Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 52

31

قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَٰلٌ

(නබියේ!) විශ්වාසය තැබූ මගේ වහලූන්ට ඔබ මෙසේ පවසනු: ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නටද, අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් රහසින්ද, ප්‍රසිද්ධියේද, දානමාන කරන ලෙසටද; ගනුදෙනුද, මිත්‍රකමක්ද නොමැති දිනක් පැමිණීමට පෙරම (මෙසේ කරනු).

අහෝ දූතය! දේව විශ්වාසී මුඃමින්වරුන්ට මෙසේ පවසනු. "නුඹලා සලාතය පරිපූර්ණ ලෙස ඉටු කරනු. අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනිවාර්යය මෙන්ම සතුටු දායක කටයුතු සඳහා වියදම් කරනු. එවිට මුහුණිච්ඡාවට බියෙන් සඟවමින් ද වෙනත් අය නුඹලාව පිළිපදිනු පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරනු. ගනුදෙනු කරන කිසිදු ව්යාපාරයක් හෝ අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නට කිසිදු වන්දියෙක් හෝ මිතුරෙකු තම මිතුරාට මැදිහත් වීම තරම් මිතු දමක් හෝ නොපවතින දිනයක් පැමිණීමට පෙර නුඹලා වියදම් කරනු."

32

ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَٰرَ

අල්ලාහ්ම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔහුම අහසින් වැස්ස වැසීමට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් (විවිධ) පලතුරු වර්ගද, ඉකුත් කරන්නේය. (ඔබ සංචාරය කරනු පිණිස) නැව ඔබට වසඟ කර දී, තම නියෝගයට අනුව සාගරයෙහි තරනය කරන්නට සලස්වන්නේය. ගංඟාවන්ද (ඇළ මාර්ගද) ඔබ කැමති ආකාරයට තරනය කිරීමට පහසුකම් ලබා දුන්නේය.

කිසිදු පූර්වාදර්ණයකින් තොර ව අහස් උත්පාදනය කළේත්, මහපොළොව උත්පාදනය කළේත් අල්ලාහ්ය. එමෙන්ම, අහෝ ජනයිනි! ඔහු අහසින් වැසි ජලය පහළ කොට එම පහළ වූ ජලයෙන් නුඹලාට පෝෂණ සම්පත් වශයෙන් විවිධ වර්ගයේ බවභෝග ඔහු හට ගැන්වීය. ඔහුගේ නියමයට අනුකූලව ජලය මත යාත්රා කරන නැව් ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. එමෙන්ම නුඹලා පානය කරනු පිණිසත්, නුඹලාගේ ගොවිපළ සතුන් හා නුඹලාගේ ගොවිබිම්වලට ජලය සැපයීම පිණිසත් ඔහු නුඹලාට ගංගාවන් වසග කර දුන්නේය.

33

وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ

(නොවැරදී) සීරුවෙන් ක්‍රියාත්මක වන සේ සූර්යයාද, චන්ද්‍රයාද ඔබට ප්‍රයෝජනවත් වන ආකාරයට (උත්පාදනය කර), ඇති කළේය. (මාරුවෙන් මාරුවට පැමිණෙන සේ) රාත්‍රිය හා දහවලද ඔබ වෙනුවෙන් (ඇති කර, එයින්) ප්‍රයෝජනයක් අත් කර ගැනීමට සැලැස්සුවේය.

අඛණ්ඩ ව ගමන් කරන හිරු හා සඳු ද ඔහු වසඟ කර දුන්නේය. එකින් පසු එකක් ලෙස පැමිණෙන රාත්රිය හා දහවල ද නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. රාත්රිය නුඹලාගේ නින්ද හා නුඹලාගේ විවේකය සඳහාය. දහවල නුඹලා දිරියෙන් හා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීම සඳහාය.

34

وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَظَلُومٌۭ كَفَّارٌۭ

(මේවා හැර), ඔබ ඉල්ලු දෑ සියල්ල ඔහු ඔබට ලබා දුන්නේය. එබැවින් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔබ ගණනය කර බැලු විට, ඒවා ඔබ විසින් ගණනය කළ නොහැක! (මෙසේ තිබියදී) නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවූවන් වශයෙන්ද, (මේවා ප්‍රතික්ෂේප කරන) ඉතාමත් කෙළෙහිගුණ නොදත් අය වශයෙන්ද සිටින්නේය.

නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටි සියලු දෑ ද, නුඹලා ඔහුගෙන් ඉල්ලා නොසිටි දෑ ද ඔහු නුඹලාට පිරිනැමීය. අල්ලාහ්ගේ සම්පත් නුඹලා ගණනය කරන්නේ නම් ඒවායෙහි අධිකත්වය හා ප්රමාණය බහුලව නිසා ඒවා ගණන් කිරීමට නුඹලාට නොහැකිය. ඒවායින් උදාහරණ කිහිපයක් නුඹලාට මෙනෙහි කර ඇත්තේය. සැබැවින්ම මිනිසා උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අධික ලෙස හෙළා දකිමින් ඔහු ඔහුටම අරපාධ කර ගෙන ඇත.

35

وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَٰذَا ٱلْبَلَدَ ءَامِنًۭا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ

ඉබ්රාහීම් (තම දෙවියන් හට) පැවසූ දැය (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දෙවියන්ට) “මගේ දෙවියනේ! (මක්කාව වන) මෙම නගරය ආරක්ෂා සහිත නගරයක් බවට ඔබ පත් කරනු මැනව! මාවද, මගේ ජනතාවද -පිළිරූ නොඅදහන ලෙසට- ඔබ බේරා ගනු මැනව!

අහෝ දූතය! "යා අල්ලාහ්! මාගේ පවුලේ අය පදිංචි කළාවූ මෙම නගරය එනම් මක්කා පුරවරය ආරක්ෂිත නගරයක් බවට පත් කරනු මැනව. එහි කිසිවෙකු අපරාධයට ලක් නොකරනු. මා හා මාගේ දරුවන් පිලිම වන්දනාවෙන් දුරස්ථ කරනු" යැයි ඉබ්රාහීම් ඔහුගේ පුත් ඉස්මාඊල් සහ ඔහුගේ (ඉස්මාඊල්ගේ) මව හාජරා මක්කා නිම්නයෙහි පදිංචි කළ අවස්ථාවේදී පැවැසූ කරුණු ගැන මෙනෙහි කරනු.

36

رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ

“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මෙම පිළිරූ මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාව දුර්මාර්ගයෙහි යාමට සැලැස්සුවේය. එබැවින් (පිළිරූ නොනැමද) කවුරුන් මාව අනුගමනය කරන්නේද, ඔහුම නියත වශයෙන්ම මගෙන් කෙනෙකු වන්නේය. කවුරුන් මට වෙනස්කම් කරන්නේද, (ඔහු මගේ පාර්ශවයේ කෙනෙකු නොවූවද, මගේ දෙවියනේ!) නියත වශයෙන්ම ඔබ ඉතාමත් ක්ෂමා කරන්නෙකු වන අතර කරුණාවන්තයෙකු වශයෙන්ද සිටින්නෙහිය.

"මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම එම පිළිමවල් තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ජනයා සිතන තරමට බොහෝ දෙනා නොමග යවා ඇත. එමගින් ඔවුන් අර්බුදයට ලක්ව ඇත. අල්ලාහ් හැර දමා ඔවුහු ඒවාට නැමදුම් කළෝය. අල්ලාහ් ඒකීයත්වයට පත්කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි කවරෙකු මා අනුගමනය කළේ ද සැබැවින්ම ඔහු මගේ පාර්ශවයේ හා මා අනුගමනය කළවුන්ගෙන් කෙනෙකි. එමෙන්ම කවරෙකු මට පිටුපා ඔබ ව ඒකීයත්වයට පත් කිරීමෙහි හා ඔබට අවනත වීමෙහි මා අනුගමනය නො කළේ ද එවිට අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ සමාව දීමට අභිමත කළ අයගේ පව් වලට ඔබ සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

37

رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةًۭ مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ

මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ පරම්පරාවේ දරුවන්ව ඉතාමත් ගෞරවයෙන් පිරි ඔබගේ නිවසෙහි සමීපයේ වාසය කිරීමට සැලැස්සුවෙමි. එය ගොවිතැනින් තොර එක් මිටියාවතකි! මගේ දෙවියනේ! ඔවුන් (ඔබව) සලාත් කරමින් සිටීම සඳහා (එහි වාසය කිරීමට සැලැස්සුවෙමි). මිනිසුන්ගෙන් එක් සමූහයකගේ හෘදයන්, ඔවුන්ව බලන ලෙසට ඔබ සලස්වනු මැනව! (විවිධ) පලතුරුද ඔබ ඔවුන්ට ආහාර වශයෙන් ලබා දෙනු මැනව! (එයට) ඔවුන් (ඔබට) කෘතඥ වනු ඇත.

"මාගේ පරමාධිපතියාණනි! මාගේ පරම්පරාවෙන් පිරිසක් - එනම් ඉස්මාඊල් හා ඔහුගේ දරුපරපුර - කිසිඳු ගහක් කොළක් නොමැති, ජලය නොමැති මක්කා මිටියාවතෙහි ඔබේ ශුද්ධ වූ නිවස අසළ මම පදිංචි කළෙමි. ඔවුන් එසේ ඒ අසල මා පදිංචි කළේ ඔවුහු එහි සලාතය විධිමත්ව ඉටු කරනු පිණිසය. මාගේ පරමාධිපතියාණනි! ඒ වෙතත් එම දේශය වෙතත් මිනිස් හදවත් ප්රිය කරන්නන් බවට පත් කර දෙනු. ඔවුන් වෙත ඔබ පිරිනැමූ ආශිර්වාදයන් සඳහා ඔබ කෘතඥවීමේ යහපත් බලාපොරොත්තු ඇති කර ගනු වස් ඔබ ඔවුනට (නානා ප්රකාර) පෝෂණ සම්පත් ලබා දෙනු මැනව!"

38

رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ

අපගේ දෙවියනේ! අපි (හෘදයන්හි) සඟවා ගන්නා දැයද, අපි එළිදරව් කරන දැයද නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහිය. අහස්හිද, භූමියෙහිද ඇති දැයෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවී ඇති දැය නොව.

"අපගේ පරමාධිපතියාණෙනි! අප රහසින් සිදු කරන දෑ සැබැවින්ම ඔබ දන්නෙහිය. එමෙන්ම අප ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔබ දන්නෙහිය. මහපොළොවේ හා අහසේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ ගැන ඔහු දන්නේය. එහෙයින් අපගේ අවශ්යතාවන් හා අසරණකම ඔහුට සැඟවී යන්නේ නැත."

39

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَٰعِيلَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ

සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුම මගේ මහළු වයසේදී ඉස්මායිල්වද, ඉස්හාක්වද මා හට (දරුවන් වශයෙන්) ලබා දුන්නේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ප්‍රාර්ථනාවන් (ඉතාමත් කරුණාවන්තව) සවන් දෙන්නෙකු වශයෙන් සිටින්නේය.

"කෘතඥතාව හා ප්රශංසාව මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී මට දැහැමියන් දායාද කළ ශුද්ධවන්ත අල්ලාහ්ටම සතුය. මාගේ වයස්ගත කාලයේ හාජර් විසින් ඉස්මාඊල් ද සාරා විසින් ඉස්හාක්ද ඔබ මට පිරිනැමුවේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්ගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය."

40

رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِى ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ

මගේ දෙවියනේ! මාවද, මගේ පරම්පරාවේ දරුවන්වද, (ඔබව) සලාත් කර සිටින්නන් වශයෙන් පත් කරනු මැනව! අපගේ දෙවියනේ! මගේ ප්‍රාර්ථනාව බාර ගනු මැනව!

"මාගේ පමරධිපතියාණනි! පූර්ණ අයුරින් සලාතය ඉටු කරන්නෙකු බවට මා පත් කරනු මැනව! තවද එලෙසම මාගේ පරපුරද එය ඉටු කරන්නන් බවට පත් කරනු මැනව! මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔබ අබියස එය පිළිගැනීමට ලක් කරනු මැනව!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.