وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَٰعِدَ لِلْقِتَالِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබියේ!) ඔබ, ඔබගේ පවුලෙන් වෙන් වී අළුයම පිටත්ව (ගොස්) විශ්වාසය තැබූවන්ව (උහද්) යුද බිමේදී පිළියෙල කරමින් සිටීම ගැන සිතා බලනු. (මේ අවස්ථාවේදී ඔබ කළ ප්රාර්ථනාවට) අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද, හොඳින් දන්නෙකු වශයෙන්ද සිටියේය.
අහෝ! නබිරවය, දහවල් කාලයේ ආරම්භයේදීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීම සඳහා මදීනාවේ සිට උහද් යුද පිටියට පිටත් ව ගිය අවස්ථාව මෙනෙහි කර බලනු. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් යුද පිටියේ සීරුවෙන් පෙළ ගස්වා ඔවුන් සෑම කෙනෙකුගේම ස්ථානය ඔබ ඔවුනට පැහැදිලි කළෙහිය. අල්ලාහ් නුඹලා කරන ප්රකාශයන්ට සවන් දෙන්නාය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.