الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
අලිෆ්. ලාම්. රා. (නබියේ! මෙය) ධර්ම ග්රන්ථයයි. මෙය අපිම ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු. (මෙමගින්) මිනිසුන්ව ඔවුන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව අන්ධකාරයේ සිට පිටමං කර, ආලෝකය දෙසට ඔබ ගෙන එනු මැනව! (එම ආලෝකයද) ඉතාමත් ප්රශංසාවට අයත් (අල්ලාහ්ගේය; එය සියල්ලන්ටම) බලසම්පන්නයෙකුගේ ඍජු මාර්ගය වන්නේය.
(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු.