Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 200

91

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًۭا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

නියත වශයෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කර, (එම ප්‍රතික්ෂේපයෙන් නොමිදී) ප්‍රතික්ෂේප කරමින්ම මරණයට පත් වන්නෝද, ඔවුන්ගෙන් කෙනෙකුට මෙම භූමියෙහි බොහෝ සේ රත්‍රන් තිබී, එය (තම වරදට සමාව ලබා ගැනීම සඳහා ඒ සියල්ල) තමන්ට වන්දි වශයෙන් දුන්නද, (එය) බාර ගනු ලබන්නේ නැත.මෙවැන්නන්ටම වේදනා ගෙන දෙන දඬුවම් ඇත. මොවුන්ට උදව් කරන්නන්ද (එහිදී) කිසිවෙකුත් නැත.

සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම මියගියවුන් වනාහි නිරයෙන් ආරක්ෂා වනු පිණිස මහපොළොවේ තරමට රත්රන් ඉදිරිපත් කරනු ලැබුවත්, ඔවුන් කිසිවකුගෙන් එය භාර ගනු ලබන්නේ නැත. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයේ දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොමැත.

Aal-i-Imraan 3:91Listen in Qur'an →
92

لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ

(දානමාන කරන්නේ නම්), ඔබ කැමති වස්තුවෙන් වියදම් නොකරන තුරු නියත වශයෙන්ම ඔබට පින් අයිති වන්නේ නැත. (දානමාන වශයෙන්) ඔබ කුමක් වියදම් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එයද හොඳින් දන්නේය.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා ප්රිය කරන වස්තුවෙන් යමක් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන තෙන් දැහැමියන් සතු කුසල් හෝ ඔවුන්ගේ නිලය ඔබ කිසිසේත් නොලබනු ඇත. නුඹලා සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ යමක් වියදම් කළ ද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ චේතනාවන් හා නුඹලාගේ ක්රිියාවන් පිළිබඳ මැනවින් දැන සිටියි. සෑම කෙනෙකුටම ඔහුගේ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලබනු ඇත.

Aal-i-Imraan 3:92Listen in Qur'an →
93

۞ كُلُّ ٱلطَّعَامِ كَانَ حِلًّۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَٰٓءِيلُ عَلَىٰ نَفْسِهِۦ مِن قَبْلِ أَن تُنَزَّلَ ٱلتَّوْرَىٰةُ ۗ قُلْ فَأْتُوا۟ بِٱلتَّوْرَىٰةِ فَٱتْلُوهَآ إِن كُنتُمْ صَٰدِقِينَ

තව්රාතය පහළ වීමට පෙර ඉස්රායීල්වරුන්ට සෑම ආහාරයක්ම අනුමත කර තිබුණි. එහෙත් (යාකූබ් වන) ඉස්රායීල්වරුන් තමන්ට තහනම් කර ගත් දැය හැර. (එබැවින් මෙයට වෙනස් අන්දමින් පවසන යුදෙව්වන්ට නබියේ!) ඔබ මෙසේ කියනු: “ඔබ ඇත්තෙන්ම සත්‍යය ප්‍රකාශ කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, තව්රාතය ගෙනැවිත් එය කියවා පෙන්වනු”.

ප්රණීත ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්හට අනුමත විය. තව්රාතය පහළ වීමට පෙර යඃකූබ් තමන් මත කවර දෙයක් තහනම් කර ගත්තේද ඒ හැර වෙනත් කිසිවක් ඔවුන් වෙත තහනම් නොවීය. සැබැවින්ම එය තව්රාතයේ තහනම් කර ඇතැයි යුදෙව්වන් සිතනවාක් මෙන් නැත. අහෝ! නබිවරය, ඔවුනට මෙසේ පවසනු ‘නුඹලා තර්ක කරන දෑ ගැන නුඹලා සත්යවාදීන් ලෙස සිටින්නෙහු නම් නුඹලා තව්රාතය ගෙන කියවා බලනු.’ එවිට ඔවුන් වික්ෂිප්ත වූහ. එය ගෙන ආවේ නැත. යුදෙව්වන් තව්රාතයේ නාමයෙන් ගොතා පවසා ඇති බවටත් එහි අන්තර්ගත දෑ විකෘති කර ඇති බවටත් සාක්ෂි වශයෙන් මෙම උදාහරණය පෙන්වා දෙයි.

Aal-i-Imraan 3:93Listen in Qur'an →
94

فَمَنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ مِنۢ بَعْدِ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

මින් පසුවද, කවුරුන් හෝ අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා කීවහොත් ඔවුන් අපරාධකරුවන්ය.

අල්ලාහ් විසින් වූ තහනම් කිරීමක් නොව යඃකූබ් තුමාණන් තමන්හට තහනම් කර ගත් දෑ යන්නට සාක්ෂි සාධක හෙළි වූ පසු කවරෙකු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේද ඔවුන් අපරාධකරුවෝ වෙති. ඊට හේතුව ඔවුන්හට සාක්ෂි සාධක හෙළි වූ පසු ව සත්යය අතහැර දැමූ බැවිණි.

Aal-i-Imraan 3:94Listen in Qur'an →
95

قُلْ صَدَقَ ٱللَّهُ ۗ فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(මේවා ගැන) අල්ලාහ් සත්‍යයම පවසා ඇත්තේය. එබැවින් (විශ්වාසවන්තයිනි! මොවුන්ව ප්‍රතික්ෂේප කර දමා) ඍජු මාර්ගයෙහි ගිය ඉබ්රාහීම්ගේ ධර්මයම අනුගමනය කරනු. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් කෙනෙකු වූවේ නැත”.

අහෝ! නබිවරය, යඃකූබ් තුමාණන් ගැන කවර තොරතුරක් දන්වා සිටියේ ද ඒ ගැනත් අල්ලාහ් පහළ කළ එමෙන්ම ආගමානුගත කළ සියල්ල ගැනත් අල්ලාහ් සත්යයම පවසා ඇත. එහෙයින් නුඹලා ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාගේ දහම අනුගමනය කරනු. එතුමාණන් අන් සියලු දහම්වලින් දුරස් වී ඉස්ලාම් දහම වෙත නැඹුරු වූහ. කිසිවිටෙක එතුමාණන් අල්ලාහ් සමග කිසිවකු ආදේශ නොකළහ.

Aal-i-Imraan 3:95Listen in Qur'an →
96

إِنَّ أَوَّلَ بَيْتٍۢ وُضِعَ لِلنَّاسِ لَلَّذِى بِبَكَّةَ مُبَارَكًۭا وَهُدًۭى لِّلْعَٰلَمِينَ

(මෙලොවෙහි දෙවියන්ව නමදින්නට යයි) මිනිසුන්ට ඉදි කරන්නට යෙදුන නැමදුපළවල් වලින් පළමුවැන්න, නියත වශයෙන්ම ‘බක්කා’හි (මක්කාවෙහි) පිහිටි එකයි. (එය ආශීර්වාද කරනු ලැබූ එකක් වශයෙන්ද), ඉතාමත් භාග්‍යයට අයත් එකක් වශයෙන්ද, මුළුමහත් ලෝකවාසීන්ටම ඍජු මාර්ගය (පෙන්වන්නක්) වශයෙන්ද ඇත්තේය.

අල්ලාහ් ව නැමදීම සඳහා මුළු මිනිස් සංහතියටම මහපොළොවේ ඉදි කරනු ලැබූ ප්රථම නිවස මක්කාහ්වේ පිහිටි ‘බයිත් අල්ලාහ් අල්-හරාම්’ හෙවත් අල්ලාහ්ගේ ශුද්ධ නිවසයි. එය අභිවෘද්ධිමත්කමින් පිරුණු නිවසකි. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් ප්රයෝජන බොහෝමයක් එහි ඇත. ලෝ වැසියන් සියල්ලටම ඒහි මගපෙන්වීම් ඇත.

Aal-i-Imraan 3:96Listen in Qur'an →
97

فِيهِ ءَايَٰتٌۢ بَيِّنَٰتٌۭ مَّقَامُ إِبْرَٰهِيمَ ۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنًۭا ۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًۭا ۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ

එහි පැහැදිලි සාධකයන්ද ඇත්තේය. ඉබ්රාහිම් (සලාත් කිරීම සඳහා) සිට ගත් ස්ථානයද ඇත්තේය. කවුරුන් එහි ඇතුළු වන්නේද, ඔහු (ආරක්ෂාව ලත්) බිය නැත්තෙකු බවට පත් වන්නේය. (එබැවින්) කවුරුන් එහි වන්ඳනා කිරීමට ශක්තිසම්පන්නයෙකු වශයෙන් සිටින්නෝද, එවැනි මිනිසුන් කෙරෙහි අල්ලාහ් වෙනුවෙන් (එහි ගොස්) එම නැමදුම්පළ හජ් කිරීම අනිවාර්යය වන්නේය. කවුරුන් හෝ (මෙය) ප්‍රතික්ෂේප කළහොත් (එයින් අල්ලාහ්ට කිසිවක් අඩු වී යන්නේ නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් උත්පාදනයන්ගෙන් (කිසිවකගේ) අවශ්‍යතාවයක් නැත්තෙකු වශයෙන් සිටින්නේය.

මෙම නිවස තුළ එහි ගෞරවය හා එහි මහිමය විදහාපාන වන්දනා ස්ථාන හා නටඹුන් වැනි මතුපිටින් පෙනෙන බාහිර සංඥා ඇත. කඃබා හෙවත් සමචතුරස්රාකාර හැඩයෙන් පිහිටා ඇති ගොඩනැගිල්ලේ බිත්තිය ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඉදි කිරීම සඳහා එතුමාණන් ඒ මත සිටගත් ගල ද එම සංඥා අතුරින් එකකි. එමෙන්ම කවරෙකු ඒ තුළට පිවිසෙන්නේද අභයදානය ලබනු ඇත. කිසිදු පීඩාවක් ඇති නොවෙයි. හජ් වන්දනාව ඉටු කිරීම සඳහා එම නිවස වෙත යාමට හැකියාව ඇත්තවුන් ඒ වෙත පිය නැගීම අල්ලාහ් අනිවාර්ය කොට ඇත. හජ් වගකීම කවුරුන් හෝ පැහර හරින්නේද එසේ පැහැර හරින්නා පිළිබඳ කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. සියලු ලෝවැසියන්ගෙන් ඔහු පොහොසයත්ය.

Aal-i-Imraan 3:97Listen in Qur'an →
98

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ

(නබියේ!) ඔබ මෙසේ කියනු: ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්ගේ ආයාවන් ඔබ කුමක් නිසා ප්‍රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ් නම්, ඔබ කරන දැයට සාක්ෂි වශයෙන් සිටින්නේය.

අහෝ! නබිවරය, ඔබ මෙසේ පවසනු. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නබි තුමාණන්ගේ සත්යභාවය ගැන සඳහන් පැහැදිලි සාධක සම්බන්ධයෙන් නුඹලා තර්ක කරනුයේ මන්ද? එම සාධක තව්රාතය හෙවත් තෝරාවේ පැහැදිලි ව සඳහන් නොවන්නේද? එසේ සාක්ෂි සාධක තිබියදීත් නුඹලා ඒ ගැන කටයුතු කරන ආකාරය පිළිබඳ අල්ලාහ් අධීක්ෂණයෙන් සිටියි. ඒ අනුව නුඹලාට ප්රතිවිපාක දෙනු ලබනු ඇත.

Aal-i-Imraan 3:98Listen in Qur'an →
99

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًۭا وَأَنتُمْ شُهَدَآءُ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

(තවද) ඔබ මෙසේ පවසනු: “ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්ගේ මාර්ගයෙන් විශ්වාසවන්තයින්ව කුමක් නිසා වළක්වන්නෙහුද? (එය සත්‍යය යයි) ඔබ සාක්ෂි දරමින්ම එය ඇද කිරීමට අදහස් කරන්නෙහුද? ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැලකිලිමත්ව සිටින්නේ නොවේ”

අහෝ! නබිවරය, නුඹ මෙසේ අසනු. ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලාගේ පුස්තකයේ මෙම දහම සත්යය යැයි තහවුරු කර තිබියදී ඒ ගැන නුඹලා සාක්ෂිකරුවන් ව සිටිය දී අල්ලාහ්ගේ දහමින් ඔහුව විශ්වාස කළ ජනයා නුඹලා වළක්වනුයේ ඇයි? අල්ලාහ්ගේ දහමට සත්යයෙන් දුරස් වී අසත්ය වෙත වෙනත් නැඹුරුවක් සොයනුයේ ඇයි? එමෙන්ම ඔහු ව විශ්වාස කළ ජනයා සඳහා යහමග වෙනුවට නොමගක් සොයනුයේ ඇයි? දැනගනු, එය ප්රතික්ෂේප කරමින් ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නොසැලකිල්ලෙන් සිටින්නෙකු නොවෙයි. සැබැවින්ම ඒ සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත.

Aal-i-Imraan 3:99Listen in Qur'an →
100

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَٰنِكُمْ كَٰفِرِينَ

විශ්වාසවන්තයිනි! ධර්මය හිමි අයගෙන් (ඇති) එක් සමූහයකට ඔබ අවනත වුවහොත් ඔබ විශ්වාසය තැබූවායින් පසුවද ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් ඔබව හරවා යවනු ඇත.

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, ආගම් ලත් යුදෙව් හා කිතුනු පිරිසක් පවසන පරිදි ඔබ ඔවුන්ට අවනත වී ඔවුන් සිතන පරිදි ඔවුන්ගේ අදහස පිළිගන්නේ නම් නුඹලා විශ්වාසය තුළට පැමිණි පසු ව නැවත දේව ප්රතික්ෂේපය වෙතට යොමු කරනු ඇත. එය ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන් යහමගින් මුළා වී ඇති බැවිණි.

Aal-i-Imraan 3:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.