قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
(එයට) ඔවුන් වෙත පැමිණි දූතයින් ඔවුන්ට “අපි ඔබ මෙන් මිනිසුන්ය. එහෙත් අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි වරප්රසාදයන් පහළ කරන්නේය. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර (ඔබගේ කැමැත්තට අනුව) කිසිම සාධකයක් අපි ඔබ වෙත ගෙන ඒමට ඉඩක් නැත” (යයි පවසා විශ්වාසවන්තයින්ට) “විශ්වාසවන්ත-යින් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද;
ඔවුන්ගේ දූතවරු ඔවුනට පිළිතුරු වශයෙන්, "අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එහිදී නුඹලා සමානකම් දක්වන උපමාව අපි හෙළා නොදකිමු. නමුත් මෙම සමානකම් දක්වන උපමා කිරීම සියලු දෑහි අනිවාර්යය වන්නේ නැත. නමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට විශේෂ ආශිර්වාදයන් පිරිනමා උසස් කරවයි. ජනයා වෙත දහම් දූතයින් ලෙස ඔවුන් තෝරා ගනියි. අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලා ඉල්ලන සාක්ෂි සාධක නුඹලා වෙත ගෙන ඒමට අපට කිසිදු සුදුසුකමක් නැත. ඒවා ගෙන ඒම අප සමග සම්බන්ධ වූවක් නොවේ. ඒ සඳහා බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය." යැයි පැවසුවෝය.