතර විග්රහ කරනු පිණිස ඔවුන් අල්ලාහ්ගේ පුස්තකය වන තව්රාතය වෙත කැඳවනු ලැබුවෝය. පසු ව ඔවුන්ගෙන් විද්වතුන් හා ප්රධානීන් පිරිසක් තම අනුගාමිකයින් ඔවුන් විශ්වාස කරමින් සිටිය දී හා යම් පණිවිඩයක් ලැබුණු විට එය ජනතාව අතරට ඉක්මණින් ගෙන යන ප්රමුඛයින් ලෙස සිටිය දී තමන්ගේ කැමැත්තට එකඟ නොවූ යමක් එහි ඔවුන් දුටු විට එම දැනුම ප්රතික්ෂේප කරමින් ඉන් හැරී ගියෝය.

Aal-i-Imraan 3:23Listen in Qur'an →
24

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۖ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ

මෙයට හේතුව වූයේ “විශේෂිත දින මිස, (නිරා) ගින්න නියත වශයෙන්ම අපව ස්පර්ශ කරන්නේ නැත” යයි ඔවුන් පවසමින් සිටි බැවිනි. තවද තම ධර්ම (කාරණාවන්)හි බොරුවම මනක්කල්පිත කරමින් පැවසීමද, ඔවුන්ව රවටා දැමීය.

මෙසේ සත්යයෙන් පෙරළීම හා ප්රතික්ෂේප කිරීම සිදු වූයේ සැබැවින්ම තමන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දින ප්රමාණයක් මිස නිරය තමන් ස්පර්ශ නොකරනු ඇතැයිද පසු ව ඔවුන් ස්වර්ග උයනට සදාකල් පිවිසෙනු ඇතැයිද ඇරයුම් කරමින් සිටියෝය. මෙසේ ව්යාජත්වය හා බොරුවෙන් නිර්මාණය කර ගත් ඔවුන්ගේ සිතුවිලි ඔවුන් මුළා කර දැමුවේය. අල්ලාහ් හා ඔහුගේ දහම වෙත දොස් පැවරුවේය.

Aal-i-Imraan 3:24Listen in Qur'an →
25

فَكَيْفَ إِذَا جَمَعْنَٰهُمْ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

(නබියේ!) සැකයෙන් තොර එක් (විනිශ්චය) දිනදී අපි ඔවුන්ව ඒකරාශී කර, (ඔවුන්ගේ) සෑම ආත්මයකටම ඒවායේ ක්‍රියාවට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබුවහොත් (ඔවුන්ගේ තත්වය) කෙසේ නම් ඇත්ද? ඔවුන් (තමන්ගේ ඵලවිපාක අත් කර ගැනීමෙහි පොඩියක් හෝ) අසාධාරණය කරනු නොලබන්නාහ.

ඔවුන්ගේ තත්ත්වය හා ඉරණම කෙසේ පිහිටනු ඇත් ද? කිසිදු සැකයකට ඉඩක් නැති දිනයේ විනිශ්චය සඳහා ඔවුන් අපි එක්රැස් කරන විට ඔවුන්ගේ නපුරු ඉරණම ඔවුනට අත්වනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සෑම ආත්මයක්ම සිදු කළ දෑ සඳහා වූ ප්රතිඵල සුදුසු ප්රමාණයට අනුව පිරිනමනු ලැබේ. එහි කිසිදු අසාධාරණයක් හෝ ප්රතිඵල වල කිසිදු අඩු කිරීමක් හෝ ප්රතිවිපාක වල කිසිදු වැඩිකිරීමක් හෝ සිදු කරනු නොලැබේ.

Aal-i-Imraan 3:25Listen in Qur'an →
26

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! “අපගේ අල්ලාහ් (දෙවියන් වහන්ස!) සියලූ රටවල් වලටම අධිපතියාණෙනි! ඔබ කැමැත්තන්ට රාජ්‍යය දෙන්නේය. ඔබ කැමැත්තන්ගෙන් රාජ්‍යය පහ කර හරින්නේය. ඔබ කැමැත්තන්ව ගෞරව කරන්නේය. ඔබ කැමැත්තන්ව අවමන් කරන්නේය. පින් ඇති දැය සියල්ල ඔබ අතෙහිම ඇත්තේය. නියත වශයෙන්ම ඔබම සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි.

අහෝ! දූතය, නුඹේ පරමාධිපතිට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් මෙසේ පවසනු: “අහෝ! දෙවිඳුනි, මෙලොව හා මතුලොව සියලු රාජ්යයන්ගේ රජු ඔබය. ඔබ මැවූ අය අතුරින් ඔබ කැමැති අයට බලය පිරිනමන්නෙහිය. ඔබ කැමති අයගෙන් එය ඉවත් කරන්නෙහිය. ඔබ කැමති අය ගෞරවයට පත් කරන්නෙහිය. ඔබ කැමති අය පහත් කරන්නෙහිය. සියල්ල පිහිටා ඇත්තේ ඔබේ අනු දැනුම හා යුක්තිය මතය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබ සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.”

Aal-i-Imraan 3:26Listen in Qur'an →
27

تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۖ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ ۖ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍۢ

ඔබම රාත්‍රිය, දහවලට ඇතුළු වීමට සලස්වන්නේය. ඔබම දහවල, රාත්‍රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. පණ නැති දැයෙන්, පණ ඇති දැය ඉකුත් කරන්නේද ඔබමය. පණ ඇති දැයෙන්, පණ නැති දැය ඉකුත් කරන්නේද ඔබමය. ඔබ කැමැත්තන්ට අප්‍රමාණවම ලබා දෙන්නේය”.

ඔබ දහවල තුළට රාත්රිය ඇතුළු කොට දහවල් කාලය දිගු කිරීමත් රාත්රිය තුළට දහවල ඇතුළු කොට රාත්රි කාලය දිගු කිරීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නාගෙන් දෙවියන් විශ්වාස කරන්නා හෙළි කිරීම බීජයෙන් පැළ මතු කිරීම වැනි පණ නැති දැයින් ජීවමාන දෑ මතු කිරීමත් දෙවියන් විශ්වාස කරන්නාගෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නා බැහැර කිරීම කිකිළියගෙන් බිත්තර මතු කිරීම වැනි ප්රාණය සහිත දැයින් ප්රාණය නැති දෑ බැහැර කිරීමත් ඔබේ ශක්තිය විදහා පාන සාධක වෙති. ඔබ කැමති අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ඇතිතරම් පෝෂණය ලබා දෙන්නෙහිය.

Aal-i-Imraan 3:27Listen in Qur'an →
28

لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةًۭ ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ

විශ්වාසවන්තයින් (තමන් මෙන්) විශ්වාසවන්තයින් මිස, ප්‍රතික්ෂේප කරන්නන්ව තමන්ට ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගත යුතුය. ඔවුන්ගෙන් (තමන්ව) ආරක්ෂා කර ගන්නට මිස, කවුරුන් හෝ මෙසේ කළහොත් ඔවුන්ට අල්ලාහ්ගේ සන්නිධානයෙන් කිසිම සම්බන්ධයක් නැත. අල්ලාහ් තමන් ගැන ඔබට (බිය ගන්වා) අනතුරු අඟවන්නේය. (ඔබ) අල්ලාහ් වෙතටම (අවසානයේදී) යා යුතුව ඇත්තේය.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන් විශ්වාස කරන්නන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් ඔබට උදව් කරන, ඔබ ප්රිය කරන භාරකරුවන් බවට පත් කර නොගනු. කවරෙකු එසේ සිදු කරන්නේද අල්ලාහ්ගේ භාරයෙන් ඔහු ඉවත් වන්නේය. අල්ලාහ්ද ඔහුගෙන් ඉවත් වනු ඇත. නමුත් ඔවුන් නුඹලා පාලනය කරන පාලකයින් නම් නුඹලාගේ ජීවිත වලට ඔවුන් තර්ජනයක් නම් ඔවුන්ගේ වේදනාවන්ට බිය වී ඔවුන් සමග වූ සතුරුකම සිත සඟවා ගනිමින් මෘදු කතාවෙන් හා මෘදු ක්රියාවෙන් ඔවුන් සමග කටයුතු කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් නුඹලාට අවවාද කරයි. එබැවින් නුඹලා ඔහුට බිය වනු. පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ලබන්නට නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණි.

Aal-i-Imraan 3:28Listen in Qur'an →
29

قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔබගේ සිත්හි ඇති දැය ඔබ සඟවා ගත්තද, නැතහොත් ඔබ (එයට වෙනස්ව) එළිදරව් කළද, නියත වශයෙන්ම අල්ලාහ් එය හොඳින් දන්නේය. (එපමණක්ද?) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද ඔහු දන්නේය. (දැන ගන්නවා පමණක් නොව) අල්ලාහ් (මේවා) සියල්ල කෙරෙහිම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දූතය දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් සමග ආශ්රය කිරීම වැනි අල්ලාහ් නුඹලාට තහනම් කළ දෑ නුඹලාගේ සිත් තුළ නුඹලා සඟවා ගත්තද එය නුඹලා හෙළි කළ ද ඒ ගැන අල්ලාහ් දන්නේය. කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ඔහු දන්නේය. සියලු දෑ කෙරෙහි ඔහු සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නැත යැයි පවසනු.

Aal-i-Imraan 3:29Listen in Qur'an →
30

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ مِنْ خَيْرٍۢ مُّحْضَرًۭا وَمَا عَمِلَتْ مِن سُوٓءٍۢ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًۭا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ

සෑම ආත්මයක්ම තමන් කළ පින්ද, තමන් කළ පව්ද ප්‍රත්‍යක්ෂව දකින දිනදී (දුක් වී) තමන්ටත් එයටත් අතරේ දීර්ඝ දුරස් ප්‍රමාණයක් හරස් විය යුතු නොවේදැයි කැමති වනු ඇත. එබැවින් අල්ලාහ් ඔබට තමන් ගැන (බිය ගන්වා) අනතුරු අඟවන්නේය. (මන්දයත්) අල්ලාහ් තම වහලූන් කෙරෙහි අධික වශයෙන් දයාබරව සිටින්නේය.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම ආත්මයක්ම සිදු කළ යහපත් ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු අඩුවකින් තොර ව ඒවා ගෙන එනු ලැබේ. අයහපත සිදු කළ තැනැත්තා එය හා තමන් අතර දිගු කාල පරතරයක් තිබීමට ආශා කරයි. නමුත් එම ආශාවේ කුමන ඵලක් ද? අල්ලාහ් නුඹලාට අවවාද කර ඇත්තේය. එහෙයින් පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. අල්ලාහ් තම ගැත්තන්හට දායලුය. එහෙයින් ඔහු ඔවුනට අවවාද කරයි. ඔවුන් බියවද්දයි.

Aal-i-Imraan 3:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.