Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 181–190 of 200

181

لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌۭ وَنَحْنُ أَغْنِيَآءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

“නියත වශයෙන්ම අල්ලාහ් දුප්තෙකි; අපිම ධනවතුන්ය” යයි කවුරුන් පැවසූවෙහුද, ඔවුන්ගේ වදන නියත වශයෙන්ම සවන් දුන්නේය. (මෙසේ) ඔවුන් පැවසීමද, අසාධාරණයේ නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීමද, නියත වශයෙන්ම අපි සටහන් කරමින්ම සිටින්නෙමු. (එබැවින් පරලොවදී ඔවුන්ට) “දවාලන දඬුවම ඔබ (පොඩියක්) විඳ බලනු” යයි අපි කියන්නෙමු.

“සැබැවින්ම අල්ලාහ් අපගෙන් ණය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වනුයේ ඔහු දිළිඳු බවය. අප ළඟ ඇති ධනය හා වස්තුව හේතුවෙන් අපි පොහොසතුන් වෙමු” යැයි යුදෙව්වන් පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ එම ප්රකාශයට අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ගෙතූ බොරුව හා අසත්යය ගැනත් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නබිවරුන් ඔවුන් ඝාතනය කිරීම ගැනත් අපි සටහන් කරගෙන ඇත්තෙමු. ‘දැවෙන ගින්නේ දඬුවම නුඹලා විදිනු’ යැයි අපි ඔවුනට පවසන්නෙමු.

Aal-i-Imraan 3:181Listen in Qur'an →
182

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّامٍۢ لِّلْعَبِيدِ

(තවද) “ඔබගේ දෑත් කර යැවූ දැයම මෙයට හේතුව වේ. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ට පොඩියක් හෝ අපරාධයක් කරන්නේ නැත” (යයිද පවසන්නෙමු).

අහෝ! යුදෙව්වනි, මෙම දඬුවම නුඹලාගේ දෑත් ඉදිරිපත් කළ පාපකම් හා ද්රෝහිකම් හේතුවෙනි. එසේ පැවසීමට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කිසිදු ගැත්තෙකුට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බැවිණි.

Aal-i-Imraan 3:182Listen in Qur'an →
183

ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيْنَآ أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍۢ تَأْكُلُهُ ٱلنَّارُ ۗ قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌۭ مِّن قَبْلِى بِٱلْبَيِّنَٰتِ وَبِٱلَّذِى قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

(තවද යුදෙව්වන් වන) ඔවුන් “(අල්ලාහ්ගේ) කුමන දූතයෙකු වුවද ඔහු ලබා දෙන කුර්බානිය, ගින්න අනුභව නොකරන තුරු (ඔහුව) අපි විශ්වාස නොකළ යුතුය යයි නියත වශයෙන්ම අල්ලාහ් අප වෙතින් පොරොන්දුවක් ලබාගෙන ඇත්තේය” යයිද පවසන්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ කියනු: “මට පෙර ඔබ වෙත පැමිණි දූතයින් ඔබ ඉල්ලු මෙයද, (වෙනත් විවිධ) පැහැදිලි සාධකයන්ද ගෙන ආවාහ. (එසේ තිබියදී ඇත්තෙන්ම) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් ඔවුන්ව ඔබ කුමක් නිසා ඝාතනය කළෙහුද?”

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පුස්තකයේ මෙන්ම ඔහුගේ නබිවරුන්ගේ කටින් ඔහු පවසන දෑ තහවුරු කරන යමක් අප වෙත පැමිණෙන තෙක් කිසිදු දූතයකු අප විශ්වාස නොකළ යුතු යැයි ද එය අල්ලාහ් වෙත සමීප කරවන අහසින් පහළ වන ගින්නක් තුළින් පිළිගනු ලබන දානයක් වැනි දෙයක් විය යුතු යැයි ද අපට උපදෙස් දී ඇතැයි ව්යාජ ලෙස පවසා සිටියෝය. ඔවුහු එය අල්ලාහ් දුන් උපදෙසක් යැයි ඔහු සමග සම්බන්ධ කරමින් ඔහු කෙරෙහි බොරු පවසති. ඔවුන් සඳහන් කළ අයුරින් රසූල්වරුන් තහවුරු කරන සාධක මීට පෙර පැමිණ තිබිණ. එබැවින් අල්ලාහ්, තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට මෙසේ පවසන මෙන් අණ කර සිටියේය: ‘මට පෙර ද තම සත්යය භාවය තහවුරු කරන පහැදිලි සාධක සමගත් නුඹලා පවසන පරිදි අහසින් ගින්නක් පහළ වී එය දවාලමින් දෙවිඳුන්ගේ පිළිගැනීමට ලක්වන ආකාරයේ සාධක සමගත් දූතවරුන් නුඹලා වෙත පැමිණියහ. නමුත් නුඹලා පවසන දෑහි නුඹලා සත්යවාදීහු නම් නුඹලා ඔවුන් බොරු කරමින් ඝාතනය කළේ මන්ද?

Aal-i-Imraan 3:183Listen in Qur'an →
184

فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌۭ مِّن قَبْلِكَ جَآءُو بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلْكِتَٰبِ ٱلْمُنِيرِ

(නබියේ! මින්) පසුවද, ඔබව බොරු කළහොත් (ඒ ගැන ඔබ දුක් නොවනු. මන්දයත්) ඔබට පෙර පැමිණි දූතයින් බොහොමයක්වද, (ඔවුන් විසින් මේ අන්දමටම) බොරු කරනු ලැබූහ. ඔවුන් නම් පැහැදිලි සාධකයන්ද, ධර්ම පුස්තකයන්ද, දීප්තිමත් ධර්මයද ගෙන එමින්ම සිටියහ.

අහෝ! නබිවරය, ඔවුන් නුඹ ව බොරු කර සිටියේ නම් ඒ ගැන නුඹ දුක් නොවන්න. එසේ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ සිරිතකි. පැහැදිලි සාධක උපදෙස් හා සියුම් කරුණු ඇතුළත් පුස්තක හා නීතිරීති හා ආගමික පිළිවෙත් සහිත මාර්ගෝපදේශන සමග නුඹට පෙර පැමිණි දහම් දූතවරු බොහෝමයක් ද බොරු කරනු ලැබූහ.

Aal-i-Imraan 3:184Listen in Qur'an →
185

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۖ فَمَن زُحْزِحَ عَنِ ٱلنَّارِ وَأُدْخِلَ ٱلْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ

සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාකයන් ඔබ පූරණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දිනදීය. එබැවින් (එදින) කවුරුන් (නිරා) ගින්නෙන් ඈත් කර, ස්වර්ගයෙහි ඇතුළු කරනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම (ඉමහත්) භාග්‍යය අත් කර ගත්තේය. මෙලොව ජීවිතය වශී කළ හැකි (අල්ප) සුවයම මිස වෙන කිසිවක් නැත.

සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳිය යුතුමය. මෙලොව පවතින කිසිදු මැවීමක් මුළාවට පත් නොවිය යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ කම් සඳහා කිසිදු අඩුවකින් තොර ව නුඹලාට පූර්ණ ලෙස ප්රතිඵල පිරිනමනු ලැබේ. එහෙයින් අල්ලාහ් කවරෙකු නිරයෙන් දුරස් කොට ස්වර්ගයට ඇතුළත් කළේ ද එවැන්නන් කවර යහපතක් බලාපොරොත්තු වූයේද එය හිමි කර ගනු ඇත. කවර නපුරක් පිළිබඳ බියෙන් සිටියේ ද එයින් ජය ලබනු ඇත. මෙලොව ජීවිතය ඉතා අල්ප භුක්ති විඳීමක් මිස වෙනෙකක් නොවේ. ඒ සමග බැඳී ඇත්තේ රැවටීම පමණය.

Aal-i-Imraan 3:185Listen in Qur'an →
186

۞ لَتُبْلَوُنَّ فِىٓ أَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوٓا۟ أَذًۭى كَثِيرًۭا ۚ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ

(විශ්වාසවන්තයිනි!) ඔබගේ වස්තූන්ගෙන්ද, ඔබගේ ආත්මයන්ගෙන්ද, (පරාජය කරනු ලැබීම මගින්) නියත වශයෙන්ම ඔබව පිරීක්සනු ලබන්නෙහුය. තවද ඔබට පෙර ධර්මය ලබා දෙනු ලැබූවන්ගෙන්ද, සමානයන් තැබූවන්ගෙන්ද, අනේක නපුරු වදන්ද නියත වශයෙන්ම ඔබට ආරංචි වනු ඇත. (මෙවැනි අමාරුකම්) ඔබ (ඉවසීමෙන් යුතුව) විඳ දරා ගනිමින් සිට, පරිශුද්ධවන්තයින් වශයෙන් කටයුතු කරගෙන සිටියහොත් (ඔබ ජයග්‍රහණය කරන්නෙහුය). නියත වශයෙන්ම මෙයම වීර ක්‍රියාවක් වශයෙන් තිඛෙණු ඇත.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාගේ වස්තුවෙහි නුඹලා අනිවාර්යයෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ද එමගින් ඇති වන පරීක්ෂණ සම්බන්ධයෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. එමෙන්ම, ආගමික වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලාට විවිධාකාරයේ දුෂ්කරතා පහළ කිරීමෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. නුඹට පෙර ආගම් දෙනු ලැබූවන්ගෙන් ද දෙවියන්හට ආදේශ තැබූවන්ගෙන්ද නුඹලාටත් නුඹලාගේ දහමටත් දොස් නගා නුඹලා වේදනාවට පත් කරන බොහේ දෑට නුඹලාට සවන් දෙන්නට සිදු වනු ඇත. නමුත් නුඹලාට අත්වන එවන් විවිධ පරීක්ෂණ හා දුෂ්කරතා මත නුඹලා ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ් අණ කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දෑ අතහැර දමමින් ඔහු ගැන මතකයෙන් කටයුතු කළේ නම් සැබැවින් එය ස්ථාවරභාවයට අවශ්ය වන තරඟ වදින්නන් තරඟ වැදිය යුතු කරුණු අතුරින් එකක් බව දැන ගත යුතුය.

Aal-i-Imraan 3:186Listen in Qur'an →
187

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ

ධර්මය දෙනු ලැබූවන්ගෙන් “(ඔබට දෙනු ලැබූ) ධර්මය සඟවා නොගෙන ජනතාවට පැහැදිලිව ගෙනහැර දැක්විය යුතුය” යයි අල්ලාහ් පොරොන්දුවක් ලබා ගැනීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. එහෙත් ඔවුන් (තමන්ගේ) මෙම පොරොන්දුව තමන්ගේ පිට කොන්ද පැත්තෙන් වීසි කර දැමීමෙන් අනතුරුව, මේ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නාහ. ඔවුන් ලබා ගත් දැය ඉතාමත් නපුරුය.

ජනයා වෙත අල්ලාහ්ගේ පුස්තකය තමන් පැහැදිලි කරන බවටත් එහි ඇති මගපෙන්වීම් කිසිවක් නොසඟවන බවටත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පිළිබඳ සඳහන් කවර මගපෙන්වීමක් හෝ නොසඟවන බවටත් ආගම් ලත් යුදෙව් හා කිතුනු විද්වතුන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත් අවස්ථාව නබිතුමනි, ඔබ මෙනෙහි කර බලන්න. නමුත් ඔවුහු ඒ දෙස නොබලා එම ප්රතිඥාව අතහැර දැමූහ. සත්යය වසන් කළහ. අසත්යය මතු කර පෙන්වූහ. අල්ලාහ්ගේ ගිවිසුම තමන්ට ලැබෙන අල්ප ගෞරවය හා මුදල් වැනි අල්ප වටිනාකමක් සඳහා හුවමාරු කර ගත්හ. අල්ලාහ්ගේ ගිවිසුම වෙනුවට එසේ ඔවුන් හුවමාරු කරගත් අල්ප වටිනාකම අයහපත් විය.

Aal-i-Imraan 3:187Listen in Qur'an →
188

لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍۢ مِّنَ ٱلْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

(නබියේ!) ඔබ මෙසේ නොසිතිය යුතුය: කවුරුන් තමන් කළ (අල්ප) ක්‍රියාවන් ගැන සතුටට පත් වී තමන් නොකළ (දැහැමි) කාරණාවන් ගැනද, තමන් ප්‍රශංසා කරනු ලැබීම ගැන කැමති වන්නෝද, ඔවුන් දඬුවමෙන් බේරේවි යයි නියත වශයෙන්ම (කිසි විටෙකත්) ඔබ නොසිතනු. ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.

අහෝ! නබිවරය, නපුරුකම් සිදු කොට ඔවුන් නොකළ යහපතක් පිළිබඳ ජනප්රසාදය අපේක්ෂා කරන්නන් ඔවුනට හිමි දඬුවමින් මිදෙනු ඇතැයි හෝ ඔවුන් නිදහසේ සිටිනු ඇතැයි නුඹ නොසිතනු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එහි ඔවුනට වේදනා ගෙන දෙන දඬුවමක් ඇත.

Aal-i-Imraan 3:188Listen in Qur'an →
189

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය! සියල්ල කෙරෙහි අල්ලාහ් බලසම්පන්ය.

අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද මැවීමේ හා සැලසුම් කිරීමේ බලය හා ආධිපත්යය අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට හිමි නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.

Aal-i-Imraan 3:189Listen in Qur'an →
190

إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ

අහස් හා භූමිය උත්පාදනයෙහිද, රාත්‍රිය හා දහවලේ වෙනස් වීමෙහිද බුද්ධිමතුන්ට නියත වශයෙන්ම බොහෝ සාධකයන් ඇත.

පූර්වාදර්ශයකින් තොරව ශුන්ය තත්ත්වයේ සිට අහස් හා මහපොළොව බිහි කිරීමෙහිද රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් පැමිණීමෙහි ද එකක් දිගු ලෙසත් අනෙක කෙටි ලෙසත් එකිනෙක වෙනස් වෙමින් තිබීමෙහි ද මනා බුද්ධියක් ඇති අයට පැහැදිලි සාධක ඇත. එය නැමදුමට සුදුස්සා ලොවේ මැවුම්කරු ඒකීය යැයි ඔවුනට පෙන්වා දෙන්නේය.

Aal-i-Imraan 3:190Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.