Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 52

41

رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ

අපගේ දෙවියනේ! මටත්, මගේ දෙමව්පියන්ටත්, අනිත් විශ්වාසවන්තයින්ටත්, ප්‍රශ්න කරනු ලබන (විනිශ්චය) දිනදී සමාව ලබා දෙනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය).

"මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමාපියන්ගේ පව්වලට ද සමාව දෙනු මැනව! (එතුමා එය ප්රකාශ කළේ එතුමාගේ පියා අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගන්නට පෙරය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැනගත් කල්හි එතුමා එයින් ඉවත් වූහ.) මිනිසුන් විනිශ්චය සඳහා ඔහුගේ පරමාධිපති අබියස නැගී සිටින දිනයේ දේව විශ්වාසීන්ගේ පව්වලටත් ඔබ සමාව දෙනු මැනව!"

42

وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍۢ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَٰرُ

(නබියේ!) මෙම අපරාධකාරයින්ගේ ක්‍රියාවන් ගැන අල්ලාහ් නොසැලකිලි-මත්ව සිටින්නේය යයි ඔබ නොසිතනු. ඔවුන්ව (දඬුවම මගින් එවෙලෙ එවෙලේම අල්ලා නොගෙන) ප්‍රමාද කර සිටින්නේ ඇරුණු ඇස් ඇරී තිබියදීම සිටින්නට හැකි (දරුණු විනිශ්චය) දිනක් පැමිණෙන තුරුය!

අපරාධකරුවන්ට අල්ලාහ් දඬුවම ප්රමාද කරන විට, ඔවුන්ගේ බොරු කීම ගැන හෝ අල්ලාහ්ගේ මාර්ග අවහිර කිරීම ගැන හෝ ඔවුන් සිදු කළ වෙනත් අපරාධ ගැන හෝ ඔහු අනවධානයෙන් සිටින බව නොසිතනු. ඔහු ඒ ගැන දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එසේ ඔවුන්ගේ දඬුවම ප්රමාද කරනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පමණය. එදින ඔවුන් දෑසින් දකින ව්යසනයන්ට බියෙන් ඔවුන්ගේ බැල්ම ඉහළට එසවී තිබෙනු ඇත.

43

مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْـِٔدَتُهُمْ هَوَآءٌۭ

(එදිනදී) මොවුන්ගේ එසවුණු හිස පහත් කිරීමට නොහැකිව (තිගැස්සී විවිධ දිසාවන් ඔස්සේ) වේගයෙන් දුවනු ඇත. (තිගැස්සෙන සුළු සිදුවීම් දුටු) මොවුන්ගේ බැල්ම වෙනස් නොවී -(ඒ දෙසටම බලාගෙන සිටිනු ඇත).- මොවුන්ගේ හෘදයන් තිගැස්සී වෙව්ලන්නට වනු ඇත.

ජනයා ඔවුන්ගේ මිනීවලවල් වලින් අවදි වී, නිවේදනය කරන්නා වෙත සීඝ්රයෙන් දිව යන විට ඔවුන්ගේ හිස් අහස දෙසට කණස්සල්ලෙන් එසවී පවතී. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී එන්නේ නැත. ඔවුන් එකිනෙකා දකින අර්බුද හේතුවෙන් ඒවා සළකුණක් වශයෙන් රුඳී පවතී. ඔවුන්ගේ හදවත් දෑසින් දකින බිහිසුණු කම හේතුවෙන් කිසිදු වැටහීමක් හෝ බුද්ධියක් හෝ නොමැතිව හිස් ව පවතී.

44

وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍۢ

එබැවින් (නබියේ!) මෙවැනි දඬුවම් දිනයක් ඔවුන්ට පැමිණීම ගැන ඔබ මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවනු මැනව! සීමාව ඉක්මවූවන් (එදින තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! ඔබ අපට එක් සුළු කාල අවකාශයක් දෙනු (මැනව!) අපි ඔබගේ ආරාධනාවට (මින් පසු) සවන් දී, (ඔබගේ) දූතයින්ව අනුගමනය කර කටයුතු කරන්නෙමු” යයි පවසනු ඇත. (එයට දෙවියන් ඔවුන්ට) “මීට පෙර ඔබ, ඔබගේ (මෙලොව ජීවිතයට) විනාශයක්ම නැත යයි දිව්රා පවසමින්ම සිටියේ නැද්ද?”යි (විමසනු ඇත).

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබේ සමූහයාට බිය ගන්වනු. (දඬුවම හිමි වන) එම අවස්ථාවේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුට ආදේශයන් තබා ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තවුන් වනාහි "අපගේ පරමාධිපතියාණනි, අපට අවකාශය දෙනු. අපගෙන් දඬුවම ප්රමාද කරනු. ටික කලකට මෙලොවට අප හරවා එවනු. අපි නුඹ ව විශ්වාස කරන්නෙමු. නුඹ අප වෙත එවූ එම දූතයින් අපි පිළිපදින්නෙමු." යැයි පවසති. එවිට ඔවුන් හෙළා දකිමින් "සැබැවින්ම නුඹලා මරණයෙන් පසු යළි නැගිටුවනු ලැබීම හෙළා දැක මෙලොව ජීවිතයෙන් මතුලොව ජීවිතය වෙත නොයන බව දිවුරා නොසිටියෙහුදැ?"යි පිළිතුරු වශයෙන් විමසා සිටිති.

45

وَسَكَنتُمْ فِى مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ

තවද “තමන්ට තමන්ම හානියක් (කර ගනිමින් විනාශයට පත් වූවන්) වාසය කළ ස්ථානයෙහි ඔබත් වාසය කළේ නැද්ද?” (යයිද) “අපි ඔවුන්ට කුමක් කළෙමුද යන්න ඔබ හොඳින් දැන සිටියා නොවෙද? (මේ ගැන) ඔබට බොහොමයක් උදාහරණයන්ද අපි ගෙනහැර දැක්වූවේ නැද්ද?” (යයිද පිළිතුරු දෙනු ඇත).

"අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් හූද්ගේ ජනයා සහ සාලිහ්ගේ ජනයා වැනි නුඹලාට පෙර විසූ සමූහයන්ගේ වාසස්ථාන වලට නුඹලා ගොඩ බැස ඇත. ඔවුන්ට අත් වූ විනාශය නුඹලාට ඉතා පැහැදිලිය. නුඹලා උපදෙස් ලබනු පිණිස අල්ලාහ්ගේ පුස්තකයේ අපි ඒවා නුඹලාට උදාහරණ වශයෙන් ඉදිරිපත් කර ඇත්තෙමු. නමුත් නුඹලා එමගින් උපදෙස් නොලැබුවෙහුය."

46

وَقَدْ مَكَرُوا۟ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ

එහෙත් ඔවුන් තමන්ගේ කුමන්ත්‍රණ කරමින්ම සිටියහ. ඔවුන්ගේ කුමන්ත්‍රණ නම්, කඳු චලණය කළ හැකිව තිබුණා වුවද, දෙවියන්ගේ (ඥානයට) ඇතූළු වී තිබුණි. (එබැවින් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් වදින්නට යන්නේ නැත!)

එම කූට අපරාධකාරී සමූහයා විසූ වාසස්ථානවල ගොඩ බැස්ස මොවූහු ද, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඝාතනය කිරීමටත් ඔහුගේ ප්රචාරය නවතාලීමටත් කුමන්ත්රණ කළෝය. ඔවුන්ගේ කුමන්ත්රණය ගැන අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ කූට සැලසුම් දුර්වලය. එය අල්ලාහ් ඔවුන් වෙත යොදා ඇති සැලසුම මෙන් නොව එහි දුර්වලභාවය නිසා කන්දක් හෝ වෙනත් දෙයක් හෝ ඉන් ඉවත් කළ නොහැක.

47

فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍۢ

අල්ලාහ් තමන්ගේ දූතයින්ට ලබා දී තිබුණු පොරොන්දුවලින් ඔහු වැරද යනු ඇතැයි (නබියේ!) ඔබ කිසිදාක නොසිතනු. නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන් සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා පළි ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ දූතය! උදව් උපකාර කරන බවටත් දහම ප්රකාශනයට පත් කරන බවටත් තම දූතවරුන්ට ප්රතිඥා දුන් අල්ලාහ්, එසේ ඔහුගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ කඩ කරන්නෙකු යැයි නුඹ නොසිතනු. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔහුගේ සමීපතයින් ඔහු ගෞරව කරනු ඇත. එමෙන්ම ඔහු ඔහුගේ සතුරන්ගෙන් හා ඔහුගේ දූතවරුන්ගේ සතුරන්ගෙන් පළිගන්නාද වේ.

48

يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَٰوَٰتُ ۖ وَبَرَزُوا۟ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ

(නබියේ! එක් දිනයක් ගැන ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී මෙම භූමිය වෙනස් කර වෙනත් ආකාරයක භූමියක් බවට පත් කර හරිනු ඇත. අහස්ද ඒ ආකාරයටමයි. ඔවුන් (තම තමන්ගේ ස්ථානයන්හි සිට) ඉකුත් වී (සියල්ලන්වම) යටහත් පහත් කර එකම දෙවියන් වන එම අල්ලාහ්ගේ සන්නිධානයෙහි එක්රැස් වනු ඇත.

දෙවියන් ප්රතික්ෂේප කළ ජනයාට සමප්රතිචාර දැක්වීම සිදුවනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදීය. එදින මෙම පොළෝතලය සුදුවන් පිවිතුරු වෙනත් භූමියක් බවට වෙනස් කරනු ලැබේ. පවතින අහස් වෙනත් අහස් බවට පත් කරනු ලැබේ. ජනයා ඔවුන්ගේ මිනීවලවල් තුළින් ඔවුන්ගේම ශරීර සමග ඔවුන්ගේ සිදු කළ ක්රියාවන් රැගෙන ආධිපත්යයෙන් හා බලයෙන් ඒකාධිපති වූ අල්ලාහ් අබියස සිටගෙන සිටිනු ඇත. ඔහු මැඩලන්නාය. ඔහු මැඩලන්නාක් මෙන් කිසිවෙකු මැඩලන්නේ නැත. ඔහු අබිබවා යන මෙන් කිසිවෙකු අබිබවා යන්නේ නැත.

49

وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ

තවද වැරදිකරුවන්ගේ සියල්ලන්ම එදිනදී දම්වැල් දමා බැඳ දමනු ලැබී තිඛෙණු ඔබ දකින්නෙහිය.

අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළඳින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත.

50

سَرَابِيلُهُم مِّن قَطِرَانٍۢ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ

ඔවුන්ගේ ඇඳුම් තාරවලින් නිමා කර තිඛෙණු ඇත. ඔවුන්ගේ මුහුණු ගිණ්නෙන් දවා හරිනු ඇත.

අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළදින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.