Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 200

141

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَٰفِرِينَ

අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව විනාශ කර, සත්‍ය විශ්වාසවන්තයින්ව බේරා ගැනීම සඳහාද (මෙසේ කරන්නේය).

දෙවියන් විශ්වාස කරන්නන් සිදු කළ පාපකම්වලින් ඔවුන් පිරිසිදු කිරීම කුහකයින්ගේ පෙළගැස්ම ව්යාකූල කිරීම හා සත්යය ප්රතික්ෂේප කරන්නන් විනාශ කොට ඔවුන් ඉවත් කිරීම යනාදිය ද එහි ගම්ය වන යථාර්තයන් වෙයි.

Aal-i-Imraan 3:141Listen in Qur'an →
142

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَيَعْلَمَ ٱلصَّٰبِرِينَ

(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (අල්ලාහ් වෙනුවෙන්) යුද්ධ කරන්නේ කවරෙක්ද; (අමාරුකම් ඉවසිලිවන්තව) විඳ දරා ගන්නේ කවරෙක්ද යන්න අල්ලාහ් නොදැන, ස්වර්ගයට යා හැකි යයි ඔබ අදහස් කරමින් සිටින්නෙහුද?

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, පරීක්ෂණයකින් තොරව හෝ අල්ලාහ්ගේ මාර්ගයේ කැපවුවන් තුළ හෙළි වූ සැබෑ ඉවසීම හා ඔවුන්ට අත් වූ කරදර මත ඔවුන් දරා සිටියාක් මෙන් අත්දැකීම් ඔබත් අත් නොවිඳ නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි දැයි නුඹලා සිතන්නෙහුද?

Aal-i-Imraan 3:142Listen in Qur'an →
143

وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ ٱلْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ

ඔබ මරණයට පත් වීමට පෙරම (අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ) ජීවිත පූජා කිරීමට කැමැත්තෙන් සිටියෙහු නොවෙද! (දැන්) එය ඔබගේ (ඇස්) ඉදිරියේ තිබීම ස්ථීරව දුටුවෙහුය. (එබැවින් මෙම යුද්ධයෙහි ඔබ කුමක් නිසා ලත වන්නෙහුද?).

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, බද්ර් දිනයේ නුඹලාගේ සහෝදරවරුන් අත්වින්දා හා සමාන ව ෂහීද් නම් නිලය අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් නුඹලා මරණයට හේතු වන කරුණු හා එහි දරුණුකම නුඹලා එකිනෙකා අත්වීඳීමට පෙර අල්ලාහ්ගේ මාර්ගයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හමු වීමට ප්රිය කරන්නන් ලෙස සිටියෙහුය. මෙන්න ඔබ ප්රිය කළාක් මෙන් නුඹලා උහද් දිනයේ දෑසින්ම දකින්නෙහුය.

Aal-i-Imraan 3:143Listen in Qur'an →
144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ ۚ أَفَإِي۟ن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْـًۭٔا ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّٰكِرِينَ

මුහම්මද් (නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) දූතයෙකු මිස, (මරණයට පත් නොවී සිටිය හැකි දෙවියෙකු) නොව. ඔහුට පෙරද (මෙසේම) දූතයින් බොහොමයක් දෙනා ඉකුත්ව ගොස් ඇත්තාහ. ඔහු මරණයට පත් වුවහොත්, නැතහොත් කපනු ලැබුවහොත් ඔබ පිටුපස හරවා යන්නෙහුද? (එසේ) කවුරුන් හෝ පිටුපස හරවා දිව ගියහොත් එමගින් ඔහු අල්ලාහ්ට කිසි හානියක් කරන්නේ නැත. කළගුණ දත් අයට අල්ලාහ් ඉතා ඉක්මනින් (හොඳ) ඵලවිපාක දෙනු ඇත.

මුහම්මද් තුමාණන් මීට පෙර මිය ගිය හෝ මරුමුවට පත් වූ අල්ලාහ්ගේ දූත වර්ගයා අතුරින් වූ දූතයකු මිස වෙනත් කිසිවකු නොවේ. ඔහු මිය ගියේ නම් හෝ මරුමුවට පත් වූයේ නම් නුඹලාගේ දහමින් නුඹලා ඉවත් ව යන්නෙහුද? යුද්ධය අතහැර දමන්නෙහුද? කවරෙකු තම දහම අතහැර දමා යන්නේද ඉන් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු සර්ව බලධාරීය. අති බලසම්පන්නය. එසේ හානියක් සිදු වනුයේ දහම අතහැර ගිය අයටම ය. මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද ඒ හේතුවෙන් ඔහු පරාජය අත් කර ගනු ඇත. අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව රැදී සිටිමින් ඔහුගේ මාර්ගයේ කැපවෙමින් ඔහුට කෘතඥවන්නන්හට ඉමහත් ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:144Listen in Qur'an →
145

وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَٰبًۭا مُّؤَجَّلًۭا ۗ وَمَن يُرِدْ ثَوَابَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ ٱلْءَاخِرَةِ نُؤْتِهِۦ مِنْهَا ۚ وَسَنَجْزِى ٱلشَّٰكِرِينَ

කුමන හෝ ආත්මයක් (එයට) නියම කරනු ලැබ ඇති අල්ලාහ්ගේ නියමයෙහි අවස්ථාවේ මිස, මරණයට පත් වන්නේ නැත. කවුරුන් (තම කි්‍රයාවන්ට) මෙලොව හොඳක්ම (පමණක්) කැමති වන්නේද, ඔහුට එය (පමණක්) ලබා දෙන්නෙමු. කවුරුන් පරලොව හොඳක්ද කැමති වන්නේද, ඔහුට එයද ලබා දෙන්නෙමු. තවද ස්තූතිවන්ත වන්නන්ට අපි ඉතාමත් ඉක්මනින් හොඳ ඵලවිපාක ලබා දෙන්නෙමු.

අල්ලාහ් යම් ආත්මයකට තීන්දු කළ නියමිත ආයුෂ කාලය සම්පූර්ණ වීමෙන් පසු ඔහුගේ තීරණය අනුව මිස කිසිදු ආත්මයක් මරණයට පත් වන්නේ නැත. එම ආයුෂ කාලයෙන් කිසිදු වැඩි වීමක් හෝ අඩු වීමක් හෝ සිදු නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවන් තුළින් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේ ද ඔහු වෙනුවෙන් නිර්ණය කරනු ලැබූ ප්රමාණය අපි ඔහුට පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවෙන් මතු ලොවේ අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නේ ද එහි කුසල් අපි ඔහුට පිරිනමන්නෙමු. තම පරමාධිපතිට කෘතවේදී ව කටයුතු කරන්නන්හට අතිමහත් ප්රතිඵල අපි පිරිනමන්නෙමු.

Aal-i-Imraan 3:145Listen in Qur'an →
146

وَكَأَيِّن مِّن نَّبِىٍّۢ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌۭ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ

කොපමණදෝ නබිවරුන්ද ඔවුන් සමග දෙවියන්ගේ අනේක හොඳ වහලූන්ද ඒකරාශී වී (අල්ලාහ්ගේ මාර්ගයෙහි) යුද්ධ කර ඇත්තාහ. නමුත් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කළ බැවින්) තමන්ට සිදු වූ අමාරුකමෙහි හේතුවෙන් ඔවුන් (තමන්ගේ) ධෛර්යය බිඳ දැමුවේ නැත. ඛෙලහීන වූවේද නැත. (සතුරන්ට) එක්කාසු වූවේද නැත. (මෙසේ අමාරුකම්) විඳ දරාගන්නන්වම අල්ලාහ් ප්‍රිය කරන්නේය.

තමන් සමග එක් ව තම අනුගාමකයින් තම පරමාධිපති වෙනුවෙන් සටන් කළ අල්ලාහ්ගේ නබිවරුන් කොපමණ දෙනෙක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ තමන්හට අත් වූ මරණ හා තුවාල හේතුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ඉවත් නොවූහ. සතුරන් සමග සටන් කිරීමට අධෛර්යමත් නොවූහ. සතුරන්ට යටත් නොවූහ. ඔවුහු ඉවසීමෙන් හා ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ මාර්ගයේ දැඩි දුෂ්කරතා හා පීඩා විදිමින් ඉවසීමෙන් කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.

Aal-i-Imraan 3:146Listen in Qur'an →
147

وَمَا كَانَ قَوْلَهُمْ إِلَّآ أَن قَالُوا۟ رَبَّنَا ٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِىٓ أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

(මෙවැනි අවස්ථාවන්හි ඔවුන් තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපගේ පාපයන්ටද, අපගේ ක්‍රියාවන්හි අපි සීමාව ඉක්මවූ (වැරදි) වලටද, ඔබ අපට සමාව දෙනු මැනව! අපගේ පාදයන් (යුද්ධයෙහි ලෙස්සා නොයන ලෙසට) ඔබ ස්ථීර කර තබනු මැනව! (ඔබව) ප්‍රතික්ෂේප කරන ජනතාවගෙන් ජයග්‍රහණය කිරීමට ඔබ අපට උදව් කරනු මැනව!” යයි ඔවුන් (ප්‍රාර්ථනා කර) පැවසීම මිස, (වෙන කිසිවක්) පැවසීමට නැත.

ඔවුන්හට දුෂ්කරතා හා පීඩාවන් ඇති වූ කල්හි ඒ ගැන ඉවසීමෙන් කටයුතු කළවුන්ගේ ප්රකාශය වූයේ: “අපගේ පරමාධිපතියාණනි, අප කළ පාපකම් වලටත් අපගේ කරුණු වලදී අප සීමාව ඉක්මවා කළ කටුයුතු වලටත් අපහට සමාව දෙනු මැනව! අපගේ සතුරන් අප මුණ ගැසෙන අවස්ථාවේ අපගේ පාද ස්ථාවර ව තබනු මැනව! ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපහට උදව් කරනු මැනව!” යන පැතුමයි.

Aal-i-Imraan 3:147Listen in Qur'an →
148

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْءَاخِرَةِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

එබැවින් අල්ලාහ් ඔවුන්ට මෙලොවෙහි හොඳක්ද, පරලොව හොඳක්ද ලබා දුන්නේය. අල්ලාහ් (මෙවැනි) හොඳ අයවම ප්‍රිය කරන්නේය.

ඔවුනට උදව් උපකාර කොට පහසුකම් සලසා දෙමින් මෙලොව යහපත අල්ලාහ් ඔවුනට පිරිනැමීය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් පිළිගැනීමට ලක් කොට සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි සැපත ලබා දෙමින් මතු ලොවෙහි ඔහු යහපත් කුසල් ඔවුනට පිරිනැමීය. ඔවුන්ගේ වත්පිළිවෙත් හා ගනුදෙනු වලදී යහපත් අයුරින් කටයුත් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.

Aal-i-Imraan 3:148Listen in Qur'an →
149

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ ٱلَّذِينَ كَفَرُوا۟ يَرُدُّوكُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ

විශ්වාසවන්තයිනි! (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ අනුගමනය කළහොත් ඔවුන් ඔබව (ඔබගේ විශ්වාසයෙන් ඔබ ඈත් වී) පසු බසින ලෙසට ආපසු හරවා යවනු ඇත. එබැවින් ඔබ පරාජිතයින් බවටම පත් වන්නෙහුය.

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නොමග යැවීමට යුදෙව් කිතුනු හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන් කවර කරුණක් නුඹලාට අණ කර සිටින්නේද එවන් කරුණු වලදී නුඹලා ඔවුනට අවනත වන්නෙහු නම් නුඹලා විශ්වාස කළ පසු නැවතත් නුඹලා ප්රතික්ෂේපකයින් බවට ඔවුන් හරවනු ඇත. එවිට නුඹලා මෙලොව පමණක් නොව මතු ලොවෙහි ද පරාජිතයින් වන්නෙහුය.

Aal-i-Imraan 3:149Listen in Qur'an →
150

بَلِ ٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ خَيْرُ ٱلنَّٰصِرِينَ

(මොවුන්) නොව, අල්ලාහ්ම ඔබගේ ආරක්ෂකයාය. ඔහුම උදව් කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයාය.

දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්හට නුඹලා අවනත වුවද කවරදාකවත් ඔවුන් නුඹලාට උදව් කරන්නේ නැත. නමුත් නුඹලාගේ සතුරන්ට එරෙහි ව උදව් කරන්නා අල්ලාහ්ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට අවනත වන්න. ඔහු සුවිශුද්ධය. උදව්කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිවෙක් නුඹලාට අවශ්ය වන්නේ නැත.

Aal-i-Imraan 3:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.