Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 151–160 of 200

151

سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّٰلِمِينَ

ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි ඉතාමත් ඉක්මනින් අපි බිය ඇති වීමට සලස්වන්නෙමු. මන්දයත් ඔවුන් සමානයන් තැබීමට (අල්ලාහ්) කිසිම සාධකයක් ඔවුන්ට ලබා නොදී සිටියදී ඔවුන් අල්ලාහ්ට සමානයන් තබන්නාහ. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (නිරයෙහිද) මෙම අපරාධකරුවන් රැෙඳන ස්ථානය ඉතාමත් නරකය.

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට අපි දැඩි බිය හෙළන්නෙමු. ඔවුන් අල්ලාහ් වෙනුවට වෙනත් දෙවියන් ආදේශ කළ බැවින් ස්ථාවර ව සිට නුඹලා සමග සටන් කිරීමට ශක්තිය නොදරනු ඇත. ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී ඒවාට නැමදුම් ඉටු කළහ. ඒවාට කිසිදු වරමක් අල්ලාහ් පහළ කර තිබුණේ ද නැත. මතු ලොවෙහි ඔවුන් හැරී ගොස් නවතිනුයේ නිරා ගින්නෙහිය. අපරාධකරුවන්ට හිමිවන නිරා ගින්න අති බිහිසුණුය.

Aal-i-Imraan 3:151Listen in Qur'an →
152

وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ ۖ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْءَاخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ නියෝගයන්ට අනුව (උහුද් යුද්ධයේදී) ඔබ සතුරන් සමූල ඝාතනය කරමින් සිටි අවස්ථාවේදී ඔබ කැමති (ජයග්‍රහණය) ඔහු ඔබට පෙන්වීමෙන් අනතුරුවද, (වස්තුව දැක නබි තුමාණන්ගේ නියෝගයට) ඔබ වෙනස්කම් කර, (එතුමා ඔබව රඳවා තිබූ මුර කපොල්ලෙන් පහ වී) එම කාරණාවෙහි ඔබ, ඔබ තුළ තර්ක කරමින් (ධෛර්යයද බිඳී) පරාජයට පත් වීමට තිබූ අවස්ථාවක, අල්ලාහ් (ඔබට උදව් කර), තමන්ගේ පොරොන්දුව නියත වශයෙන්ම ඉටු කර තැබුවේය. ඔබගෙන් මෙලොව කැමැත්තන්ද ඇත. ඔබගෙන් පරලොව කැමැත්තන්ද ඇත. එබැවින් ඔබව පිරික්සුමට ලක් කිරීම පිණිස, (ඔවුන්ව එළවා ගිය) ඔබ, ඔවුන්ව පසුබැසීමට සැලැස්සුවේය. (මින් පසුවද), නියත වශයෙන්ම ඔහු ඔබව (ඔබගේ පාපයන්ට) සමාව දුන්නේය. මන්දයත් අල්ලාහ් විශ්වාසීන් කෙරෙහි දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය.

නුඹලාගේ සතුරන්ට එරෙහි ව කවර ජයග්රහණයක් අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී තිබුණේද එය ඔහු උහද් දිනයේ නුඹලාට පිරිනැමුවේය. උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් නුඹලා ඔවුන් සමග දැඩි ලෙස සටන් කළ නමුත් කවර කරුණක් මත ස්ථාවරව සිටින්නැයි අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට නියෝග කර සිටියේ ද නුඹලා එය පිළිපැදීමට අධෛර්යමත් වූහ. රැඳී සිටින්නැයි නියෝග කළ නියමිත ස්ථානයේ රැදී සිටීම සම්බන්ධයෙන් නුඹලා අතර මත ගැටුම් ඇති කරගනිමින් එය අතහැර දමා සතුරන් විසින් දමා ගිය යුදමය භාණ්ඩ රැස් කරන්නට පටන් ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට රැඳී සිටින්නැයි කළ නියෝගයට නුඹලා පිටුපෑවෝය. එසේ සිදු වූයේ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලා කවර දෙයක් ප්රිය කළේද එම ජයග්රහණය නුඹලාට පිරිනැමීම සඳහා අල්ලාහ් අභිමත කිරීමෙන් පසුවය. නමුත් නුඹලාගෙන් පිරිසක් මෙලොව වස්තුවට ප්රිය කොට තමන්ගේ නියමිත ස්ථාන අතහැර දැමුවෝය. තවත් පිරිසක් මතු ලොවෙහි ප්රතිඵල අපේක්ෂාවෙන් සිටියෝය. එවැන්නන් දූතයාණන්ගේ නියෝගයට අවනත වී ඔවුන්ගේ නියමිත ස්ථානවල රැඳී සිටියෝය. පසු ව අල්ලාහ් නුඹලාගේ තත්ත්වය වෙනස් කළේය. නුඹලාට එරෙහි ව ඔවුනට බලය පිරිනැමීය. එය නුඹලා පරීක්ෂණයට ලක් කිරීම පිණිසය. ඉන් ලිස්සා ගැල වී ගොස් අධෛර්යයට පත් වූ අය අතුරින් ඒ මත ඉවසීමෙන් කටයුතු කරන දේව විශ්වාස කළවුන් කවුරුන්දැ?යි හෙළි කරනු පිණිසය. පසු ව අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝගයට විරුද්ධ වී නුඹලා කවර වරදක් සිදු කළේ ද අල්ලාහ් එයට සමාව දුන්නේය. දෙවියන් විශ්වාස කළවුන්හට අල්ලාහ් මගපෙන්වමින් අතිමහත් භාග්යය පිරිනැමීය. ඔවුන්ගේ වැරදි වලට සමාව දී ඔවුන් මුහුණ දුන් පරීක්ෂණ සඳහා කුසල් පිරිනැමීය.

Aal-i-Imraan 3:152Listen in Qur'an →
153

۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍۢ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَٰبَكُمْ غَمًّۢا بِغَمٍّۢ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَٰبَكُمْ ۗ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

(උහද් යුද්ධයේදී අල්ලාහ්ගේ) රසූල්වරයා ඔබගේ පිටුපසින් සිටිමින් “(මා වෙත පැමිණෙනු, පැමිණෙනු” යයි) ඔබව (කෑ ගසා) ආරාධනා කරමින් සිටි අවස්ථාවේදී, ඔබ කිසිවෙකුත් හැරී නොබලා වේගයෙන් දුවමින් සිටීම ගැනද සිතා බලනු. (අපගේ රසූල්වරයාට ඔබ ඇති කළ) මෙම දුකෙහි හේතුවෙන්, ඔබටද (පරාජයේ) දුකම ඵලවිපාක වශයෙන් ලබා දුන්නේය. මන්දයත් (මින් පසු) ඔබ වෙතින් (යම්කිසි වස්තුවක්) අමතක වී ගිය අවස්ථාවේදීද, ඔබට (යම්කිසි) අමාරුකමක් ඇති වූ අවස්ථාවේදීද, ඔබත් දුකෙහි ගැලී නොයා සිටීමට (යුතු ආත්මශක්තිය ඔබට ඇති කිරීම) සඳහාම (මෙවැනි අමාරුකමක් ඔබට දුන්නේය). ඔබ කරන සියලූ දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලා දූතයාණන්හට විරුද්ධ වීම හේතුවෙන් නුඹලාට අත් වූ ව්යසනය නිසාවෙන් මහපොළොවෙන් ඈතට නුඹලා පලා ගිය අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා අතුරින් කිසිවෙක් කිසිවකු පිළිබඳ සොයා නොබැලුවේය. රසූල්වරයාණන් නුඹලා හා දේව ආදේශකයින් අතර සිට නුඹලාගේ පසුපසින් නුඹලාට මෙසේ පවසා ඇරයුම් කළේය: “අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුදමය භාණ්ඩ හේතුවෙන් නුඹලා දරන පීඩාව හා වේදනාව සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.” වේදනාව හා පීඩාව ඔහු පසුපස හඹා ආවේය. නුඹලා අතර නබි තුමාණන් මියගිය බවට ආරංචිය පැතිර ගියේය. නබි තුමාණන් ඝාතනය කරනු නොලැබුවේ යැයි නුඹලා දැනගත් පසු නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුධමය භාණ්ඩ පිළිබඳවත් නුඹලාට අත් වූ ඝාතන හා තුවාල පිළිබඳවත් නුඹලා දුක් නොවනු පිණිස නුඹලාට මෙය පහළ කළේය. සියලුම විපත් හා වේදනාවන් නුඹලාට පහසු විය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ සිත් තුළ ඇති සියලුම තත්ත්වයන් හා නුඹලාගේ අවයව වලින් සිදු කරන ක්රියාවන් අල්ලාහ්ට සැගවෙන්නේ නැත.

Aal-i-Imraan 3:153Listen in Qur'an →
154

ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةًۭ نُّعَاسًۭا يَغْشَىٰ طَآئِفَةًۭ مِّنكُمْ ۖ وَطَآئِفَةٌۭ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَٰهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍۢ ۗ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ ۗ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌۭ مَّا قُتِلْنَا هَٰهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

(විශ්වාසවන්තයිනි!) මෙම ශෝකයෙන් පසු (අල්ලාහ්) ඔබගේ සිතට සැහැල්ලූවක් ඇති කරන නිද්දක් පහළ කළේය. ඔබගෙන් එක් සමුහයක් එය වට කර ගත්තේය. අනිත් සමූහයට නම්, ඔවුන්ගේ ශෝකය වැඩි කර, මෝඩයින් සිතන්නාක් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දැය සියල්ල (වැරදි ලෙස) සිතන්නට පටන් ගෙන, “අප වෙත (මෙයට) විසඳුම් කිසිවක් ඇත්ද?”යි පැවසූහ. (එයට) “සියලූ කාරණාවන් අල්ලාහ්ටම අයත්ය!” යයි (නබියේ!) ඔබ පවසනු මැනව! (මේවා හැර), ඔවුන් ඔබට එළිදරව් නොකළ බොහොමයක් කාරණාවන්ද තමන්ගේ මනසෙහි සඟවාගෙන “අප වෙත යම්කිසි බලයක් තිබුණේ නම්, එහි පැමිණ (මෙසේ) අපි කපනු නොලබන්නෙමු” යයිද පවසන්නාහ. (මෙයට නබියේ! එම වංචනිකයින්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ඔබගේ නිවෙස්හි (නැවතී) සිටියා වුවද, කපනු ලැබිය යුතුමය යයි ඔවුන් කෙරෙහි නියම වී තිබුණේ නම්, ඔවුන් තමන් (කපනු ලැබ) වැටිය යුතු ස්ථානයන්ට (තමන් විසින්ම) පැමිණෙනු ඇත. අල්ලාහ් ඔබගේ මනසෙහි ඇති දැය පරීක්ෂා කර බැලීමටද, ඔබගේ හෘදයන්හි ඇති දැය පැහැදිලි කර හැරීම සඳහාද, (මෙසේ සිදු වනසේ සැලසුවේය. ඔබගේ) හෘදයන්හි ඇති සියල්ල අල්ලාහ් හොඳින් දන්නේය”.

වේදනා හා පීඩා විඳීමෙන් පසු ව සැනසුම හා ස්ථාවරභාවය ඔහු නුඹලා වෙත පහළ කළේය. නුඹලා අතුරින් අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසු වූ පිරිසකට ඔවුන්ගේ හදවත් තුළ තැවෙමින් පැවති දෑ අභයදායී හා සැනසුමට පත් වන අයුරින් මද නින්දෙන් ආවරණය කළේය. තවත් පිරිසකගේ හදවත් අභයදායී තත්වයට පත් වන තරමට මද නින්ද හිමි වූයේ නැත. ඔවුන් තමන්ගේ වාසිය තකා මිස වෙනත් කිසිවකු පිළිබඳ වැදගත්කමක් නොදුන් කුහකයෝ වූහ. එහෙයින් ඔවුන් බියෙන් හා සැකයෙන් පසු වූහ. අල්ලාහ් පිළිබඳ නිවැරැදි ව තක්සේරු කර නොගත් අඥාන ජනයා සිතුවාක් මෙන් සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්හට උදව් නොකරනු ඇතැයි ද ඔහුගේ ගැත්තන්හට පිහිට නොවනු ඇතැයිද ඔවුහු අල්ලාහ් පිළිබඳ වැරදි ලෙස සිතුවිලි ඇති කර ගත්හ. අල්ලාහ් පිළිබඳ අනවබෝධයෙන් පසු වූ කුහකයෝ මෙසේ පැවසූහ: ‘යුද්ධය සඳහා පිටවීම විෂයයෙහි අප දෙස බලන කිසිවකු නොසිටියි. එසේ අපට වී නම් පිටත් ව යන්නෙමු.’ නබිවරය, ඔබ ඔවුනට මෙසේ පිළිතුරු දෙනු: ‘සියලුම කරුණු පිහිටනුයේ අල්ලාහ් වෙනුවෙනි. ඔහු අභිමත දෑ සැලසුම් කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. නුඹලාට පිටත් වන්නට සැලැස්වූයේද ඔහු ය.’ නමුත් මෙම කුහකයෝ සැකය හා නරක සිතුවිලි තමන්ගේ සිත් තුළ සඟවා ගෙන සිටියහ. එය ඔබට හෙළි නොකර මෙසේ පවසා සිටියහ: ‘පිටත් ව යෑමේ අපට යම් කරුණක් පිහිටනුයේ නම් මෙම ස්ථානයේ අපි මරුමුවට පත් නොවන්නට තිබුණි.’ අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. ‘මරණයට පත් වන හෝ ඝාතනයට ලක් වන ස්ථානයෙන් දුරස් ව නුඹලාගේ නිවෙස් වල නුඹලා සිටියද නුඹලා අතරින් කවරෙකු වෙත මරණය අල්ලාහ් තීන්දු කර ඇත්තේද ඔවුන්ගේ මරණය ඔවුනට සිදු වනු ඇත. අල්ලාහ් එය නියම කළේ නුඹලාගේ සිත් තුළ ඇති චේතනාවන් හා අරමුණු පරීක්ෂා කරනු පිණිසත් ඒ තුළ ඇති දේව විශ්වාසය හා කුහකත්වය වෙන් කර පෙන්වනු පිණිසත්ය. අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.’

Aal-i-Imraan 3:154Listen in Qur'an →
155

إِنَّ ٱلَّذِينَ تَوَلَّوْا۟ مِنكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ إِنَّمَا ٱسْتَزَلَّهُمُ ٱلشَّيْطَٰنُ بِبَعْضِ مَا كَسَبُوا۟ ۖ وَلَقَدْ عَفَا ٱللَّهُ عَنْهُمْ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ

(විශ්වාසවන්තයිනි!) සමුහයන් දෙකම (යුද්ධය සඳහා) හමු වූ දිනදී ඔබගෙන් කවුරුන් (එයින්) පැන දිව්වෝද, (ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් දිව ගියේ නැත). ඔවුන් සොයා ගත් (පාපතර ක්‍රියාවන්) සමහරකගේ හේතුවෙන්, ෂෙයිතාන් ඔවුන්ව (ඔවුන්ගේ පාදයන්) ලෙස්සා යාමට සැලැස්සුවේය. එහෙත් අල්ලාහ් ඔවුන්ව (ඔවුන්ගේ පාපයන්) ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

අහෝ! මුහම්මද්(සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)ගේ සගයිනි, උහද් පිටියේ දෙවියන්ට ආදේශ කළ සතුරු පාර්ශවය මුස්ලිම් සේනාව හමු වූ දිනයේ නුඹලාගෙන් ඇතැමෙකු පරාජයට පත් වූහ. ඔවුන් උපයාගත් පාපකම හේතුවෙන් එවන් තත්ත්වයකට ඇද දැමුවේ ෂෙයිතාන්ය. අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. වරදකරුවන් බවට හසුකර ගත්තේ නැත. එය ඔහුගෙන් වූ භාග්යයක් හා කරුණාවක් ලෙසිනි. කවරෙකු පාප ක්ෂමාව ඉල්ලා සිටියේ ද අල්ලාහ් ඔවුන්ගේ පාපයට ක්ෂමාව දෙන්නාය. දඬුවම් දීමට ඉක්මන් නොවන ඉවසලිවන්තය.

Aal-i-Imraan 3:155Listen in Qur'an →
156

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّۭى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةًۭ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

විශ්වාසවන්තයිනි! ප්‍රතික්ෂේප කරන්නන් මෙන් ඔබත් පත් නොවනු. ඔවුන් පිට රටකට ගොස් හෝ නැතහොත් යුද්ධයට ගොස් හෝ (මරණයට) පත් වූ තමන්ගේ සහෝදරයින් ගැන “ඔවුන් අප සමගම සිටියේ නම්, ඔවුන් මරණයට පත් වන්නේද නැත. කපනු ලබන්නේද නැත” යයි පවසන්නාහ. ඔවුන්ගේ හෘදයන්හි (සැමදා) මෙය එක්තරා (දැඩි) ශෝකයක් බවට පත් කිරීමටම මෙසේ (ඔවුන් සිතන ලෙසට) අල්ලාහ් පත් කරන්නේය. පණ පිටින් ජීවත් වීමට සලස්වන්නේද, මරණයට පත් කරන්නේද අල්ලාහ්ය. ඔබ කරන සියල්ල අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුමගනය කළවුනි, දෙවියන් ප්රතික්ෂේප කරන කුහකයින් මෙන් නොවනු. තම හිතමිතුරන් දෙස බලා ඔවුන් ජීවනෝපාය සොයා ගිය විට හෝ යුද්ධයක නිරත ව මිය ගිය විට හෝ ඝාතනය කරනු ලැබූ විට මෙසේ පවසා සිටියහ. ‘ඔවුන් අප සමග සිටියා නම් එසේ පිටත් නොවනු ඇත. යුද්ධ නොකරනු ඇත. මිය යන්නේ ද නැත. ඝාතනයට ලක් වන්නේ ද නැත. මෙම ප්රතිපත්තිය අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් කළේ ඔවුන්ගේ සිත් තුළ දුක හා පසුතැවිල්ල වර්ධනය වනු පිණිසය. අල්ලාහ් ඒකීයය. ජීවත් කරවන්නේත් මරණයට පත් කරවන්නේත් තම අභිමතය පරිදිය. රැඳී සිටීමෙන් ඔහුගේ නියමය වැළැක්විය නොහැක. එමෙන්ම එසේ පිටත්වීමෙන් එය ඔහු ඉක්මන් කරන්නේද නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් ඔහු වෙතින් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:156Listen in Qur'an →
157

وَلَئِن قُتِلْتُمْ فِى سَبِيلِ ٱللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرَحْمَةٌ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ

අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කපනු ලැබූවද, නැතහොත් මරණයට පත් වූවද, (ඒ වෙනුවෙන්) නියත වශයෙන්ම අල්ලාහ් වෙතින් ලැඛෙන ක්ෂමාවද, (ඔහුගේ) ආදරයද, ඔවුන් එක්කාසු කර තබා ඇති වස්තූන්ට වඩා ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ මියැදුණේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ සැබැවින්ම අල්ලාහ් නුඹලාට මහත් සේ සමාව දානය කරනු ඇත. ඔහුගේ කරුණාවෙන් ඔහු නුඹලාට දායාද කරනු ඇත. එය මෙලොව හා ලෝවාසීන් මෙලොවෙහි රැස් කරන අල්ප සැපතට වඩා උතුම් වන්නේය.

Aal-i-Imraan 3:157Listen in Qur'an →
158

وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى ٱللَّهِ تُحْشَرُونَ

ඔබ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) මරණයට පත් වූවද, නැතහොත් කපනු ලැබූවා වුවද අල්ලාහ් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය. (ඒ වෙනුවෙන් කුමක් නිසා දුක් විය යුතුද?).

නුඹලාගේ මරණය කවර තත්ත්වයකින් සිදු වුවද එය මියැඳීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් හෝ සිදු වුවද නුඹලා සිදු කළ ක්රියාවන්ට කුසල් පිරිනැමීම සඳහා නුඹලා සියලු දෙනා යා යුත්තේ අල්ලාහ් වෙත පමණය.

Aal-i-Imraan 3:158Listen in Qur'an →
159

فَبِمَا رَحْمَةٍۢ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ ٱلْقَلْبِ لَٱنفَضُّوا۟ مِنْ حَوْلِكَ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَوَكِّلِينَ

(නබියේ!) අල්ලාහ්ගේ දයාවේ හේතුවෙන්ම ඔබ ඔවුන් කෙරෙහි ආදරය කරන්නෙකු බවට පත් වූවෙහිය. ඔබ සැරපරුෂ සිත් ඇත්තෙකු බවට පත්ව සිටියෙහි නම්, ඔබ වෙතින් ඔවුන් පැන දිව ගොස් ඇත්තෙහුය. එබැවින් ඔවුන්ව (ඔවුන්ගේ පාපයන්ට) ඔබ සමාව දී (දෙවියන්ගෙන්ද) ඔවුන්ට සමාව දෙන මෙන් ඉල්ලා සිටිනු මැනව! තවද (යුද්ධ සමාදානය ආදී) අන් කාරණාවන්හිද, ඔවුන් සමග සාකච්ඡා කරමින්ද සිටිනු මැනව! (යම්කිසි කාරණාවක් කිරීමට) ඔබ තීරණයක් ගතහොත් අල්ලාහ් මතම ඔබ විශ්වාසය තබනු. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ව) විශ්වාස කරන්නන්ව ප්‍රිය කරන්නේය.

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ අතිමහත් කරුණාව හේතුවෙන් ඔබේ ගුණදම් ඔබගේ සගයින් සමග පහසුවෙන් කටයුතු කරන අයුරින් පිහිටුවා ඇත. ඔබේ ප්රකාශයේ හෝ ක්රියාවේ දැඩි බවක් හෝ හදවතේ දෘඪ බවක් පැවතුණේ නම් ඔවුන් ඔබගෙන් වෙන් ව යනු ඇත. ඔවුන් ඔබේ අයිතියේ යම් අඩුවක් සිදු කර ඇත්නම් ඔබ ඔවුනට සමාව දෙන්න. ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව අයැද සිටින්න. සාකච්ඡාවට අවශ්ය ඔවුන්ගේ අදහස් පතන්න. සාකච්ඡාවෙන් පසු ඔබ යම් ගිවිසුමකට එළැඹුණේ නම් එම කරුණ මත විශ්වාසයෙන් සිට ඒ අනුව කටයුතු කරන්න. අල්ලාහ් වෙත සියල්ල භාරකරන්න. සැබැවින් තමන් වෙත සියල්ල භාරකරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන් ස්ථාවර ව කටයුතු කිරීමට ඉඩ සලසනු ඇත.

Aal-i-Imraan 3:159Listen in Qur'an →
160

إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට උදව් කළහොත් ඔබව ජයග්‍රහණය කිරීමට කිසිවෙකුත් නැත! ඔබව ඔහු (අත්) හැර දැමුවහොත් ඉන් පසුව ඔබට කවුරුන්ට නම් උදව් කළ හැකිද? එබැවින් අල්ලාහ් මතම විශ්වාසවන්තයින් විශ්වාසය තැබිය යුතුය.

අල්ලාහ් තම උදව් හා උපකාරය නුඹලා වෙත පිරිනැමීම ස්ථීර කළේ නම් පොළෝවාසීන් සියලු දෙනා එක් ව නුඹලාට එරෙහි ව කටයුතු කළද නුඹලා අබිබවා යන්නට කිසිවකු හැකියාව නොදරනු ඇත. එමෙන්ම නුඹලාට උදව් කිරීමට හෝ වගකීම් භාර ගැනීමට නුඹලාටම පවරා ඔහු නුඹලා ව අතහැරියේ නම් ඔහුගෙන් පසු ව නුඹලාට උදව් කිරීමට වෙනත් කිසිවකු හැකියාව නොලබනු ඇත. උදව් උපකාරය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ් කෙරෙහිම තම විශ්වාස තැබිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවකු වෙත තම වගකීම් පැවරිය නොයුතුය.

Aal-i-Imraan 3:160Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.