Muslim99Muslim99
← Tafsir library

13. Ar-Ra'd

The Thunder · Medinan · 43 ayahs

سُورَةُ الرَّعۡدِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 43

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓمٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ

අලිෆ්. ලාම්. මීම්. රා. මේවා මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරනු ලබන මෙය සම්පුණයෙන්ම සත්‍යය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත.

(අලිෆ්, ලාම්, මීම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. අහෝ දූතය! මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරති.

2

ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْءَايَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ

අහස් කුළුණු නොමැතිවම ඔසවන ලද්දේ අල්ලාහ්ය! එය ඔබ, (ඔබගේ ඇස්වලින්) දකින්නෙහුය. තවද අර්ෂ් මත ඔහු තම රාජ්‍ය්‍යය ස්ථාපිත කර ඇත්තේය. ඔහුම සූයදැයාද, චන්ද්‍රයාද තම පාලනය යටතේ තබා ඇත්තේය. (මේවා) සෑම දැයක්ම (ඒවාට) නියමිත කාල පරාසයට අනුව ගමන් කරමින් සිටින්නේය. (ඒවායෙහි සිදුවන) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කරන්නේය. ඔබ (මරණයට පත් වූ පසු නැවත පණ ලැබී) ඔබගේ දෙවියන්ව හමු වීම ස්ථීර කර ගැනීම පිණිස (තමන්ගේ) ආයාවන් (මෙසේ ඔබට) විවරණය කර (දැනුම්) දෙන්නේය.

කිසිදු බැඳීමකින් තොර ව නුඹලා දකින අහස් උසින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඉහළට නැග අර්ෂ් හි රාජසයන මත කිසිදු පූර්ව උපමාවකින් හෝ පූර්ව ක්රමවේදයකින් තොර ව ඔහුට ගැලපෙන අයුරින් උසින් පිහිටියේය. ඔහුගේ මැවීම්වල අවශ්යතාව සඳහා හිරු හා සඳු ඔහු ඔවුනට වසඟ කර දුන්නේය. අල්ලාහ්ගේ දැනුමෙන් හිරු හා සඳු යන සෑම වස්තුවක්ම නියමිත කාලයක් දක්ව ගමන් කරයි. අල්ලාහ් අභිමත කරන පරිදි අහස්හි හා මහපොළොවේ කටයුතු වෙනස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා දැඩි සේ විශ්වාස කොට ඒ සඳහා දැහැමි ක්රියාවන් සිදු කරමින් නුඹලා සූදානම් වීමේ අපේක්ෂාවෙන් අල්ලාහ් ඔහුගේ ශක්තිය පෙන්වා දෙන සාධක හා සාක්ෂි මෙසේ පැහැදිලි කරයි.

3

وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَٰرًۭا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ

ඔහුම භූමිය දිග හැර එහි ස්ථීර වූ (අති විශාල) කඳුද (දීර්ඝ) ගං`ගාවන්ද නිර්මාණය කළේය. සෑම පලතුරු වර්ගයකම (ගස්ද; ගැහැණු පිරිමි වශයෙන් වූ ජෝඩු) ජෝඩුද නිර්මාණය කළේය. රාත්‍රිය මගින් දහවල වසා දමන්නේය. සිතන්නට හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත්තේය.

මහපොළොව විහිඳුවා ජනයා එහි චලනය නොවනු වස් ඒවායෙහි කඳු ස්ථීර ලෙස ඔහු මැව්වේය. එමෙන්ම ජනයා ජලය සපයා ගනු පිණිසත් ඔවුන්ගේ සතුන් හා ඔවුන්ගේ ගොයමට ජලය සපයනු පිණිසත් එහි ජල දහරා ගලා යන ගංගාවන් ද ඔහු ඇති කළේය. සත්වයා අතර පවතින ස්ත්රී හා පුරුෂ භේදය මෙන්ම සෑම බවභෝගයකම යුගලයන් නිර්මාණය කර ඇත. රාත්රිය දහවල වෙළා ගනී. එය ආලෝකමත් ව පිහිටි පසු ව අන්ධකාරයක් බවට පත් වෙයි. සඳහන් කරන ලද ඒවායෙහි අල්ලාහ්ගේ නිර්මාණ ශක්තිය පිළිබඳ කල්පනා කර බලන්නන් හට සාක්ෂි හා සාධක ඇත. ඔවුන් මෙම සාක්ෂි හා සාධක තුළින් ප්රයෝජන ලබති.

4

وَفِى ٱلْأَرْضِ قِطَعٌۭ مُّتَجَٰوِرَٰتٌۭ وَجَنَّٰتٌۭ مِّنْ أَعْنَٰبٍۢ وَزَرْعٌۭ وَنَخِيلٌۭ صِنْوَانٌۭ وَغَيْرُ صِنْوَانٍۢ يُسْقَىٰ بِمَآءٍۢ وَٰحِدٍۢ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍۢ فِى ٱلْأُكُلِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ

භූමියෙහි විවිධ ප්‍රදේශයන් එකට එක්කාසු කළාක් මෙන් නිර්මාණය කර (එහි) මිදි වතුද, ධාන්‍ය ගොවි බිම්ද, ඉඳි ගස්ද නිර්මාණය කළේය. අතු ඇති හා අතු නොමැති ගස්ද (උත්පාදනය කරන්නේය. මේවා සියල්ලට) එකම විදිහේ ජලය පොවනු ලැබුවා වුවද, සමහර දැයට වඩා සමහරක් දැය අපි රසයෙන් උසස් කර තැබුවෙමු. මෙහි බුද්ධිය ඇති ජනතාවට නියත වශයෙන්ම සාධකයන් බොහොයක් ඇත්තේය.

මහපොළොවේ එකිනෙකට සමීප ව පවතින බිම් කොටස් ද ඒවායෙහි මිදි වතු ද වගාවන් ද ඇත. එක් මුලක එකට හැදෙන ඉඳි ගස් ද වෙන් වෙන් මුල් වල හැදෙන ඉදි ගස් ද ඇත. එකම ජලයෙන් එම වතුවලට හා එම ගොවිබිම්වලට ජලය සපයනු ලැබේ. එකම ජලයෙන් ඒවාට ජලය සැපයීම හා ගලා යෑම තිබිය දී සුවයෙහි හා වෙනත් විවිධ ප්රයෝජනවලදී එකකට වඩා තවෙකක් අපි උසස් කළෙමු. වටහා ගන්නා ජනයා සඳහන් කරනු ලැබූ දෑ පිළිබඳ අධීක්ෂණයෙන් පසුවන බැවින් ඔවුනට ඒවායෙහි සාක්ෂි හා සාධක ඇත.

5

۞ وَإِن تَعْجَبْ فَعَجَبٌۭ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ ٱلْأَغْلَٰلُ فِىٓ أَعْنَاقِهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඔබව බොරු කිරීම ගැන) ඔබ පුදුම වන්නෙහි නම්, “අපි (මිය යාමෙන් පසු, දිරා පත් වී) පස් බවට පත් වූවායින් පසුවද, අළුතින් අපි උත්පාදනය කරනු ලබන්නෙමුද?”යි ඔවුන්ගේ පැවසීම (මීටත් වඩා) ඉතාමත් පුදුමාකාර දැයක් නොවෙද! මොවුන් තමන්ව උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නාවම ප්‍රතික්ෂේප කරන්නන්ය. (එබැවින් පරලොවදී) මොවුන්ගේ ඛෙල්ලෙහි දම්වැල් වලින් බැඳ දමනු ලැබේ. ඔවුන් නිරාවාසීන්ය. එහි සදාකල් මොවුන් රැඳී සිටිනු ඇත.

අහෝ දූතය, යමක් පිළිබඳ ඔබ මවිත වන්නෙහි නම්, ඔබ එසේ මවිත වීමට වඩාත් සුදුසු වන්නේ යළි අවදි කිරීම පිළිබඳ ඔවුන් කරන බොරුවයි. එය හෙළා දැකීමට සාධක වශයෙන් "අප මිය ගොස් පස් බවට පත් වී අපගේ අස්ථිද දිරාපත් වූ විට අපි නැවත අවදි කරනු ලබන්නෙමු ද? නැවතත් ජීවය ලබන්නෙමු ද?"යැයි විමසති. මිය ගිය පසු යළි අවදි කිරීම හෙළා දකින්නන් වන ඔවුහුමය ඔවුන්ගේ පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන් වන්නේ. එහෙයින් මිය ගිය පසු යළි අවදි කිරීමේ ඔහුගේ ශක්තිය ඔවුහු ප්රතික්ෂේප කරති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ගෙලවල්වල නිරා ගින්නෙන් යුත් දම්වැල් දමනු ලබන්නෝ ඔවුහුමය. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. දඬුවම ඔවුන්ගෙන් ඉවත් කරන්නේ ද නැත.

6

وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ

(නබියේ!) හොඳක් පැමිණීමට පෙරම නරකක් ගෙන්වා ගැනීමට මොවුන් ඔබ වෙත ඉක්මන් කරන්නාහ. මෙවැනි විවිධ කාරණාවන් මොවුන්ගෙන් පෙරද නියත වශයෙන්ම සිදු වී ඇත්තේය. ඔවුන් වැරදිකරුවන් වුවද ඔබගේ දෙවියන් මිනිසුන්ව ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එසේම) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් කිරීමෙහිද ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.

දෙවියන්ට ආදේශ තබන්නන් දඬුවම ඉක්මණින් පතති. ඔවුනට අල්ලාහ් නියම කළ ආශිර්වාදයන් සම්පූර්ණ වීමට පෙර එම දඬුවම ඔවුනට පහළ වීම ප්රමාද වෙයි. ඔවුනට පෙර ඔවුන් මෙන් දඬුවමට ලක් වූ බොරුකාර සමූහයන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් ඒ ගැන සිතා ඔවුන් පාඩම් ලැබිය යුතු නොවේ ද? අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ජනයා අපරාධ කරමින් සිටිය ද ඔවුන්ගේ වැරදි නොසලකා හරින ස්වභාවයෙන් යුක්තය. ඔවුන් අල්ලාහ් වෙත සමාව ඉල්ලා යොමු වීම සඳහා ඔවුනට ඔහු දඬුවම ඉක්මන් කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපයේ දිගටම පසුවන්නන් පාප ක්ෂමාව ඉල්ලා ඔහු වෙත යොමු නොවූයේ නම් සැබැවින්ම ඔහු දඬුවම් කිරීමේ ඉතා බලවත්ය.

7

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌۭ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ

(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (ඔබ ගැන) “මොහු කෙරෙහි මොහුගේ දෙවියන්ගෙන් (අපි කැමති ආකාරයට) එක් සාධකයක් පහළ කළ යුතු නොවේද?” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ, බිය ගන්වා අනතුරු අඟවන්නාම (මිස, වෙන කිසිවකු නොව. එබැවින් ඔවුන් කැමති ආකාරයටම ඔබ කළ යුතුය යන්න ඔබගේ යුතුකමක් නොව). තවද සෑම සමූහයන්ටම (ඔබ) එක් මාර්ගෝපදේශකයෙකු(ද වන්නෙහිය).

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් මුරණ්ඩකම හා උඬගුකමෙහි ඉක්මවා යමින්, "මූසා හා ඊසාට පහළ වූවාක් මෙන් ප්රාතිහාර්යයක් මුහම්මද්ට ඔහුගේ පරමාධිපතිගෙන් පහළ වන්නට තිබුණා නොවේද?" යි කියති. අහෝ දූතය! සැබැවින්ම ඔබ හුදෙක් අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුන් බිය ගන්වා අවවාද කරන්නෙක් පමණි. අල්ලාහ් ඔබට පිරිනැමූ එය මිස වෙනත් ප්රාතිහාර්යයන් ඔබ සතු ව නැත. සෑම සමූහයකටම ඔවුන්ට සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන හා එය නිරූපණය කරන වක්තෘවරයෙකු විය.

8

ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ

සෑම ගැහැනියක්ම (ගර්භයෙහි) උසුළාගෙන සිටින්නේ (පිරිමිද ගැහැනුද යන්න)ද අල්ලාහ් හොඳින් දන්නේය. ගර්භාෂයන්හි (ගැබ් ගන්නා අවස්ථාවේදී) හැකිළීමද (ප්‍රසූත කරන විට) ඒවා විවර වීමද ඔහු දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දැයක්ම (එම ගර්භයන්හි රැඳී සිටිය යුතු) කාලය ඔහු වෙත සඳහන්වම ඇත්තේය.

සෑම කාන්තාවක්ම ඇයගේ කුසෙහි රඳවා ගෙන සිටින දෑ අල්ලාහ් දනී. ඒ ගැන සෑම දෙයක්ම ඔහු දනී. කුස තුළ හීන වන දෑ වර්ධනය වන දෑ ආරෝග්යමත් දෑ විකෘති වන දෑ යනා දී ලෙස ඇතිවන සියලු වෙනස්කම් ඔහු දනී. සෑම දෙයක්ම අල්ලාහ් අබියස අඩු වැඩි නොවන පරිදි නියම කරනු ලැබූ ප්රමාණයකින් පවතී.

9

عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ

(මෙපමණක්ද! අනිත් සියල්ලෙහි) රහස්ද, නොරහස්ද ඔහු හොඳින් දන්නෙකි. ඔහු ඉතාමත් විශාලවන්තයෙකි. ඉතාමත් උසස් වන්තයෙකි.

සැබැවින්ම ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ මැවීම් හි සංවේදිතාවන්ට ලක් නොවන ගුප්ත ව පවතින සියලු දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම ඒවායෙහි සංවේදිතාවන්ට ලක්වන සියලු දෑ ද ඔහු දන්නාය. ඔහුගේ ගුණාංග, ඔහුගේ නාම හා ඔහුගේ ක්රියාවන් තුළ සර්වබලධාරීය. ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ස්වභාවයෙන් ඔහුගේ සෙසු මැවීම්වලට වඩා ඔහු උත්තරීතරය.

10

سَوَآءٌۭ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفٍۭ بِٱلَّيْلِ وَسَارِبٌۢ بِٱلنَّهَارِ

ඔබගෙන් කවුරුන් හෝ (තම) වදන රහසින් තබා ගත්තද, නැතහොත් එය ප්‍රසිද්ධියේ පැවසුවද, ඔහුට (ඒ දෙකම) එක සමානය! (එසේම ඔබගෙන් වූ) කවුරුන් හෝ රාත්‍රියෙහි තමන් කරන දැය සඟවා ගත්තද, නැතහොත් දහවලෙහි ප්‍රසිද්ධියේ කළා වුවද, (ඔහුට එය එක සමානය! සියල්ලන්ගේ ක්‍රියාවන්ම ඔහු හොඳින් දන්නේය).

ඔහු රහසිගත දෑ හා සැඟ වී පවතින දෑ දනී. අහෝ ජනියිනි! නුඹලා අතර වචන සගවන්නා ද හා එය හෙළි කරන්නා ද ඔහුගේ දැනුමෙහි සමානය. එමෙන්ම මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී රාත්රී අන්ධකාරයෙහි සැඟවී කටයුතු කරන්නා ද මහ දහවලෙහි ප්රසිද්ධියෙහි කටයුතු කරන්නා ද ඔහුගේ දැනුමෙහි එක සමානය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.