Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 200

101

وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

අල්ලාහ්ගේ රසූල්වරයා ඔබ මධ්‍යයෙහි සිටිමින් ඔහුගේ ආයාවන් ඔබට සමුදීරණය කරමින් සිටියදී, ඔබ කෙසේ නම් ප්‍රතික්ෂේප කළ හැකිද? එබැවින් කවුරුන්, අල්ලාහ්ව (ඔහුගේ ධර්මය) තදින් අල්ලා ගන්නේද, ඔහු නියත වශයෙන්ම ඍජු මාර්ගයෙහි ඇතුළු කර හැරියේය.

නුඹලා අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු එම විශ්වාසය ගැන තහවුරු කරන මහත් සාධක නුඹලා සමග තිබිය දී නුඹලා ඔහු ව ප්රතික්ෂේප කළ හැක්කේ කෙසේද? අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වා ඇත. එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් නුඹලාට පැහැදිලි කර ඇත. කවරෙකු අල්ලාගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත තදින් පිළිපදින්නේද අල්ලාහ් ඔහුට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු ඇදයක් හෝ අඩුපාඩුවක් දක්නට නොලැබේ.

Aal-i-Imraan 3:101Listen in Qur'an →
102

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ

විශ්වාසවන්තයිනි! ඇත්තෙන්ම ඔබ අල්ලාහ්ට බිය විය යුතු අන්දමට බිය වනු. (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් වශයෙන් මිස, ඔබ මරණයට පත් නොවනු.

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, නුඹලාගේ පරමාධිපතිට බිය විය යුතු නියම අයුරින් බිය වී කටයුතු කරන්න. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් හා ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥ වීමෙනි. නුඹලා වෙත මරණය පැමිණෙන තෙක්ම නුඹලා මෙම දහම මත රැඳී සිටිමින් එය තදින් ග්රහණය කර ගත යුතුය.

Aal-i-Imraan 3:102Listen in Qur'an →
103

وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًۭا وَلَا تَفَرَّقُوا۟ ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَآءًۭ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِۦٓ إِخْوَٰنًۭا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍۢ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَهْتَدُونَ

තවද ඔබ සියල්ලන්ම (ඒකරාශී වී) අල්ලාහ්ගේ (ධර්මය වන) කඹය තදින් අල්ලා ගනු. (ඔබ අතරේ තර්ක කර ගනිමින්) ඔබ වෙන්වී නොයනු. ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්‍රසාදය සිතා බලනු. ඔබ (කෙනෙකුට කෙනෙකු) සතුරන් වශයෙන් (වෙන් වී) සිටි අවස්ථාවේදී ඔහු ඔබගේ සිත් තුළට (ඉස්ලාමය මගින්) දයාව ඇතුළු කර, එකට ඒකරාශී කළේය. එබැවින් ඔහුගේ දයාවෙන් ඔබ සහෝදරයින් බවට පත් වූවෙහුය. (ඊට පෙර) ඔබ නිරා ගිනි පාතාලයන්හි සිටියෙහුය. එයින් ඔහු ඔබව බේරා ගත්තේය. ඔබ ඍජු මාර්ගය අත් කර ගැනීම පිණිස අල්ලාහ් තම ආයාවන් ඔබට මෙසේ පැහැදිලි කරන්නේය.

අහෝ! විශ්වාස කළවුනි, නුඹලා කුර්ආනය හා සුන්නාහ් හෙවත් නබි පිළිවෙත තදින් පිළිපදිනු. නුඹලා අතර බෙදීම් ඇති වන තරමට නුඹලා ගැටුම් අති කර නොගනු. නුඹලා ඉස්ලාමය තුළට පිවිසීමට පෙර සුළු කාරණාවන් සඳහා එකිනෙකා මරාගනිමින් සතුරන් ලෙස සිටියදී අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. ඔහුගේ භාග්යයෙන් දහම තුළ නුඹලා සහෝදරයින් බවට පත් වූහ. එකිනෙකාට ආදරය කරන්නන් හා උදව් කරන්නන් බවට පත්වූහ. මීට පෙර නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නිරයට පිවිසීමට සමීප ව සිටියෙහුය. ඉස්ලාමය පිරිනැමීම තුළින් අල්ලාහ් නුඹලා ව එයින් මුදවා ගත්තේය. දේව විශ්වාසය වෙත ඔහු නුඹලාට මග පෙන්වීය. අල්ලාහ් නුඹලාට මෙය පැහැදිලි කළාක් මෙන්ම මෙලොව හා මතු ලොව නුඹලාගේ තත්ත්වයන් විධිමත් කර ගැනීමේ කරුණුු ද නුඹලාට පැහැදිලි කර ඇත. එය නුඹලා නිවැරදි මාර්ගය වෙත මග පෙන්වනු ලබනු පිණිස හා ඍජු මාවත මත ගමන් කරනු පිණිසය.

Aal-i-Imraan 3:103Listen in Qur'an →
104

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌۭ يَدْعُونَ إِلَى ٱلْخَيْرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් එක් සමූහයක් මතු වී, ඔවුන් (මිනිසුන්ව) පින් ඇති දැය දෙසට ආරාධනා කර, දැහැමි දැය අණ කර, පාපතර ක්‍රියාවන්ගෙන් (ඔවුන්ව) ඈත් කර තැබීමටද උත්සුක වන්නාහ. මොවුන්ම ජයග්‍රාහකයින්ය.

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ් ප්රිය කරනන්නා වූ යහපත් කටයුතු වෙත මිනිසා ඇරයුම් කරන ෂරීආ ව පෙන්වා දී ඇති බුද්ධියට ප්රසන්න වූ යහපත් කරුණු මිනිසාට විධානය කොට ෂරීආ ව තහනම් කළ බුද්ධියට අප්රසන්න වූ පිළිකුල් සහගත දැයින් වළක්වාලන පිරිසක් නුඹලා අතර සිටිය යුතුය. මෙම වර්ණනාවලින් වර්ණනා කරනු ලැබූවන් මෙලොව හා මතු ලොව පූර්ණ ජයග්රහණය ලැබූවන් වෙති.

Aal-i-Imraan 3:104Listen in Qur'an →
105

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌۭ

කවුරුන් තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසුද, තමන් තුළ (අදහස් උදහස්) භේද බින්න වී වෙන් වී ගියෝද, ඔවුන් මෙන් ඔබත් පත් නොවනු. මෙවැන්නන්ටම (පරලොවදී) ඉමහත් වූ දඬුවම් ඇත.

අහෝ! විශ්වාස කළවුනි, බෙදී වෙන් වී කණ්ඩායම් හා නිකායන් බවට පත් වූ ආගම් ලත් ජනයා මෙන් නුඹලා නොවනු. ඔවුන් අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක පැමිණි පසු ඔවුනට හිමි වූ දහමෙහි ඔවුහු භේදබින්න වූහ. ඉහත ගතිගුණ සඳහන් කරන ලැබූ අය වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් ඇත.

Aal-i-Imraan 3:105Listen in Qur'an →
106

يَوْمَ تَبْيَضُّ وُجُوهٌۭ وَتَسْوَدُّ وُجُوهٌۭ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

(එම) දිනදී සමහර මුහුණු (සතුටින් පිරි දීප්තිමත්) ස්වේත වර්ණයෙන්ද, සමහර මුහුණු (දුකෙන්) කළු වී (මැලවී)ද තිඛෙණු ඇත. කවුරුන්ගේ මුහුණු කළු වී (මැළ වී) ඇත්තේද, (ඔවුන්ට) “ඔබ විශ්වාසය තැබූවායින් පසු (එය) ප්‍රතික්ෂේප කර හැරියෙහුද? එබැවින් ඔබ ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් (නිරා) දඬුවම විඳ බලනු” (යයි පවසනු ලබන්නාහ).

මෙම මහත් දඬුවම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට හිමිවනු ඇත. එවිට දෙවියන් විශ්වාස කළවුන්ගේ මුහුණු සතුටින් හා සොම්නසින් ප්රසන්න ව පවතී. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු දුකින් හා දොම්නසින් අප්රසන්න ව පවතී. තම මුහුණු අඳුරින් වෙළී අප්රසන්න ව සිටින අය වනාහි පිළිකුල් සහගත ලෙසින් ඔවුන්ගෙන් මෙසේ විමසනු ලැබේ. නුඹලා අල්ලාහ්ගේ ඒකීයත්වය හා කිසිවක් ඔහුට සමාන නොකරන බවට එකඟ වී එය තහවුරු කොට ඉන් පසු ඔහු සමග ඇති කර ගත් ගිවිසුම නුඹලා ප්රතික්ෂේප කළෙහුද? එසේ නම් නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නුඹලාහට අල්ලාහ් සූදානම් කර ඇති දඬුවම දැන් භුක්ති විඳිනු.

Aal-i-Imraan 3:106Listen in Qur'an →
107

وَأَمَّا ٱلَّذِينَ ٱبْيَضَّتْ وُجُوهُهُمْ فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَٰلِدُونَ

කවුරුන්ගේ මුහුණු (සතුටින් දීප්තිමත්) ස්වේත වර්ණයෙන් ඇත්තේද, ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන්හි රැඳී සිටිනු ඇති අතර ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.

මුහුණු පැහැපත් හා ප්රසන්නභාවයෙන් යුත් අය වනාහි ඔවුන්ගේ නවාතැන් සැප පහසුකම් සහිත ස්වර්ග උයන් වෙති. ඔවුහු එහි කිසිවිටෙක නිමා නොවන වෙනස් නොවන සදාතනික සැපයෙහි සිටිති.

Aal-i-Imraan 3:107Listen in Qur'an →
108

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعَٰلَمِينَ

(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. සත්‍යයෙන් පිරි ඒවා අපි ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ්, සකල ලෝකවාසීන්ට අසාධාරණයක් (කිරීමට) කැමති වන්නේ නැත.

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ ප්රතිඥා හා අවවාද ඇතුළත් සත්යය තොරතුරු හා සාධාරණ නීතිරීති සහිත අල් කුර්ආන් වැකි නුඹට අපි කියවා පෙන්වමු. ලෝවැසියන් කිසිවෙකුට ඔහු උපයා ගත් දෑ හේතුවෙන් මිස ඔහුට අසාධාරණයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම කිසිවෙකු දඬුවමට ලක් කරන්නේ ද නැත.

Aal-i-Imraan 3:108Listen in Qur'an →
109

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයිතිය! (මේ සම්බන්ධයෙන් වූ) සියලූම කාරණාවන් අල්ලාහ් වෙතටම ගෙන එනු ලබනු ඇත.

මැවීම හා විධානය යනාදියෙහි සියලු බලය අල්ලාහ්ට පමණක් සතුය. සෑම මැවීමකම කරුණු යොමු වනුයේ උත්තරීතර ඔහු වෙතමය. ඔවුනොවුන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සෑම කෙනෙකුටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:109Listen in Qur'an →
110

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ ۗ وَلَوْ ءَامَنَ أَهْلُ ٱلْكِتَٰبِ لَكَانَ خَيْرًۭا لَّهُم ۚ مِّنْهُمُ ٱلْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ ٱلْفَٰسِقُونَ

(විශ්වාසවන්තයිනි!) දැහැමි කාරණාවන් (කරන මෙන් මිනිසුන්ට) අණ කර, පාපතර කාරණාවන්ගෙන් (ඔවුන්ව) ඈත් කර, ඇත්තෙන්ම අල්ලාහ්ව විශ්වාස කරන ඔබමය, මිනිසුන්ගෙන් මතු වූ සමූහයන් සියල්ලන්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨ අය. (මෙසේම) ධර්මය හිමි අයද, විශ්වාසය තබා (කටයුතු) කළහොත් එය ඔවුන්ටම ඉතාමත් හොඳය. විශ්වාස කරන්නන්ද ඔවුන්ගෙන් සිටියද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ප්‍රතික්ෂේප කරන) පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

අහෝ! මුහම්මද්ගේ ජන සමූහයනි, දේව විශ්වාසය හා ගරු කටයුතු සම්බන්ධයෙන් මිනිසුන් අතරට අල්ලාහ් බිහි කළ ශ්රේෂ්ඨතම ජනසමාජය නුඹලාය. එමෙන්ම මිනිස් සමාජයට වඩාත් ප්රයෝජනවත් අයද නුඹලාමය. බුද්ධිය පිළිගන්නා සුළු කවර යහපත් කරුණක් වෙත ෂරීආ හෙවත් දහම මග පෙන්වන්නේද එය නුඹලා ජනයාට අණ කර සිටින්නෙහුය. එමෙන්ම බුද්ධිය පිළිකුල් කරන සුළු කවර පිළිකුල් සහගත කරුණක් ෂරීආ ව තහනම් කර ඇත්තේද එයින් නුඹලා ජනයා වළක්වාලන්නෙහුය. නුඹලා කරන ක්රියාවන් නුඹලාගේ විශ්වාසය තහවුරු කරන තරමට තරයේම නුඹලා අල්ලාහ් විශ්වාස කරන්නෙහුුය. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනතාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පිළිබඳ විශ්වාස කළේ නම් එය ඔවුනට මෙලොවට මෙන්ම මතු ලොවටද යහපත් වනු ඇත. නමුත් ආගම් ලත් ජනයා අතරින් කිහිප දෙනෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය විශ්වාස කළ අතර ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ගේ දහමින් හා පිළිවෙතින් දුරස් වූවෝ වූහ.

Aal-i-Imraan 3:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.