ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًۭا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ
(බුද්ධිමත්) මෙවැන්නන් (තමන්ගේ) නැගී සිටීමේද, වාඩි වීමේද, තමන්ගේ නින්දෙහිද, අල්ලාහ්වම සිතා අහස් හා භූමියෙහි උත්පාදනය ගැනද සිතා “අපගේ දෙවියනේ! ඔබ මේවා නිකරුණේ උත්පාදනය කර හැරියේ නැත. ඔබ ඉතාමත් පරිශුද්ධය. (නිරා) ගින්නේ දඬුවමෙන් අපව ඔබ බේරා ගනු මැනව! “
ඔවුන් වනාහි ඔවුන්ගේ සෑම තත්ත්වයකම ඔවුහු අල්ලාහ් ව මෙනෙහි කරති. ඔවුන් සිට ගෙන සිටිය ද වාඩි වී සිටියද හාන්සි වී සිටියද ඒ සෑම අවස්ථාවකම ඔහුව මෙනෙහි කරති. අහස් හා මහපොළොව මැවීම පිළිබඳ කල්පනාව මෙසේ පවසමින් ක්රියාවට නංවති. ‘අපගේ පරමාධිපතියාණනි, මෙම දැවැන්ත මැවීම ඔබ නිකරුණේ මැව්වේ නැත. පුහුභාවයෙන් ඒ සියල්ල පිරිසිදුය. එහෙයින් දැහැමි කටයුතු කිරීමට අපට ආශිර්වාද කොට නපුරුකම් කිරීමෙන් අප ව ආරක්ෂා කොට නිරයේ දඬුවමින් අප මුදවා ගනු මැනව’!