سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّٰلِمِينَ
ප්රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි ඉතාමත් ඉක්මනින් අපි බිය ඇති වීමට සලස්වන්නෙමු. මන්දයත් ඔවුන් සමානයන් තැබීමට (අල්ලාහ්) කිසිම සාධකයක් ඔවුන්ට ලබා නොදී සිටියදී ඔවුන් අල්ලාහ්ට සමානයන් තබන්නාහ. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (නිරයෙහිද) මෙම අපරාධකරුවන් රැෙඳන ස්ථානය ඉතාමත් නරකය.
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට අපි දැඩි බිය හෙළන්නෙමු. ඔවුන් අල්ලාහ් වෙනුවට වෙනත් දෙවියන් ආදේශ කළ බැවින් ස්ථාවර ව සිට නුඹලා සමග සටන් කිරීමට ශක්තිය නොදරනු ඇත. ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී ඒවාට නැමදුම් ඉටු කළහ. ඒවාට කිසිදු වරමක් අල්ලාහ් පහළ කර තිබුණේ ද නැත. මතු ලොවෙහි ඔවුන් හැරී ගොස් නවතිනුයේ නිරා ගින්නෙහිය. අපරාධකරුවන්ට හිමිවන නිරා ගින්න අති බිහිසුණුය.