Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 52

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ

අලිෆ්. ලාම්. රා. (නබියේ! මෙය) ධර්ම ග්‍රන්ථයයි. මෙය අපිම ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු. (මෙමගින්) මිනිසුන්ව ඔවුන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව අන්ධකාරයේ සිට පිටමං කර, ආලෝකය දෙසට ඔබ ගෙන එනු මැනව! (එම ආලෝකයද) ඉතාමත් ප්‍රශංසාවට අයත් (අල්ලාහ්ගේය; එය සියල්ලන්ටම) බලසම්පන්නයෙකුගේ ඍජු මාර්ගය වන්නේය.

(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු.

2

ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ

එම අල්ලාහ් (කෙබන්ඳයෙකුද-යත්) අහස්හිද, භූමියෙහිද තිඛෙන සියල්ල ඔහුට අයත් දැයයි! එබැවින් (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ට පැමිණ අත් වන දරුණු දඬුවමේ හේතුවෙන් (ඔවුන්ට) ඉමහත් වූ විනාශයයි.

අහස්හි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යය ද ඔහුට පමණක් සතුය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහුගේ මැවීම් අතුරින් ඔහුට කිසිවෙකු සමාන කළ නොහැක. ප්රතික්ෂේප කළවුන් බලවත් දඬුවමක් ලබනු ඇත.

3

ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۭ بَعِيدٍۢ

මොවුන් පරලොවට වඩා මෙලොව ජීවිතයම කැමති වන්නාහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔවුන් නොයන අතර අන් අයවද එහි නොයන සේ) වළක්වා ගනිමින්, එහි ඇදයද ඇති කරන්නාහ. මෙවැන්නන් ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නාහ.

මතුලොව ජීවිතය හා එහි ඇති සදාතනික සුවපහසුකම් වලට වඩා මෙලොව ජීවිතය හා එහි ඇති පහත් සුව පහසුකම් තෝරා ගන්නා, අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වෙනතකට යොමු කරවන, කිසිවෙකුට ඒ මත ගමන් කළ නොහැකි සේ ඍජු භාවයෙන් නැඹුරු වී, සත්යයෙන් හැරී එම මාර්ගය විකෘති කිරීමට බලන දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් සත්යයෙන් හා නිවැරදි භාවයෙන් අන්ත මුළාවෙහි පසුවන්නෝ වෙති.

4

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

(නබියේ!) සෑම දූතයෙකුම (තම ජනතාවට) පැහැදිලිව විවරණය කර පවසනු පිණිස, ඔවුනොවුන්ගේ ජනතාවගේ භාෂාවන් මගින්ම (දේශනා කරන මෙන්) අපි ඔවුන්ව යැව්වෙමු. (එම දූතයින් කොපමණ උත්සාහ දැරූවද, ඔවුන් කරන පව් පින් වලට සරිලන සේ) අල්ලාහ් අදහස් කළ අයව වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. ඔහු කැමති වන (දැහැමි ක්‍රියාවන් කරන්නන්)ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔහු (සියල්ලටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අල්ලාහ් වෙතින් දහම් දූතයකු ගෙන ආ දෑ ඔහුගේ ම සමාජයට පහසුවෙන් වටහා ගත හැකි වනු පිණිස ඔහුගේම ප්රජාවේ භාෂාවෙන් කතා කරන්නෙකු ලෙස මිස කිසිදු දහම් දූතයෙකු ඔවුන් අතරට අපි නොඑව්වෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔවුනට බල කිරීම සඳහා අපි ඔහු නොඑව්වෙමු. අල්ලාහ්ගේ යුක්ති ධර්මය මත ඔහු අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් යහමග වෙත ආශිර්වාද කරයි. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැළසුමෙහි මහා ප්රඥාවන්තය.

5

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ

නියත වශයෙන්ම අපි මූසාව අපගේ බොහොමයක් සාධකයන් සමග යවා “ඔබ, ඔබගේ ජනතාව අන්ධකාරයෙන් පිටතට ගෙන ආලෝකය දෙසට ගෙන එනු (මැනව!) අල්ලාහ්ගේ (නියෝගය) මගින් ඇති වූ විවිධ සිදුවීම් ඔබ ඔවුන්ට මතක් කර දෙනු” යයි ඔහුට අණ කළෙමු. (අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටින්නන් හා කෘතඥ වන්නන් ආදී සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි පාඩම් බොහොමයක් ඇත.

සැබැවින්ම අපි මූසා ව දහම් දූතයෙකු සේ එව්වෙමු. ඔහුගේ සත්යතාවයත් සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපති වෙතින් එවන ලද දූතයෙකු බවත් තහවුරු කරන ප්රාතිහාර්යයන් තුළින් අපි ඔහු ශක්තිමත් කළෙමු. දේව ප්රතික්ෂේපයෙන් හා අඥාන කමින් දේව විශ්වාසය හා දැනුම වෙත ඔහුගේ සමූහයාව යොමු කරන මෙන් අපි ඔහුට නියම කළෙමු. ඔවුනට අල්ලාහ් අශිර්වාද කළ දිනයන් පිළිබඳත් ඔවුනට මතක් කරන මෙන් නියම කළෙමු. එම දිනයන්හි අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ අතිමහත් ශක්තිය පැහැදිළි ව පෙන්වා දෙන සාධක තිබිණි. දේව විශ්වාසීන්හට ඔහු ආශිර්වාද කළේය. අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කරන ඔහුගේ ආශිර්වාදයන් හා පක්ෂපාතිත්වය සඳහා කෘතගුණ සැලකීමෙහි අඛණ්ඩ ව නිරතවන්නන්හට එමගින් ප්රයෝජන ඇත.

6

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ

මූසා තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාවේදී “අල්ලාහ් ඔබට ලබා දී ඇති වරප්‍රසාදයන් ගැන සිතා බලනු. ඔහු ඔබව ෆිර්අව්න්ගේ සමූහයෙන් බේරා ගත්තේය. ඔවුන් නම්, ඔබට දරුණු වේදනා ගෙන දෙමින් සිටි අතර ඔබගේ පිරිමි දරුවන්ව වද දී ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට අත්හැර දමමින් සිටියහ. මෙහිදී ඔබගේ දෙවියන් විසින් ඔබව ඉමහත් වූ පිරික්සුමට ලක් කර තිබුණි” (යයි පැවසුවේය).

අහෝ දූතය! මූසා තුමා ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපදින්නට ගත් අවස්ථාව මෙනෙහි කරනු. එවිට එතුමා ඉස්රාඊල් දරුවන් අතරින් වූ ඔහුගේ ජනතාවට අල්ලාහ් ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාදයන් මතක් කර දෙමින් "මාගේ ජනයිනි! ෆිර්අවුන්ගේ රාජ්යය පාලනය භාරගන්නා කිසිවෙකු නුඹලා අතර බිහි නොවනු වස් නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින්, කාන්තාවන්ට ජීවිත දානය දී, ඔවුන් රඳවාගෙන හෑල්ලුවට හා අවමානයට ලක් කරමින් නුඹලාට දැඩි සේ දඬුවම් පමුණුවා, ප්රචණ්ඩ ක්රියාවන් සිදු කළ ෆිර්අවුන් පැළැන්තියෙන් නුඹලා මුදවා ආරක්ෂා කරමින් නුඹලාට අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කරනු. ඔවුන්ගේ ක්රියාවන්හි ඉවසීම මත පදනම් වූ අතිමහත් පරීක්ෂණයක් නුඹලාට විය. මෙම පරීක්ෂණය මත නුඹලා ඉවසා දරාගත් හේතුවෙන් විපාක වශයෙන් ෆිර්අවුන් පැළැන්තියේ විනාශකාරී ක්රියාවෙන් අල්ලාහ් නුඹලා බේරා ගත්තේය." යැයි පැවසීය.

7

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ

තවද ඔබගේ දෙවියන් (ඔවුන්ට “මේ වෙනුවෙන්) ඔබ (මා හට) කෘතඥ වුවහොත් (මා මගේ වරප්‍රසාදයන් නැවතත්) ඔබට අධික කර දෙන්නෙමි. ඔබ (මගේ වරප්‍රසාදයන්ට කෘතඥ නොවී) වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මගේ දඬුවම ඉතාමත් දරුණු එකක් වශයෙන් තිඛෙණු ඇත” යයි ප්‍රකාශයට පත් කිරීම යන්නද (නබියේ!) ඔබ (මොවුන්ට) මතක් කර දෙනු.

මූසා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති නුඹලාට මනා ලෙස දැනුම් දෙමින් ඉගැන් වූ අවස්ථාව මෙනෙහි කරනු. සඳහන් කරන ලද එම ආශිර්වාද තුළින් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතවේදී වූයෙහු නම් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ ආශිර්වාද පිරිනැමීමත් භාග්යයන් ලබා දීමත් නුඹලාට අධික කරනු ඇත. නුඹලාට පිරිනැමූ ආශිර්වාද ප්රතික්ෂේප කොට නුඹලා කෘතඥ නොවූයේ නම් එසේ ඔහුගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට ඒ සඳහා කෘතඥ නොවූවන් හට සැබැවින්ම ඉතා දරුණු දඬුවම් ඇත්තේය." යැයි පැවසීය.

8

وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ

නැවතත් මූසා (තම ජනතාවට) “ඔබ ලොවෙහි ඇති ජනතාව සියල්ලන්ම (දෙවියන්ට සම්පූර්ණයෙන්ම) වෙනස්කම් කළා වුවද, (ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුගේ උදව්වක්) අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවට හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයිද පැවසුවේය.

මූසා තම ජනයාට, "මාගේ ජනයිනි! නුඹලා ප්රතික්ෂේප කළේ නම් ද, නුඹලා සමගම මහපොළොවේ වෙසෙන සියලු දෙනා ප්රතික්ෂේප කළේ නම් ද දැනගනු. නුඹලා ප්රතික්ෂේප කිරිමේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගුණාංගයෙන්ම ඔහු අනිවාර්යය ප්රශංසාවට ලක්වන්නාය. දේව විශ්වාසීන්ගේ විශ්වාසය ඔහුට කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන අතරම දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රතික්ෂේපය ඔහුට කිසිදු හානියක් ඇති නොකරන්නේය." යැයි පැවසීය.

9

أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ

ඔබට පෙර ඉකුත්ව ගිය නූහ්, ආද්, සමූද් වැනි ජනතාවන්ගේ ඉතිහාසයන්ද, ඔවුන්ගෙන් පසු පැමිණි අයගේ ඉතිහාසයන්ද, ඔබට ලැබුනේ නැද්ද? ඔවුන්ව (ඔවුන්ගේ විස්තර) අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් දැන ගත නොහැක. එම ජනතාව වෙත යවනු ලැබූ (අපගේ) දූතයින් පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණ “(ඍජු මාර්ගයට එනු, එනු” යයි තමන්ගේ දෑතම දිගු කර ආරාධනා කළ) අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔවුන්ගේ කට දෙසටම තල්ලූ කර දමා (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (දෙවියන්ගේ දූතයින් යන්න ප්‍රකාර) ඔබ ගෙන ආ දැය ප්‍රතික්ෂේප කරන්නෙමු. තවද ඔබ අපව කුමක් දෙසට ආරාධනා කරන්නෙහුද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් වූ සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ.

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාට පෙර විසූ නූහ්ගේ සමූහයා, හූද්ගේ සමූහයා වන ආද්, සාලිහ්ගේ සමූහයා වන සමූද් මෙන්ම ඔවුනට පසු පැමිණි බොරුකාර ජන සමූහයන් විනාශ කිරීමේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ඉතා අධිකය. අල්ලාහ් හැර ඔවුන්ගේ සංඛ්යාව කිසිවෙකු ගණනය කර නැත. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක රැගෙන ආවෝය. එම දූතවරුන් පිළිබඳ ඔවුනට තිබූ ක්රෝධය හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ අත් ඔවුන්ගේ කටවල් තුළට දමා සපා කෑවෝය. ඔවුහු ඔවුන්ගේ දූතවරුන්ට, "නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද සැබැවින්ම අපි ඒවා ප්රතික්ෂේප කළෙමු. නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නෙහු ද ඒ ගැන දැඩි ලෙස සැකයෙහි පසුවන්නෙමු" යැයි පැවසූහ.

10

۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ

එයට ඔවුන්ගේ දූතයින් (ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් ගැනද (ඔබට ඇති) සැකය? ඔහු ඔබගේ වැරදිවලට සමාව දීම සඳහා ඔබව ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වුවහොත්) එක් නියමිත කාලයක් දක්වා ඔබව (භුමියෙහි සැපසේ ජීවත්ව සිටීමට) අත්හැර දමනු ඇත” යයි පැවසූහ. එයට ඔවුන් “ඔබ අප වැනි (සාමාන්‍ය) මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නොව. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අත්හැර වළක්වා හැරීමටද ඔබ අදහස් කරන්නේ? එසේ නම්, (එයට අයත්) පැහැදිලි සාක්ෂීන් අප වෙත ගෙන එනු” යයි පැවසූහ.

ඔවුන්ගේ දූතවරුන් ඔවුනට පිළිතුරු වශයෙන් "අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට පමණක් නැමදුම් කිරීමෙහි සැකයක් තිබේ ද? ඔහු අහස් හි මැවුම්කරුය. මහපොළොවේ මැවුම්කරුය. කිසිදු පූර්ව උදාහරණයකින් තොර ව ඔහු ඒ දෙක ඇති කළේය. එමගින් නුඹලාගේ පෙර පාපකම් නුඹලාගෙන් මකා දමනු පිණිස ඔහු දේව විශ්වාසය වෙත නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ මෙලොව ජීවිතයේ නියමිත කාලය අවසන් වන තෙක් නුඹලාව ප්රමාද කරයි." යැයි පැවසූහ. ඔවුන්ගේ සමූහයා ඔවුනට "නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා අමතර දෙයක් නුඹලාට නැත. අපගේ මුතුන් මිත්තන් කවර දැයකට නමදිමින් සිටියේ ද ඉන් අප හරවන්නට නුඹලා අපේක්ෂා කරන්නෙහුය. සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙතින් අප වෙත පැමිණි දූතවරුන් යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා ව තහවුරු කරන පැහැදිලි සාධක අප වෙත ගෙන එනු" යැයි පැවසුවෝය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.