Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 200

11

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

(මොවුන්) ෆිර්අව්න්ට අයත් අයද, ඔවුන්ට පෙර විසූවන් මෙන්ම සිටින්නාහ. ඔවුන්ද අපගේ ආයාවන් බොරු කළහ. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව අල්ලා ගත්තේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණුය.

දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්ගේ විෂය ෆිර්අවුන් පැළැන්තියගේ හා ඔවුනට පෙර අල්ලාහ් ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළ අයගේ විෂයයට සමානය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කළේය. ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් ඔවුනට ඵලක් නොවීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුනට ඔහු දැඩි ලෙස දඬුවම් කරන්නාය.

Aal-i-Imraan 3:11Listen in Qur'an →
12

قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ

කවුරුන් මෙම ධර්මය ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (නබියේ!) ඔබ මෙසේ කියනු: “ඉතාමත් ඉක්මනින් ඔබව (විශ්වාසවන්තයින් මගින්) ජයග්‍රහණය කරනු ලබන්නෙහුය. තවද (පරලොව) නිරයෙහි එක්කාසු කරනු ලබන්නෙහුය. එය ඉතාමත් නපුරු රැෙඳන ස්ථානයක් වන්නේය”.

අහෝ! දූතයනි, ඔවුන්ගේ දහම් පිළිබඳ ව ඔවුන් මතභේද ඇති කර ගනිමින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනට නුඹ මෙසේ පවසනු. ‘දෙවියන් විශ්වාස කරන්නන් නුඹලා අබිබවා යනු ඇත. නුඹලා දේව ප්රතික්ෂේපයේම මරණයට පත් වනු ඇත. අල්ලාහ් නුඹලා නිරා ගින්න වෙතට එක්රැස් කරනු ඇත. නුඹලාට එම යහන වඩාත් නපුරුදායක වනු ඇත.’

Aal-i-Imraan 3:12Listen in Qur'an →
13

قَدْ كَانَ لَكُمْ ءَايَةٌۭ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌۭ تُقَٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌۭ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ

(බද්රු යුද්ධයෙහිදී) හමු වූ සේනාවන් දෙකෙහි ඇත්තෙන්ම ඔබට එක් සාධකයක් තිබුණි. (එහි) එක් සමූහයක් (විශ්වාසවන්තයින්ය. ඔවුන්) අල්ලාහ්ගේ මාර්ගයෙහිද, අනිත් ප්‍රතික්ෂේප කරන්නන් - මොවුන් (එම විශ්වාසවන්තයින්ට විරුද්ධවද)- යුද්ධ කරමින් සිටියහ. (ප්‍රතික්ෂේප කරන්නන්) ඔවුන්ට වඩා (තමන් දෙගුණයක් වශයෙන්) තම දෑසින් කෙළින්ම දුටුවහ. (එහෙත්) අල්ලාහ් තමන් කැමැත්තන්ට තම උදව් උපකාරය මගින් ශක්තිමත් කරන්නේය. බුද්ධිමතුන්ට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත.

බද්ර් යුද දිනයේදී එකිනෙකා හමු වූ කණ්ඩායම් දෙක තුළ නුඹලාට සාධක හා ආදර්ශ ඇත. එම කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමක් දෙවියන් විශ්වාස කළ උදවියයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන් යුත් පිරිසයි. ඔවුන් අල්ලාහ්ගේ වදන ඉහළින් වැජඹෙනු පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත දමනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති. අනෙක් කණ්ඩායම දෙවියන් ප්රතික්ෂේප කළ කණ්ඩායමයි. ඔවුන් උදම් අණමින් හිතුවක්කාර ලෙස පිටත් ව ආ මක්කාහ් ප්රතික්ෂේපකයින් වෙති. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් තම දෑසින්ම තමන්ගේ දුබලකම මැනවින් දුටුවේය. එවිට අල්ලාහ්ට සමීපයෙන් කටයුතු කළ මොවුනට ඔහු උදව් කළේය. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ උපකාරය තහවුරු කරන්නේය. මනා දැක්මක් ඇති උදවියට මෙහි පාඩමක් හා උපදෙසක් ඇත. එනම් දෙවියන් විශ්වාස කරන්නන් සංඛ්යාවෙන් අඩු වුවද ඔවුන්හට සැබැවින්ම ජයග්රහණය හිමි බවත් අපරාධකරුවන් සංඛ්යාවෙන් වැඩි වුව ද ඔවුන් පරාජයට පත්වන බවත් යන සත්යයයි.

Aal-i-Imraan 3:13Listen in Qur'an →
14

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ

කාන්තාවන්, දරුවන්, රණ් රිදී විශාල පොදි, උසස් අශ්වයින්, (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) ගමේ සතුන්, ගොවිතැන් ආදිය මත ඉමහත් ආශාවක් ඇති කර ගැනීම මනිසුන්ට අලංකාරවත් කර ඇත්තේය. එහෙත් මේවා (සියල්ල අස්ථාවර) මෙලොව ජීවිතයෙහි (අල්ප) සැප සම්පත්ය! අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, (ස්ථීර වූ) අලංකාරවත් වාසස්ථානයක් ඇත.

සැබැවින්ම මිනිසුන් පරීක්ෂාවට භාජනය කරනු පිණිස කාන්තාවන් දරුවන් රන් හා රිදියෙන් ගොඩ ගසා ගත් ධනය සලකුණු තබන ලද අශ්වයින් ඔටු එළු හා ගවයින් යන ගොවිපළ සතුන් මහපොළොවේ වගාවන් යනාදියෙන් ලෞකික ආශාවන් අල්ලාහ් ඔවුන්හට අලංකාරවත් කර ඇත. ඒවා කෙටි කලක් භුක්ති විද පසුව නැති වී යන ලෞකික ජීවිතයේ භුක්ති විදින වස්තු වෙති. එහි එල්ලී සිටීම දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සුදුසු නොවන්නේය. නැවත යොමු වන යහපත් ස්ථානය ඇත්තේ අල්ලාහ් අබියස පමණය. එය අහස් හා පොළොව තරම් වූ උදාර ස්වර්ගයයි.

Aal-i-Imraan 3:14Listen in Qur'an →
15

۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍۢ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: මේවාටත් වඩා උසස් දැයක් මා ඔබට දැනුම් දෙන්නද? කවුරුන් (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ස්වර්ගයන් ඇත. ඒවායෙහි ජල දහරා (සදා) ගලමින්ම ඇත. ඒවායෙහි (ඔවුන්) සදහටම රැඳී සිටිනු ඇත. (එහි ඔවුන්ට) ශුද්ධ වූ වල්භයන්ද ඇත. (මේවා හැර ඉමහත්) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නසද ලැඛෙනු ඇත. අල්ලාහ් තම වහලූන්ව ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ! දූතයනි, මෙම ආශාවන්ට වඩා යහපත් දෑ කුමක් ද යන්න නුඹ ඔවුනට පවසා සිටිනු. අල්ලාහ්ට අවනතභාවය දක්වන ක්රියාවල නිරත වී පාපය රැස් කරන දෑ අතහැර දමා අල්ලාහ්ට බිය බැතිමත්කමින් යුතු ව කටයුතු කරන්නන්හට ස්වර්ග මාලිගාවන් හා ගස් වලට පහළින් ගලා යන ස්වර්ග උයන් ඇත. කිසිදු මරණයක් හෝ විනාශයක් හෝ ඔවුනට ඇති නොවී එහි ඔවුන් සදාකල් වෙසෙනු ඇත. හැඩ අලංකාරයෙන් හා ගතිගුණ වලින් යුත්, සියලුම නපුරුකම්වලින් පිරිසිදු වූ කළත්රයන් ඔවුනට එහි ඇත. ඒ සමගම ඔවුන් වෙත පහළ වන අල්ලාහ්ගේ තෘප්තියද ඇත. ඔහු කිසිවිටෙක ඔවුන් කෙරෙහි කෝප නොවන්නේය. තම ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒවායින් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:15Listen in Qur'an →
16

ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ

මෙවැන්නන් (තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. එබැවින් ඔබ අප වෙනුවෙන් අපගේ පාපයන්ට සමාව දී (වරප්‍රසාදයන් පහළ කර නිරා) ගින්නේ දඬුවමෙන්ද ඔබ අපව බේරා ගනු මැනව!” යයිද (සදා) ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ.

ස්වර්ගවාසීහූ වනාහි තම පරමාධිපති දෙස බලා ඔවුන්ගේ ප්රාර්ථනාවන්හි මෙසේ පවසා සිටිති. “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කළෙමු. ඔබ ඔබේ දහම් දූතවරුන්හට පහළ කළ දෑ ද විශ්වාස කළෙමු. ඔබේ පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අප විසින් සිදු වන පාපයන් වලට අපට සමාව දෙනු මැනව! නිරයේ දඬුවමින් අප මුදවලනු මැනව!”

Aal-i-Imraan 3:16Listen in Qur'an →
17

ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلْقَٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ

(තවද ඔවුන්) ඉවසිලිවන්තයින් වශයෙන්ද, සත්‍යයම කතා කරන්නන් වශයෙන්ද, (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නන් වශයෙන්ද, දානමාන කරන්නන් වශයෙන්ද, සහර් (අළුයම්) කාලයන්හි, (අල්ලාහ්ගෙන්) සමාව අයදින්නන් වශයෙන්ද සිටින්නාහ.

අල්ලාහ්ට අවනත වන කටයුතු වලදී හා පාපකම් අතහැර දමන කටයුතු වලදී ඔවුහු ඉවසීමෙන් ඒවා දරා ගෙන කටයුතු කරති. ඔවුනට අත්වන පරීක්ෂණ සඳහා ඔවුන් ඉවසීමෙන් මුහුණ දෙති. ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් සත්යවාදීන් ලෙස ක්රිය කරති. පූර්ණ ලෙස අල්ලාහ්ට අවනත වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනය වියදම් කරති. පතන ප්රාර්ථනාවන්ට පිළිතුරු ලබන්නට රාත්රිය අවසාන කාලය වඩාත් යෝග්ය වන බැවින් හා එහි හදවත් කාර්යබහුලත්වයෙන් සන්සුන් ව ඇති බැවින් එම වේලාවෙහි ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති.

Aal-i-Imraan 3:17Listen in Qur'an →
18

شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلْمَلَٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

(නබියේ!) අල්ලාහ් මෙසේ සාක්ෂි දරන්නේය: “නියත වශයෙන්ම ඔහු හැර වෙනත් දෙවියෙක් නැත” තවද (එසේ) මලායිකාවරුන්ද, (ධර්ම ඥානය ලත්) විද්වතුන්ද, සාධාරණය ස්ථීර කර, “ඔහු හැර වෙන දෙවියෙක් නැත. (ඔහු සියල්ලන්ටම වඩා) බලසම්පන්නය, ඥානවන්තය” (යයි සාක්ෂි දරන්නාහ).

සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට තමන් හැර වෙනත් කිසිවකු නොමැති බව අල්ලාහ් ම සාක්ෂි දරයි. එය ඔහුගේ දේවත්වය විදහාපාන භෞතික හා ආධ්යාත්මික සාධකය නගා සිටුවමිනි. ඒ කෙරෙහි මලක්වරු ද සාක්ෂි දරති. විද්වතුන්ද ඒවා විස්තර කරමින් ඔහුගේ ඒකීයත්වය තහවරු කරමින් මිනිසා ඒ වෙත කැඳවමින් සාක්ෂි දරති. ඔහු ගැන සාක්ෂි දරනු ලබන අතිමහත් කරුණ වනුයේ අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් හා ඔහුගේ පිළිවෙත සම්බන්ධයෙන් ඔහු සාධාරණ ලෙසින් නැගී සිටින බවට වූ විශ්වාසයයි. සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු අබිබවා යන කිසිවකු නැත. ඔහුගේ මැවීම් පිළිබඳවත් ඔහුගේ සැලසුම් හා ආගමානුගත කිරීම් පිළිබඳවත් ඔහු සියුම් ඥානීය.

Aal-i-Imraan 3:18Listen in Qur'an →
19

إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි (බාර ගනු ලැබූ) ධර්මය ඉස්ලාමයයි. ධර්මය පහළ කරනු ලැබූවන්, (මෙයයි සත්‍ය ධර්මය යන) ඥානය ඔවුන්ට ලැබුණු පසුද, තමන් අතර ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම (මෙයට) වෙනස්කම් දැක්වූහ. එබැවින් (මෙසේ) කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන්ට විනාශයයි. ඔවුන්ගේ) ගණනය නිර්ණය කිරීමෙහි අල්ලාහ් ඉතාමත් සීඝ්‍රවන්තයෙකි.

අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දහම ඉස්ලාම් නොහොත් අවනතභාවයේ දහමයි. එනම් ඔහුට පමණක් අවනත වී ඔහුට නැමදුම් පුද කොට යටහත් වී ඔහුගේ දූත මෙහෙවර සඳහා එවනු ලැබූ අවසාන දූතයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඇතුළු ව සියලු නබිවරුන් විශ්වාස කිරීමය. ඔහුගේ පිළිවෙත මිස වෙනත් කිසිදු පිළිවෙතක් පිළිගනු නොලැබේ. යුදෙව්වන් හා කිතුනුවන් වෙත පැමිණි ඥානය හා දැනුම පූර්ව සාධක ලෙස ඔප්පු කිරීමෙන් පසු ව මිස ඔවුන් ඊර්ෂ්යාව හා ලෞකික ආශාවන් හේතුවෙන් කණ්ඩායම් හා නිකාය වලට බෙදී ඔවුන්ගේ දහම තුළ වෙන් වී නොගියහ. අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ සාධක කවරෙකු ප්රතික්ෂේප කරන්නේද එසේ තම දූතවරු බොරු කොට ප්රතික්ෂේප කළවුන් සඳහා සැබැවින්ම අල්ලාහ් විනිශ්චය ඉක්මන් කරන්නාය.

Aal-i-Imraan 3:19Listen in Qur'an →
20

فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْأُمِّيِّۦنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

(නබියේ! මින්) පසුවද, ඔබ සමග තර්ක කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම මා අල්ලාහ්ට (අල්ලාහ්ගේ නියෝගයන්ට) සම්පූර්ණයෙන්ම අවනත වුනෙමි. (එසේම) මාව අනුගමනය කරන්නන්ද (අවනත වූහ)” යයි පවසා, ධර්මය පහළ කරනු ලැබූවන්ටද (පිළිරූ ආරාධනා කරන) නූගතුන්ගෙන්ද “ඔබත් (ඒ අන්දමටම) අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද?”යි විමසනු. (එසේම) ඔවුන්ද අවනත වුවහොත්, නියත වශයෙන්ම ඔවුන්ද ඍජු මාර්ගය අත් කර ගත්හ. තවද ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු. ඔබ අපගේ දූත මෙහෙවර ඔවුන්ට) ගෙනහැර දැක්වීමම ඔබ කෙරෙහි අනිවාර්යය වී ඇත්තේය. අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ! දූතය, නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් නුඹ සමග වාද කළේ නම් ඔවුනට පිළිතුරු වශයෙන් ‘මා හා මා අනුගමනය කළ දේව විශ්වාස කරන්නන් වන අපි අල්ලාහ්ට යටත් වන්නෙමු’ යැයි පවසනු. අහෝ! දූතය, ‘මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද එය පිළිපදිමින් අල්ලාහ්ට අවංක ලෙසින් නුඹලා යටහත් වන්නේදැ?’යි තවදුරටත් ආගම් ලත් ජනයා හා දෙවියන් වෙත ආදේශ තබන්නන්ගෙන් නුඹ විමසා සිටිනු. ඔවුන් අල්ලාහ්ට යටහත් වී නුඹගේ පිළිවෙත පිළිපදින්නේ නම් සැබැවින්ම ඔවුහු ඍජු මාර්ගයේ ගමන් කරනු ඇත. නමුත් ඔවුන් ඉස්ලාමය පිටුදකින්නේ නම් නුඹ වෙත එවනු ලැබූ දෑ නුඹ ඔවුනට ප්රචාරය කිරීම මිස වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් නුඹට නැත. ඔවුන්ගේ විෂයය නුඹ අල්ලාහ් වෙත අතහැර දමනු. ඔහුගේ ගැත්තන් පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. ක්රියා කරන සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.