Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 200

131

وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ

(මෙම නිරා) ගින්නට බිය වනු. එය (දෙවියන්ගේ මෙම නියෝගය) ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන් පිළියෙල කර ඇත්තේය.

නුඹලා හා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති නිරා ගින්න අතර ආරක්ෂාවක් සලසා ගනු. එය දැහැමි ක්රියාවන් සිදු කිරීමෙන් හා තහනම් දෑ අතහැරීමෙනි.

Aal-i-Imraan 3:131Listen in Qur'an →
132

وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

අල්ලාහ්ටද (ඔහුගේ) රසූල්වරයාටද අවනත වනු. (එමගින්) ඔබ (අල්ලාහ්ගේ) දයාවට ඇතුළු කරනු ලබන්නෙහුය.

නියෝග පිළිපැද තහනම් දැයින් වැළකී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු. නුඹලා මෙලොව හා මතු ලොව කරුණාව ලබනු ඇත.

Aal-i-Imraan 3:132Listen in Qur'an →
133

۞ وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

ඔබගේ දෙවියන්ගේ සමාවටද, අහස් හා භූමියටද තරම් පුළුල් වූ ස්වර්ගයට ඉක්මන් කරනු. එය භය භක්තිකයින් වෙනුවෙන්ම පිළියෙල කර ඇත්තේය.

අල්ලාහ්ගෙන් වූ අතිමත් සමාව නුඹලා ලබනු පිණිස දැහැමි දෑ සිදු කිරීමට යුහසුලු ව පෙරට එනු. දෙවිඳුන්ට අවනතභාවය පෙන්වන විවිධ කටයුතු වල නිරත වී ඔහු වෙත සමීප වනු. අහස් හා මහපොළොව තරම් වූ ස්වර්ගයට නුඹලා ඇතුළු වනු ඇත. එය අල්ලාහ් කෙරෙහි බැතියෙන් කටයුතු කරන තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇත.

Aal-i-Imraan 3:133Listen in Qur'an →
134

ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

ඔවුන් (කෙබන්දන්දයත් වස්තුව හා සැප සම්පත් වලින් පිරී සිටියදීද, දුප්පත්ව සිටියදීද, දානමාන කරමින්ම සිටින්නාහ. කෝපය ගිල දමන්නාහ. මිනිසුන්ට (මිනිසුන්ගේ වැරදි වලට) සමාව දෙන්නාහ. අල්ලාහ් (මෙවැනි) හොඳ අයව ප්‍රිය කරන්නේය.

මුත්තකූන් හෙවත් දෙවියන් පිළිබඳ බියෙන් හා සිහියෙන් පසුවන්නන් වනාහි, ඔවුන් තම ධනය වත්පොහොසත් කම් ඇති අවස්ථාවන්හි පමණක් නොව අගහිඟකම් ඇති අවස්ථාවන්හි ද අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරති. ප්රතිප්රහාර දීමට බලය ඇතත් ඔවුන් ඔවුන්ගේ කෝපය පාලනය කර ගනිති. ඔවුනට අපරාධ කළවුනට සමාව දෙති. මෙම ගුණාංග වලින් පැසසුමට ලක් වූ දැහැමියන් කෙරෙහි අල්ලාහ් ආදරය කරන්නේය.

Aal-i-Imraan 3:134Listen in Qur'an →
135

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ

තවද ඔවුන් යම්කිසි අවමන් ගෙන දෙන ක්‍රියාවක් කළද, නැතහොත් (පාපයක් කර) තමන්ට තමන්ම හානියක් කර ගත්තද, එවෙලේම අල්ලාහ්ව සිතා, (ඔහු වෙතින්ම) තමන්ගේ පාපයන්ට සමාව ඇයද සිටින්නාහ. (අල්ලාහ්ද ඔවුන්ට සමාව දෙනු ඇත). අල්ලාහ් මිස, (මෙවැන්නන්ගේ) වැරදිවලට සමාව දෙන්නේ කවරෙක්ද? ඔවුන් කළ (වැරදි) ක්‍රියාව (වැරැද්දක් යයි) ඔවුන් දැන ගතහොත් (එහි) ගැලී නොසිටින්නාහ. (එවෙලේම එයින් ඈත් වන්නාහ).

ඔවුන් මහා පාපයක් සිදු කළ විට හෝ ඒ හැර තමන් විසින් තමන්හටම යම් වරදක් සිදු කරගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. පිටුපාන්නන්හට කළ අවවාද හා බැතිමතුන් හට කළ ප්රතිඥාවන් පිළිබඳ සිහිපත් කරති. ඔවුන් පසුතැවිලි වී තම පාපයන් සඟවන මෙන් ද ඒ කළ වරද හේතුවෙන් තමන් වරදකරුවන් බවට නොගන්නා මෙන්ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් අයැද සිටිති. ඊට හේතුව අල්ලාහ් හැර වෙනත් කිසිවකු එම පාපයන්ට සමාව දිය නොහැකි බැවිණි. ඔවුන්ගේ පාපය මත ඔවුන් එල්බගෙන නොසිටිති. තමන් පාපයක් සිදු කර ඇති බව ඔවුන් මැනවින්ම දැන සිටිති. අල්ලාහ් ඒ සියලු පාපයන්හට සමාව දෙනු ඇත.

Aal-i-Imraan 3:135Listen in Qur'an →
136

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ وَجَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ

මෙවැන්නන්ට අයත් ඵලවිපාක නම්, ඔවුන් දෙවියන්ගේ සමාවද, දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්ද වන්නේය. (ඔවුන්) එහි සදාකල් රැඳී සිටිනු ඇත. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාකද හොඳය!

ප්රශංසා සහගත මෙම ගුණාංග හා තමන්ගේ කීර්තිමත් කටයුතු සම්බන්ධයෙන් මෙසේ වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුන්හට හිමි වන කුසල් වශයෙන් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් මකා දමනු ඇත. ඒ සඳහා සමාව දෙනු ඇත. මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට මතු ලොවෙහි ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. අල්ලාහ්ට අවනත වීම හේතුවෙන් ලෝවැසියන්ට පිරිනමනු ලබන එම ප්රතිඵල යහපතකි.

Aal-i-Imraan 3:136Listen in Qur'an →
137

قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌۭ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

ඔබට පෙරද (මෙවැනි) විවිධ මාර්ගෝපායන් ඉකුත් වී ඇත. එබැවින් ඔබ භූමියෙහි සංචාරය කර, (දෙවියන්ගේ ආයාවන්) බොරු කළ අයගේ අවසානය කෙසේ තිබුණේදැයි බලනු.

උහද් දිනයේදී දෙවියන් විශ්වාස කළවුන් පරීක්ෂාවට භාජනය කරනු ලැබූ කල්හි අල්ලාහ් ඔවුනට සැනසිලි බස් පවසා සිටියේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කළවුන් විනාශ කිරීමේ දේව න්යායය නුඹලාට පෙර විසූ ජන සමූහයන් අතර ද පැවතිණි. දෙවියන් විශ්වාස කලවුන් පරීක්ෂාවට ලක් වූ පසු අවසානය ඔවුන්හට යහපතක් විය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹලා මහපොළොවේ සැරිසරා අවධානයෙන් බලනු. ඔවුන්ගේ නිවාස විනාශ වී ගියේය. ඔවුන්ගේ රජවරු ඉකුත් ව ගියේය.

Aal-i-Imraan 3:137Listen in Qur'an →
138

هَٰذَا بَيَانٌۭ لِّلنَّاسِ وَهُدًۭى وَمَوْعِظَةٌۭ لِّلْمُتَّقِينَ

මෙය (සාමාන්‍යයෙන්) මිනිසුන්ට (සත්‍යය) පැහැදිලි කරන්නක් වශයෙන්ද, (උසස් අන්දමින් සිටින) භය භක්තිකයින්ට මාර්ගෝපදේශයක් වශයෙන්ද, හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය.

ශුද්ධ වූ මෙම කුර්ආනය මුළු මිනිස් සංහතියට සත්යය පැහැදිලි කරන්නකි. අසත්යය පිළිබඳ අවවාද කරන්නකි. යහමග වෙත යොමු වීමට සාධකයකි. දෙවියන් පිළිබද මතකයේ පසුවන්නන්හට නිවාරණයකි. හේතුව ඔවුන් එහි ඇති යහමග හා මගපෙන්වීම තුළින් ප්රයෝජන ලබන්නන්ය.

Aal-i-Imraan 3:138Listen in Qur'an →
139

وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ

(විශ්වාසවන්තයිනි!) ඔබ ධෛර්යය බිඳී යන්නටද එපා. දුක් වන්නටද එපා. (ඇත්තෙන්ම) ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, ඔබම ශ්‍රේෂ්ඨයන් වන්නෙහුය.

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා අධෛර්යමත් නොවනු. උහද් දිනයේ නුඹලාට අත් වූ තත්ත්වය ගැන දුක් නොවනු. එසේ දුක්වීම නුඹලාට අවශ්ය නැත. නුඹලා අල්ලාහ් හා ඔහුගේ භක්තික ගැත්තන්හට දී ඇති ප්රතිඥා පිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැනගනු, නුඹලා දෙවියන් මත තබා ඇති විශ්වාසයෙන් උසස් අය වන්නෙහුය. එමෙන්ම අල්ලාහ්ගේ උදව් ලැබීම හා ඔහුගේ උදව් නුඹලා අපේක්ෂා කිරීම යනාදියෙන් ද නුඹලා උසස් අය වන්නෙහුය.

Aal-i-Imraan 3:139Listen in Qur'an →
140

إِن يَمْسَسْكُمْ قَرْحٌۭ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌۭ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

ඔබ (උහද්හි පරාජයට පත් වී) තුවාල වුවහොත් (ඒ ගැන ඔබ අධෛර්යයට පත් නොවනු. මන්දයත්) එම ජනතාවද මේ ආකරයටම (බද්රුහිදී පරාජයට පත් වී) තුවාල වී ඇත්තාහ. මෙවැනි (පිරික්සුම්) කාලයන්, මිනිසුන් අතරේ මාරුවෙන් මාරුවට පැමිණෙන සේ අපිම සලස්වන්නෙමු. මන්දයත් (ඔබගෙන්) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන් කුවුරුන්දැයි අල්ලාහ් දැන ගැනීමටද (දැනුම් දීමටද), ඔබගෙන් (ධර්මය වෙනුවෙන් ජීවිත පූජා කරන) ඉමහත්වූ දානපතියා ඔහු ගෙනහැර දැක්වීමටම (මෙසේ සලසන්නේය). අපරාධකරුවන්ව අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, උහද් දිනයේ යම් තුවාලයක් හෝ ඝාතනයක් හෝ නුඹලාට විදින්නට සිදු වූයේ නම්, දැනගනු, නුඹලා වින්දා වූ දෑට සමාන තුවාල හා ඝාතන දෙවියන් ප්රතික්ෂේප කළවුන් ද විඳ ඇත. ජනයා අතර සිටින දේව විශ්වාසි කරන්නන් හා දේව ප්රතික්ෂේපකයින් යන දෙපාර්ශවයෙන් තමන් අභිමත කරන අයට අල්ලාහ් එම දිනයන්හි ජයග්රහණය හා පරාජය මාරුවෙන් මාරුවට පිරිනමන්නේය. එහි පැහැදිලි යථාර්ථයක් විය. සැබෑ විශ්වාස කරන්නන් කුහකයින්ගෙන් වෙන්කර ප්රසිද්ධියට පත් කිරීම අල්ලාහ්ගේ අභිමතය පරිදි තම මාර්ගයේ දිවිපිදූ අයට ගෞරව කිරීම යනාදිය ඒවායින් කිහිපයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ඇපකැප නොවී තමන්ටම අපරාධ සිදුකරගත් අයට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

Aal-i-Imraan 3:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.