Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 171–180 of 200

171

۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ

අල්ලාහ්ගේ (දයාවෙන් තමන් අත් කර ගත්) භාග්‍යය ගැනද, ශ්‍රේෂ්ඨත්වය ගැනද, නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ (හොඳ) ඵලවිපාක (පොඩියක් හෝ) අපතේ හරින්නේ නැත යන්න ගැනද, සතුටට පත් වෙමින් සිටින්නාහ.

මේ සමගම ඔවුන් අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වූ මහඟු කුසල් පිළිබඳවත් එම කුසල් වලට අමතර ව දෙනු ලබන දැවැන්ත කුසල් පිළිබඳවත් සතුටු වෙති. තමන් විශ්වාස කළ ගැත්තන්ගේ කුසල් කිසිවක් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම දානය කරනු ඇත. ඊටත් වඩා වැඩිපුර කුසල් ප්රමාණයක් ද පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:171Listen in Qur'an →
172

ٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعْدِ مَآ أَصَابَهُمُ ٱلْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ مِنْهُمْ وَٱتَّقَوْا۟ أَجْرٌ عَظِيمٌ

ඔවුන් කෙබන්දන්දයත් තුවාල සිදු වීමෙන් පසුවද, අල්ලාහ්ගේද (ඔහුගේ) දූතයාගේද ආරාධනාවට අවනත වී (යුද්ධයට) ගියහ. (අල්ලාහ්ට) බිය වී දැහැමි දැය කළ මෙවැන්නන්ට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක ඇත.

උහද් දිනයේ තුවාල ලැබුවායින් පසු සිදු වූ ‘හම්රාඋල් අසද්’ නම් සංග්රාමයේ දී දෙවියන් ආදේශ කළ ද්රෝහීන් හමුවීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමටත් පිටත් වන්නැයි ඇරයුම් කරනු ලබන විට අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දුන් අය වනාහි, ඔවුන්ට අත් වූ තුවාල අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ඇරයුමට පිළිතුරු දීමෙන් වැළැක්වූයේ නැත. ඔවුන් අතරින් තම ක්රියාවන් යහපත් අයුරින් සිදු කොට, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කළ අයට අල්ලාහ්ගෙන් වූ මහත් ප්රතිලාභ හිමිය. එය ස්වර්ගයයි.

Aal-i-Imraan 3:172Listen in Qur'an →
173

ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَٰنًۭا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

තවද සමහරෙක් ඔවුන් වෙත (පැමිණ) “ඔබට විරුද්ධව (යුද්ධ කිරීමට) සියලූ මිනිසුන්ම නියත වශයෙන්ම ඒකරාශී වී සිටින්නාහ. එබැවින් ඔවුන්ට බිය වනු” යයි පැවසූ අවස්ථාවේදී, ඔවුන්ට (බිය ඇති වීම වෙනුවට) විශ්වාසයම වැඩි විය. තවද “අල්ලාහ්ම ඔබට ප්‍රමාණවත් වන්නේය. ඔහු උසස් ආරක්ෂකයෙකු වශයෙන්ම සිටින්නේය” යයිද පැවසූහ.

සැබැවින්ම කුරෙය්ෂ්වරු අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් විශාල සේනාවක් නුඹලා සමග සටන් කිරීමටත් නුඹලාට තීන්දු කිරීමටත් රැස් ව ඇත. එහෙයින් ඔවුන් ගැන ප්රවේශම් වන්න. ඔවුන් හමු වීමට බියවන්නැයි දෙවියන් ආදේශ කළ ඇතැම් ද්රෝහීන් විසින් තමන්හට පවසනු ලැබූ විට එම ප්රකාශය හා බියගැන්වීම අල්ලාහ් පිළිබද තහවුරු කර සිටීමත් ඔහුගේ ප්රතිඥාව දැඩි ලෙස විශ්වාස කිරීමත් ඔවුනට වැඩි කළේය. ‘අල්ලාහ් අපට ප්රමාණවත්ය. අපගේ කරුණු ඔහු වෙත පවරන්නට වඩාත් යහපත් අය ඔහුය’ යැයි පවසමින් ඔවුන් හමුවීමට පිටත් ව ගියහ.

Aal-i-Imraan 3:173Listen in Qur'an →
174

فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌۭ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ

එබැවින් ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ද, භාග්‍යයද ලබා ගනිමින් ආපසු පැමිණියහ. ඔවුන්ට කිසිම හානියක් ළඟා වූවේ නැත. (මන්දයත්) ඔවුන් අල්ලාහ්ගේ කැමැත්තම අනුගමනය කරමින් ගියහ. (වස්තුවට කැමති වී ගියේ නැත). අල්ලාහ් නම්, ඉමහත් වූ දානපතියෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් වස්තූන්ද ඔවුන්ට ලබා දුන්නේය).

ඔවුන් පිටත් ව ගිය පසු හම්රාඋල් අසද් වෙත තම සතුරන්ගෙන් සුරක්ෂිත ව තම තරාතිරම් අධික ව ලබා අල්ලාහ්ගෙන් වූ අතිමහත් ප්රතිඵල සමග ඔවුහු හැරී ගියහ. කිසිදු මරණයක් හෝ තුවාලයක් ඔවුනට සිදු නොවීය. අල්ලාහ්ට අවනත වී පාපකම් වලින් වැළකී ඔහු ඔවුන් පිළිබඳ තෘප්තිමත් වන දෑ ඔවුහු පිළිපැද්දාහ. අල්ලාහ් තමන් විශ්වාස කරන ඔහුගේ ගැත්තන්හට ඉමහත් සේ භාග්ය පිරිනමන්නාය.

Aal-i-Imraan 3:174Listen in Qur'an →
175

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيْطَٰنُ يُخَوِّفُ أَوْلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ

මෙසේ (ඔවුන්ව බිය ගැන්වීමට උත්සාහ) කළේ එක් ෂෙයිතාන්වරයෙකි. ඔහු තම මිතුරන් ගැන බිය ගැන්වූවේය. එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ (සත්‍ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔවුන්ට බිය නොවනු. මටම බිය වනු.

නුඹලා බිය ගන්වනුයේ ෂෙයිතාන්ය. ඔහුගේ උදව්කරුවන් හා සගයින් ලවා ඔහු නුඹලා ව බිය ගන්වයි. එහෙයින් නුඹලා ඔවුන් ගැන බිය නොවනු. ඔවුනට කිසිම වෙනසක් කිරීමේ බලයක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත. නුඹලා අල්ලාහ් පිළිබඳ සැබෑ ලෙස විශ්වාස කරන්නන් වී නම් අල්ලාහ්ට පමණක් අවනත වී බියභක්තියෙන් යුතු ව කටයුතු කරනු.

Aal-i-Imraan 3:175Listen in Qur'an →
176

وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا ۗ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّۭا فِى ٱلْءَاخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

(නබියේ!) ප්‍රතික්ෂේපය දෙසට ඔවුන් ඉක්මන් කර යෑමෙන් ඔබව දුකට පත් නොකළ යුතුය. (මන්දයත් එමගින්) නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ට කිසිම හානියක් කර හැරීමට නොහැකිය. පරලොවදී ඔවුන්ට කිසිම භාග්‍යයක් නොලැබී සිටීමට සැලැස්වීමට අල්ලාහ් අදහස් කරන්නේය. (එබැවින් ඔවුන් ප්‍රතික්ෂේපය දෙසට යන්නාහ). තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.

අහෝ! දූතය, කුහකයින් අතුරින් නැවතත් තම පැරණි දහම මත හැරී යමින් දේව ප්රතික්ෂේපය තුළ යුහුසුළු ව කටයුතු කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුන් ශක්තිය නොලබති. අල්ලාහ් ව විශ්වාස කිරීම ඔහුට අවනත වීම යනාදියෙන් ඔවුන් දුරස් වීමෙන් ඔවුන් ඔවුන්ටම හානිපමුණුවා ගනිති. මතු ලොව සැපසම්පත් වලින් හිමි කොටස ඔවුනට හිමිකර නොදී ඔවුන්හට ආශිර්වාද ලබා නොදී ඔවුන් අවමානයට පත් කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. ඔවුනට නිරා ගින්නේ මහත් වූ දඬුවම් ඇත.

Aal-i-Imraan 3:176Listen in Qur'an →
177

إِنَّ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

කවුරුන් (තමන්ගේ) විශ්වාසය විකුණා දමා, ප්‍රතික්ෂේපය ලබා ගත්තෝද, ඔවුන් (එමගින්) නියත වශයෙන්ම අල්ලාහ්ට අනු ප්‍රමාණයකින් හෝ හානියක් කිරීමට නොහැකිය. නමුත් ඔවුන්ටම (එමගින්) වේදනා ගෙන දෙන දඬුවම් ලැඛෙනු ඇත.

දෙවියන් කෙරෙහි තැබිය යුතු විශ්වාසය වෙනුවට දෙවියන් ප්රතික්ෂේප කිරීම හුවමාරු කර ගත් අය වනාහී ඔවුන් විසින් අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කළ නොහැක්කේමය. ඔවුන් හානි කරගනුයේ ඔවුන්ටමය. මතු ලොවෙහි වේදනා සහගත දඩුවමක් ඔවුනට ඇත.

Aal-i-Imraan 3:177Listen in Qur'an →
178

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌۭ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًۭا ۚ وَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ

ප්‍රතික්ෂේප කරන්නන්ව (එවෙලෙ එවෙලේම දඬුවම් නොකර) අපි ප්‍රමාද කිරීම තමන්ට හොඳක් යයි නියත වශයෙන්ම ඔවුන් නොසිතිය යුතුය. (දඬුවම) අපි ඔවුන්ට ප්‍රමාද කර හරින්නේ, ඔවුන් පාපයෙහි (තව තවත්) අධික කර හැරීමටය. (අවසානයේදී) ඔවුන්ට අවමන් ගෙන දෙන ද`ඩුවම් ඇත.

තම පරමාධිපතියාණන් ප්රතික්ෂේප කොට ඔහුගේ පිළිවෙත ප්රතික්ෂේප කළවුන් වනාහි, තමන්හට දඬුවම් නොදී අතහැර දමා තමන් කවර කරුණක් මත දේව ප්රතික්ෂේයෙන් යුතු ව කටයුතු කළේ ද එහි නිරත වීමට තම ආයුෂ දීර්ඝ කර තිබීම තමන්හට යහපත් යැයි ඔවුන් නොසිතිය යුතුයි. එසේ අප ඔවුන් අතහැර දමා ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ පාපයට අමතර ව තව තවත් අධික ව පාපකම් ඔවුන් සිදු කිරීම සඳහා ය. ඔවුනට නින්දනීය දඬුවමක් ඇත.

Aal-i-Imraan 3:178Listen in Qur'an →
179

مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلْمُؤْمِنِينَ عَلَىٰ مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطْلِعَكُمْ عَلَى ٱلْغَيْبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجْتَبِى مِن رُّسُلِهِۦ مَن يَشَآءُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ فَلَكُمْ أَجْرٌ عَظِيمٌۭ

(වංචනිකයිනි!) ඔබ සිටින මෙම තත්වයෙහි හොඳ අය අසවලා යයිද, පාපතරයා අසවලා යයිද වෙන්කර දැනුම් නොදී (ඔබත් සමග මුහු වී සිටීමට) විශ්වාසවන්තයින්ව අල්ලාහ් අත්හැර දමන්නේ නැත. තවද ගුප්ත දැයද අල්ලාහ් ඔබට දැනුම් දෙන්නේ නැත. එහෙත් තම දූතයින්ගෙන් තමන් කැමැත්තන්ව (මෙය දැන්වීමට) අල්ලාහ් තෝරා ගන්නේය. එබැවින් (මිනිසුනේ!) අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද විශ්වාස කරනු. ඔබ (ඇත්තෙන්ම) විශ්වාස කර, (ඔහුට) බිය වී (කටයුතු) කළහොත් ඔබට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක ඇත.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, සැබෑ දේව විශ්වාස කරන්නන් කවුරුන්දැයි පැහැදිලි නොකර නුඹලා එකිනෙකා අතර වෙන් නොකර කුහකහයින් සමගම මිශ්ර වී කටයුතු කරන්නට නුඹලා ව අතහැර දැමීම අල්ලාහ්ගේ අරමුණ නොවන්නේය. විවිධ දුෂ්කරතා හා පරීක්ෂණ වලට ලක් කරමින් නපුරු කුහකයාගෙන් දැහැමි විශ්වාසවන්තයා හෙළි කොට නුඹලා ඔවුන් වෙන් කර හඳුනා ගන්නා තෙක් තත්ත්වය එසේ පවතිනු ඇත. නුඹලා ගුප්ත දෑ යොමු වී ඒ ගැන සොයා බලා කුහකයා හා දේව විශ්වාසිකයා අතර වෙන් කර හඳුනා ගැනීමට සැලැස්වීම අල්ලාහ්ගේ ප්රඥාව නොවීය. නමුත් අල්ලාහ් තමන් කැමති දූතයකු ඒ සඳහා තෝරා ගෙන ඇතැම් ගුප්ත දෑ වෙත අවධානය යොමු කරන්නට සලස්වයි. ඔහුගේ නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට කුහකයින්ගේ තත්ත්වය දෙස බලන්නට සැලැස්වීම ද එවැන්නකි. එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැබෑ කරනු. නුඹලා සැබෑ ලෙසින්ම විශ්වාස කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නේ නම් නුඹලාට අල්ලාහ් අබියස අතිමහත් කුසල් හිමි වනු ඇත.

Aal-i-Imraan 3:179Listen in Qur'an →
180

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًۭا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّۭ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ

අල්ලාහ් තම දයාව මගින් ඔවුන්ට ලබා දුන් වස්තූන්ගෙන් කවුරුන් මසුරුකම් දක්වන්නෝද ඔවුන්, එය ඔවුන්ට හොඳක් යයි නොසිතිය යුතුය. එය ඔවුන්ට නපුරක් බවටම අවසන් වනු ඇත. ඔවුන් මසුරුකම මගින් එක්කාසු (කර තැබූ) වස්තූන් විනිශ්චය දිනදී ඔවුන්ගේ ඛෙල්ලෙහි මාලයක් වශයෙන් පටලවා හරිනු ලැබේ. අහස් හා භූමියෙහි උරුමක්කාර අයිතිය අල්ලාහ්ටම අයත්ය. අල්ලාහ් ඔබ කරන දෑ සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔවුන්හට පිරිනැමූ ආශිර්වාද සම්බන්ධයෙන් ඔවුන් මසුරුකම් පා, ඒවා තුළින් අල්ලාහ්ට කළ යුතු යුතුකම් නොකොට ඉන් වැළකී සිටින්නන් එය තමන්හට යහපත් යැයි නොසිතිය යුතුයි. එය ඔවුනට හානිදායකය. ඔවුන් කවර කරුණක් පිළිබඳ මසුරු වූයේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා මාල බවට පත් කර ඔවුන්ගේ ගෙල වටා පළඳුවනු ලැබ එමගින් ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. අහස් හි හා මහපොළොවේ ඇති දෑ උරුම වනුයේ අල්ලාහ්ට පමණය. සියලුම මැවීම් විනාශ වී ගිය පසු අමරණීය වන්නේ ඔහු පමණය. නුඹලා කරන දෑහි සෑම සියුම් දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඒ සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:180Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.