Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 200

111

لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًۭى ۖ وَإِن يُقَٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ

(විශ්වාසවන්තයිනි! මෙවැන්නන්) ඔබට පොඩි කරදරයක් කරනවා මිස, (අධික වශයෙන්) ඔබට (කිසි) හානියක් කර දැමීමට නොහැකිය. ඔබ සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වුවද, ඔබට පිටුපස හරවා දුවනු ඇත. පසුව ඔවුන් (ගිය තැනෙහිද කිසිවෙකු විසින් හෝ) උදව් කරනු නොලබන්නාහ.

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, ඔවුන් තුළ සතුරුකම් තිබුණ ද ඔවුන් දහමට බැණ වැදීම අපහාස කිරීම වැනි කටින් කරන ලද සුළු අපහාස හැර නුඹලාගේ දහමට හෝ නුඹලාගේ ජීවිත වලට හානියක් සිදු කිරීමට ඔවුනට නුපුළුවන. ඔවුන් නුඹලා සමග සටන් වදින්නේ නම් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව ඔවුන් පලා යනු ඇත. නුඹලාට එරෙහි ව කිසිවිටෙක ඔවුන් උදව් නොලබනු ඇත.

Aal-i-Imraan 3:111Listen in Qur'an →
112

ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍۢ مِّنَ ٱللَّهِ وَحَبْلٍۢ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

ඔවුන් කොහි සිටියා වුවද, ඔවුන් කෙරෙහි අවමානය නියම වී ගියේය. (මෙම ධර්මය වන) අල්ලාහ්ගේ ගිවිසුම මගින්ද, (විශ්වාසය තැබූ) මිනිසුන් (ලබා දෙන ආරක්ෂාව නමැති) ගිවිසුමම මිස, (ඔවුන්ට බේරීමට නොහැක). අල්ලාහ්ගේ කෝපයෙහිද ඔවුන් පැටළී ගියහ. (පහත වැටීම නමැති) අවමානයද, ඔවුන් කෙරෙහි නියම වී ගියේය. මෙයට හේතුව, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් (සෑමවිටම) ප්‍රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටීමයි. (තවද) ඔවුන් පාපයන් කරමින් සිටීමද, (එහි) සීමාව ඉක්මවා සිටීමද මෙයට හේතුව වේ.

යුදෙව්වන් කොතැනක දුටුව ද අවමානය හා අවනම්බුව ඔවුන් වෙළා ගෙන තිබිණ. කිසියම් හෝ ගිවිසුමකින් මිස එසේත් නැතහොත් උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ මිනිසුන්ගෙන් ලැබෙන ආරක්ෂාවකින් මිස වෙනත් ආරක්ෂාවක් ඔවුනට නොවීය. අල්ලාහ්ගේ කෝපයට ලක් ව ඔවුන් හැරී ගියහ. අවශ්යතා හා දිළිඳුකම ඔවුන් වෙළාගන්නට සැලැස්වීය. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ නබිවරුන් අපරාධකාරී ව ඝාතනය කළ බැවින්ය. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගොස් පිටුපාමින් සිටි හේතුවෙන්ය.

Aal-i-Imraan 3:112Listen in Qur'an →
113

۞ لَيْسُوا۟ سَوَآءًۭ ۗ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ أُمَّةٌۭ قَآئِمَةٌۭ يَتْلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ

ඔවුන් (සියල්ලන්ම) එකම අන්දමේ (පාපතරයන්) නොව. ධර්මය හිමි මොවුන්ගෙන් ඍජු මාර්ගයේ සිටින එක් සමූහයක්ද ඇත්තාහ. ඔවුන් රාත්‍රී කාලයන්හි අල්ලාහ්ගේ ආයාවන් සමූදීරණය කර, හිස බිම තබා සුජූද් කරන්නාහ.

ආගම්ලත් ජනයාගේ තත්ත්වයන් එකිනෙකාට සමාන නොවීය. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ නියෝග පිළිපැද්දාහ. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියහ. රාත්රී කාලයේ අල්ලාහ්ට සලාත් නැමදුම් ඉටු කරමින් ඔහුගේ වදන් පාරායනය කළහ. මුහම්මද් නබි තුමාණන්ගේ පැමිණීමට පෙර මෙසේ කටයුතු කළ පිරිස එතුමාණන්ගේ පණිවිඩය ලැබුණු විට එය පිළිගෙන ඉස්ලාම ය වැලඳ ගත්හ.

Aal-i-Imraan 3:113Listen in Qur'an →
114

يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَأُو۟لَٰٓئِكَ مِنَ ٱلصَّٰلِحِينَ

(තවද) ඔවුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, (මිනිසුන්ව) දැහැමි කි්‍රයාවන් මගින් අණ කර, පාපතර කාරණාවන්ගෙන් වළක්වා, පින් ඇති කාරණාවන් කිරීමට ඉක්මන් (කරවමින්ද) යන්නාහ. මෙවැන්නන්ම හොඳ වහලූන්ගෙන් වන්නාහ.

ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.

Aal-i-Imraan 3:114Listen in Qur'an →
115

وَمَا يَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَلَن يُكْفَرُوهُ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ

මොවුන් කුමන දැහැමි ක්‍රියාවක් කළා වුවද, එය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නැත. (එයට සරිලන ඵලවිපාක අනිවාර්යයෙන්ම අත් කර ගනු ඇත. මන්දයත් මෙවැනි) භය භක්තිකයින්ව අල්ලාහ් හොඳින් දන්නේය.

ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.

Aal-i-Imraan 3:115Listen in Qur'an →
116

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۚ هُمْ فِيهَا خَٰلِدُونَ

නියත වශයෙන්ම (ධර්මය හිමි අයගෙන්) කවුරුන් (පරලොව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ වස්තූන්ද, ඔවුන්ගේ දරුවන්ද, (එදින) අල්ලාහ්ගේ (දඬුවමෙන්) ඔවුන්ව පොඩියක් හෝ බේරා ගන්නේ නැත. ඔවුන් නිරාවාසීන්ය. එහි සැමදා රැඳී සිටිනු ඇත.

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් හිමිවීමට නියමිත කිසිදු දඩුවමක් ඔවුන්ගේ ධනය හෝ දරුවන් ඉදිරිපත් වී වළක්වන්නේ නැත. ඔහුගේ දඩුවම ඉවත් කළ ද නොහැක. එමෙන්ම ඔහුගේ කරුණාව ඔවුනට ගෙන දෙන්නට ද නොහැක. එනමුත් ඔවුනට දඬුවම හා අලාභය වැඩි කර දෙනු ඇත. නිරයට අනිවාර්යය වූවෝ මොවුහු වෙති.

Aal-i-Imraan 3:116Listen in Qur'an →
117

مَثَلُ مَا يُنفِقُونَ فِى هَٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍۢ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍۢ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ

මෙලොව ජීවිතයෙහි (ඉස්ලාමයට විරුද්ධව) ඔවුන් වියදම් කරන වස්තුවෙහි උපමාව, එක් සුළඟක් මෙන් වන්නේය. එය (ප්‍රමාණය ඉක්මවා ගිය) ශීතයක් බවට පත් වී (හිම කුණාටුවක් බවට පත්ව), තමන්ට තමන්ම නපුරක් කර ගත් එක් සමූහයකගේ ගොයමෙහි වැදී, එය විනාශ කර දැමීය. අල්ලාහ් මොවුන්ට කිසිම හානියක් කළේ නැත. එහෙත් මොවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ.

මෙවන් ප්රතික්ෂේපකයින් විසින් යහපත අපේක්ෂාවෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් විය පැහැදම් කරන දෑ දැඩී සීතල සහිත සුළගට සමානය. එය පාපකම් හා වෙනත් අපරාධ සිදු කරමින් තමන්හටම අපරාධ කරගත් පිරිසකගේ වගා භූමි දෙසට හැමීය. එය ඔවුන්ගේ භෝග වගාවන් විනාශ කර දැමීය. ඔවුන් එයින් දැඩි සේ යහපත අපේක්ෂා කළෝය. නමුත් මේ සුළග වගාවන් විනාශ කර දමන සෑම විටෙකම එය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දෙවියන් ප්රත්ක්ෂේප කිරීම ද එලෙසමය. එය ඔවුන් කුසල් බලාපොරොත්තු වෙන් සිදු කරන ක්රියාවන්හි කුසල් නිෂ්ඵල කරනු ඇත. අල්ලාහ් ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කර නැත. ඔවුන් ඔහු ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතයින් බොරු කළ බැවින්ද ඔවුහු ඔවුනටම අපාරධ කර ගත්තෝය.

Aal-i-Imraan 3:117Listen in Qur'an →
118

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةًۭ مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًۭا وَدُّوا۟ مَا عَنِتُّمْ قَدْ بَدَتِ ٱلْبَغْضَآءُ مِنْ أَفْوَٰهِهِمْ وَمَا تُخْفِى صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْءَايَٰتِ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ

විශ්වාසවන්තයිනි! ඔබට (ඔබගේ වාර්ගිකයින්ව) මිස, (මොවුන්ව) සමීපයින් බවට ඔබ පත් කර නොගනු. (මන්දයත්) ඔවුන් ඔබට හානියක් කිරීමෙහි කිසිම අඩුපාඩවක් කරන්නේ නැත. ඔබ වේදනාවට පත් වීම ගැන ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ මුව (වදන්) මගින්ම (ඔවුන්ගේ) දැඩි ක්‍රෝධය එළිදරව් විය. (ඔබ ගැන) ඔවුන්ගේ හෘදයන්හි සඟවා ඇති දැය නම් ඉතාමත් දරුණුය. නියත වශයෙන්ම අපි (ඔවුන්ගේ) සළකුණු ඔබට විවරණය කර හැරියෙමු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටියහොත් (එය දැන ගත හැකිය).

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, දෙවියන් කෙරෙහි විශ්වාස කළවුන් හැර එය ප්රතික්ෂේප කරන්නන් නුඹලාගේ හිතමිතුරන් ලෙස හෝ සුදනන් ලෙස හෝ නොගනු. නුඹලාගේ රහසිගත දෑ හා නුඹලාගේ විශේෂ තත්ත්වයන් නුඹලා ඔවුනට දැන ගැනීමට ඉඩ දෙන්නෙහුය. නමුත් නුඹලාට හිංසා කිරීමෙහි හා නුඹලා තුළ කලහකම් ඇති කිරීමෙහි කිසිදු අඩුවක් ඔවුන් සිදු කරන්නේ නැත. නුඹලාට හානි පමුණුවන්නටත් පීඩා කිරීමටත් ඔවුන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අකමැත්ත හා සතුරුකම ඔවුන්ගේ මුඛවල් වලින් හෙළි වී ඇත. නුඹලාගේ දහමට අපහාස කරමින්, නුඹලා අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරමින් නුඹලාගේ රහස් හෙළි කරමින් ඔවුන් කටයුතු කරති. ඔවුන්ගේ සිත් තුළ සඟවා ඇති පිළිකුල් සහගත දෑ අතිභයානකය. අහෝ! විශ්වාසකළවුනි, මෙලොවෙහි හා මතු ලොවෙහි යහපත ගෙන දෙන කරුණු පිළිබඳ පැහැදිලි සාධක අපි නුඹලාට විස්තර කර ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලා වෙත පහළ කර ඇති දෑ ගැන නුඹලා වටහා ගන්නේ නම් එය නුඹලාට යහපත් වනු ඇත.

Aal-i-Imraan 3:118Listen in Qur'an →
119

هَٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ ۚ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

(විශ්වාසවන්තයිනි!) කිමෙක්ද! ඔබ මොවුන්ව ප්‍රිය කරන්නෙහුය! නමුත් ඔවුන් නම්, ඔබව ප්‍රිය කරන්නේ නැත. ඔබ (ඔවුන්ගේ) ධර්මයන් සියල්ල විශ්වාස කරන්නෙහුය. (ඔවුන් ඔබගේ ධර්මය විශ්වාස කරන්නේ නැත). එහෙත් ඔවුන් ඔබව හමු වුවහොත් “(ඔබගේ ධර්මයද) අපි විශ්වාස කරන්නෙමු” යයි (බොරුවට) පවසන්නාහ. නමුත් (ඔබගෙන් ඈත් වී) ඔවුන් තනි වුවහොත් නම්, ඔබ සමග ඇති කෝපයෙන් (තමන්ගේ අත්) ඇඟිලි සපා ගන්නාහ. එබැවින් (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “ඔබගේ කෝපයෙන්ම මැරී යනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) හෘදයන්හි රහස් හොඳින් දන්නේය”.

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, මෙන්න නුඹලා එම ජනයා හිතමිතුරන් ලෙස පත් කරගෙන ඇත. ඔවුන් නුඹලා ව පිළිකුල් කරන තත්ත්වයේ නුඹලාට යහපතක් සිදු වීම ගැන ඔවුන් අකමැත්තෙන් සිටියදී නුඹලා ඔවුනට යහපත කරන්නෙහුය. නමුත් ඔවුන් නුඹලාට සතුරුකම් කරති. නුඹලා දෙවියන් විසින් පහළ කරන ලද පුස්තක සියල්ල විශ්වාස කරන්නෙහුය. ඔවුන්ගේ පුස්තකය ද ඉන් එකකි. නමුත් නුඹලාගේ නබිවරයා වෙත අල්ලාහ් පහළ කළ ග්රන්ථය ඔවුන් විශ්වවාස නොකරති. ඔවුන් නුඹලා ව මුණගැසුණු විට ‘අපි සත්යයම විශ්වාස කරන්නෙමු’ යැයි වචනයට පමණක් පවසති. නමුත් ඔවුනොවුන් එකතු වුණු විට ඔවුන්ගේ ඇඟිලි තුඩු නමා ගනිමින් නුඹලාගේ ඒකීය විශ්වාසය ඒකමතික ව කළ ප්රකාශය හා ඉස්ලාමයේ ගෞරවය කෙරෙහි ඇති කෝපය පිට කරති. එමෙන්ම ඔවුනට අත් වූ අවමානය ගැනද කතා කරති. අහෝ! නබිවරය, ඔබ එම පිරිසට මෙසේ පවසන්න. ‘නුඹලා කවර කරුණක් මත කෝපයෙන් හා වෛරයෙන් සිටින්නේද ඒ අයුරින්ම නුඹලා මරණයට පත්වහු. හදවත් තුළ ඇති දේව විශ්වාසය හා ප්රතික්ෂේපය ගැනත් යහපත හා අයහපත ගැනත් සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය.

Aal-i-Imraan 3:119Listen in Qur'an →
120

إِن تَمْسَسْكُمْ حَسَنَةٌۭ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌۭ يَفْرَحُوا۟ بِهَا ۖ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْـًٔا ۗ إِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ

ඔබට යම්කිසි හොඳක් සිද්ධ වුවහොත් (එය) ඔවුන්ට කණගාටුව ගෙන දෙන්නේය. ඔබට යම්කිසි නපුරක් සිදු වුවහොත් නම්, ඒ වෙනුවෙන් ඔවුන් සතුටට පත් වන්නාහ. එබැවින් ඔබ ඉවසීමෙන් යුතුව භය භක්තියෙන් සිටියහොත් ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔබට කිසිම හානියක් ඇති කරන්නේ නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් වට කරගෙන සිටින්නේය.

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, සතුරන්ට එරෙහි ව යම් ජයග්රහණයක් නුඹලාට ලැබුණු විට හෝ ධනය හා දරුවන්ගේ වර්ධනයක් දුටු විට ඔවුන් දුකට හා ශෝකයට පත් වෙති. නමුත් නුඹලාට එරෙහි ව සතුරන් විසින් යම් ජයක් අත්පත් කර ගෙන නුඹලාට යම් අභාග්යයක් සිදු වූ විට හෝ ධනය හා දරුවන් අහිමිවීමෙන් යම් අභාග්යයක් ඇති වූ විටෙක ඒගැන ඔවුන් සතුටු වෙති. නුඹලාට අත් වූ ඉරණම ගැන ප්රීති වෙති. අල්ලාහ්ගේ නියෝග හා ඔහු තීන්දු කළ දෑ නුඹලා ඉවසීමෙන් යුතු ව භාර ගෙන ඔහුගේ කෝපයට බිය වී නුඹලා බැතිමත් ව කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්රණ හෝ ඔවුන්ගේ තාඩන පීඩන කිසිවක් නුඹලාට හානියක් ඇති නොකරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන කුමන්ත්රණ ගැන සර්වප්රකාරයෙන්ම දන්නේය. ඔහු ඔවුන් පරාජිතයින් බවට පත් කරනු ඇත.

Aal-i-Imraan 3:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.