Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–170 of 200

161

وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

නපුරක් කිරීම කිසිම නබිවරයෙකුට අයත් දැයක් නොව. කවුරුන් හෝ නපුරක් කළහොත් ඔහු එම නපුර කළ වස්තුවද, විනිශ්චය දිනදී (තමන් සමග) ගෙන එන්නට සිදු වනු ඇත. පසුව සෑම ආත්මයකටම (ඒ) ඒ දැය කළ පාපයන්ට (සරිලන ඵලවිපාක) පූරණ වශයෙන් දෙනු ලැබේ. ඒවා (කළ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) අසාධාරණයක් කරනු නොලැබේ.

යුද්ධයේදී සතුරන් විසින් දමා ගිය භාණ්ඩ විෂයයෙහි අල්ලාහ් කවර කරුණක් විශේෂ කොට පෙන්වා දුන්නේද ඒ හැර වංචා සහගත ලෙස ඒවා තමන් සතු කර ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. එම භාණ්ඩ කිසිවක් ලබා ගැනීමේදී නුඹලා අතර කවරෙකු හෝ වංචාවක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය ප්රසිද්ධියට පත් කොට ඔහු දඬුවමට ලක් කරනු ඇත. තමන් වංචා සහගව ලබා ගත් දෑ උසුලා ගෙන ඔහු මිනිසුන් අතරට එනු ඇත. පසු ව සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් දෑ සඳහා කිසිදු අඩුවක් සිදු නොකොට සම්පූර්ණ වශයෙන් ප්රතිඵල පිරිනමනු ඇත. ඔවුන්ගේ පාපකම් වැඩි කිරීමෙන් හෝ ඔවුන්ගේ කුසල් අඩු කිරීමෙන් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට සිදු නොකරනු ඇත.

Aal-i-Imraan 3:161Listen in Qur'an →
162

أَفَمَنِ ٱتَّبَعَ رِضْوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمَصِيرُ

අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කරන්නා අල්ලාහ්ගේ කෝපයෙහි පැටලූනු කෙනෙකු මෙන් වන්නේද? (නොඑසේය! කෝපයෙහි පැටලූනු) ඔහුගේ වාසස්ථානය නිරයයි. (එය) යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරු (ස්ථානයයි).

දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන්ගෙන් කවර කරුණක් ගැත්තෙකු ලබා එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අනුගමනය කරන්නා හා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට නපුරු කියාවන් සිදු කොට ඒ හේතුවන් අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් ව නිරය තම නවාතැන බවට පත් වූ අය හා සමාන වන්නේ නැත. එසේ ඔහු හැරී ගොස් නවතින තැන ඉතා නපුරුය.

Aal-i-Imraan 3:162Listen in Qur'an →
163

هُمْ دَرَجَٰتٌ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ

(අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කළ) ඔවුන් අල්ලාහ් වෙතින් විවිධ (උසස්) පදවීන් අත් කර ගන්නාහ. අල්ලාහ් ඔවුන්ගේ (දැහැමි) ක්‍රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

මෙලොව හා මතු ලොව නිලයන් හි අල්ලාහ් අභියස ඔවුන් විවිධ තරාතිරම් වලට අයත් වූවෝ වෙති. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. සෑම කෙනෙකුටම ඔවුන් කළ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:163Listen in Qur'an →
164

لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًۭا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ

අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි ඇත්තෙන්ම දයාව පහළ කර ඇත්තේය. ඔවුන් වෙනුවෙන් එක් දූතයෙකු (එයත්) ඔවුන්ගෙන්ම ඉකුත්ව පහළ වීමට සැලැස්සුවේය. ඔහු, ඔවුන්ට ඔහුගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ඔවුන්ව (පාපයන්ගෙන්) පරිශුද්ධ කරද තබන්නේය. තවද ඔවුන්ට ධර්මයද, ඥානයද උගන්වා දෙන්නේය. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර ප්‍රසිද්ධියේ වූ දුර්මාර්ගයෙහිමසිටියහ.

දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් ආශිර්වාද කළේය. ඔවුන් වෙත යහපත සැලසුවේය. එය ඔවුන් අතරට ඔවුන්ගේම ජාතියේ දූතයකු එවීමෙනි. ඔහු ඔවුන්හට අල්කුර්ආනය කියවා පෙන්වයි. ආදේශ කිරීමෙන් හා නින්දිත ගතිපැවතුම් වලින් ඔවුන් පිරිසිදු කරයි. කුර්ආනය හා තම පිළිවෙත ඔවුනට උගන්වයි. මෙම දූතයාණන් පැමිණීමට පෙර නුඹලා යහමගින් ඉවත් ව පැහැදිලි නොමගෙහි පසු වූහ.

Aal-i-Imraan 3:164Listen in Qur'an →
165

أَوَلَمَّآ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(විශ්වාසවන්තයිනි! බද්රු යුද්ධයෙහිදී) මීටත් වඩා දෙගුණයක අමාරුකම් ඔබ ඔවුන්ට ඇති කර තිබුණත්, (මෙම උහද් යුද්ධයේදී) ඔබට අමාරුකම්ක් ඇති වූ විට, ‘මෙය කෙසේ නම් (කවුරුන්ගෙන්) ඇති වූවේද?’යි ඔබ විමසූවෙහුය. (විමසීමට පටන් ගත්තෙහුය). “(ඔබ, ඔබගේ ආරක්ෂක ස්ථානයන්ගෙන් ඈත් වූ බැවින්) ඔබගේම වරදින් මෙය සිදු විය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඝාතනය කරනු ලැබ නුඹලා පරාජයට පත් වූහ. එසේම බද්ර් දිනයේ නුඹලා විසින් මීට වඩා දෙගුණයකින් නුඹලාගේ සතුරන් ඝාතනය කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. නමුත් නුඹලා මේ ගැන නොසිතා "අපි මුස්ලිම්වරුන් ලෙස සිටියදීත් නබිවරයාණන් අප අතර සිටියදීත් අපට මේ විපත්තිය සිදු වූයේ කොහින්දැ?"යි විමසා සිටියෙහුය. අහෝ! නබිවරය, නුඹලාට මෙම විපත්තිය අත් වූයේ නුඹලා දූතයාණන්ට පිටුපා නුඹලා අතර මත ගැටුම් ඇති කරගත් බැවිණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහු අභිමත කරන අයට උදව් කරනු ඇත. ඔහු අභිමත කරන අය අවමානයට පත් කරනු ඇත. යැයි පවසන්න.

Aal-i-Imraan 3:165Listen in Qur'an →
166

وَمَآ أَصَٰبَكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ فَبِإِذْنِ ٱللَّهِ وَلِيَعْلَمَ ٱلْمُؤْمِنِينَ

සේනාවන් දෙකම හමු වූ දින ඔබට සිදු වූ පාඩුව අල්ලාහ්ගේ නියෝගයට අනුවම (සිදු විය). සත්‍ය විශ්වාසවන්තයින්ව වෙන්කර දැනුම් දීම සඳහාම (මෙසේ කළේය).

නුඹලාගේ සේනාව හා දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සේනාව හමු වූ උහද් යුද දිනයේ දී නුඹලාට අත් වූ ඝාතන තුවාල හා පරාජය සැබෑ දේව විශ්වාස කළවුන් කවුරුන්දැයි නිරාවරණය කිරීමේ ගැඹුරු යථාර්ථයෙන් අල්ලාහ්ගේ අනුහසින් හා ඔහුගේ නියමයෙන් සිදු වූවකි.

Aal-i-Imraan 3:166Listen in Qur'an →
167

وَلِيَعْلَمَ ٱلَّذِينَ نَافَقُوا۟ ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا۟ قَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَوِ ٱدْفَعُوا۟ ۖ قَالُوا۟ لَوْ نَعْلَمُ قِتَالًۭا لَّٱتَّبَعْنَٰكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَٰنِ ۚ يَقُولُونَ بِأَفْوَٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ

එසේම වංචනිකයින්වද (වෙන්කර) දැනුම් දීමටම (මෙසේ කළේය. විශ්වාසවන්තයිනි! එම වංචනිකයින්ට “අප සමග එක්කාසු වී) අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට පැමිණෙනු. නැතහොත් (එම ප්‍රතික්ෂේප කරන්නන්ව) ඔබ වළක්වා දමනු” යයි ඔවුන්ට කියනු ලැබූ විට, “(මෙය) අපි යුද්ධයක් යයි අදහස් කර තිබුණේ නම්, නියත වශයෙන්ම අපි ඔබ පිටුපසින්ම පැමිණ ඇත්තෙමු” යයි ඔවුන් පැවසූහ. එදින ඔවුන් විශ්වාසයට වඩා ප්‍රතික්ෂේපයටම ඉතාමත් සමීපයෙන් සිටියහ. තමන්ගේ හෘදයන්හි නොමැති දැයම ඔවුන් තමන්ගේ මුවින් පැවසූහ. ඔවුන් (තම සිත්හි) සඟවා ඇති දැය අල්ලාහ් හොඳින් දන්නේය.

‘නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එසේ නැතහොත් සාමාන්ය මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු’ යැයි කුහකයින්හට පවසනු ලැබූ විට යුද්ධයක් සිදු වන බවට අප දැන සිටියා නම් අපි නුඹලා පසුපසින් නොඑන්නෙමු. නමුත් නුඹලා අතරත් එම පිරිස අතරත් සටනක් ඇති වේවී යැයි අපි නොසිතුවෙමු. ඔවුන් ඔවුන්ගේ දේව විශ්වාසයට වඩා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය වෙත වඩාත් සමීපයෙන් සිටින බව පෙන්වා දෙන තත්ත්වයක ඔවුන් පසු වූහ. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන් ඔවුන්ගේ මුඛ වලින් පවසා සිටියහ. ඔවුන්ගේ සිත අභ්යන්තරයේ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් අල්ලාහ් ඔවුනට පසු විපාක දෙනු ඇත.

Aal-i-Imraan 3:167Listen in Qur'an →
168

ٱلَّذِينَ قَالُوا۟ لِإِخْوَٰنِهِمْ وَقَعَدُوا۟ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا۟ ۗ قُلْ فَٱدْرَءُوا۟ عَنْ أَنفُسِكُمُ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ

(තවද) ඔවුන් (තමන්ගේ නිවෙස්හි) සිටිමින්ම (යුද්ධයෙහි මරණයට පත් වූ) තමන්ගේ සහෝදරයින් ගැන “ඔවුන්ද අපිව අනුගමනය කර, (නිවෙස්හි රැඳී) සිටියෙහු නම්, (යුද්ධයට ගොස් මෙසේ) කපනු නොලබන්නෙහුය” යයිද පැවසූහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ කියනු: “(ඇත්තෙන්ම) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ව මොකක්ද?) ඔබ, ඔබවම (පුළුවන් නම්) මරණයෙන් බේරා ගනු!”

යුද්ධය සඳහා පිටත් ව යෑමෙන් පසුබැස්සා වූ ඔවුන් උහද් යුද දිනයේ විපතට පත් වූ තම හිතමිතුරන් දෙස බලා ‘සැබැවින්ම ඔවුන් අපට අවනත වී යුද්ධය සඳහා පිටත් ව නොගියේ නම් මෙසේ ඝාතනය නොවන්නට තිබුණි’ යැයි පවසා සිටියහ. අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘සැබැවින්ම ඔවුන් නුඹලාට අවනත වී නම් ඔවුන් මරණයට පත් නොවන්නට තිබුණි යැයි ද නුඹලා මරණයෙන් මිදී සිටීමට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොකර රැඳී සිටීම යැයි ද නුඹලා ඉදිරිපත් කරන තර්කයෙහි නුඹලා සත්යවාදීහු නම් නුඹලාට මරණය පැමිණෙන විට නුඹලා නුඹලාගේ ආත්මය හැකිනම් වළක්වා ගනු.

Aal-i-Imraan 3:168Listen in Qur'an →
169

وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا ۚ بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කර) කපනු ලැබූවන්ව, මරණයට පත් වූවන් යයි ඔබ කිසි විටෙකත් නොසිතනු. ඔවුන් නියත වශයෙන්ම පණ පිටින් සිටින්නාහ. (තවද) ඔවුන් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔවුන්ට ආහාරද ලබා දෙමින් ඇත්තේය.

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් මියැඳුණැයි නුඹ නොසිතනු. නමුත් ඔවුහු තම පරාධිපති අබියස ඔහුගේ ගෞරවනීය නිවහන තුළ විශේෂ ජීවිතයක් ගත කරන අමරණීය අය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා විවිධ සැප පහසුකම් වලින් යුත් ප්රණීත පෝෂණයන්ගෙන් ඔවුන් පෝෂණය කරනු ලබති.

Aal-i-Imraan 3:169Listen in Qur'an →
170

فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَيَسْتَبْشِرُونَ بِٱلَّذِينَ لَمْ يَلْحَقُوا۟ بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

අල්ලාහ් තම දයාවෙන් ඔවුන්ට පහළ කළ දැය මගින් සතුටට පත් වූවන් බවට සිටින්නාහ. (තවද යුද්ධයෙහි මරණයට පත් වී) තමන් සමග එකතු නොවී තමන්ගෙන් පසු (මෙලොව පණ පිටින්) සිටින්නන් ගැනද “ඔවුන්ට කිසිම බියක් ඇති වන්නේ නැත. ඔවුන් දුක් වන්නේද නැත” යයි ඉතාමත් සතුටට පත් වූවන් වශයෙන්ද සිටින්නාහ.

සැප පහසුකම් වලින් ඔවුන් ගිලී සිටිති. අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ඔහුගේ භාග්යය පිළිබඳ සතුටින් ඉපිල ගොස් සිටිති. මෙලොව ජීවත් වන තම සහෝදරයන් තමන් සමග සේන්දු වනු ඇතැයි ද සැබැවින්ම ඔවුන් දෙවියන් වෙනුවෙන් දිවි පුදා මරණයට පත් වූයේ නම් තමන්ට හිමි වූ භාග්යය ඔවුන්ටත් හිමි වනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තුවෙන් හා ආශාවෙන් පසුවෙති. මතු ලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට සිදු වන කරුණු වලදී ඔවුනට කිසිදු බියක් ඇතිවන්නේ නැත. මෙලොවෙහි අහිමි වූ දෑ ගැන ඔවුන් දුකට පත්වන්නේද නැත.

Aal-i-Imraan 3:170Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.