Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 52

11

قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

(එයට) ඔවුන් වෙත පැමිණි දූතයින් ඔවුන්ට “අපි ඔබ මෙන් මිනිසුන්ය. එහෙත් අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි වරප්‍රසාදයන් පහළ කරන්නේය. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර (ඔබගේ කැමැත්තට අනුව) කිසිම සාධකයක් අපි ඔබ වෙත ගෙන ඒමට ඉඩක් නැත” (යයි පවසා විශ්වාසවන්තයින්ට) “විශ්වාසවන්ත-යින් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද;

ඔවුන්ගේ දූතවරු ඔවුනට පිළිතුරු වශයෙන්, "අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එහිදී නුඹලා සමානකම් දක්වන උපමාව අපි හෙළා නොදකිමු. නමුත් මෙම සමානකම් දක්වන උපමා කිරීම සියලු දෑහි අනිවාර්යය වන්නේ නැත. නමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට විශේෂ ආශිර්වාදයන් පිරිනමා උසස් කරවයි. ජනයා වෙත දහම් දූතයින් ලෙස ඔවුන් තෝරා ගනියි. අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලා ඉල්ලන සාක්ෂි සාධක නුඹලා වෙත ගෙන ඒමට අපට කිසිදු සුදුසුකමක් නැත. ඒවා ගෙන ඒම අප සමග සම්බන්ධ වූවක් නොවේ. ඒ සඳහා බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය." යැයි පැවසුවෝය.

12

وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَىٰنَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ

“අපි අල්ලාහ්ව විශ්වාස නොකර සිටීමට අපට (කුමක් නම් සිදු වී ඇත්ද)? නියත වශයෙන්ම ඔහුම අපිට ඍජු මාර්ගය දැනුම් දුන්නේය. (ප්‍රතික්ෂේප කරන්ණෙනි!) ඔබ අපට දෙන දුක් ගැහැට විඳ දරාගෙන ස්ථීරව සිටින්නෙමු. එබැවින් විශ්වාස කරන්නන් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද පැවසූහ.

අප අතර හා ඔහු කෙරෙහි භාර කිරීම අතර වළක්වන්නා කවරෙකු ද? එයට හේතු ව කුමක් ද? සැබැවින්ම ඔහු ඉතා බලවත් හා පැහැදිලි මාර්ග සඳහා අපට මග පෙන්වීය. බොරු කරමින් හා අවමන් කරමින් නුඹලා අපහට කළ වේදනාවන් මත අපි ඉවසිල්ලෙන් කටයුතු කර ඇත්තෙමු. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය.

13

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّٰلِمِينَ

ප්‍රතික්ෂේප කළ අය, තමන් වෙත පැමිණි (අපගේ) දූතයින්ට “නියත වශයෙන්ම ඔබ අපගේ ධර්මය දෙසට හැරිය යුතුය. නොඑසේ නම්, අපි ඔබව අපගේ රටින් පිටමං කරන්නෙමු” යයි පවැසූහ. එයට ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට “නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ව විනාශ කර දමන්නෙමු.

එම රසූල්වරුන්ගේ ජන සමූහයන් අතර සිටි ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතවරුන් සමග වාද කිරීමෙන් අසමත් වූ කල්හි, "සැබැවින්ම අපි නුඹලා ව අපගේ ගම්මානයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලාගේ දහම අතහැර අපගේ දහමට නුඹලා නැවත හැරෙනු." යැයි පැවසූහ. එවිට එම දූතවරුන් ස්ථාවර කරමින්, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ අපරාධකරුවන් සැබැවින්ම අපි විනාශ කරන්නෙමු" යැයි අල්ලාහ් ඔවුනට දේව පණිවිඩ දන්වා සිටියේය.

14

وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ

ඔබව ඔවුන්ගෙන් පසු (ඔවුන්ගේ) භූමියෙහි නියත වශයෙන්ම අපි පදිංචි කරන්නෙමු” යයි වහී මගින් දැනුම් දී “මෙය කවුරුන් මා ඉදිරියේ (විභාග කිරීම සඳහා) සිටීම ගැන බිය වී ද, මගේ බිය ගැන්වීමට බිය වී ද, කටයුතු කරන්නේද ඔහුට, (එක් ත්‍යාගයක් වන්නේය” යයි ඔවුන්ගේ දෙවියන් දැනුම් දුන්නේය).

අහෝ දූතවරුනි, ඔවුන් විනාශ කිරීමෙන් පසුව නුඹලා හා නුඹලාව අනුගමනය කළවුන් අපි එම භූමියේ පදිංචි කරවන්නෙමු. බොරුකාර දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම, ඔවුන්ගේ විනාශයෙන් පසු ව ඔවුන්ගේ දූතවරුන් හා දේව විශ්වාසීන් එම භූමියේ පදිංචි කරවීම යනාදී වශයෙන් සඳහන් කළ එම කරුණු මාගේ ශ්රේෂ්ඨත්වය සහ ඔහු කෙරෙහි මා සෝදිසියෙන් සිටින අය හා වධහිංසා ගැන මාගේ අනතුරු ඇඟවීමට බිය වන අය සතු වේ.

15

وَٱسْتَفْتَحُوا۟ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍۢ

එබැවින් (නබිවරුන්) සියල්ලන්ම (අල්ලාහ්ගේ) උදව්ව ඉල්ලා සිටියහ. හිතුවක්කාර මැරවරයින් සියල්ලන්ම රැවටී (විනාශ වී) ගියහ.

එම දහම් දූතවරු ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන්ට උපකාර කරන මෙන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටියේය. සත්යය හෙළිවීමත් සමග එය පිළිගැනීමට මුරණ්ඩු වූ අහංකාර සෑම කෙනෙකුම විනාශයට පත් විය.

16

مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍۢ صَدِيدٍۢ

ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. (එහිම ඔවුන් යා යුතුය. නිරාවාසීන්ගේ දේහයෙන් වෑහෙන) සැරව ඔවුන්ට පානයක් වශයෙන් පොවනු ලැබේ.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම අහංකාරයා ඉදිරියේ අපාය පිහිටා තිබේ. එය ඔහු ව බලාපොරොත්තුවේ සිටියේය. නිරා වාසීන්ගෙන් වහනය වන සැරව එහි දී ඔහුට පොවනු ලැබෙයි. ඔහුගේ තිබහ ව සංසිදු නොවෙයි. පිපාසය මෙන්ම වෙනත් දඬුවම් තුළින් ඔහු වේදනාවට භාජනය කරනු ලබයි.

17

يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍۢ وَمَا هُوَ بِمَيِّتٍۢ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌۭ

එය ඔවුන් (ඉතාමත් අමාරුවෙන්) ටිකෙන් ටික ගිල දමන්නාහ. එහෙත් එය ඔවුන්ගේ උගුරෙන් පහළට බසින්නේ නැත. (ඉක්කා දමමින් සිර වෙන්නේය). සෑම දිශාවකින්ම ඔවුන් දෙසට මරණයම එමින් ඇත්තේය. එහෙත් ඔවුන් මිය යන්නේ නැත. මෙපමණක් නොව, දරුණු වේදනාවටද මුහුණ දීමට සිදු වනු ඇත.

එහි පවතින තිත්තකම, උණුසුම හා දුර්ගන්ධය නිසා එය නැවත නැවතත් පානය කිරීමට උත්සාහ කරයි. නමුත් එය ගිලීමට නොහැකි වෙයි. නියමිත දඬුවමට ගැළපෙන පරිදි දරුණු ආකාරයෙන් මරණය ඔහු වෙත ළඟා වෙයි. නමුත් ඔහු මරණයට පත් නොවී විවේකයක් ලබයි. පසුව දඬුවමට අවශ්ය පරිදි යළි ජීවමානව රැඳෙයි. තවත් පැත්තකින් දැඩි දඬුවමක් ඔහු ඉදිරියේ බලාපොරොත්තුවෙන් සිටියි.

18

مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍۢ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍۢ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ

කවුරුන් තමන්ව පෝෂණය කර, පරිපාලනය කරන්නාව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්ගේ උපමාව අළු මෙන් ඇත්තේය! සුළි සුළං කාලයට හමන දැඩි සුළඟ එය, ගසාගෙන යන ලදී. තමන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන් අත් කර ගන්නේ නැත. මෙයම ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගය වන්නේය.

දුබලයින් හට දානමාන කිරීම, උපකාර කිරීම හා කරුණාව දැක්වීම යනාදී ලෙස දේව ප්රතික්ෂේපකයින් විසින් ඉදිරිපත් කරන යහපත් ක්රියාවන්ට උපමාව සුළඟ දැඩි ලෙස හමන චන්ඩමාරුතයක් පවතින දිනක සුළගේ දැඩි භාවය හේතුවෙන් එය බලවත් ලෙස උසුලාගෙන ගොස් කිසිදු සළකුණක් ඉතිරි නොවන සේ සෑම තැනකම විසුරුවා හරින ලද අළු බඳුය. දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රියාවන් ද එලෙසය. දේව ප්රතික්ෂේපය ඒවා හමා යන්නට සලස්වයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා අයත් උදවියට ඒවායින් කිසිදු පලක් ඇති වන්නේ නැත. එය දේව විශ්වාසය මත පදනම් නොවූ ක්රියාවකි. සත්ය මාර්ගයෙන් දුරස් වූ නොමඟ යෑමකි.

19

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ

නියත වශයෙන්ම අල්ලාහ්ම අහස්ද, භූමියද ඇත්තෙන්ම (ඉතාමත් උසස් තත්වයකට) උත්පාදනය කර ඇත්තේය යන්න (මිනිසුනේ!) ඔබ අවධානය කර බැලූවේ නැද්ද? ඔහු කැමති වුවහොත් ඔබව යවා, (ඔබ වැනි) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත.

අහෝ මිනිස! සැබැවින්ම අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවූ බවත් මහපොළොව මැවූ බවත් ඔබ නොදන්නෙහි ද? ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! නුඹලා ව පහකොට, නුඹලා වෙනුවට ඔහුට නමදින, ඔහුට අවනත වන තවත් මැවීමක් ගෙන එන්නට ඔහු අභිමත කරන්නේ නම්, නුඹලා ව පහ කොට ඔහුට නමදින හා අවනත වන තවත් මැවීමක් ගෙන එනු ඇත. එය ඔහුට පහසු මෙන්ම සුළු කාර්යයකි.

20

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ

අල්ලාහ්ට මෙය එතරම් දැයක් නොව.

නුඹලා ව විනාශ කොට නුඹලා නොවන වෙනත් මැවීමක් ගෙන එන්නට අල්ලාහ් නොහැක්කෙකු නොවේ. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.