Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 111

71

قَالُوا۟ وَأَقْبَلُوا۟ عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ

එයට ඔවුන් මොවුන් ඉදිරියට පැමිණ “ඔබ කුමක් නම් නැති කර ගත්තෙහුද?”යි විමසූහ.

යූසුෆ්ගේ සහෝදරයෝ තමන් ලුහුබැඳ ගෙන පැමිණි නිවේදකයා හා ඔහු සමග සිටියවුන් දෙසට හැරී, "අපි සොරුන් යැයි සැක කරන තරමට නුඹලාගෙන් නැති වී ගිය භාණ්ඩය කුමක්දැ?" යි විමසා සිටියෝය.

72

قَالُوا۟ نَفْقِدُ صُوَاعَ ٱلْمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمْلُ بَعِيرٍۢ وَأَنَا۠ بِهِۦ زَعِيمٌۭ

එයට ඔවුන් “රජ තුමාගේ (ප්‍රමාණය මනින) බඳුනක් අපෙන් නැති වී තිබේ. එය කවුරුන් (සොයා) දුන්නා වුවද, ඔහුට එක් ඔටුවෙකුගේ බර (ධාන්‍ය, ත්‍යාග වශයෙන්) ලැඛෙනු ඇත. මෙයට මම ම වග කිව යුත්තෙකි” යයි (ඔවුන්ගෙන් කෙනෙකු) කීවේය.

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයින් යූසුෆ්ගේ සහෝදරයින් දෙස බලා, "රජු විසින් කිරා දෙන කිරුම් භාජනය අපගෙන් නැති වී ඇත. පරීක්ෂා කිරීමට පෙර රජුගේ එම කිරුම් භාජනය ගෙන එන්නාට ඔටුවකු බරට වස්තුව ඇත. ඒ සඳහා මම වග කියමි" යැයි පැවසීය.

73

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَٰرِقِينَ

එයට මොවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි මෙම රටෙහි අපරාධයක් කිරීමට පැමිණියේ නැත යන්න ඔබ හොඳින් දන්නෙහුය. තවද අපි සොරුන්ද නොවන්නෙමු” යයි පැවසූහ.

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "නුඹලා අපගේ තත්ත්වයන් පිළිබඳ දැක ඇති සේම අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පිරිසිදුකම හා නිදොස් බව සැබැවින්ම අපි දනිමු. අප මිසර දේශයට පැමිණියේ එහි කලහකම් කිරීමට නොවේ. අපගේ ජීවිතයේ අපි සොරුන් නොවූයෙමු." යැයි පැවසූහ.

74

قَالُوا۟ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمْ كَٰذِبِينَ

එයට ඔවුන් “ඔබ (මෙහිදී) බොරුකාරයින් බවට පත් වුවහොත් එයට අයත් දඬුවම කිමෙක්ද?”යි විමසූහ.

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයෝ, "සොරකමින් තමන් නිර්දෝෂී යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් වී නම් නුඹලා අතර එය සොරකම් කළ අයකුගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැ?" යි විමසා සිටියෝය.

75

قَالُوا۟ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِى رَحْلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

එයට ඔවුන් “කවුරුන්ගේ බරෙහි (පොදියෙහි) එය සොයා ගනු ලබන්නේද, ඔහුම එයට අයත් දඬුවම වන්නේය. (එබැවින් ඔහුව වහලෙකු බවට තබා ගත හැකිය. සොරකම් කරන) අපරාධකරුවන්ට මේ අන්දමටම අපි දඬුවම් දෙන්නෙමු” යයි පැවසූහ.

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "අප අතර කෙනෙකුගේ මල්ලෙහි සොරකම් කරන ලද භාණ්ඩයක් හමු වූයේ නම්, එම සොරාගේ ප්රතිවිපාකය වනුයේ සොරකම් කළ තැනැත්තා එම භාණ්ඩය වෙනුවෙන් තම බෙල්ල දිය යුතුය. සොරකම් කරන්නන්ට සොරකම් කිරීමේ ප්රතිවිපාකය ලෙස අපි විපාක දෙනුයේ මෙලෙසය," යැයි පැවසුවෝය.

76

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ نَرْفَعُ دَرَجَٰتٍۢ مَّن نَّشَآءُ ۗ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌۭ

පසුව තම සහෝදර (බුන්යාමීන්)ගේ පොදියෙහි (සෝදිසි කිරීමට) පෙර අන් අයගේ පොදි පරික්ෂා කිරීමට ආරම්භ කළේය. (ඒවායෙහි එය සොයා ගැනීමට නොහැකි වීම නිසා) පසුව තම සහෝදරයාගේ පොදියෙහි තිබී එය එළිදරව් කළේය. (තම සහෝදරයාව ලබා ගැනීමට) යුසුෆ්ට මෙම උපාය මාර්ගය අපි උගන්වා දුන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔහු තම සහෝදරයාව ලබා ගැනීමට (ඊජිප්තු රජ තුමාගේ නීතියට අනුව නොහැකිව තිබුණි. අපි කැමැත්තන්ගේ පදවි උසස් කරන්නෙමු. සෑම උගතෙකුටම උසස් උගතෙකු (අනිවායදැයෙන්ම) සිටින්නේය. (නමුත් අපි සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ උගතෙකි).

ඔවුන්ගේ මලු පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රජු වෙත රැගෙන ගියෝය. උපාය මාර්ගය සගවමින් තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කිරීමට පෙර ඔහුගේ සෙසු සහෝදරයින්ගේ මලු පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. පසුව තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කළේය. ඉන් රජුගේ මිනුම් භාජනය මතු විය. තම සහෝදරයාගේ මල්ලට මිනුම් භාජනය තබා සැලසුම් කිරීම තුළින් යූසුෆ්ට අපි සමීප වූවාක් මෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් ද අපි ඔහුට සමීප වූයෙමු. එනම් එම සොරා ව වහල්භාවයට ගනිමින් ඔවුන්ගේ නගරයේ දඬුවම අනුව ඔහුගේ සහෝදරයින් හසු කර ගැනීමයි. මෙම කරුණ සොරාට රජුගේ දඬුවම අනුව පහර දීම හා දඩ ගෙවීම ක්රියාත්මක කළ ද අල්ලාහ් තවත් සැලැස්මක් අභිමත කළේ නම් මිස එසේ සිදු නොවනු ඇත. ඔහු එයට බලය ඇත්තාය. යූසුෆ්ගේ නිලය අපි උසස් කළාක් මෙන්ම අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයගේ නිලය උසස් කරන්නෙමු. දැනුමැත්තන්ට වඩා ඉහළින් ඔහු දැනුමැත්තෙකි. සියලු මැවීම්හි දැනුමට වඩා සියලු දේ දන්නා අල්ලාහ්ගේ දැනුම ඉහළින් පවතී.

77

۞ قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌۭ لَّهُۥ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّۭ مَّكَانًۭا ۖ وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ

(බුන්යාමීන්ගේ පොදියෙහි මිනුම් බඳුන සොයා ගත් යූසූෆ්ගේ අනිත් සහෝදරවරුන්) “ඔහු (එය) සොරකම් කර තිබුණේ නම්, ඔහුගේ සහෝදර (යුසුෆ්ද) මෙයට පෙර නියත වශයෙන්ම සොරකම් කර ඇත්තෙහිය” යය ි (හීබ්රූ භාෂාවෙන් තමන් තුළ) පවසා ගත්හ. (මෙයට සවන් දුන් හීබ්රූ භාෂාව දත්) යුසුෆ්, (එහි ඇත්ත) ඔවුන්ට එළිදරව් නොකර එය තම මනසෙහි තබාගෙන, “ඔබලා ඉතාමත් නපුරු අයයි. (ඔහුගේ සහෝදරයා සොරකම් කළේය යයි) ඔබ පවසනවා නොවෙද? එය අල්ලාහ් හොඳින් දන්නෙහිය” යයි පැවසුවේය.

යූසුෆ්ගේ සහෝදරයෝ, "ඔහු සොරකම් කර ඇත්නම් පුදුමයක් නොවේ. ඔහු සොරකම් කිරීමට පෙර ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද සොරකම් කර ඇත." යැයි පැවසූහ. ඔවුහු ඉන් අදහස් කළේ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාවය. නමුත් ඔවුන්ගේ මෙම ප්රකාශය යූසුෆ්ට වේදනා සහගත වුව ද එය ඔවුනට හෙළි නොකර සිත තුළ සඟවා ගත්තේය. ඔහුගේ මනසට ඔවුන් ගැන මෙසේ පවසා ගත්තේය. "නුඹලා කවර නපුරක් සිදු කරමින් හා ක්රෝධ වෙමින් සිටියෙහු ද එය නුඹලාට පෙර සිටම තිබිණ. විශේෂයෙන් මෙම ස්ථානයේ එය නපුරකි. නුඹලා ගැන හෙළි කරන්නට යන නුඹලා ගෙතූ දෑ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මැනවින් දන්නාය."

78

قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًۭا شَيْخًۭا كَبِيرًۭا فَخُذْ أَحَدَنَا مَكَانَهُۥٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ

එයට ඔවුන් (යූසුෆ්ට, ඊජිප්තු පාලකයා වන) “අසීස් තුමණි! (ඔහු ගැන දුක්වන) මහළු වයස් ගත පියෙකු ඔහුට ඇත. (ඔබ, ඔහුව අල්ලා ගතහොත් මෙම ශෝකයෙන් ඔහු මරණයට පත් වනු ඇත!) එබැවින් ඔහු වෙනුවට අපගෙන් කෙනෙකුව ඔබ අල්ලා ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඔබව ඉමහත් පරෝපකාරී කෙනෙකු වශයෙන් දකින්නෙමු” යයි පැවසූහ.

යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ්ට, "අහෝ උතුමාණනි! මොහුට වඩාත් ප්රිය කරන වයස්ගත වයෝවෘද්ධ පියකු සිටියි. ඔහු වෙනුවට අප අතරින් කෙනෙකු රඳවා ගන්න. ඔබ අප සමග කටයුතු කිරීමේදී ද ඔබ වෙනත් අය සමග කටයුතු කිරීමේදී ද ඔබ යහපත් ලෙස කටයුතු කරන්නන් අතර කෙනෙකු බව සැබැවින්ම ඔබ ගැන අපි දැන සිටිමු. එහෙයින් මේ සම්බන්ධයෙන් අප වෙත යහපත් ලෙස කටයුතු කරන්නැ" යි පැවසුවෝය.

79

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًۭا لَّظَٰلِمُونَ

එයට ඔහු “කවුරුන් වෙත අපගේ භාණ්ඩය සොයා ගත්තෙමුද, ඔහු මිස (වෙන කිසිවෙකුත්) අල්ලා නොගැනීමට අල්ලාහ් (මාව) ආරක්ෂා කර ගනු මැනව! (වෙනත් කෙනෙකුව අල්ලා ගතහොත්) නියත වශයෙන්ම අපි ඉමහත් අපරාධකරුවන් බවට පත් වන්නෙමු” යයි පැවසුවේය.

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අපරාධකරුවකුගේ වැරද්දට නිර්දෝෂී පුද්ගලයකුට දඬුවම් දීමෙන් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! එහෙයින් රජුගේ මිනුම් භාජනය කවර මල්ලක තිබුණේ ද ඔහු ව මිස වෙනත් කිසිවකු අපි රඳවා නොගනිමු. සැබැවින්ම එසේ අපි සිදු කළේ නම් අපි නිර්දෝශී කෙනෙකුට දඬුවම් දී වැරදිකරුවකු අතහැර දැමීමෙන් අපරාධකරුවෝ වන්නෙමු යැ" යි පැවසීය.

80

فَلَمَّا ٱسْتَيْـَٔسُوا۟ مِنْهُ خَلَصُوا۟ نَجِيًّۭا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓا۟ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًۭا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى ۖ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

ඔහු වෙත ඔවුන්ගේ විශ්වාසය බිඳී ගිය වහාම, ඔවුන් (තමන් තුළ) තනි වී සාකච්ඡා කළහ. ඔවුන්ගෙන් වැඩි මහල්ලා (අනිත් අයට) “ඔබගේ පියා ඔබ වෙත අල්ලාහ් මත ස්ථීර වූ දිව්රුම ලබා දී තිබීම, ඔබ නොදන්නෙහුද? මෙයට පෙර ඔබ යුසුෆ්ගේ කාරණාවෙහි කළ ද්‍රෝහිකමද එක් අතකින් ඇත්තේය. එබැවින් මගේ පියා මා හට යම්කිසි අනුමැතියක් ලබා දෙන තුරු හෝ නැතහොත් අල්ලාහ් මා හට යම්කිසි තීන්දුවක් දෙන තුරු හෝ මෙතැනින් මා නොසෙළවෙන්නෙමි. විනිශ්චය දීමෙහි ඔහුම ඉතාමත් උසස්ය” යයි පැවසුවේය.

ඔවුන්ගේ ඉල්ලීමට යූසුෆ්ගේ පිළිතුරෙන් ගැන සෑහීමට පත්නොවූ කල්හි, සාකච්ඡා කිරීම සඳහා මිනිසුන්ගෙන් වෙන් ව ගියෝය. ඔවුන් අතර සිටි වැඩිමලා, "නුඹලාට වැළැක්විය නොහැකි කරදරයක් නුඹලාට අත්වීමෙන් මිස තම පුතා ඔහු වෙත නුඹලා නැවත ගෙන එන බවට අල්ලාහ්ගෙන් ප්රතිඥාවක් සැබැවින්ම නුඹලාගේ පියා නුඹලා වෙතින් ලබා ඇති බව මම නුඹලාට මතක් කර දෙමි. මීට පෙරද යූසුෆ් විෂයයෙහි නුඹලා කටයුතු කර ඇත. නමුත් නුඹලාගේ පියාට කළ නුඹලාගේ ප්රතිඥා ව ඔහු විෂයෙහි සපුරාලීයේ නැත. මාගේ පියාණන් මට නැවත පැමිණීමට අවසර දෙන තෙක් හෝ මාගේ සහෝදරයාගේ හසුවීම සම්බන්ධයෙන් අල්ලාහ් තීරණයක් දෙන තෙක් මම මිසර දේශය අතහැර එන්නේ නැත. තීරකයන් අතර අල්ලාහ් ශ්රේෂ්ඨ තීරකයාය. ඔහු සාධාරණ ව හා නිවැරදි ව තීන්දු ලබා දෙන්නාය" යැයි කීය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.