قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَٰلٌ
(නබියේ!) විශ්වාසය තැබූ මගේ වහලූන්ට ඔබ මෙසේ පවසනු: ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නටද, අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් රහසින්ද, ප්රසිද්ධියේද, දානමාන කරන ලෙසටද; ගනුදෙනුද, මිත්රකමක්ද නොමැති දිනක් පැමිණීමට පෙරම (මෙසේ කරනු).
අහෝ දූතය! දේව විශ්වාසී මුඃමින්වරුන්ට මෙසේ පවසනු. "නුඹලා සලාතය පරිපූර්ණ ලෙස ඉටු කරනු. අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනිවාර්යය මෙන්ම සතුටු දායක කටයුතු සඳහා වියදම් කරනු. එවිට මුහුණිච්ඡාවට බියෙන් සඟවමින් ද වෙනත් අය නුඹලාව පිළිපදිනු පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරනු. ගනුදෙනු කරන කිසිදු ව්යාපාරයක් හෝ අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නට කිසිදු වන්දියෙක් හෝ මිතුරෙකු තම මිතුරාට මැදිහත් වීම තරම් මිතු දමක් හෝ නොපවතින දිනයක් පැමිණීමට පෙර නුඹලා වියදම් කරනු."