Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 52

21

وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًۭا فَقَالَ ٱلضُّعَفَٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍۢ ۚ قَالُوا۟ لَوْ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيْنَٰكُمْ ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍۢ

(පරලොවදී පාපතරයන්) සියල්ලන්ම (ඉකුත් වී) අල්ලාහ්ගේ ශුද්ධ වූ මුහුණ ඉදිරියේ සිටින අවස්ථාවේදී (මෙලොවදී) ඛෙලහීනයන් (යයි අදහස් කරනු ලැබූවන් ශක්තිවන්තයින් යයි) උඞගු බස් ෙදාඩමින් සිටි අයට “නියත වශයෙන්ම අපි ඔබවම අනුගමනය කර කටයුතු කළෙමු. එබැවින් අල්ලාහ්ගේ දඬුවමෙන් පොඩියක් හෝ අපට ඔබ වැළැක්විය යුතු නොවේද?” යයි පවසනු ඇත. (එයට) ඔවුන් “(දඬුවමෙන් බේරීමට) අල්ලාහ් අපට යම්කිසි මාර්ගයක් තබා තබුනේ නම්, (එය) අපි ඔබට දැනුම් දෙන්නෙමු. (බේරීමට මාර්ගයක් නැත. අපගේ දඬුවම ගැන) අපි දැඟලීමද, නැතහොත් (එය විඳ දරාගෙන) ඉවසා සිටීමද, අපට එක සමානව ඇත්තේය. (මෙම දඬුවමෙන්) බේරීමට අපට කිසියම් මාර්ගයක්ම නැත!” යයි වැළපෙනු ඇත.

නැවත ගෙන්වා ගනු ලබන දිනයේ සියලු මැවීම් ඔවුන්ගේ මිණීවලවල් සිට බැහැර වී අල්ලාහ් වෙත එනු ඇත. නායකත්වය දරන ප්රධානීන්හට දුර්වල අනුගාමිකයින්, "අහෝ ප්රධානියනි! සැබැවින්ම අපි නුඹලාව අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. නුඹලාගේ නියෝග අපි පිළිපැද්දෙමු. නුඹලා තහනම් කළ දැයින් වැළකී සිටියෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් පැමිණි විට එයින් අප ව වළක්වාලීමට නුඹලාට හැකි දැ?"යි විමසා සිටිති. එයට නායකත්වය දැරූ ප්රධානීහු "යහමග වෙත අල්ලාහ් අපට ආශිර්වාද කළේ නම් අපි නුඹලාව ඒ වෙත මග පෙන්වා ඔහුගේ දඬුවමින් සියල්ලන් අපි මුදවා ගන්නෙමු. නමුත් අප ද නොමග ගොස් නුඹලා ද නොමග හැර ඇත. දඬුවම ඉසිලීමේදී අප දුර්වලවීම හෝ ඉවසීමෙන් දරා සිටීම අප හා නුඹලා වෙත සමාන වන්නේය. දඬුවමින් පළා යන ස්ථානයක් අපට නැත" යැයි පවසනු ඇත.

22

وَقَالَ ٱلشَّيْطَٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم ۖ مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ

(මෙම වැරදිකරුවන් ගැන) තීන්දු දෙනු ලැබීමෙන් පසු ෂෙයිතාන් (මොවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් (මෙම දඬුවම් දෙන බවට) ඔබට ඇත්තෙන්ම පොරොන්දු දී තිබුණි. (ඒ අන්දමටම දුන්නේය). මමත් ඔබට (බොරුවට) පොරොන්දු දුන්නෙමි. එහෙත් මා ඔබට වංචා කළෙමි. මා ඔබව ආරාධනා කළෙමි. ඔබ මාව අනුගමනය කළෙහුය යන්න මිස, මා ඔබව බලකිරීමට මා හට කිසිම බලයක් නොමැතිවම තිබුණි. එබැවින් ඔබ මාව නින්දා නොකරනු. ඔබවම ඔබලා නින්දා කර ගනු. මා ඔබට කිසිම උදව්වක් කිරීමට නොහැක. මෙයට පෙර ඔබ මාව (අල්ලාහ්ට) සමානයන් බවට පත් කරගෙන සිටීමද, නියත වශයෙන්ම මා ප්‍රතික්ෂේප කර හැරියෙමි. නියත වශයෙන්ම (ඔබ වැනි) අපරාධකාරයින්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත” යයි පවසනු ඇත.

ස්වර්ග වාසීන් ස්වර්ගයට පිවිස නිරාවාසීන් නිරා ගින්නට පිවිසෙන කල්හි ෂෙයිතාන්, "සැබැවින්ම අල්ලාහ් නුඹලාට ලබා දී ඇති ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. නුඹලාට ප්රතිඥා දුන් දෑ ඔහු නුඹලාට ඉෂ්ඨ කර ඇත. නමුත් මම නුඹලාට දුන් ප්රතිඥාව ව්යාජ ප්රතිඥාවකි. මා නුඹලාට කවර ප්රතිඥාවක් දුන්නේ ද එය මා ඉටු කළේ නැත. මෙලොවෙහි දේව ප්රතික්ෂේපය හා මුළාව නුඹලා මත බලාත්මක කිරීමට කිසිදු අයිතියක් මට නොවීය. නමුත් නුඹලා මාගේ අනුගාමිකයින් වෙත යුහුසුළුව ගියේය. නුඹලාට අත් වූ මුළාව සම්බන්ධයෙන් නුඹලා මට දොස් නොනගනු. නුඹලා නුඹලාටම දොස් නගනු. දොස් නැගීමට වඩාත් සුදුසු වනුයේ එයයි. නුඹලාගෙන් දඬුවම වළක්වා නුඹලාට උදව් කරන්නෙකු ලෙස මා නැත. මගෙන් එය වළක්වා මට උදව් කරන්නන් ලෙස නුඹලා නැත. නැමදුමෙහි අල්ලාහ්ට ආදේශ තබමින් නුඹලා මා පත් කර ගැනීම සැබැවින්ම මම ප්රතික්ෂේප කරමි." මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තබමින් ඔහු ව ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අපේක්ෂාවෙන් බලා සිටින වේදනීය දඬුවමක් ඔවුනට ඇත.

23

وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌ

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගයන්හි අතුළු කරනු ලබන්නාහ. එහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. තමන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. ඔවුන් (කෙනෙකු තවත් කෙනෙකුට “ඔබට සදා) ශාන්තිය හා සමාදානයද අත් වේවා!” යයි සුභ පැතුම් පවසනු ඇත.

අපරාධකරුවන් යොමු වන ස්ථානයට ප්රතිවිරුද්ධව, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් ස්වර්ග මාලිගාවන් හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුල් කරවයි. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් හා අනුමැතියෙන් ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සුබ පතයි. මලක්වරුන් ඔවුනට සුබ පතන අතරම ඔවුන්ගේ පරමාධිපති ද ඔවුනට -සලාම්- ශාන්තිය යන වදනින් සුබ පතනු ඇත.

24

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًۭا كَلِمَةًۭ طَيِّبَةًۭ كَشَجَرَةٍۢ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌۭ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ

(නබියේ! තව්හීද් කලිමා යයිම) හොඳ වදනට අල්ලාහ් කෙසේ (ඉතාමත් උසස්) උපමාවන් පවසන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? (එම වදන) අහස දෙසට වූ අතුද, (භුමිය) සිසාරා ගිය මුල්ද ඇති විශාල ගසකට උපමා වන්නේය.

අහෝ දූතය! ලා ඉලාහ ඉල්ලල්ලාහු -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත- යන දේව ඒකීයභාවයේ ප්රකාශයට අල්ලාහ් උපමා ගෙන හැර පානුයේ කෙසේදැ?යි නුඹ නොදුටුවෙහිද? ඔහු එය දැහැමි ගසකට උපමා කළේය. එය ඉඳි ගසකි. එහි මුදුන් මුල භූමියේ ස්ථිවර පවතී. එහි මුල්වලින් එය ජලය උරා ගනියි. අහස දෙසට එසවී ඇති එහි අතු රිකිලි වලින් එය පිණි දිය උරා ගනියි. පසුව එය නැවුම් වාතය ආශ්වාස කරයි.

25

تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

එය (නාඹර වයසේ පමණක් නොව), දෙවියන්ගේ දයාව මගින් සෑම කාලයකදීම පලතුරු ලබා දෙමින්ම ඇත්තේය. මිනිසුන් හොඳ හැඟීමක් ලබා ගනු වස් ඔවුන්ට (මේවා) අල්ලාහ් උපමා කර ඇත්තේය.

මෙම නැවුම් ගස එහි පරමාධිපතිගේ නියෝගය මත සෑම වේලාවකම එහි නැවුම් පළතුරු පිරි නමයි. ජනයා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් උත්තරීතර අල්ලාහ් මෙම උදාහරණ ගෙන හැර දක්වයි.

26

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍۢ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍۢ

(ප්‍රතික්ෂේප කරන්නන්ගේ කබ්රු, ෂිර්ක් නමැති) නපුරු වදනට උපමාවකි. භූමියෙහි ඇති මුල් කැපී ගොස් (අස්ථාවර වී) තිඛෙන (ඛෙලහීන වූ) බාල ගසකට සම වන්නේය. එය ස්ථීරව නොපවතිනු ඇත.

ෂිර්ක් හෙවත් කිලිටි ආදේශයේ වදනට උපමාව අස්ථාවර ගසක උපමාවය. එය කැකිරි ගසකි. එය මුල සමගම උගලනු ලැබේ. මහපොළොවෙහි ශක්තිමත්ව ස්ථාවර ව සිටිය හැකි මුල් එයට නැත. අහසට එසවී යන අතු ද නැත. එය දිරාපත් වී සුළඟට ගසාගෙන යයි. එසේම දේව ප්රතික්ෂේපයේ ප්රකාශය විනාශය වෙත නැඹුරු කරවයි. එවන් පුද්ගලයින් සතු කිසිදු යහපත් ක්රියාවක් අල්ලාහ් වෙත ආරෝහණය වන්නේ නැත.

27

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ

ඇත්තෙන්ම කවුරුන් විශ්වාසය තබා ඇත්තෝද, ඔවුන්ව පරලොවදී වුවද, මොලොව ජීවිතයේදී වුවද, (කලිමා තයියිබ් නමැති) සත්‍යය වූ මෙම වදනේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ස්ථීර කරන්නේය. අපරාධකරුවන්ව (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. අල්ලාහ් අදහස් කරන දැය කරන්නේය. (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැක).

ස්ථාවර ඒකීයත්වයේ ප්රකාශ තුළින් දෙවියන් විශ්වාස කරන්නන් එම විශ්වාසය මතම මිය යන තෙක් අල්ලාහ් ඔවුන් මෙලොව ජීවිතයේ පරිපූර්ණ දේව විශ්වාසයෙන් ස්ථාවර කරනු ඇත. එමෙන්ම බර්සක් ජීවිතයේ ඔවුන්ගේ මිනීවලවල් තුළ ප්රශ්න විමසන විට ද ඔහු ඔවුන් ස්ථාවර කරනු ඇත. අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා නිවැරදි හා ඍජු මාර්ගයෙන් පෙරළී ඔහුව ප්රතික්ෂේප කරන අපරාධකරුවන් ඔහු නොමග යන්නට ඉඩ හරිනු ඇත. ඔහුගේ යුක්ති ධර්මය අනුව කෙනෙකු නොමග යන්නට අපේක්ෂා කළේ නම් ඔහුගේ අභිමතය ඔහු සිදු කරන්නේය. ඔහුගේ භාග්යයෙන් යමෙකු යහමග යන්නට ඔහු අපේක්ෂා කළේ නම් එය වළක්වන කිසිවෙකු නොවනු ඇත.

28

۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُوا۟ نِعْمَتَ ٱللَّهِ كُفْرًۭا وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ

(නබියේ!) අල්ලාහ්ගේ දයාව ප්‍රතික්ෂේපය මගින් වෙනස් කර, තමන්ගේ ජනතාවද විනාශ පාතාලයෙහි බැසීමට සලස්වන ලද අයව ඔබ නොදැක්කෙහිද?

ශුද්ධ භූමිය තුළ රැකවරණය පිදීමෙන් හා ඔවුන් අතර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවා සිටීමෙන් ඔවුනට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන විරෝධය දැක් වූ අවස්ථාවේ ඒවා පිළිබඳ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරමින් සිටි කුරෙයිෂ්වරුන්ගේ තත්ත්වය සැබැවින්ම නුඹ දැක ඇත. එනම් එතුමාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ගෙන ආවේ ද එවන් දෑ බොරු කිරීමෙන් ඔහුගේ ආශිර්වාදය ප්රතික්ෂේප කිරීමෙනි. ඔවුහු ඔවුන්ගේ සමාජය අතරින් දේව ප්රතික්ෂේපය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළවුන් විනාශයේ නිවහන වෙත ඇද දැමුවෝය.

29

جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ ٱلْقَرَارُ

ඔවුන් නිරයටම පැමිණ සේන්දු වනු ඇත. (එය) නැවතී සිටින ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරු ස්ථානයයි!

විනාශයේ නිවහන අපාය වේ. ඔවුහු එහි පිවිස එහි උෂ්ණත්වය විඳවති. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා අයහපත් විය.

30

وَجَعَلُوا۟ لِلَّهِ أَندَادًۭا لِّيُضِلُّوا۟ عَن سَبِيلِهِۦ ۗ قُلْ تَمَتَّعُوا۟ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ

ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා යැවීම පිණිස (බොහොමයක් ව්‍යාජ දෙවිවරුන්ව) ඔහුට සමානයන් වශයෙන් තබන්නාහ. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “(මෙලොවදී ටික කලක්) ඔබ සුවය විඳිනු. (අවසානයේදී) නියත වශයෙන්ම ඔබ සේන්දු වන ස්ථානය නිරයයි”.

දෙවියන්ට ආදේශ තබන්නෝ අල්ලාහ්ට සමානයන් හා ආදේශයන් ඇති කළෝය. එය ඔවුන් එයින් මුළාවීමෙන් පසු ඔවුන් අනුගමනය කළවුන් ව ද අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග හරිනු පිණිසය. "අහෝ දූතය! ඔවුනට ‘නුඹලා කවර ආශාවන් තුළ සිටින්නෙහු ද ඒවා භුක්ති විඳිනු. මෙලොව ජීවිතයේ සැක හා කුතුහලයන් පතුරුවා හරිනු. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ නිරා ගින්න වෙතය. (බව දැනගනු) එසේ යොමු වන්නට ඒ හැර වෙනත් තැනැක් නුඹලාට නැත." යැයි පවසනු.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.