Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–130 of 200

121

وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَٰعِدَ لِلْقِتَالِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

(නබියේ!) ඔබ, ඔබගේ පවුලෙන් වෙන් වී අළුයම පිටත්ව (ගොස්) විශ්වාසය තැබූවන්ව (උහද්) යුද බිමේදී පිළියෙල කරමින් සිටීම ගැන සිතා බලනු. (මේ අවස්ථාවේදී ඔබ කළ ප්‍රාර්ථනාවට) අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද, හොඳින් දන්නෙකු වශයෙන්ද සිටියේය.

අහෝ! නබිරවය, දහවල් කාලයේ ආරම්භයේදීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීම සඳහා මදීනාවේ සිට උහද් යුද පිටියට පිටත් ව ගිය අවස්ථාව මෙනෙහි කර බලනු. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් යුද පිටියේ සීරුවෙන් පෙළ ගස්වා ඔවුන් සෑම කෙනෙකුගේම ස්ථානය ඔබ ඔවුනට පැහැදිලි කළෙහිය. අල්ලාහ් නුඹලා කරන ප්රකාශයන්ට සවන් දෙන්නාය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.

Aal-i-Imraan 3:121Listen in Qur'an →
122

إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَٱللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

(එම යුද්ධයේදී) ඔබගෙන් එක් සමුහයක් ධෛර්යය බිඳී, (උහද් යුද්ධය අත්හැර දමා) යන්න (හැකිදැයි) සිතමින් සිටි අවස්ථාවේදී අල්ලාහ් ඔවුන්ට ආරක්ෂකයෙකු වශයෙන් සිටියේය. එබැවින් විශ්වාසවන්තයින් අල්ලාහ් මතම විශ්වාසය තබනු මැනව!

අහෝ! නබිවරය, බනූ සලිමා හා බනූ හාරිසා යන දෙවියන් විශ්වාස කළ කණ්ඩායම් දෙක දුර්වලතාවට පත් වූ අවස්ථාවේ ඇති වූ සිදුවීම ගැන මෙනෙහි කර බලනු. කුහකයින් හැරී යන මොහොතේ මොවුන්ද හැරී යන්නට තැත් කළෝය. යුද පිටිය මත ඔවුන් ස්ථාවරව සිටීමෙන් හා ඔවුන් කවර දෙයක් සිතුවේ ද එයින් හැරීමෙන් අල්ලාහ් ඔවුනට උදව් කරනු ඇත. එය අල්ලාහ්ට පමණක් හැකිය. එහෙයින් සියලු තත්ත්වයන් තුළ දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර ව සිටිය යුතුයි.

Aal-i-Imraan 3:122Listen in Qur'an →
123

وَلَقَدْ نَصَرَكُمُ ٱللَّهُ بِبَدْرٍۢ وَأَنتُمْ أَذِلَّةٌۭ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ

බද්රුහිදී (සිදු වූ යුද්ධයේදී) ඔබ (සතුරන්ට වඩා ආයුධ වලින්ද, ගණනයෙන්ද) අඩු වශයෙන්ම සිටි අවස්ථාවේදී නියත වශයෙන්ම අල්ලාහ් ඔබට උදව් උපකාර කළේය. එබැවින් ඔබ ස්තූතිවන්ත වීම පිණිස, අල්ලාහ්ට බිය වී (අවනත වී) කටයුතු කරනු.

නුඹලා දුර්වල ව සිටියදී බද්ර් සටනෙහි දෙවියන්ට ආදේශ කළවුන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උදව් කළේය. එවිට නුඹලා මිනිස් බලයෙන් හා අයුධ බලයෙන් ඉතා අඩු ප්රමාණයකින් සිටියහ. එහෙයින් නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයට නුඹලා කෘතගුණ සලකනු පිණිස නුඹලා අල්ලාහ්ට බැතිමත් ව ඔහු ගැන මතකයෙන් කටයුතු කරනු.

Aal-i-Imraan 3:123Listen in Qur'an →
124

إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُنزَلِينَ

(නබියේ! ඒ අවස්ථාවේදී) ඔබ විශ්වාසවන්තයින්ට “(අහසින්) පහළ කරන ලද මලායිකාවරුන් තුන්දහස මගින් ඔබගේ දෙවියන් ඔබට උදව් කිරීම ඔබට මදිද?”යි පැවසීමද සිතා බලනු.

ආදේශ කරන්නන්ගේ උදව්වට අමතර කණ්ඩයමක් පැමිණෙන බවට තමන් සවන් දුන් පසු ව බද්ර් පිටියේ දෙවියන් විශ්වාස කරන්නන් ශක්තිමත් කරමින් ‘යුදපිටියේ නුඹලා ව ශක්තිමත් කරනු පිණිස අල්ලාහ් අබියසින් පහළ වූ මලක්වරුන් තුන්දහසක පිරිසක් මගින් නුඹලාට උදව් කර තිබීම ප්රමාණවත් නොවේදැයි අහෝ! නබිවරය, ඔබ දෙවියන් විශ්වාස කරන්නන්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු.

Aal-i-Imraan 3:124Listen in Qur'an →
125

بَلَىٰٓ ۚ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَٰفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُسَوِّمِينَ

“එසේය; ඔබ (අල්ලාහ්ට) බිය වී ඉවසීමෙන් යුතුව සිටියහොත් මේ අවස්ථාවේදීම (සතුරන්) ඔබ කෙරෙහි හදිසියේ පහර දුන්නද, (තුන්දහසක් මොකක්ද?) සළකුණු ලත් මලායිකාවරුන් පන්දහසකින් යුත් (සේනාවක්) මගින් ඔබගේ දෙවියන් ඔබට උදව් කරනු ඇත”.

එසේය. සැබැවින්ම එය නුඹලාට ප්රමාණවත් විය. අල්ලාහ්ගෙන් වූ තවත් උපකාරයක ශුභාරංචියක් නුඹලාට විය. නුඹලා යුද පිටියේ ඉවසීමෙන් යුතු ව අල්ලාහ් පිළිබඳ බැතිමත් ව කටයුතු කර තිබුණු අවස්ථාවක සතුරන් නුඹලා වෙත කඩා පනින වේලාවේ ඔවුන් වෙත අමතර පිරිසක් පැමිණියේ නම් සැබැවින්ම සලකුණු තබන ලද ඔවුන් ව හඳුනා ගත හැකි මලක්වරුන් පන්දහසක පිරිසක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.

Aal-i-Imraan 3:125Listen in Qur'an →
126

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِۦ ۗ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

මෙමගින් ඔබගේ සිත් සෑහීමට පත් වීමටද, ඔබට එක් සුභාරංචියක් වශයෙන්ම අල්ලාහ් මෙය කළේය. (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයෙකුද, ඥානවන්තයෙකුද වන අල්ලාහ් වෙතින්ම මිස, මෙම උදව්ව (ඔබට ලැබුණේ) නැත.

මෙම උපකාරය හා මලක්වරුන්ගේ සහය නුඹලාගේ සතුට හා යහපත වෙනුවෙන් මිස අල්ලාහ් පිරිනැමුවේ නැත. එමගින් නුඹලාගේ හදවත් සන්සුන් විය. එසේ නොමැති ව සැබෑ ජයග්රහණය මතුපිටින් දකින සාධකවලින් පමණක් සිදු නොවීය. සැබෑ ජයග්රහණය පැමිණියේ සර්ව බලධාරී අල්ලාහ් අබියසිනි. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමේ හා නීතිගත කිරීමේ මහා ප්රඥාවන්තය.

Aal-i-Imraan 3:126Listen in Qur'an →
127

لِيَقْطَعَ طَرَفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُوا۟ خَآئِبِينَ

(ඔහු ඔබට මෙම උදව්ව ලබා දුන්නේ) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් එක් කොටසක් අඩු කරන්නට හෝ නැතහොත් ඔවුන් අවමන් වී (පරාජිතයින් බවට) රැවටී හෝ ආපසු හැරී යාමටත්ය.

මෙම උපකාරය බද්ර් යුද්ධයේදී අල්ලාහ් නුඹලාට තහවුරු කළේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් එහි දී මරුමුවට පත් කොට ඔවුන් විනාශ කිරීමටත් තවත් පිරිසක් අවමානයට පත් කරන්නටත් ඔවුන්ගේ පරාජය හේතුවෙන් ඔවුනට කෝපය ඇති කරන්නටත් අල්ලාහ් අභිමත කළේය. එවිට ඔවුන් පරාජයට පත් ව අවමානයෙන් යුතු ව හැරී ගියෝය.

Aal-i-Imraan 3:127Listen in Qur'an →
128

لَيْسَ لَكَ مِنَ ٱلْأَمْرِ شَىْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَٰلِمُونَ

(නබියේ!) මෙම කාරණාවෙහි ඔබට කිසිම බලයක් නැත. ඔහු ඔවුන්ව (ඉස්ලාමය වැළඳ ගන්නා ලෙසට සලස්වා) සමාව දිය හැකිය. නැතහොත් ඔවුන් පාපයන් කරන්නන් වශයෙන් සිටීමෙන් ඔවුන්ට දඬුවම්ද කළ හැකිය.

උහද් යුද්ධයේදී සිදුවුණු සිදුවීමෙන් පසු විනාශයට පත් වූ දේව ආදේශකයින්ගේ නායකයින්ට එරෙහි ව අල්ලාහ්ගේ දූතයාණෝ ප්රාර්ථාන කළ අවස්ථාවේ අල්ලාහ් එතුමාට මෙසේ පැවසීය: ඔවුන් ගැන කිසිදු අයිතියක් ඔබට නැත. සියලු කරුණු අල්ලාහ් සතුය. නුඹලා අතර අල්ලාහ් තීන්දු කිරීම හෝ ඔවුනට සමාව දී ඔවුන් ඉස්ලාමය තුළට පිවිසීම හෝ ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේප මත රැදී සිට ඔහු ඔවුන්ට දඬුවම් දීම යනාදී කරුණු මත ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. හේතුව සැබැවින්ම ඔවුන් දඩුවම් ලැබීමට සුදුසු අපරාධකරුවෝ වෙති.

Aal-i-Imraan 3:128Listen in Qur'an →
129

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

(මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමැත්තන්ට සමාව දෙන්නේය. ඔහු කැමැත්තන්ට දඬුවම් දෙන්නේය. නමුත් අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා අධික වශයෙන් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමත්, ඒවා සැලසුම් කිරීමත් අල්ලාහ් සතු කාර්යයකි. ඔහු කැමැති ගැත්තන්හට ඔහුගේ කරුණාව තුළින්, කළ පාපයන් සඳහා සමාව දෙනු ඇත. ඔහු අභිමත කළ අයට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතුරින් කවරෙකු පශ්චාත්තාප වී සමාව අයැද සිටින්නේද ඔවුනට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් විෂයයෙහි මහා කාරුණිකය.

Aal-i-Imraan 3:129Listen in Qur'an →
130

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوا۟ ٱلرِّبَوٰٓا۟ أَضْعَٰفًۭا مُّضَٰعَفَةًۭ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාසවන්තයිනි! (මුළු මුදලට අධික වශයෙන්ද, පොළිය මත පොළිය දමාද) දෙගුණ (තෙගුණ වෙමින්) වැඩි වෙමින් පවතින පොළිය (ලබා ගෙන) නොගිලිනු. අල්ලාහ්ට බිය වී (මෙයින් වැළකී සිටියහොත්) ඔබ ජයග්‍රහණය කරන්නෙහුය.

අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි! අඥාන ජනයා සිදු කළාක් මෙන් නුඹලා දුන් ණය මුදලට අමතර ව ඊට වඩා වැඩියෙන් පොලී ගැනීමෙන් වැළකෙනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බියවනු. මෙලොව හා මතු ලොව කවර යහපතක් නුඹලා පතන්නේද එය නුඹලාට හිමි විය හැක.

Aal-i-Imraan 3:130Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.