Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 111

81

ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ

(තවද ඔවුන්ට) “ඔබ (සියල්ලන්ම) ඔබගේ පියා වෙත ආපසු ගොස්, අපගේ පියාණෙනි! ඔබගේ පුතා (බුන්යාමීන්) ඇත්තෙන්ම සොරකම් කළෙහිය. ඇත්තෙන්ම අපි දන්නා දැයම මිස, (වෙන කිසිවක්) අපි පැවසුවේ නැත. රහසින් සිදු වූ (මෙම කාරණා)වෙන් (ඔහුව) බේරා ගැනීමට අපට නොහැකි විය”.

තවදුරටත් වැඩිමල් සහෝදරයා, "නුඹලා නුඹලාගේ පියාණන් වෙත නැවත ගොස් ඔහුට මෙසේ පවසනු. සැබැවින්ම ඔබේ පුතා සොරකම් කර ඇත. එබැවින් මිසර දේශයේ බලධාරියා ඔහුට දඬුවමක් වශයෙන් වහල්භාවයට පත් කර ගෙන ඇත. ඔහුගේ මල්ලෙන් එළියට ගත් මිනුම් භාජනය වෙනුවෙන් අපි සාක්ෂි දැරීමේදී අපි දන්නා තොරතුරු හැර වෙනත් කිසිවක් දන්වා නොසිටියෙමු. සැබැවින්ම ඔහු සොරකම් කරන බවට කිසිදු දැනුමක් අපට නොවීය. අපි එය දන්නේ නම් ඔහුව නැවත ගෙන එන බවට අපි ඔබට ප්රතිඥා නොදෙමු." යැයි පවසා සිටියේය.

82

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَٰدِقُونَ

“(අපි කියන දැය ඔබ විශ්වාස නොකරන්නේ නම්) අපි ගොස් සිටි එම රටවැසියන්වද, අප සමග පැමිණි ඔටු තවලම්කරුවන්වද, ඔබ විමසා (දැන) ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඇත්තම පවසන්නෙමු” (යයි පවසන ලෙසට කියා, ඔවුන්ව යවා තමන් පමණක් යූසුෆ් වෙතම රැඳී සිටියේය).

"අපගේ සත්යතාව තහවුරු කර ගැනීම සඳහා අපගේ පියාණනි! අප සිටි මිසර දේශයේ වැසියන්ගෙන් විමසනු. අප සමග පැමිණි වෙළඳ තවලමේ පිරිසගෙන් විමසනු. අපි කවර කරුණක් ඔබ වෙත දන්වා සිටියේ ද ඒ ගැන තොරතුරු ඔවුහු දන්වා සිටිනු ඇත. ඔහු සොරකම් කළ බවට අපි ඔබට දන්වා සිටි දෑහි සැබෑ ලෙසින්ම අපි සත්යවාදීහු වෙමු."

83

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌ ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

(තම රටට ආපසු හැරී පැමිණි අනිත් සහෝදරයින් මෙය තම පියා යාකූබ් නබි වෙත පැවසූ වහාම, එයට ඔහු “ඔබ පවසන දැය) නිවැරදි නොව! ඔබගේ සිත් එක් (වැරදි) කාරණාවක් කරන මෙන් ඔබව පොළවන ලදී. එබැවින් (කිසිවෙකුටත් ෙදාස් නොපවරා) විඳ දරා ගැනීම ම ඉතාමත් අගනේය. අල්ලාහ් ඔවුන් සියල්ලන්වම මා වෙත ගෙනැවිත් සේන්දු කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියල්ල දන්නෙකු හා ඥානයෙන් පිරි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසීමෙන් අනතුරුව-

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "ඔහු සොරකම් කළා යැයි පවසන සිද්ධිය නුඹලා මෙනෙහි කළාක් මෙන් නැත. මීට පෙර ඔහුගේ සහෝදර යූසුෆ්ට කවර කුමන්ත්රණයක් නුඹලා සිදු කළෙහු ද එලෙසම මොහුටද නුඹලා කුමන්ත්රණ කරමින් නුඹලා විසින් නුඹලාටම විචිත්රවත් කර ගෙන ඇත. මාගේ දැක්ම අලංකාර ඉවසීමය. ඔහු විෂයයෙහි අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත පැමිණිල නොකරමි. යූසුෆ් සහ ඔහුගේ එක කුස උපන් සහෝදරයා මෙන්ම ඔවුන් දෙදෙනාගේ වැඩමහල් සහෝදරයා යන සියලු දෙනා නැවතත් අල්ලාහ් මා වෙත ලබා දෙනු ඇත. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ තත්ත්වය පිළිබඳ මැනවින් දන්නාය. මාගේ කරුණු සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය." යැයි පැවසුවේය.

84

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌۭ

ඔවුන්ගෙන් ඈත්ව ගොස් “යූසුෆ් ගැන මගේ ශෝකයයි!” යයි ඔහු ශබ්ද නගා කීවේය. ඔහුගේ දෑස් ශෝකයෙන් (හඞ හඞා) සුදු මැලි වී ගියේය. පසුව ඔහු (තම කෝපයද, ශෝකයද) ගිලගෙන (යටපත් කර) දරා ගත්තේය.

ඔහු ඔවුන්ගෙන් හැරී දුරස් ව ගොස්, "යූසුෆ් මත පවතින මාගේ දුකෙහි දැඩිකම!" යැයි පැවසීය. ඔහු ගැන සිතා දැඩි ලෙස හඬා වැළපුණු හේතුවෙන් ඔහුගේ දෑස්හි කළු පැහැය සුදුමැලි වී තිබිණ. ඔහු දුකින් හා දොම්නසින් පිරී ගියේය. ඔහුගේ ශෝකය ඔහු මිනිසුන්ගෙන් සැඟවිය.

85

قَالُوا۟ تَٱللَّهِ تَفْتَؤُا۟ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَٰلِكِينَ

(මෙම තත්වය දුටු ඔහුගේ පුතුන් ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ යූසුෆ් ගැන සිත (සිතා) කෙට්ටු වී (ක්ෂය වී) මරණයට පත් වන තුරු (ඔහුගේ සිතුවිල්ල) අත්හැර දමන්නේ නැත” යයි කෝපයෙන් යුතුව පැවසූහ.

යූසුෆ්ගේ සහෝදරයෝ තම පියාණන්හට, "අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පියාණනි! ඔබ තවමත් දැඩි ලෙස රෝගාභාදයට ලක්වන තෙක් හෝ එම ක්රියාවෙන් ඔබ විනාශ වී යන තෙක්ම ඔබ යූසුෆ් ගැන මතක් කරමින් සිටින්නෙහිය. ඔහු ගැන වැලපෙන්නෙහිය." යැයි පැවසීය.

86

قَالَ إِنَّمَآ أَشْكُوا۟ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

එයට ඔහු “මගේ ශෝකයද, දුකද අල්ලාහ් වෙතම මා පැමිණිළි කරන්නෙමි. ඔබ නොදන්නා දැයද අල්ලාහ්ගේ (දයාවෙන්) මා දැන සිටින්නෙමි”.

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මට අත් වූ දුක හා ශෝකය අල්ලාහ් වෙත පමණක් මිස වෙනත් කිසිවෙකු වෙත පැමිණිලි නොකරමි. අල්ලාහ්ගේ සෙනෙහස, ඔහුගේ උපකාරය, අසරණකමින් පිහිට පතන්නාහට ඔහුගේ ප්රතිචාරය හා ඇතිවන පරීක්ෂණ සඳහා ඔහු ලබා දෙන ප්රතිඵල යනාදී ලෙසින් නුඹලා නොදන්නා දෑ මම දනිමි." යැයි පැවසීය.

87

يَٰبَنِىَّ ٱذْهَبُوا۟ فَتَحَسَّسُوا۟ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَٰفِرُونَ

“මගේ පුතුනේ! ඔබ ගොස් යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද සොයා බලනු. අල්ලාහ්ගේ දයාව ගැන ඔබ විශ්වාසය බිඳ නොදමනු. නියත වශයෙන්ම (අල්ලාහ් මත විශ්වාසය නැති) ප්‍රතික්ෂේප කරන්නන් මිස, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ දයාවෙහි විශ්වාසය බිඳ දමන්නේ නැත” යයිද (නැවතත් එක් වරක් ඊජිප්තුවට ගොස් සොයා බලන ලෙසට) පැවසුවේය.

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන තොරතුරු දැනගෙන එනු. අල්ලාහ් තම ගැත්තන් හට ලබා දෙන සහනය ගැන හා ගැලවීම ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. එසේ ඔහුගේ සහනය හා ගැලවීම ගැන බලපොරොත්තු සුන් කර ගනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පමණි. ඊට හේතුව අල්ලාහ්ගේ ශක්තියේ තරම හා ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති භාග්යයේ රහස සැබැවින්ම ඔවුන් නොදන්නා බැවිණි." යැයි කීය.

88

فَلَمَّا دَخَلُوا۟ عَلَيْهِ قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَٰعَةٍۢ مُّزْجَىٰةٍۢ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ ۖ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ

පසුව මොවුන් (ඊජිප්තුවට පැමිණ) යූසුෆ් වෙත ගොස් ඔහුට “(මිසරයේ අධිපති වන) අසීස් තුමණි! අපවද, අපගේ පවුලද (නියඟයේ) බලපෑම දැඩි ලෙස අල්ලා ගෙන ඇත්තේය. (අප වෙතින්) සුළු භාණ්ඩ ප්‍රමාණයක්ම අපි ගෙනැවිත් සිටින්නෙමු. (එය එතරම් ගණනයකට නොගෙන) අපට අවශ්‍ය (ධාන්‍ය ප්‍රමාණය) පූරණ වශයෙන් මැන දී (ඊටත් වැඩියෙන්ද) අපට දානමාන වශයෙන්ද ලබා දෙනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දානමාන කරන්නන්ට (හොඳ) ඵලවිපාක දෙනු ඇත” යයි පැවසූහ.

ඔවුන්ගේ පියාණන්ගේ නියෝගය ඔවුහු පිළිපැද්දාහ. යූසුෆ් හා ඔහුගේ සහෝදරයා සොයා පිටත් ව ගියහ. ඔවුහු යූසුෆ් වෙත ගිය කල්හි, ඔවුහු ඔහුට, "දිළිඳුකම හා දුෂ්කරතාව අපහට අත්විණ. නොවටිනා සුළු භාණ්ඩ ප්රමාණයක් ගෙන ආවෙමු. මීට පෙර අපට ඔබ කිරා දුන්නාක් මෙන් පූර්ණ ලෙස කිරා දෙනු. හැකිනම් ඊට වඩා අමතර දෙයකින් හෝ මෙම අල්ප භාණ්ඩ නොසළකා හැරීමෙන් අපහට දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් එසේ දන් දෙන්නන්හට යහපත් ප්රතිඵල පිරිනමනු ඇත."යැයි කීහ.

89

قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَٰهِلُونَ

(ඒ අවස්ථාවේදී ඔවුන්ට) “ඔබ නොදැනුවත්කමෙහි ගැලී සිටියදී යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද කුමක් කළෙහිද යන්න ඔබ දන්නෙහුද?”යි විමසුවේය.

ඔවුන්ගේ කතාවට ඔහු සවන් දුන් කල්හි ඔවුන් කෙරෙහි කරුණාවක් ඔහුට ඇති විය. තමන් ගැන ඔහු ඔවුනට හඳුන්වා දෙමින් ඔහු ඔවුනට, "යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට නුඹලා සිදු කළ දෑ දෑහි අවසානය ගැන නුඹලා නොදැන සිටියදී ඔවුන් දෙදෙනාට නුඹලා සිදු කළ දෑ ගැන සැබැවින්ම නුඹලා මැනවින් දන්නෙහුය." යැයි පැවසීය.

90

قَالُوٓا۟ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِى ۖ قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ ۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

එයට ඔවුන් (තිගැස්සී) “ඇත්තෙන්ම ඔබ යූසුෆ් වශයෙන් සිටින්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “මමයි යූසුෆ්. මොහු මගේ සහෝදරයාය. නියත වශයෙන්ම අල්ලාහ් අප කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කර ඇත්තේය. මන්දයත් නියත වශයෙන්ම කවුරුන් පරිශූද්ධවන්තයෙකු වශයෙන් සිටිමින් (දුක් ගැහැටද) විඳ දරා ගන්නෝද, (එවැනි) හොඳ දැය කරන්නන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් අපතේ හරින්නේ නැත” යයි පැවසුවේය.

ඔවුන් තිගැස්සී ගොස් "සැබැවින්ම ඔබ ද යූසුෆ්?" යැයි විමසා සිටියහ. යූසුෆ් තුමා ඔවුනට, "එසේය, මමයි යූසුෆ්. මා සමග නුඹලා දකින මොහු මාගේ එක කුස උපන් සහෝදරයාය. අප කවර විෂයක සිටියේ ද ඉන් මුදවා අපගේ ඉරණම උසස් කරමින් අප වෙත අල්ලාහ් ආශිර්වාද කර ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කර දුෂ්කරතා මත ඉවසා කටයුතු කරන්නේද සැබැවින්ම ඔහුගේ ක්රියාව දැහැමි වේ. දැහැමියන්ගේ ප්රතිඵල අල්ලාහ් නිශ්ඵල කරන්නේ නැත. ඔහු එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තබනු ඇත." යැයි පැවසීය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.