Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 111

91

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ

එයට ඔවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි (ඔබට ඉමහත්) හානියක් කර තිබියදී නියත වශයෙන්ම අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර තබා ඇත්තේය. (අපට යහපතක් කිරීමට අල්ලාහ් ඔබට අවස්ථාවක්ද ලබා දී ඇත්තේය)” යයි පැවසූහ.

ඔහුගේ සහෝදරයෝ ඔහුට ඔවුන් සිදු කළ දෑ ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමු. පූර්ණ ගුණාංග අල්ලාහ් නුඹට ලබා දීමෙන් අපට වඩා ඔහු ඔබට ආශිර්වාද කර ඇත. ඔබට අප සිදු කළ දෑහි අපි නපුරු අපාරධකාරියන් වූයෙමු." යැයි පැවසූහ.

92

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ ۖ يَغْفِرُ ٱللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

එයට ඔහු “අද දින (මා) ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් (පටවන්නේ) නැත. අල්ලාහ්ද ඔබගේ වැරදිවලට සමාව දෙනු මැනව! ඔහු දයාබරයින් සියල්ලන්ගේම ඉමහත් වූ දයාබරවන්තයෙකි!” යයි පැවසුවේය.

ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම යූසුෆ් පිළිගෙන, "අද දින නුඹලාට දඬුවම නියමවන පරිදි නුඹලා වෙත කිසිදු දොසක් හෝ හෙළා දැකීමක් හෝ නැත. නුඹලාට සමාව දානය කරන මෙන් මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. ඔහු සුවිශුද්ධය. කරුණාවන්තයින් අතර සිටින මහා කාරුණිකය." යි පැවසීය.

93

ٱذْهَبُوا۟ بِقَمِيصِى هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِى يَأْتِ بَصِيرًۭا وَأْتُونِى بِأَهْلِكُمْ أَجْمَعِينَ

“ඔබ මගේ මෙම කමිසය ගෙන ගොස් මගේ පියාගේ මුහුණෙහි දමනු. (එමගින් එවෙලේම) ඔහුට (නැති වී ගිය) ඇස් පෙනීම අත් කර ගනු ඇත. පසුව ඔබ, ඔබගේ පවුලේ සිටින සියල්ලන්ම කැඳවාගෙන මා වෙත පැමිණෙනු” යයි පවසා (යැවුවේය).

පසුව තම පියාගේ ඇස් පෙනීම තමන් වෙත හැරී ඇති බව ඔවුහු ඔහුට දන්වා සිටි බැවින් ඔහුගේ කමිසය ඔවුනට පිරිනමා: "නුඹලා මේ මාගේ කමිසය රැගෙන ගොස්, මාගේ පියාගේ මුහුනට දමන්න. ඔහුට නැවතත් ඔහුගේ බැල්ම හිමිවනු ඇත. එමෙන්ම නුඹලාගේ පවුල්වල සාමාජිකයින් සියලු දෙනා මා වෙත රැගෙන එන්න" යැයි පැවසීය.

94

وَلَمَّا فَصَلَتِ ٱلْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَآ أَن تُفَنِّدُونِ

ඔවුන්ගේ ඔටු වාහනයන් (ඊජිප්තුවෙන්) පිටත්ව ගිය වහාම ඔවුන්ගේ පියා “(මෙන්න!) යුසුෆ්ගේ සුවඳ නියත වශයෙන්ම මා ග්‍රහණය කරන්නෙමි. (එබැවින්) මාව ඔබ පිස්සෙකු යයි නොසිතිය යුතු නොවේද!”යි කීවේය.

එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය.

95

قَالُوا۟ تَٱللَّهِ إِنَّكَ لَفِى ضَلَٰلِكَ ٱلْقَدِيمِ

(මෙය ඇසූ ඔහුගේ දරුවන්) “අල්ලාහ් මත සත්තකින්ම! ඇත්තෙන්ම ඔබ, ඔබගේ පැරණි වැරදි සිතුවිල්ලෙහිම සිටින්නෙහිය” යයි පැවසූහ.

ඔහු ළඟ සිටි ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකු, "අල්ලාහ් මත දිවුරා පවසමි. යූසුෆ් ගැන වූ ඔබේ පෙර ස්ථාවරයෙහි හා ඔහුව දෙවැනි වරට දැකිය හැකිවනු ඇතැයි යන ඔබේ පෙර සැකයෙහි ඔබ තවමත් සිටින්නෙහිය" යැයි පැවසීය.

96

فَلَمَّآ أَن جَآءَ ٱلْبَشِيرُ أَلْقَىٰهُ عَلَىٰ وَجْهِهِۦ فَٱرْتَدَّ بَصِيرًۭا ۖ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

ඒ අවස්ථාවේදී (යූසුෆ් ගැන) සුභාරංචි දෙන්නන්ද පැමිණ, (යූසුෆ්ගේ කමිසය) ඔහුගේ (පියාගේ) මුහුණෙහි දැමූ වහාම, ඔහුගෙන් (නැති වී ගිය) ඇස් පෙණුම අත් කරගෙන, “(යූසුෆ් පණ පිටින් සිටීම ගැන) ඔබ නොදැනුවත් දැය සියල්ල අල්ලාහ්ගේ දයාව මගින් නියත වශයෙන්ම මා දැන සිටින්නෙමි යන්න (මීට පෙර) මා ඔබට නොකීවෙමිද?”යි විමසුවේය.

යඃකූබ් සතුටට පත් කරවන ශුභාරංචිය ගෙන ආ පුද්ගලයා පැමිණි කල්හි යූසුෆ්ගේ කමිසය ඔහුගේ මුහුණ මත දැමීය. එවිට ඔහුට පෙනුම ලැබිණ. ඒ අවස්ථාවේ ඔහු තම දරුවන් අමතා, “නුඹලා නොදැන සිටි අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය පිළිබඳ සැබැවින්ම මා දන්නා බව මම නුඹලාට නොපැවසුවෙම්දැ?"යි විමසා සිටියේය.

97

قَالُوا۟ يَٰٓأَبَانَا ٱسْتَغْفِرْ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ

(මේ අතර ඊජිප්තුවට ගොස් සිටි ඔහුගේ අනිත් පුතුන්ද පැමිණ) “අපගේ පියාණෙනි! අපගේ පාපයන්ට සමාව දෙන ලෙසට ඔබ අප වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු මැනව! ඇත්තෙන්ම අපි ඉමහත් වූ වැරදි කළෙමු” යයි (ඔවුන්ම) පැවසූහ.

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමාගේ දරුවන් යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට තමන් සිදු කළ දෑට එතුමාගෙන් සමාව අයැද සිටිමින්, "අහෝ අපගේ පියාණනි! අපගේ පෙර පව්වලට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්න. යූසුෆ්ට හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට සිදු කළ දෑහි අපි නපුරු පාපතරයින් වූයෙමු" යැයි පවසා සිටියහ.

98

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

එයට ඔහු “මා මගේ දෙවියන් වෙත, පසුව ඔබ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. නියත වශයෙන්ම ඔහු ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "නුඹලා වෙනුවෙන් මම මාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිමි. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු වෙත නැඹුරු වන අයගේ පව්වලට ඔහු අතිශයින්ම සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."යැයි කීහ.

99

فَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ٱدْخُلُوا۟ مِصْرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ

(පසුව පවුලේ අය සමග කන්ආන්හි සිට) ඔවුන් යූසුෆ් වෙත (ඊජිප්තුවට) පැමිණි විට, ඔහු තම දෙමව්පියන්ව (ඊජිප්තු දේශ සීමාවෙහි බලාපොරොත්තුවෙන් සිට ඉතාමත් ගෞරවාන්විතව) පිළිගෙන, “(දෙවියන්ගේ දයාවෙන්) ඔබ ඊජිප්තුවට ඇතුළු වනු (මැනව!) අල්ලාහ් අදහස් කළහොත් (ඔබ) බියෙන් තොර වූවන් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය.

යඃකූබ් තුමාණන් හා ඔහුගේ පවුලේ උදවිය ඔවුන්ගේ දේශයෙන් පිටත් ව මිසර දේශයේ සිටින යූසුෆ්ව අපේක්ෂාවෙන් ගමන් ගත්තෝය. ඔවුහු ඔහු වෙත ප්රවේශ වූ කල්හි ඔහුගේ පියාණන් හා මෑණියන් ඔහු ව වැළඳ ගත්හ. ඔහුගේ සහෝදරයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, "අල්ලාහ්ගේ අභිමතය පරිදි මිසර දේශයට නුඹලා සුරක්ෂිත ව පිවිසෙනු. නුඹලාට කිසිදු උවදුරක් ඇති නොවන්නේය." යැයි පැවසීය.

100

وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًۭا ۖ وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأْوِيلُ رُءْيَٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّۭا ۖ وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ ۚ إِنَّ رَبِّى لَطِيفٌۭ لِّمَا يَشَآءُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

පසුව ඔහු තම මවවද, පියාවද සිංහාසණය මත ඔසවා (වාඩිවීමට) සැලැස්සුවේය. (ඊජිප්තුවේ අධිපති වශයෙන් සිටි) ඔහුට (ඒ කාලයේ චාරිත්‍රයට අනුව) ඔවුන් සියල්ලන්ම නළල බිම තබා ගෞරව කළහ. ඒ අවස්ථාවේදී යූසුෆ් (තම පියාට) “මගේ පියාණෙනි! පෙර මා දුටු සිහිනයන්හි අර්ථය මෙයයි. මගේ දෙවියන් එය සත්‍යය කර හැරියේය. (කිසිවෙකුගේ රෙකමදාරුවක් නොමැතිවම) සිර ගෙයි සිට මාව ඔහු පිටතට යැවූවේය. මටත් මගේ සහෝදරයින්ටත් අතරේ ෂෙයිතාන් වෙන්වීමක් ඇති කළායින් පසුවද, ඔබ සියල්ලන්වම කාන්තාරයේ සිට මා වෙත ගෙනැවිත් එකට එක්කාසු කිරීම මගින් (මගේ දෙවියන්) නියත වශයෙන්ම මා කෙරෙහි ඉමහත් ඵලවිපාකයක් ලබා දී ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් තමන් අදහස් කරන්නන් කෙරෙහි සිත් තූළ ආදර කරුණාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය” යයි කිවේය.

ඔහු වාඩිවන ආසනයේ ඔහුගේ දෙමව්පියන් වාඩි කරවීය. තම දෙමාපියන් හා තම සහෝදරයින් එකොළොස් දෙනා නැමදුමක් ලෙස නොව ගරු කිරීමක් ලෙස හිස නමා ආචාර කළේය. සිහිනයේ දුටු පරිදි අල්ලාහ්ගේ නියමය සනාථ විය. එහෙයින් යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, තම පියාණන්ට, “ඔබ සැම මට හිසනමා ආචාර කිරීමේ සිද්ධිය මම ඔබට පවසා සිටි මා දුටු සිහිනයේ පලාපලයි. මාගේ පරමාධිපති එම සිදුවීම යථාර්ථයක් බවට පත් කළේය. මාගේ පරමාධිපති මා සිරගෙයින් බැහැර කළ අවස්ථාවේත්, මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් ප්රචණ්ඩත්වය ඇති කිරීමෙන් පසු නුඹලා ගමින් පැමිණි අවස්ථාවේත්, ඔහු මා වෙත උපකාර කළේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑ සැලසුම් කිරීමෙහි ඉතා සූක්ෂමය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන සර්වඥානීය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය" යැයි පැවසීය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.