وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
අල්ලාහ්ගේ රසූල්වරයා ඔබ මධ්යයෙහි සිටිමින් ඔහුගේ ආයාවන් ඔබට සමුදීරණය කරමින් සිටියදී, ඔබ කෙසේ නම් ප්රතික්ෂේප කළ හැකිද? එබැවින් කවුරුන්, අල්ලාහ්ව (ඔහුගේ ධර්මය) තදින් අල්ලා ගන්නේද, ඔහු නියත වශයෙන්ම ඍජු මාර්ගයෙහි ඇතුළු කර හැරියේය.
නුඹලා අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු එම විශ්වාසය ගැන තහවුරු කරන මහත් සාධක නුඹලා සමග තිබිය දී නුඹලා ඔහු ව ප්රතික්ෂේප කළ හැක්කේ කෙසේද? අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වා ඇත. එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් නුඹලාට පැහැදිලි කර ඇත. කවරෙකු අල්ලාගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත තදින් පිළිපදින්නේද අල්ලාහ් ඔහුට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු ඇදයක් හෝ අඩුපාඩුවක් දක්නට නොලැබේ.