Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–111 of 111

111

لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌۭ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ ۗ مَا كَانَ حَدِيثًۭا يُفْتَرَىٰ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

බුද්ධිමතුන්ට (නබිවරුන් වන) මොවුන්ගේ ඉතිහාසයන්හි හොඳ පාඩමක් නියත වශයෙන්ම ඇත්තේය. (මෙම කුර්ආනය) බොරු ප්‍රබන්ධ කතා නොව. නමුත් මෙයට පෙර ඇති (ධර්මයන්) සත්‍යය කර තබා, සෑම කාරණාවක්ම විවරණය කර පවසන්නක් වශයෙන් ඇත්තේය. තවද විශ්වාසවන්තයින්ට ඍජු මාර්ගයක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.

දූතවරුන්ගේ කථා වස්තුවලද ඔවුන්ගේ සමූහයන් පිළිබඳ කථා වස්තුවලද යූසුෆ් හා ඔහුගේ සහෝදරයින්ගේ කතා වස්තුවලද එමගින් උපදෙස් ලබන මනා බුද්ධියක් ඇත්තන් හට උපදෙසක් ඇත. ඒ පිළිබඳ අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති දෑ අල්ලාහ් කෙරෙහි ගොතන ලද බොරු කතාවක් නොවේ. නමුත් අල්ලාහ් වෙතින් පහළ කරන ලද දිව්යමය පුස්තක තහවුරු කරන්නක් විය. නීති හා ආගමික කටයුතු පැහිදිලි කිරීමට අවශ්ය සියලු දෑ විස්තර කරන්නක් විය. සියලු යහපත් දෑ වෙත මගපෙන්වීමක් විය. ඔහු ව විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් ද විය. ඔවුහු එහි ඇති දැයින් ප්රයෝජන ලබති.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.